මැතිවරණ දිනය හා ඒ ආසන්නයේ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ විවිධාකාරයේ පුරෝකථන සිදු කිරීම පසුගිය මැතිවරණ සියල්ලකමදී වාගේ දැක ගන්නට ලැබුණු අතර මෙවර එය අඩු මට්ටමක පැවතුණ ද එවැනි සටහන් කීපයක් අපට පහත පරිදි නිරීක්ෂණය වුණා.

“මහමැතිවරණයේ අවසන් රාජ්ය බුද්ධි අංශ වාර්තාව ජනපති සුරතට, පොහොට්ටුවට අති විශිෂ්ඨ විජයග්රහණයක්. බඩ ගැන නොසිතා රට ගැන සිතූ බහුතර දේශප්රේමී ජනතාවට අපේ නමස්කාරය” යන තේමාව යටතේ Lella Hutan නම් ෆේස්බුක් පිටුවක පළවූ සටහනක දක්වා තිබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආසන 160ක් ම පොදුජන පෙරමුණ විසින් ලබාගන්නා බවත් සමගි ජන බලවේගය විසින් ආසන 35ක් ද දෙමල ජාතික සංවිධානන විසින් ආසන 15ක් ද ලබාගන්නා බවයි.

LinkArchived Link

තවද Mass Media news නම් වූ ෆේස්බුක් පිටුවක පළව තිබු සටහනක පෙන්වා දී තිබුනේ සමඟි ජන බලවේගය විසින් 42% ද පොදු ජන පෙරමුණ විසින් 39% ද ඉතිරි පක්ෂ විසින් 19% ද ලබාගැනීම ඉලක්ක ඡන්ද ප්‍රතිඵලය යනුවෙනි. මෙය සමස්ත ඉලක්ක ජන්ද ප්‍රතිඵලය බව පෙන්වා දීමට උත්සාහ ගෙන ඇති බව පෙනී ගියා.

LinkArchived Link

පරස්පර විරෝධී අදහස් සහිතව පලව තිබු මෙම සටහන්, පසුගිය මැතිවරණ ප්‍රතිඵල සමඟ සලකා බැලීමේදී ද බලු බැල්මටම විශ්වාස කිරීමට ද නොහැකි බැවින් මේ පිළිබඳව කෙටි කරුණු දැක්වීමක් සිදුකිරීමට අදහස් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ආසන සංඛාව සම්බන්ධයෙන් ලබාදුන් බුද්ධි අංශ වර්තාවකින් ලබාගත් තොරතුරක් ආකාරයෙන් පළවූ සටහනේ දක්වා තිබූ කරුණු පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදු කළ විමර්ශනයකදී දැනගන්නට ලැබුණේ ඉහත කරුණු සහිත වාර්තාවක් ජනාධිපතිතුමා වෙත ලබා දී නොමැති බවයි. එසේම ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරියෙකුගෙන්ද මේ පිලිබඳ විමසා සිටියදී දැනගන්නට ලැබුනේ මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය සටහනක් බවයි.

එසේම මෑතකදී පැවති පාර්ලිමේන්තු මැතිවරණ වලදී වැඩිම ආසන සංඛාවක් තනි පක්ෂක් විසින් ලබාගත්තේ 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී වූ අතර එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ආසන 144ක් ලබාගැනීමට සමත් විය. Election Result

පසුගිය ජනාධිපතිවරණ දිනයේදීද මේ අයුරින්ම පළවූ බුද්ධි අංශ වාර්තාවක් පිළිබඳව සැකසුණු සාවද්‍ය සටහන් පිළිබඳ අප සත්‍ය කරුණු අනාවරණය කළේ මෙලෙසින්.

එසේම ඉලක්ක ඡන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් පළවූ සටහනේ දක්වා තිබූ කාරණා ද පළ වී තිබෙන්නේ කිසිදු පදනමකින් තොරව බවත් පැහැදිලිය. නිල ඡන්ද ප්‍රතිඵලය හෙට, එනම් අගෝස්තු මස හත් වැනි දා මධ්‍යම රාත්‍රියට පෙර ලබා දීමට උපරිම උත්සාහ ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටි අතර මැතිවරණ කොමිෂන් සභාව මගින් පළ කර නිකුත් කළ නිවේදනයක දක්වා තිබුණේද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙබඳු නිල නොවන ප්‍රතිඵල වාර්තා කිරීමෙන් වැළකී සිටින බවයි බවටයි. ඒ පිළිබඳව ඔවුන් විසින් පළ කරන ලද නිවේදනය මෙසේය.

https://youtu.be/wrr81HAdlRk?t=741

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලයේ ආසන සංඛ්‍යාව පිලිබඳ බුද්ධි අංශ වර්තාවකින් ලබාගත් තොරතුරක් ආකාරයෙන් පළවූ සටහන ඉලක්ක ජන්ද ප්‍රතිඵලය බව පෙන්වා දීමට උත්සාහ ගෙන ඇති සටහන් පදනම් විරහිත සාවද්‍ය සටහන් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:මැතිවරණ ප්‍රතිඵල පිලිබඳ සිදුකල නොමඟ යවන සුළු සාවද්‍ය ප්‍රකාශ!

Fact Check By: Sahan Perera

Result: False