මේ දිනවල කොරෝනා රෝගීන් වැඩි වශයෙන් මෙරටදී හමුවන බවක් නිරීක්ෂණය වෙනවා. ලොව පුරා රටවල් කොරෝනා රෝගය වෙනුවෙන් එන්නත් නිපදවා ඇති අතර ඒවා යේ යම් යම් සාර්ථක ප්‍රතිඵල ඇති බවට ද මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර කොරෝනා රෝගය වෙනුවෙන් දේශීයව නිශ්පාදනය කරන ලද ඖෂධයක් පිලිබඳව මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වනවා. එම බෙහෙතේ සාර්ථක භාවය පිලිබඳව රජය විසින් පරීක්ෂණ සිදු කරන බවට ද වාර්තා පල වුණා. එම පැණිය නිපදවූ බණ්ඩාර මහතාගේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කරමින් සටහන් රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

කෙසේවෙතත් මෙම බෙහෙත් පැනිය සඳහා විශාල ප්‍රචාරයක් ලැබුණු අතර පසුගිය දා කෑගල්ලේ දී නොමිලයේ බෙදා දීමක් ද මෙසේ වාර්තා වුනා. එබැවින් එම පැණිය නිෂ්පාදනය කළ කෑගල්ලේ බණ්ඩාර මහතා සම්බන්ධ කරගැනීමට බොහෝ පිරිස් උත්සාහ දරා තිබු අතර ඔහුව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය ලෙස ද විවිධාකාරයේ සටහන් පළවී තිබුණා. මෙසේ විශාල වශයෙන් හුවමාරු වූ සටහන් වල දක්වා තිබු එක අංකයක් ඇත්ත වශයෙන්ම ඔහුගේ දුරකථන අංකයක් නොවන බව අපගේ අනාවරණයෙන් පැහැදිලි වුනා.

සමාජ මාධ්‍ය සටහන්:

ධම්මික බන්ඩාර මහතාගේ දුරකතන අංකය ලෙස Dila-ඩිලා නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් පළකර තිබු සටහනක් පහතින්

FacebookArchived

මෙම දුරකතන අංකය පසුගිය දිනවල තවත් බොහොමයක් සමාජ ජාලා පරිශීලකයින් අතර හුවමාරු වන ආකාරය අපට නිරීක්ශනය උනේ පහත අයුරින්

FacebookArchived
FacebookArchived
FacebookArchived

මෙම දුරකතන අංකය මගින් ධම්මික බන්ඩාර මහතාව සම්බන්ද කර ගත හැකිද යන්න පිලිබඳව අප වැඩිදුරටත් කරුනු විමසා බලා සිටියා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

මෙම කරුනේ සත්‍යතාවය විමසා සිටීමට අප එම දුරකථන අංකයට ඇමතුමක් ගෙන බැලුවා. නමුත් එම අවස්ථාවේදී එම දුරකථනය වසා තිබෙන බව අපට දැකගන්නට ලැබුණා.

මෙම දුරකථන අංකය හිමි පුද්ගලයාගේ සමීපතමයෙකු අපට මේ සම්බන්ධයෙන් තොරතුරු මුලින්ම සැල කළ බැවින් අප ඔහුව සම්බන්ධ කරගත්තා.එහිදී ඔහු ප්‍රකාශ කලේ මෙම දුරකතන අංකය තම මිතුරා බොහෝ කලක් භාවිතා කරන එක බවයි. සමහර විටෙක ධම්මික බන්ඩාර මහතාගේ අංකයට සමාන දුරකථන අංකයක් විය හැකි බවත් මෙම සටහන මුලින් පල කළ යම් අයෙකුට වැරදීමක් සිදුව මෙසේ අංකයක් මාරු වීමක් සිදුව ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

එම මිතුරා හරහා අප අදාළ දුරකථන අංකය හිමි පුද්ගලයාව සම්බන්ධ කරගත් අතර ඔහු පවසා සිටියේ දෙස් විදෙස් දුරකතන ඇමතුම් විශාල සංඛ්‍යාවක් නිරන්තරයෙන්ම ලැබෙන බැවින් මෙසේ දැනට දුරකථනය වසා තිබෙන බවයි.

කෙසේ වෙතත් අපගේ ඉල්ලීම පරිදි සුළු මොහොතකට දුරකථනය ක්‍රියාත්මක කළ ඒ මහතා අපට එම අංකයෙන් ඇමතුමක් ලබා ගත්තා. එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ එම දුරකථන අංකය ධම්මික බන්ඩාර මහතාගේ නොවන බවයි. එසේම ඔහු අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වසර විස්සකටත් වැඩි කාලයක් එම දුරකථන අංකය භාවිතා කරන බවත් පවසා සිටියා.

ෆේස්බුක් තුල වැරදීමකින් වෙදමහතාගේ දුරකතන අංකය ලෙස තමාගේ අංකය වන 0713507101 හුවමාරු වීම හේතුවෙන් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවත් අපට දන්වමින් ඒ මහතා පවසා සිටියේය දීර්ඝ කාලයක් එම අංකය භාවිතා කරන බැවින් එය විසන්ධි කිරීමක් සිදු කළේ නැති බවයි.

මෙම අංකයට ම සමාන තවත් අංකයක් (0713507071) බණ්ඩාර වෙද මහතාගේ දුරකථන අංකය යනුවෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වන අයුරක් අපට දැක ගන්නට ලැබුනා.

කෙසේවෙතත් එම අංකය ද මේ වන විට අක්‍රීය කර ඇති අයුරක් පෙනී ගියා.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බලන කල මේ දිනවල බොහො ලෙස කතා බහට ලක්වන කොරෝනා රෝගය වෙනුවෙන් දේශීය බෙහෙතක් නිර්මාණය කල කෑගල්ලේ බන්ඩාර මහතාගේ යැයි සඳහන් කරමින් හුවමාරු වන දුරකතන අංකය ඔහුගේ නොවන බවත් මෙම දුරකථන අංකය අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වෙනත් පුද්ගලයෙකුට අයත් එකක් බවත් අපට තහවුරු කල හැකියි.

Avatar

Title:කොරෝනා රෝගයට දේශීයව බෙහෙතක් නිර්මාණය කල ධම්මික බන්ඩාර මහතාගේ යැයි හුවමාරු වන වැරදි දුරකතන අංකයක්!

Fact Check By: Sahan Perera

Result: False