ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන රටක් වූ ලංකාවේ වූ, සිදුවන විශාල පරසර විනාශයන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලය මෙන්ම ප්‍රධාන මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය තුලද වාර්තා පසුගිය දනවල දක්නට ලැබුණි.

මෙවන් පසුබිමක Yasith Dilshan නම්වු ෆේස්බුක් ගිණුකම පුත්තලම ගල්බමුණාගම වැසි වනාන්තරයේ වර්ග කිලෝමීටර් 65,000 ඩෝසර් කරලා බං. අවුලක් නෑ මචං හැට නම ලක්ෂයක කැමැත්ත සහ මන්දාරම් නුවර තියෙන ලංකාවේ එකම මිරිදිය නීල හරිත ඇල්ගී නිධියත් මේ කාළකන්නි ආණ්ඩුව ඊයේ ඩෝසර් කරලා මචං පුළුවන් අය දැන්ම රට පලයල්ලා. නන්දසේන මේ රට අවුරුදු 5කින් කාන්තාරයක් කරයි. ඩෝසන් බයියන්ට හෙන ගහනවා මචං රටට කරපු අපරාදෙට යන වදන් පෙළවල් සහිත සටහන් පලවී තිබුනේ පහත අයුරින්

LinkArchived LinkLinkArchived Link

එසේම මියගිය අලියකුගේ සේයාරුවකට සිංහරාජයේ අලි ගැටළුවට ස විසඳුම් දීපු හැටි මචං කැලේ කපලා ලෝක උරු සිංහරාජේ උන්න කුරු අලි දෙන්නගෙන් එකෙක්ව ලංකාගම බයියන් වෙඩි තියලා මරලා මචං ඇයි බං උඹලා මේ වගේ හෙණ ගහන අපරාධ කාරයෝ බලයට ගෙනාවේ වදන් රෝපනය කළ සටහනක්ද ඉදිරිපත් කර තිබෙණු නිරීක්ෂණය විය.

LinkArchived Link

මෙම සටහන් සියල්ලම සඳහා යොදාගෙන තිබුනේ SRI LANKAN BlOOD නමැති ෆේස්බුක් පිටුවක් යොදාගන්නා පසුබිමක් වූ අතර පසුගිය දින කිහිපයේදීම මෙසේ වෙනත් ෆේස්බුක් පිටුවල පසුබිම් යොදාගනමින් Yasith Dilshan ඇතුළු ගිනුම් කිහියකය මෙසේ සටහන් සමාජගත වන අයුරු දැකගන්නට ලැබුණි. මින් පෙරද වාර ගණනාවකදී ඉහත ෆේස්බුක් ගිණුම විසින් ඉදිරිපත් කර තිබූ සටහන් රැසක්ම පිළිබඳව අප කළ කරුණු විමර්ශනවල දී එම සටහන් අසත්‍ය බවට තහවුරු වීම නිසාත් මෙම සටහන් අසත්‍ය බවට බොහෝ පිරිස් වාර්තා කර සිටීම නිසාත් මේ පිළිබඳවද කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

පුත්තලම ගල් බමුණා ගම යනුවෙන් වන රක්ෂිතයක් ලංකාවේ නොමැත. එමෙන්ම ලංකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610 ක් බැවින් උපහාසාත්මක කෝණයකින් මෙය පලවී ඇති සටහනක් බව පැහැදිලිය. කෙසේ වෙතත් අප පුත්තලම දිසා වන අඩවි කාර්යාලයෙන් එම නමින් රක්ෂිත වනාන්තරයක් පුත්තලම දිස්ත්‍රික්කය තුළ ඇත්දැයි විමසූ විට ඔවුන් අවධාරණය කළේද එවැනි නමකින් රක්ෂිත වනාන්තරයක් පුත්තලම දිස්ත්‍රික්කය තුළ නොමැති බවය.

එසේම මෙම සටහන් සියල්ලම SRI LANKAN BLOOD නැමැති වෙබ් අඩවියක නිර්මාණයන් ලෙස පෙන්වා තිබූ බැවින් අප එම වෙබ් අඩවියේ ෆේස්බුක් පිටුව පරික්ෂා කළ විට මෙම සටහන තමන් යොදාගන්නා පසුබිමක් යොදා ගන්මින් පළවූ සම්පූර්ණයෙන්ම අසත්‍ය සටහනක් බව දක්වමින් මේ වගේ ගොන් පෝස්ට් එකක් දැක්කම පේජ් එකට ඇවිල්ලා බලපන් මේවා අපි දාලා තියෙනවද කියලා..ආන්ඩුවේ පඩියට වැඩ කරන මල් ගවුමගේ හෙන්චයියෝ ටික දැන් කැලෑ කපන එක විහිලුවක් කරන්න මේ වගේ ගොන් පෝස්ට් දානවා...යන තේමාවෙන් ඔවුන් ඉදිරිපත් කර තිබූ පහත සටහන අපට නිරීක්ෂණය විය.

LinkArchived Link

එබැවින් මෙම සටහන උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් කළ සාවද්‍ය සටහනක් බව තහවුරු විය.

මන්දාරම් නුවර තියෙන ලංකාවේ එකම මිරිදිය නීල හරිත ඇල්ගී නිධිය පිළිබඳවු සටහනේ ඡායාරූපය Reverse Image සෙවීමකට යොමුකළ විට දකුණු ඇමරිකාවේ, පේරු හි ග්ලැසියර විල් පිටාර ගැලීම් සඳහා පිළියම් ඉදිරිපත් වූ අවස්ථාවක ලබාගත් Bryan Lehrer නැමැත්තෙක් විසින් ඉදිරිපත් කර තිබු ඡාරුපයක් බව පැහැදිලි විය

LinkArchived Link

මන්දාරම් නුවර මිරිදිය ඇල්ගි නිධියක් පිළිබඳව අප පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගෙන්ද විමසුවෙමු. මිරිදිය ඇල්ගී වැනි දියසෙවල නිධියක් මන්දාරම්නුවර නොමැති බවද ඔහු පැවසීය.

සිංහරාජ රක්ෂිතයේ වෙසෙන කුරු අලියාගේ මරණය පිළිබඳව වූ සටහනේ ඡායාරූපය google reverse image සෙවීමකට ලක් කළෙමු. 2020 ජූනි මස Four forest officials suspended over elephant deaths in Chhattisgarh (අලින්ගේ මරණය නිසා චටිස්ගාර්හි වන අඩවි නිළධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කරති) යන සිරස්තලයෙන් වාර්තාවක් ඉංග්‍රීසි බසින පලවන ඉන්දීය පුවත්පතක් වන Hindustan Times වාර්තා කර තිබුණි.

LinkArchived Link

Hindustan Times පුවත්පත් වාර්තාවේ වු ඡයාරූපය, Yasith Dilshan ෆේස්බුක් පිටුවේ ඡයාරූපය සමග සංසන්දනය කළවිට එය එකම ඡායාරපය බව තහවුරු විය.

මේ අනුව මියගොස් සිටින්නේ Yasith Dilshan ෆේස්බුක් පිටුවේ දක්වන ආකාරයට සිංහරාජ රක්ෂිතයේ සිටින කුරු අලියකු නොව ඉන්දියාවේ Chhattisgarh වනාන්තරය සිදුවූ වන අලි මරණ සම්බන්ධයෙන් බව තහවුරු ව තහවුරු විය.

Conclusion (අවසාන නිගමනය)

පරිසර විනාශයන් සහ කුරු අලියකුගේ මරණය පිළිබඳව Yasith Dilshan ෆේස්බුක් ගිණුම ඉදිරිපත් කර තිබූ ඉහත සියලුම සටහන් SRI LANKAN BLOOD නමැති වෙනත් ෆේස්බුක් පිටුවක අනුරුවක් යොදාගනිමින් පලකරන ලද සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බව නිගමනය කරමු

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:වන විනාශය සහ කුරු අලියෙකුගේ මරණයක් පිලිබඳ පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False