මේ දිනවන ඉන්දියාවේ රෝහල් සඳහා අවශ්‍ය ඔක්සිජන් හිඟ තත්වයක් උදාවීමත් සමඟ ම කොරෝනා මර්ධන කාර්යාංශ දැඩි අසීරු තත්වයකට මුහුණු පා සිටින අතර කොව්ඩ්19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව ද සීග්‍ර ලෙස ඉහළ යමින් පවතියි.

ඉන්දියාවේ සිය දහස් ගණන් මළ සිරුරු පුළුස්සන දර්ශන මුළු ලොවම කම්පාවට පත් කර තිබෙන මෙවන් පසුබිමක ඉන්දියාවේ ශෝචනීය තත්වය බව පෙන්වන වීඩියෝවක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වුනා.

පරෙස්සම් වන ලෙස යහපත් පණිවුඩයක් ගෙන දුන්න ද මෙය ව්‍යාජ පුවතක් බවට අප මීට දින කිහිපයකට පෙර පණිවුඩයක් මෙසේ පළ කරා. ඒ පිලිබඳ සිංහල බසින් කරුණු අනාවරණයක් පහතින්

සමාජ මාධ්‍ය සටහන්:

Thisara Sachindra නම් අයෙකු විසින් පළකර තිබු වීඩියෝ සටහනක තේමාව වුයේ “India's Current Situation. Theruwan Saranai Hama Denatama” එනම් “ඉන්දියාවේ වර්තමාන තත්වය. තෙරුවන් සරණයි හැම දෙනාටම.” යන්නයි.

අප්‍රේල් මස 23 වැනිදා පළකර තිබු මෙම වීඩියෝව දින දෙකක් තුළ 12,000 කට අධික පිරිසක් අතර හුවමාරු වූ අතර ලක්ෂයක ට වැඩි පිරිසක් නරඹා තිබුණා. දැනට ඉන්දියාවේ පවතින තත්වය ඉතා භයංකර බැවින් මෙසේ ෆේස්බුක් පරීශීලකයින් සත්‍ය සිදුවීමක් ලෙස මෙය හුවමාරු කරගෙන තිබු බවක් පෙනී ගියා.

කෙසේවෙතත් මෙම වීඩියෝව දර්ශන අයත් වුයේ පැරණි ගෑස් කාන්දු වීමක් හා සම්බන්ධ සිද්ධියකට බව බොහෝ ෆේස්බුක් පරීශීලකයින් හඳුනාගෙන ද තිබුණා. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ එම වීඩියෝව පහතින්.

https://vimeo.com/541297040

Facebook | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම වීඩියෝ දර්ශන පසුගිය වසරේ ද ඉන්දියාවේ කොවිඩ් රෝගීන් යනුවෙන් හුවමාරු වූ අතර එම අවධියේ දී අප Factcrescendo කණ්ඩායම විසින් මේ පිලිබඳ කරුණු විමර්ශනයක් ඉංග්‍රීසි බසින් සිදුකර තිබුනේ මෙලෙසින්

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (TOI) විසින් 2020 මැයි 6 වන දින යූ ටියුබ් හි පළ කරන ලද ප්‍රවෘත්ති වාර්තාවක සිරස්තලයේ දක්වා තිබුනේ “Vizag Gas Leak: Many feared killed after leak in chemical factory.” එනම් “වෛසෑග් හි ගෑස් කාන්දුව: රසායනික කර්මාන්තශාලාවේ කාන්දු වීමෙන් බොහෝ දෙනෙක් මිය යනු ඇතැයි බිය වෙති.”

එම වීඩියෝවේ වැඩිදුර විස්තරයේ සඳහන් වූයේ “Several persons have died and many people fell sick after a gas leak from a chemical plant in Visakhapatnam.” එනම් “විශාකාපට්ටම්හි රසායනික කම්හලකින් ගෑස් කාන්දුවක් සිදුවීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු මියගොස් බොහෝ දෙනෙක් රෝගාතුර වූ බවයි.”

එම වීඩියෝව පහතින්.

https://youtu.be/iRN9DZY_KeY

මෙහි රූපරාමු සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝව රුපරමු සමාන බව අපට පෙනී ගියා.

එසේම Indian Express හි පළවී තිබු වීඩියෝවේ විනාඩි තුනක පමණ දර්ශන පෙළක් දැක ගන්නට ලැබුණු අතර එහි කොටස් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවා හුවමාරු වන වීඩියෝව සඳහා යොදාගෙන තිබු බව පෙනී ගියා. එම වීඩියෝව මෙතනින්

එහි විස්තරයෙන් දක්වා තිබුනේ “Gas leaked from Visakhapatnam's LG Polymers plant. Residents complained that the gas leakage caused a burning sensation in the eyes, rashes on bodies, and breathing difficulty. Police, fire and emergency services have started evacuating a 5-km radius area” යනුවෙන්.

එනම් “විශාකාපට්ටම් හි LG පොලිමර්ස් කම්හලෙන් ගෑස් කාන්දු වීමක් සිදුවිය. ගෑස් කාන්දුවීම නිසා ඇස්වල දැවෙන සංවේදීතාවයක්, සිරුරු මත දැවෙන සංවේදනයක් සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වූ බව ප්‍රදේශවාසීහු පවසා සිටියා...”

මෙම ඛේදවාචකය සිදුවූ දිනයේම ජීවිත 12ක් අහිමි වූ අතර ඉන් පසුව ද කිහිපදෙනෙක් මෙසේ විෂ වායුවලට නිරාවරණය වීමේ සංකුලතා මත මිය ගිය බව වාර්තා වෙනවා.

මේ දිනවල ඉන්දියාවේ පුද්ගල මරණ සිය දහස් ගණනින් සිදුවන දුක්බර දර්ශන මාධ්‍ය හරහා නිතර වාර්තා වෙනවා. මෙහිදී විශාල බලපෑමක් ඇතිවී තිබුනේ දිල්ලි ප්‍රදේශයටයි. විසාකපට්නම් යනු ඉන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි කාර්මික නගරයක්.

ඉන්දියාවේ ද මෙම වීඩියෝව නැවත වරක් කොවිඩ් දෙවන රැල්ලේ බලපෑම් යනුවෙන් බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබු අයුරු ද අපට දැකගන්නට ලැබුණා.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ වත්මන් ඉන්දියාවේ තත්වයක් යනුවෙන් හුවමාරු වී තිබු වීඩියෝව 2020 මැයි මාසයේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ විශාකාපට්නම් නගරයේ රසායනික කර්මාන්තශාලාවක සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇතිවූ සංකුලතා නිසා අපහසුතාවයට පත්ව සිටි පිරිසක් පෙන්නුම් කල වීඩියෝවක් බවයි.

Avatar

Title:ඉන්දියාවේ වර්තාමන තත්වය පෙන්වන වීඩියෝවක් ද?

Fact Check By: Sahan Perera

Result: False