ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම පසුගිය දිනවල විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වුනා.පක්ශ විපක්ශ බොහෝ දෙනෙක් මෙම සිදුවීම පිලිබඳව අදහස් දක්වා තිබුනු අතර ඇතැම් අවස්ථාවල අධිකරණ තීන්දු තීරන පවා විවේචනයට ලක්වන අයුරු අපට දකින්න ලැබුනා.

පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගී වීම සඳහා අවසර දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනාධිකරණයට ගොනු කළ රීට් පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට එම අවස්තාව ලබා දී තිබුනා.

අතුරු නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර තේරී පත්වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි විය යුතු සියලු හිමිකම් එයාකාරයෙන්ම භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බවත්ය

මෙවන් පසුබිමක "රටම මොහොමඩ්ලට යන සීන් එකක් තියෙන්නෙ.." ලෙස සටහන් කරමින් Orvill Kevin නම් අයෙකු විසින් පළකර තිබු සටහනක පෙන්වා තිබුනේ ප්‍රේමලාල් ජයසේකර මහතා වෙත පාර්ලිමේන්තුවට පැමිනීමට අවසර ලබා දුන් මොහොමඩ් නවාස් මහතා වෙත අභියාචනාධිකරනයේ සභාපති ධුරය පසුගිය දා පිරිනමා ඇති බවයි. “මිනීමරු චොකා මල්ලිට පාර්ලිමේන්තු එන්න අවසරදුන් දුෂිත මොහොමඩ් නවාෂ්ට අභියාචනාධිකරණයේ සභාපතිධුරය...රෙස්පෙක්ස්ට් ස” යනුවෙන් කතාංගයක් ද අඩංගු වී තිබු එම සටහන පහතින්

LinkArchived Link

ජනපති ගෝටාභය රාජපක්ශ මහතා විසින් ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු ඒමට අවසරය ලබා දුන් නවාස් මහතා අභියාචනාධිකරණයේ සභාපති ධුරය ලබාදෙන බව හැඟවෙන ලෙස දක්වා තිබු ඡායාරුපයක් ද ඒ සමග පලවී තිබුනා. එබැවින් ප්‍රේමලාල් ජයසේකර මහතා ට අභියාචනාධිකරන තීන්දුව ලබා දිමෙන් පසුව මෙසේ සභාපති දූරය ලබා දුන්නේ ද යන්න පිලිබඳව වැඩි දුරටත් සොයා බැලීමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම කරුනේ සත්‍ය තාවය පිලිබඳව කරුනු සොයා බැලීමට අප පලමුව අභියාචනාධිකරනයේ රෙජිස්ටාර්තුමාව ව සම්බන්ධ කර ගත්තා.ඔහු මේ සම්බන්ධ පත්වීම 2020 ජනවාරි මාසයේ සිදුවූවක් බව සඳහන් කලා.

මේ පිලිබඳව තවදුරටත් කරුනු සොයා බැලීමට මාධ්‍ය වාර්තා වෙත යොමු උනා.එහිදී අපට නවාස් මහතා අභියාචනාධිකරනයේ වැඩබලන සභාපති ලෙස පත් කල පුවත් කිහිපයක් ම දැක ගන්නට ලැබුනු අතර ඒ සියල්ලක්ම මේ වසරේ ජනවාරි මාසයේ වාර්තා කර තිබුනු ඒවා බවට තහවුරු උනා.

Ft.lk Linkaruna.lk Link

ජනාධිපති මාධ්‍ය අංශයේ වෙබ් අඩවියේද ජනපති ගෝඨාභය විසින් මෙම තනතුරේ වැඩබලන සභාපති ධුරය පසුගිය ජනවාරි මස 20 වැනිදා නවාස් මහතාට ප්‍රදානය කරන අයුර ඡායාරූප සටහනක් සහිතව දක්වා ඇති බවක් දැකගන්නට ලැබුනා.

එම ඡායාරුපය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡයරුපයම බවද පෙනී ගියා.

එසේම 2020 ජනවාරී මාසයේම පළවූ පුවත් වාර්තා වල සඳහන් වී තිබුනේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙසේ යසන්ත කෝදාගොඩ මහතා පත්කිරීමත් සමඟම පුරපාඩු වූ අභියාචනාධිකරණයේ සභාපති ධුරයට නවාස් මහතා පත්කර තිබු බවයි. ජනවාරි මස 24 වැනිදා පළවූ එවැනි පුවත් වාර්තාවක් මෙලෙසින්.

මේ අනුව අභියාචනාධිකරණයේ සභාපති ධුරය A.H.M.D. නවාස් මහතාට පසුගිය ජනවාරි මස ලබා දුන් එකක් බව පැහැදිලි වන අතර සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබු පරිදි ප්‍රේමලාල් ජයසේකර මහතාට සම්බන්ධයෙන් ලබාගත් තීරණයකින් පසුව මෑතකදී ලබාදුන් තනතුරක් නොවේ.

කෙසේ නමුත් නව මහාධිකරණ විනිසුරුවන් 12කට 2020 සැප්තැම්බර් මස 14 වැනිදා නව පත්වීම් ලබා දී ඇති බවක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් පවත්වාගෙන යන ට්විටර් ඩවියේ මෙලෙසින්ද දක්වා තිබුනා. කෙසේ නමුත් එම නාම ලේඛනයේද නවාස් මහතාගේ නමක් සඳහන් වන්නේ නෑ.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බලන කල ප්‍රේමලාල් ජ්යසේකර මහතාට පාර්ලිමෙන්තු ඒමට අවසර දුන් නවාස් මහතාට එම තීරණය ලබාදීමෙන් පසු අභියාචනාධිකරනයේ සභාපති දූරය ලබා දී ඇති බව හැඟෙන පරිදි පලවන පුවත් පාඨකයින් නොමඟ යවන ආකාරයට 2020 ජනවාරි මස ලබාදුන් පත්වීමට අදාල ඡායාරූප යොදාගනිමින් පළකර ඇති බව අනාවරණය විය

Avatar

Title:මොහොමඩ් නවාස් මහතාට අභියාචනාධිකරනයේ සභාපති ධූරය මෑතකදී ලබා දුන් බවට හැඟවෙන ව්‍යාජ පුවතක්!

Fact Check By: Sahan Perera

Result: Misleading