විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් නිකුත් කල ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට පනවා ඇති නීති ඇතුලත් සටහනක් මුලින්ම මීට මාස කිහිපයකට පෙර හුවමාරු වී තිබු අතර නැවත නව මුහුණුවරකින් එක කරුණුම ඇතුළත්ව හුවමාරු වෙනු අපට නිරීක්ෂණය විය.

Facebook සඳහා පනවා ඇති නීතී මාලාව තේමාවෙන් Dulanjala Ayomi සහ Rashmi Perera නමැතියන් විසින් සටහන් ඉදිරිපත් කර තිබු එම සටහන් වල ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් සමාජ මාධ්‍ය අවභාවිතයට නියම කර ඇති නීති සහ දඬුවම් ලැයිස්තු ගත කට තිබුනේ පහත ලෙසිනි.

LinkArchived LinkLinkArchived Link

මෙම සටහන් පිළිබඳව කරුණු විමර්ශනයක් කරන මෙන් කිහිපදෙනකු අපෙන් ඉල්ලීමක් කර තිබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

එම සටහන් දෙකෙහිම දුරකථන අංකයක් ලබා දී තිබු අතර, එම අකය පරීක්ෂා කිරීමේදී, එය සයිබර් ප්‍රහාර වලක්වාලීමට කටයතු කරන, ආරක්ෂක අමාත්‍යාංශය යටත් ඇති Computer Emergency Readiness Team (CERT) ආයතනයේ අංකය බවට තහවුරු විය. එම ආයතනයෙන් මේ පිළිබඳව සිදුකල විමර්ශනයේදී මෙබඳු කිසිඳු දැනුම්දීමක් තම ආයතනය විසින් සිදුකර නොමැති බව තහවුරු කර සිටියා.

ඉහත මුල් සටහන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් පලකරන ලද පුවත්පත් දැන්වීමක ආකාරයෙන් පළකර තිබු බැවින්, එම සටහන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ විමර්ශන අංශය වෙත විද්යුත් තෑපැලෙන් යොමු කළෙමු. මෙම සටහන් සාවද්‍ය සටහන් බවට විමර්ශන අංශයේ වැඩබලන අධ්‍යක්ෂකතුමිය අපට තහවුරු කර සිටියා.

තවද අප එම ආයතන විසින් 2020 වසරේ මුල් කාලයේදී පලකරන ලද දැන්වීම් නිරීක්ෂණය කල විට මෙවැනි දැන්වීමක් පළකර නොමැති බව තහවුරු වූ අතර එහි ආකෘතියද මීට වඩා වෙනස් බවත් ඔවුන්ගේ සෑම දැන්වීමකම සඳහන් කරන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අංකයම පමණක් බවත් මෙසේ පෙනී ගියා.

පසුගිය වසරේද පැරණි පුවත්පත් දැන්වීමක් යොදාගනිමින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සම්බන්ධයෙන් නොමඟ යවන සුළු පුවතක් පළවූ අතර අප ඒ පිළිබඳව ඉංග්‍රීසි බසින් සිදුකල විමර්ෂණය මෙසේය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් පලකරන ලද පුවත්පත් දැන්වීමක ආකාරයෙන් “Facebook සඳහා පනවා ඇති නීතී මාලාව” යන තේමාව යටතේ ඉදිරිපත්ව ඇති සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවයි

Avatar

Title:Facebook සඳහා පනවා ඇති නීතී මාලාව යනුවෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්

Fact Check By: Sahan Perera

Result: False