ලංකාව ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රටක් බැවින් බොහොමයක් පෞරාණික කෞතුක වස්තූන් හමුවූ අවස්ථා පිලිබඳ විටින් විට වාර්තා වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා සිදුවන පුරා විද්‍යා කැනීම් මගින්ද මෙවැනි කෞතුක වස්තූන් හමුවී තිබෙනවා.

පසුගිය දා බිබිල ප්‍රදේශයේ මහා මාර්ග ඉදිකිරීම් කටයුතු අතරතුර හමුවූ ඉපැරණි ඊතලයක් පිලිබඳව පුවතක් ස්වර්ණවාහිනී Live at 8 මඟින් ඉදිරිපත් කර තිබුනා. 1817 වසරේදී ඌව - වෙල්ලස්ස කැ‍රැල්ල ආරම්භක අවධියේ දී මීගහපිටිය වලව්වේ හිටිහාමි මුදියන්සේ රටේ රාල නමැති හෙළ විරුවෙකු විසින් එකල ඌව දිසාව භාර උප ඒජන්ත සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් මහතා වෙත එල්ල කල මාරක ඊතලය මෙය බවට හිමිනමක් අදහස් ප්‍රකාශ කරන ආකාරය මෙම වීඩියෝ පටයෙන් දැක්වෙනවා. නමුත් අපගේ විමර්ෂණයෙන් දැනගනන්ට ලැබුනේ මෙය ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගත් තඹ කම්බියක් විනා මාරක හීයක් නොවන බවයි.

සමාජ මාධ්‍ය සටහන් :

ස්වර්ණවාහිනී පුවත් විකාශයෙන් බිබිල ප්‍රදේශයෙන් ඉපැරණි ඊතලයක් හමු වූ බවට විකාශය වී තිබු පුවත ෆේස්බුක් තුළ බොහෝ සෙයින් හුවමාරු වන අයුරු අපට මෙසේ දැකගන්නට ලැබුනා.

https://vimeo.com/504283481

Facebook

බිබිල ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය කිරීමේදී තඹ ලෝහයෙන් සැදි හීයකට සමාන ආකාරයේ කොටසක් තරුණ පිරිසකට හමුව තිබෙනවා. එම තඹ හීය පිළිබඳ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ පවසා තිබුනේ වෙල්ලස්ස කැරැල්ලේදී සිල්වෙස්ටර් උප ඒජන්ත වරයා වෙත රටේ රාල හෙළ විසින් එල්ල කල මාරක හීය ම බවයි.

එම වීඩියෝව හුවමරු කරගෙන තිබු තවත් අවස්ථාවක් මෙතනින්

මෙම පුවතට විශාල ප්‍රචාරයක් ලැබුණු අතර බොහෝ අය මෙහි සත්‍යතාවක් නොමැති බවටද කරුණු දක්වා තිබු අතර මෙවැනි උපහාසාත්මක සටහන් රැසක් ද නිර්මාණය වී තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙහි හැඩය පිලිබඳව සලකා බැලීමේදී එක් පැත්තක් හීයක ආකාරයෙන් උල් හැඩයෙන් නිපදවා ඇති බවක් අපට දැකගනන්ට ලැබුණා. මෙම හැඩයට තඹ ලොහ භාවිතා කරමින් Copper Earth Rods හෙවත් තඹ වලින් හැදූ ලෝහ කූරු විවිධ අවස්ථා වලදී යොදා ගන්නා බව අපට පෙනී ගියා. විශේශයෙන්ම විද්‍යුත් පද්ධති භූගත කිරීම් වෙනුවෙන් මේවා යොදාගන්නා බව සඳහන් වෙනවා.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-Arrow-cec88fcc-c3dd-4226-83b8-5a4e7e1bd4e3.png

powerandcables.com | axis-india.com | kevilton

බොහෝ විට කාලයක් පුරාවට පොලව යට පැවතීමට ඔරොත්තු දීමට සුදුසු වන අයුරින් විඛාදනයට ප්‍රතිරෝදී අයුරින් ක්‍රියාකිරීමට මෙසේ තඹ සන්නායක භාවිතා කරයි. ලංකාවේදී මේවා බොහෝ දුරට දුරකතන ‍රැහැන් සමාගම් භාවිතා කරන බව අපට දැනගන්නට ලැබුනා.

විදුලි කර්මාන්තයට අමතරව ඉංජිනේරු කර්මාන්තය ,විදුලි මෝටර් ,ගෘහ විදුලි උපකරන කර්මානය වැනි කටයුතු වලදීද මේ ආකාරයට තඹ සන්නායක කොටස විවිධාරකාරයෙන් යොදාගනු ලබයි. මේ ආකාරයට තඹ කම්බි යොදාගැනීම තුලින් ධාරිතාව වැඩි කිරීම,තාප ලක්ෂණ වැඩි දියුණු කිරීම,දිගු කල් පැවතීම සහ නඩත්තු රහිත වීම ,විඛාදන ප්‍රතිරෝධය වැනි වාසි ලබාගත හැක.

නියම ආකාරයේ Earth Copper Rod එකක ඉදිරිපස උල් හැඩයක් ගන්නා අතර එහි ඡායාරුපයක් පහතින් දැක්වේ.

Stainless Steel Earth Rods

පහතින් දැක්වෙනේ භූගත කිරිම සඳහා භාවිතා වන විවිධ ආකාරයේ Copper Rod කිහිපයක ඡායාරුප පෙළක්

අප මෙම කාරණය පිළිබඳව අප මෙරට ප්‍රධාන දුරකථන සමාගමක තාක්ෂණික අංශයේ නිලධාරියෙකුගෙන් ද කරුණු විමසා සිටියා. එහිදී ඔහු සඳහන් කලේ ද මෙවැනි කූරු බොහෝ අවස්ථාවල බිම්ගැන්වුම් හෙවත් Earth කිරීම වෙනුවෙන් දුරකථන සමාගම් භාවිතා කරන බවයි. එසේම ඇතැම් අවස්ථාවලදී ගොඩනැගිලි වල වයරිං කටයුතු වලදීද නිසි ආකාරයෙන් විදුලි බිම්ගැන්වුම් සඳහාද මේ ආකාරයේ තඹ කූරූ භාවිතා කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ පිළිබඳව අප සංස්කෘතික දෙපර්තම්නේතුවේ නිලධාරියෙකුගෙන් විමසා සිටියා. එහිදී ඔහු පවසා සිටියේ මෙම හීය සියැසින් දුටු බවත් එහි SLT යනුවෙන් අකුරු කොටසක් ද පෙනෙන්නට තිබෙන බැවින්බොහෝදුරට දුරකථන සමාගමක් විසින් භූගත කිරීම් සඳහා යොදාගන්නා ලද කම්බියක් විය හැකි බවත්ය.

මොණරාගල පුරාවිද්‍යා කාර්යාලය හරහා මේ සම්බන්ධයෙන් විමර්ෂණය කෙරන අඹන්පොල මහතාව අප සම්බන්ධ කරගත් අතර එහි SLT යනාදී වශයෙන් අකුරු පෙළක් තිබු බව තහවුරු කරමින් පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ටෙලිකොම් සමාගමට යොමු කර තිබෙන බවත් අදාළ වාර්තාව නුදුරු දිනයක දී ලැබීමට නියමිත බවත්ය.

මීගහපිටිය වලව්වේ හිටිහාමි මුදියන්සේ රටේ රාල සම්බන්ධයෙන් උණගොල්ල ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු සමඟ ද සාකච්ඡා කරමින් සිදුකර තිබු වීඩියෝවක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව සලකා බැලීමේදි බිබිල ප්‍රදේශයෙන් හමුවූ ඉපැරණි ඊතලය, රටේ රාල නම් හෙළ විරුවෙකු විසින් 1817 වසරේදී ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ඉංග්‍රීසි උප ඒජන්ත වරයෙකු මරණයට පත් කිරීමට යොදා ගත් ඊතලය බවට පැවසෙන පුවත අසත්‍යක් බව පෙනී යනවා.

බොහෝ දෙනා විසින් මෙය විශ්වාස කිරීමට අපහසු අසත්‍ය පුවතක් බව හඳුනාගෙන තිබුණු අතර මෙහි SLT යනුවෙන් අකුරු ද සඳහන් වී තිබෙන බැවින් බොහෝදුරට ටෙලිකොම් සමාගම විසින් බිම්ගත කිරීමට යොදාගන්නා ලද තඹ සන්නායක කූරක් බව පෙනී යනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:බිබිලෙන් හමුවූයේ සැබැවටම වෙල්ලස්ස සටනේදී රටේ රාල විසින් වසර දෙසීයකට පෙර භාවිතා කල ඊතලයද?

Fact Check By: Sahan Perera

Result: False