2019 ජනාධිපතිවරණයේදී සුළු ජාතිකයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශ සියල්ලක්ම වාගේ දිනාගැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමත්විය. එමෙන්ම බහුතර ජාතිය වෙසෙන ප්‍රදේශවල බලය ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට හිමිවිය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා සිතියම සහිතව ජන්ද විශ්ලේෂණ මෙන්ම නොයෙකුත් වෛරී ප්‍රකාශද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. නොවැම්බර් 23 දින We Are One Nation නමැති ෆේස්බුක් පිටුවක මෙවැනි විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබුණි.

එහිවු සේයාරුවේ ලංකාවේ සිතියම් දෙකක් දක්වා තිබුණි. 2019 ජනාධිපතිවරණය. ප්‍රධාන අපේක්ෂකයින් ලබාගත් ප්‍රතිශතය නම් තේමාව අන්තර්ගත කොට, වම්පස ඇති ලංකා සිතියම “පෙන්වන එක” සහ දකුණු පස ඇති සිතියම “ඇත්තම එක” ලෙස දක්වා තිබුණි. රතු පාටින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ ආසනද කොළපාටින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජයග්‍රහණය කළ ආසන ද පෙන්වා තිබුණේය.

Facebook LinkArchived Link

පහත දැක්වෙන්නේ එලෙසින්ම " මේ තමයි 2019 ජනාධිපති වරනයෙ හරි ප්‍රතිඵලය. " යනුවෙන් පලව තිබු සටහනකි.

Facebook LinkArchived Link

මෙම සටහන් ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වෙමින් පැවති අතර එයට ප්‍රතිචාර සටහන් යෙදූ බොහෝ දෙනා අදහස් කර තිබුණේ මේවා සත්‍යය විකෘති කොට හුවා දක්වන සිතියම් බවයි. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරණ ප්‍රතිඵලය මෙලෙසින් නොවූ බැවින් මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ප්‍රතිඵල දක්වන්න නිල වෙබ් අඩවිය පරික්ෂා කෙළෙමු. 2019 ජනාධිපතිවරණයේ ජනාධිපති ධූර අපේක්ෂකයින් ලබාගත් ඡන්ද ප්‍රතිශතය සහ ඔවුන් ජයග්‍රහණය කළ දිස්ත්‍රික්කයන් දක්වන ලංකාවේ සිතියම එම වෙබ් අඩවියේ අන්තර්ගත කර තිබුණි.

Official result (Election Commission)Archived Link

ඉහත ප්‍රකාශිත සටහනේ “පෙන්වන එක” යනුවෙන් වම් පසින් දක්වා ඇති ප්‍රතිඵලය මෙම ප්‍රතිඵලය හා 100% සමාන බව පෙනී යයි.

2019 ජනාධිපතිවරණය ආසන මට්ටමේ ජයග්‍රහණයන් පිළිබඳව විශ්ලේෂිත වාර්තාවක් සඳහා අප වෙබ් අඩවි කිහිපක් පරීක්ෂා කළෙමු. අද දෙරණ රූපවාහිනි නාලිකාවේ මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය ඉතාමත් පැහැදිලි ලෙස, ඡන්ද කොට්ටාශ ජයග්‍රහණද සහිතව පහත සඳහන් පරිදි දක්වා තිබුනි

Ada Derana Election ResultArchived Link

ඡන්ද කොට්ඨාශ මට්ටමේ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේ දී ද අපට පෙනී ගියේ උතුරු හා නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක හැරුනුවිට නුවරඑළිය දිස්ත්‍රික්කයට අමතරව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයක සියල්ලකම ජයග්‍රහණය පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිනාගෙන ඇති අතර සුළු ඡන්ද කොට්ඨාශ ප්‍රමාණයක් පමණක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතාට ජය ගැනීමට හැකි වී ඇති බවයි

ප්‍රතිඵල ජයග්‍රහණයන් සම්මත ආකාරයෙන් පෙන්නුම් කරනුයේ දිස්ත්‍රික්ක ජයග්‍රහණ මට්ටමෙන් හෝ හෝ ඡන්ද කොට්ඨාශ ජයග්‍රහණ මට්ටමෙන් හැර වෙනත් කිසිම අයුරකින් නොවන බව මැතිවරණ කොමිසම හා සම්බන්ධ වීමෙන් ද අපට දැනගැනීමට හැකිවිය.

වෙනත් ආසියාතික හා බටහිර රටවල් කිහිපයක ඡන්ද ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී අපට මෙම ප්‍රවණතාවය ද දක්නට ලැබුණි

එබැවින් ප්‍රකාශිත ඡායාරූපයේ පරිදි එක් එක් දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් ලබාගත් ඡන්ද ප්‍රතිශත අදාල දිස්ත්‍රික්කය තුළ වෙන් වෙන් වශයෙන් වර්ණ සහිතව දැක්වීම ඡන්ද ප්‍රතිඵලය විකෘති කර නොමඟ යවන සුළු, අසම්මත පෙන්වා දීමකි.

Conclusion (අවසාන නිගමනය)

එබැවින් අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ඡායාරූපයේ පෙන්වා තිබූ වම් පස ප්‍රතිඵලය දිස්ත්‍රික්ක මට්ටමේ නිල ප්‍රතිඵලය සමඟ 100% සමාන බැවින් එය නිවැරදිය. දකුණු පසින් පෙන්වා ඇති සිතියමේ අදාල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් ලබා ගත් ඡන්ද ප්‍රතිඵල ප්‍රතිශතයන් මත දිස්ත්‍රික්කය වර්ණ කොට වෙන්කර පෙන්වීම තුලින් පාඨකයා නොමග යැවීමට දරා ඇති උත්සාහයකි. මෙය සම්මත ඡන්ද ප්‍රතිඵල පෙන්වාදීමක් නොවේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:2019 ජනාධිපතිවරණය, ප්‍රධාන අපේක්ෂකයින් ලබාගත් ජන්ද ප්‍රතිශත

Fact Check By: Sahan Perera

Result: Partly False