ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන් අල්ලලා සමාජ මාධ්‍ය සටහන් ඉදිරිපත් වී තිබුණා. මෙම සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනවලදී තහවුරු වූයේ එම සටහන් බොහොමයක් ම සාවද්‍ය සටහන් බවයි.

මෑත කාලයේ කාලීන සිදුවීම් බොහොමයක් මුල් කරගනිමින් ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත් කළ ෆේස්බුක් සටහන් පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනවලදී එම සටහන් බොහොමයක් උපහාසාත්මක කෝණවලින් ඉදිරිපත් කර තිබු සාවද්‍ය සටහන් බව තහවුරු විය. එම තේමාව යටතේම ජාතික ජන බලවේගයේ කාන්තා ක්‍රියාකාරීන් අලලා ඉදිරිපත් වූ පහත සටහන් පෙළ විමර්ශනයේදී ඒවා ද අසත්‍ය සටහන් පෙළක් බව අපට අනාවරණය විය

“මේව අහල පණ පලයන් ලබණ පෙරෙයිදා” නමින් වූ ෆේස්බුක් පිටුවක් ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගතවු ජාතික ජනබලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරඟ කළ කාන්තා ක්‍රියාකාරනියක් වන ඔෂානි උමංගා හපුආරච්චි අළලා ගවඝාතන තහනම පීළිබඳ ඇයගේ මතය දක්වන ආකාරයට, ඇයගේ ෆෙස්බුක් පිටුවේ ඇති සටහනක් ලෙස ඉදිරි සැකසුණු පහත සටහන ඉදිරිපත් කර තිබුණි.

FacebookArchived Link

තවද ඇය අළලා පළවූ තවත් සටහනක දක්වා තිබුනේ කළුතර පිහිටි ඇයගේ ඉඩමක් විකුණා ලංකාගමින් අක්කර 120 මිලදී ගෙන සිංහරාජයට පරිත්‍යාග කලයි යනුවෙනි.

එසේම ජාතික ජන බලවේගයට ජාතික ලයිස්තුවෙන් හිමිවූ එකම අසුන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වු මහාචාර්ය හරිනි අමරසුරියගේ සේයාරුවකට මේ මන්ත්‍රීධූරය අයිති මාලිමාවේ ලිබරල් ධනවාදය විශ්වාස කරන උගත් දැනුවත් නාගරික ප්‍රජාවටයි. නැතුව තවමත් සමාජවාදය කරපින්නාගත් ගෝත්‍රික විජේවීර ගේ මතවාදය අදහන, හැමදාම කොඩි කණු ඉන්දන, පෝස්ටර් ගහන, වයසක ජවිපෙ නූගතුන්ට නොවේයන වදන් රෝපණය කරගොත්‍රික විජේවීර... ඊයා.තේමාවෙන් සටහනක් Geethma Prasadini Gunasekara නමින්වු ෆේස්බුක් ගිනුමක ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය

FacebookArchived Link

එම තේමාව යටතේම ජාතික ජනබලවේගය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ නොවෙයි. ජාතික ජනබලවේගයේ අපි ලිබරල් ක්‍රමය පිළිගන්නා පිරිසක්. යල්පැන ගිය සමාජවාදය කර පින් කර ගහගෙන කරන නිර්ධන පාන්තික දේශපාලනයක් අපි ළඟ නැහැ. අපි හදන්නෙ කොමියුනිස්ට් දේශපාලනයෙන් ඔබ්බට ගිය දූෂණයට, වංචාවට විරුද්ධ උගත්, බුද්ධිමත් නායකයන් සහිත නව දේශපාලන විකල්පයක් වදන රෝපණය කර, ජාතික ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කළ නිතීඥ නිරූපා සේරසින්හගේ ප්‍රකාශයක් සේ අඟවන සටහනක්ද “මේව අහල පණ පලයන් ලබණ පෙරෙයිදා” නමින් වූ ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබුණි.

FacebookArchived Link

නිරූපා සේරසින්හ අලලා පළවූ තවත් ප්‍රකාශයක දක්වා තිබුනේ "මා BRANDEX ආයතනයේ සේවය කොට කොරෝනා ව්‍යාප්ත කළා යයි පැවසෙන ප්‍රකාශය අසත්‍යකි. මා එවැනි පහත් රැකියාවක් මේ දක්වා කර නොමැත" යනුවෙන් ඇඟලුම් සේවය පහත් කොට ප්‍රකාශයක් පැවසු ආකාරයෙනි

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඔෂානි උමංගා හපුආරච්චි සම්බන්ධයෙන් ගව ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ ප්‍රකාශයක් ලෙස දක්වා තිබු සටහන පිලිබඳ කරුණු විමර්ශනය සඳහා ඇයගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. මෙවැනි අන්දමේ සටහනක් එහි නොතිබුණු අතර “නොකී කතා කීවා සේ මඩ ගහන අමන, මරි මෝඩ හනුමන්තලාගේ දැන ගැනීම පිණිස ලිවීමට සිතුණි. යන තේමාවෙන් දීර්ඝ කථාංගයක් සහිතව, ෆේස්බුක් ජාලයේ සංසරනය වන සටහන අසත්‍ය බව දන්වමින් ඇයගේ නිල ෆෙස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබු සටහනක් දක්නට ලැබීණි.

FacebookArchived Link

මෙම සටහන් පිලිබඳ ඇයගෙන් සිදුකළ විමසීමකදී තම ඉඩමක් විකුණා ලංකාගමින් අක්කර 120ක් මිලදී ගෙන සිංහරාජයට පරිත්‍යාග කල සටහන ඇතුළු මෙම සටහන් සියල්ල සාවද්‍ය බව පවසා සිටියා

අචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් පලවී තිබු ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඇය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. තමන් කිසිවිටෙකත් මෙවැනි ප්‍රකාශයක් නොකළ බව අවධාරණය කළ ඇය, තමන් කරන සියලු ප්‍රකාශයන් සිය නිල ෆේස්බුක් පිටුවෙන් හෝ ජාතික ජනබලවේගයේ නිල ෆේස්බුක් පිටුවෙන් පමණක් ලබාගන්නා ලෙසත්, සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නේ සාවද්‍ය සටහන් බවත් සඳහන් කළාය. මේ පිළිබඳව සටහනක් තමාගේ නිල ෆේස්බුක් පිටුවේ යොදා ඇති බවත් වැඩිදුරටත් පැවසුවාය.

ඇයගේ නල ෆෙස්බුක් පිටුව පිරික්සීමේදි, පහත සටහන, භාෂා තුනෙන්ම යොදා ඇති සටහන දැකීමට හැකිවිය.

මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ගනු ලබන සියළු තීරණ මගේ සහ ජාතික ජනබල වේගයේ නිල ෆේස්බුක් පිටුව හරහා පමණක් සන්නිවේදනය කරනු ලැබේ. සීග්‍රයෙන් පැතිර යන අසත්‍ය ප්‍රකාශ සංස්කෘතිය වෙනස් කිරීමට නිල වශයෙන් තහවුරු කල තොරතුරු පමණක් යොදා ගැනීමට ඔබගේ සහය බලාපොරොත්තු වෙමි.

FacebookArchived Link

එසේම නීතිඥ නිරූපා සේරසිංහ අළලා ඉදිරිපත් කර තිබු සටහන්වල අන්තර්ගතය තහවුරු කරගැනීම පිණිස අපි නීතිඥ නිරූපා සේරසිංහටද දුරකථන ඇමතුමක් ගත්තෙමු. මෙවැනි ප්‍රකාශයක් තමන් නොකළ බවත්, මැතිවරණ සමයේ මෙන්ම දැනුදු තමන් අළලා අසත්‍යය සටහන් සමාජ මාධ්‍ය තුල ඉදිරිපත් වන බවත් ඇය අවධාරණය කළාය. මෙම සටහන් සියල්ල සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවද පවසා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ජාතික ජන බලවේගයේ කාන්තා ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය සංසරණය වන සටහන් වල අන්තර්ගත කරුණු වැඩිදුරටත් තහවුරු කරගැනීම පිණිස අප ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි වන උපුල් රන්ජන්ට දුරකථන ඇමතුමක් ගත්තෙමු. සිය පක්ෂයේ සක්‍රීය කාන්තා ක්‍රියාකාරීන් අළලා මෑත කාලයේ සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වන්නේ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බව ඔහුද අපට සඳහන් කළේය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ සක්‍රීය ක්‍රියාකාරීන් අළලා ෆේස්බුක් ජාලයේ මෑත කාලයේ පළවන සියළුම සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ජාතික ජන බලවේගයේ කාන්තා ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත් කර තිබු සාවද්‍ය සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False