රටම වසංගත තත්ත්වයකින් වෙලාගත් මොහොතක, අත්‍යාවශ්‍ය කරුණු හැරුණු කොට මහජනතාව බොහෝ විට නිවෙස් වල හුදකලා වීම කටයුතු කරන බව මේ දිනවල දැක ගන්නට පුළුවන්. මෙසේ ඉතාමත් භයංකර සහ දුෂ්කර කාලයකට මුහුණ පාමින් සිටියදීත් ජනාතාව මත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා නව බදු පනවා තිබු බව දක්වමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මේ හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වත්මන් ආණ්ඩුව වෙත දෝෂා රෝපණයන්ද එල්ල වුණා.

මේ සඳහා පිළිතුරු වශයෙන් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කිසිදු නව බදු සංශෝධනයක් පනවා නොමැති අතර පැවති බදු අගයන්ගේ ම කාලය දීර්ඝ කිරීමක් පමණක් සිදුකළ බවයි.

අප මෙහි නිරවද්‍යතාවය සොයා කරුණු පරීක්ෂාවක් සිදු කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් :

හාල්මැස්සන්, කරවල , වෙඬරු, කුරක්කන් පිටි යනාදී ද්‍රව්‍ය කිහිපයක් සඳහා නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් බද්දක් පැනවීම හේතුවෙන් ආහාර මිල ඉහල ගොස් ඇති බව හඟවමින් පසුගිය දා සටහන් පෙළක් හුවමාරු වී තිබුණා.

“කරවල, හාල් මැස්සෝ, කුරක්කන්.. මුදල් ඇමති බදු ගහයි..ආහාර මිල ඉහළට” යන තේමාවෙන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ ඡායාරුපයක් ද සමඟින් හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුනේ “තෙල් මිල අඩුකරන්න ආව බැසිල් ගේ වැඩ තමා මේ..” යනාදී වශයෙනි.

Facebook | Archived

නව බදු පැනවූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වී තිබුණේ, මෙලෙසිනි.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රැසක් ද මෙම ගැසට් නිවේදනය පිළිබඳ පුවත පළකර තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.

සිරස Newsfirst විශේෂිත පුවතක් ලෙස (Just In) ඊයේ(14) දිනයේදී පළ කළ පුවතේ සඳහන් වුණේ, භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇති බවයි.

“හාල්මැස්සන්, කරවල, උළුහාල්, කුරක්කන් පිටි සහ අබ ඇට , ලුණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවමින් මුදල් අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව හාල්මැස්සන් සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 100 ක් ද , කරවල සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 100 ක් ද , වෙඬරු සහ කිරිවලින් නිපදවූ තැවරුම් සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 880 ක් ද වශයෙන් බදු පැනවෙනු ඇති.

මීට අමතරව උළුහාල් ඇට සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 50 ක් ද කුරක්කන් පිටි සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 150 ක් ද , අබ ඇට සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 62ක් ද වශයෙන් බදු පනවා තිබේ.

මෙම බදු පැනවීම් අගෝස්තු 12 වනදින සිට වසරක කාලයක් සඳහා වලංගු වන බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන්”

News first | Archived Link Facebook Archived

එමෙන්ම කරවල, හාල්මැස්සෝ, බටර්, අබ, කුරක්කන්, උළුහාල් හා ලුණු මත ආදී ආහාර ද්‍රව්‍ය සඳහා බදු පැනවූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කළේ මෙලෙසින්, මෙලෙසින් මෙලෙසින් සහ මෙලෙසින්

Archived Link | Archived Link | Archived Link | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම පුවත් සඳහා මුල් වී තිබූ ගැසට් නිවේදනය පරීක්ෂා වෙත අපගේ අවධානය යොමු කළා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අගෝස්තු 11 වන දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයකින් දක්වා තිබුණේ,

“2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වන මම, මෙහි උපලේඛනයේ 1 වන තීරයේ නිශ්චිතව දක්වා ඇතිවෙළෙඳ භාණ්ඩ සම්බන්ධයෙන් ඒ උපලේඛනයේ II වන තීරයේ අනුරූප සටහන්වල නිශ්චිතව දක්වා ඇති අනුප්‍රමාණය මත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්, මෙම නියමය මගින් පනවමි..” යනුවෙනි.

English | Archived

ගැසට් නිවේදනයට අනුව හාල්මැස්සන් කිලෝ ග්‍රෑමයක් රු. 100 ක් ද , කරවල කිලෝ ග්‍රෑමයක් රු. 100 ක් ද , වෙඬරු සහ කිරිවලින් නිපදවූ තැවරුම් සඳහා කිලෝ ග්‍රෑම්යක් රු. 880 ක් ද උළුහාල් ඇට කිලෝ ග්‍රෑමයක් රු. 50 ක් ද කුරක්කන් පිටි කිලෝ ග්‍රෑමයක් රු. 150 ක් ද , අබ ඇට කිලෝ ග්‍රෑමයක් රු. 62ක් ද යනාදී වශයෙන් බදු මුදල සඳහන් කර තිබුණේ, මෙම බදු පැනවීම් අගෝස්තු 12 වන දින සිට වසරක කාලයක් සඳහා වලංගු වන බවද දක්වමින්.

මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනයක කරුණු මත ඉහත භාණ්ඩ සඳහා පනවා තිබූ බදු අගයන් නොවෙනස්ව පවතින බවක් ඉහත ගැසට් නිවේදනයේ වෙනමම සඳහන් නොකළද අවසන් වතාවට අදාළ වෙළඳ භාණ්ඩ සඳහා බදු පැනවීම් පිලිබඳ ගැසට් නිවේදන පරීක්ෂා කිරීමේදී එම තත්ත්වය නොවෙනස්ව පැවති බව අපට තහවුරු වුණා.

අගෝස්තු 14 වන දා මුදල් අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ද පැහැදිලි කර තිබුනේ නව බදු පැනවීමක් සිදුවී නැති බවත් මීට පෙර පැවති බදු සංශෝධන සඳහා කල් දිගු කිරීමක් පමණක් සිදුව ඇති බවයි.

එම සම්පුර්ණ නිවේදනය පහතින්.

එම නිවේදනය පරීක්ෂා කිරීමේදී නිවේදනය නිකුත් කළ දිනය 2021 ජූලි 14 වන දින පළ කිරීමක් යනුවෙන් සඳහන් කර තිබුණද එහි ආවරණ ලිපියේ 2021 අගෝස්තු 14 වන දින පළ කිරීමක් ලෙස දක්වා තිබුණි. ඒ අනුව ජූලි මස පළ කළ බවට වැරදීමකින් සිදුව ඇති බවට නිගමනය විය.

එම නිවේදනයේ දැක්වෙන මීට පෙර පැවති බදු සංශෝධන අවස්ථා පිළිබඳ කරුණු අප වෙන වෙනම පරීක්ෂා කර සිටියා.

එහි දක්වා තිබුණේ පසුගිය පෙබරවාරි මස 11 වන දින නිකුත් කළ ගැසට් නිවේදනයේ වලංගු කාලය මාස 6ක් බැවින් අගෝස්තු මස 11 වන දිනය වන විට එය අවසන් වන බැවින් කිසිදු බදු සංශෝධනයකින් තොරව එම බදු අගයන්ම අගොස්තු 12 වන දා සිට තවත් වසරකට බලපැවැත්වෙන පරිදි නව ගැසට් නිවේදනය හරහා කාලය දීර්ඝ කිරීම පමණක් සිදු කළ ඇති බවයි.

පැහැදිලි කිරීම : මීට පෙර මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබුනේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා බැවින් ඔහුගේ නියමය පරිදි හාල්මැස්සන්, කරවල සඳහා කිලෝග්‍රෑමයකට රු.100 බැගින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් අයකර තිබෙන බවට 2021 පෙබරවාරි මස 11 වැනි දා ගැසට් නිවේදනයකින් දැක්වුණේ මෙලෙසින්. Archived Link

එමෙන්ම 2020 සැප්තැම්බර් මස 30 වන බදාදා 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ සඳහන් බදු අගයන්ද නොවෙනස්ව පවතින අතර එම නිවේදනයේ වලංගු කාලය ද (2021 සැප්තැම්බර් 30 ඉකුත්වීමට නියමිතව තිබු) අවසන් වීමට ආසන්න හෙයින් මෙම තොරතුරුද ඇතුළත්ව මේ මස 13 වන දිනයේ ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට මුදල් අමාත්‍යංශ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

පැහැදිලි කිරීම : 2020 සැප්තැම්බර් මස 30 වන බදාදා 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතින් වෙඬරු, කිරි වලින් නිපදවූ තැවරුම්, අනෙකුත්, උළුහාල් ඇට, කුරක්කන් පිටි, අබ ඇට, ජලීය ආකාරයේ හෝ එසේ නොවන ආකාරයෙන් වූ හෝ එකතු කරන ලද කැටි නොගැසීමේ කාරකයෝ නිදහසේ පාවීම සඳහා වන ද්‍රව්‍යයන් අඩංගු වන්නාවූ ශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් හෝ ලුණු (මේස ලුණු සහ ස්වභාවික තත්ත්වය වෙනස් කළ ලුණු ඇතුළුව) මුහුදු ජලය යනාදිය සඳහා වසරක කාලයක් සඳහා පැනවූ බදු අගයන් ද නොවෙනස්ව අගෝස්තු 11 දිනයේ පළ කළ ගැසට් නිවේදනයේ දැක්වේ. Archived Link

පැහැදිලි කිරීම : 2020 දෙසැම්බර් මස 16 වන දින නිකුත් කර තිබු අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සඳහන් කර තිබු කරුණු ද සැප්තැම්බර් මස 30 වන දා අවසන් වීමට නියමිතව තිබු බැවින් එය ද නොවනස් ව අගෝස්තු 11 වන දින ගැසට් පත්‍රය මඟින් දීර්ඝ කර ඇති බව මුදල් අමාත්‍යංශයේ නිවේදනයේ දැක්වෙනවා.

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ පනවන ලබන නියෝගය බලපැවැත්වන නිශ්චිත කාල පරිච්ඡේදය අදාළ නියෝගය පළ කළ ගැසට් නිවේදනය මගින්ම දැක්වි යුතුව ඇති බැවින් මෙම නියෝග වල නිශ්චිත කාලය අවසන් වූ විට නව නියෝගයක් ගැසට් පත්‍රයක පළ කිරීම නීතිමය අවශ්‍යතාවයක් බැවින් අගෝස්තු මස 11 වන දින කිසිදු නව බදු සංශෝධනයකින් තොරව නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබු බව මේ අනුව පැහැදිලි වෙනවා.

මේ සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය අමාත්‍යවරයාද සිය නිල ෆේස්බුක් පිටුවේ පැහැදිලි කිරීමක් මෙසේ දක්වා තිබුණා. වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම සටහන සිය නිල ෆේස්බුක් පිටුවේ හුවමාරු කර ගෙන තිබූ අයුරු පහතින්.

https://www.facebook.com/bandulagunawardena.official/posts/2987716728182849?__cft__[0]=AZWAUwXZ34LBZLSGyl5vonOYXkoSGMlIkfwvSXdqoacgG5uSYxa2V1og1ycanhR7rB5x91bY4XTbkVg6O5aT_7n_6KHbWiEdLVrD1pyIz0W0BFIxLfzNICOTPwTM9MzNC4nFx9gMz7xSgCOhXzyvrg-eBwC64-fA9McY6z8o-mfLTQ&__tn__=%2CO%2CP-R

Archived Link

ඉන් අනතුරු ප්‍රධාන මාධ්‍යද මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මුදල් අමාත්‍යශයේ පැහැදිලි කිරීම පළ කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

මේ ආකාරයෙන් ගැසට් පත්‍රයක් කල් ඉකුත්වීමේ දී එහි අදාළ කරුණු දිගටම බලපැවැත්වීමට එම ගැසට් නිවේදන කලින් කලට දීර්ඝ කෙරෙන අතර මීට පෙර ද මෙවැනි කරුණක් ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් 2020 වසරේ සිදුකරන ලද කරුණු අනාවරණයක් පහතින්.

Explainer: ඇගළුම් ආනයනය සීමා කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් මුලින්ම නිකුත් කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු පරීක්ෂාවට අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂිත භාණ්ඩ මත නව බදු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් නව බදු පැනවූ බවට පළ වූ පුවත් අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි.

2020 වර්ෂයේ සැප්තැම්බර් 30, දෙසැම්බර් 16 සහ 2021 වසරේ පෙබරවාරි 11 දිනයන්හි දී, එනම් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලයේ දී නිකුත් කළ බදු සංශෝධනයන්ගෙන් පසු, අදාළ ගැසට් නිවේදන බලපැවැත්වෙන කල් ඉකුත් වීමට ආසන්නව තිබීම හේතුවෙන්, එම ගැසට් නිවේදන 3 හි ම අඩංගුව තිබූ කරුණු කිහිපයක් එකතු කොට, එම කරුණු නොවෙනස්ව බලපැවැත්වෙන පරිදි නව අති විශේෂ ගැසට් නිවේදනයක් අගෝස්තු මස 11 වනදා ඉදිරි වසරක කාලයක් සඳහා නිකුත් කර තිබුණි.

උණුසුම් පුවතක් ලෙස ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ නව බදු පැනවීමක් හැඟවෙන ආකාරයෙන් පුවත් පළකර තිබීම හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකළ බදු පැනවීම් ලෙස සටහන් හුවමාරු වීමට හේතු වූ බව අනුමාන කළ හැක. මෙසේ කාලය දීර්ඝ කිරීම සඳහා නව ගැසට් නිවේදන නිකුත් කිරීම සාමාන්‍ය සිදුවීමකි.

Also Read: FACT CHECK: මහජන ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට හදිසියේ බලය ලබා දිමක් සිදු වුවා ද?

Avatar

Title:නව මුදල් ඇමති විසින් ආහාර කිහිපයක් සඳහා නව බදු පැනවුවා ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading