ෆේස්බුක් අඩවියට සම්බන්ධ පුද්ගල ගිනුම් වල ආරක්ශාව පරීක්ෂා කිරීමට උපක්‍රම ඇති බවට සමහර ෆේස්බුක් පිටු තුලින් විවිධ අවස්තාවලදී හඳුන්වා දෙන අයුරු අපට දකින්නට පුලුවන්. බොහෝ අවස්ථාවලදී විදෙස් රටවලද හුවමාරු වන මෙවැනි සටහන් කෙරෙහි ලංකාවේ ෆේබුක් පරිශීලකයන්ද උනන්දුවක් දක්වන අතර ඒවා සිංහල බසට පරිවර්තනය කොට හුවමාරු කර ගන්න අයුරුද අපට පෙනෙන්නට ඇති කරුනක්. මෙසේ හුවමාරු වූ සාවද්‍ය සටහන කිහිපයක් පිලිබඳ අප සිදුකල කරුණු අනාවරණ මෙසේය. Link 1 | Link 2

මෙවන් පසුබිමක හිතට වදින වැකි නම් ෆේස්බුක් එකමුතුවක Resha Subashini නම් අයෙකු පල කල සටහනක් වෙත අපගේ අවදානය යොමු උනා.එහි සටහන්ව තිබුනේ ෆේස්බුක් ගිනුමේ ආරක්ශාව පිලිබඳව පරීක්ශා කිරීමට GRATULA ලෙස කමෙන්ට් කර බලන ලෙසත් එම වචනය තැඹිලි පැහැ වේ නම් ඔබගේ ෆේස්බුක් ගිනුම Hack වී නැති බවත්ය.

Original LinkArchived Link

සැබැවින්ම මෙවැනි ක්‍රමයක් ෆේස්බුක් වෙබ් අඩවිය භාවිතා කරනවාද යන්න පිලිබඳව සොයා බැලීමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

අප පලමුව Gratula යන පදයේ තේරුම පිලිබඳව සොයා බැලුවා.එය හංගේරියානු භාශාවේ එන වචනයක් වන අතර ආචාර කිරීම සඳහා භාවිතා වන්නක්.

Link

ව්ශේශයෙන් සුභපැතීම සඳහා භාවිතා කරන මෙම වචනය ඔබ කමෙන්ට් තීරුවක සටහන් කලොත් පියාසර කරන බැලුන් සමග සජීවීකරනය වෙමින් දිස් වනු ඇති.

සාමාන්‍යයෙන් සුභ පැතුම් යන වචනය කමෙන්ට් තීරුවේ පල කරන විට එසේ සජීවී කරනයක් එම සමාගම විසින් මුහුනු පොතට හඳුන්වාදී තිබෙනවා.උදාහරනයක් ලෙස ඉංග්‍රීසි බසින් Congratulations ලෙස කමෙන්ට් තීරුවේ ටයිප් කල විටද මෙසේ අලංකාර සජීවීකරනයක් ඔබට දැකගත හැකියි.ඒ අයුරින්ම එම වචනයේ හංගේරියානු පරිවර්තන නාමය වන Gratula යන්නටද ඒ හා සමාන වන අයුරින් ෆේස්බුක් අඩවිය එය තැඹිලි පාටින් දර්ශනය වෙන ලෙස සකස් කර ඇති අතර එය කිසිම විටෙක ආරක්ශාව පිලිබඳව මිනුමක් නොවේ.

කෙසේ වෙතත් මේ පිලිබඳව ලොව වෙනත් ප්‍රදේශවල ද කරුණු පැහැදිලි කිරීම් වසර කිහිපයක සිටම සිදුවී තිබෙනු අපට දැකගනන්ට ලැබුණද මෙවැනි සටහන් තවදුරටත් හුවමාරු වන බව අපට පෙනී ගියා. Link 1 | Link 2 Verafiles මඟින් Gratula ලෙස comment කල විට ලැබෙන සජීවීකරණය මෙසේ පෙන්වා දී තිබුණි

ෆේස්බුක් ගිනුමක සුරක්ශිත බව ‍රැක ගැනීමට යම් යම් ක්‍රම වේද එම සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා.නමුත් අදහස් දැක්වීමේදී යම් වචනයක් ටයිප් කිරීම මගින් ෆේස්බුක්හි ආරක්ශාව මැන බලන ක්‍රමවේදයක් ඔවුන් කිසිම විටෙක හඳුන්වා දී ඇත්තේ නෑ.. ෆේස්බුක් හි ආරක්ෂක අංග අතරට login alerts , two-factor authentication වැනි ක්‍රම ඇතුළත් කර ඇත. ෆේස්බුක් හි පෞද්ගලිකත්වය සහ ආරක්ෂක විශේෂාංග පිළිබඳ වැඩිදුර කියවීමට පහතින් පිවිසෙන්න. Link

මේ හා සමාන වැරදි පුවත් නිතර වාර්තා වන අතර BFF යන වචනය සම්බන්දවද අප කලින් වාර්තා කල අයුර පහතින්. Link

Gratula යන වචනය කමෙන්ට් කල විට තැඹිලි පාටින් දර්ශනය වීම ආරක්ශාව සම්බන්ද තොරතුරක් නොවන බව දෙමල බසින් ද විස්තර අපගේ වෙබ් අඩවියේ පල කර තිබෙනවා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ෆේස්බුක් ගිනුමක ආරක්ශිත බව පරීක්ශා කර බැලීමක් Gratula ලෙස ටයිප් කර බැලීමේන් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවයි. එය හන්ගේරීයානු භාශාවෙන් සුභපැතීමට භාවිතා කරන වචනයක් වන අතර එම වචනය ටයිප් කිරීමේන් එම වචනය තැඹිලි පැහැයට හැරුනද එයින් ෆේස්බුක් ගිනුමක ආරක්ශිත බව තහවුරු කල නොහැක.

Avatar

Title:ෆේස්බුක් ගිනුමක ආරක්ශිත බව Gratula ලෙස Comment කිරීමෙන් පරීක්ෂා කල නොහැක!

Fact Check By: Sahan Perera

Result: False