ගුරු උද්ඝෝෂණ අළලා පසුගිය කාලය පුරාවටම විවිධාකාරයේ කෝණවලින් පළවූ ව්‍යාජ මෙන්ම නොමඟ යවන සුළු සටහන් පිළිබඳ විමර්ශන රැසක් සිදුකළා. එසේම දිවයින පුරා ගුරුවරුන් රැසක් කොවිඩ්19 ආසදිතව ජීවිතක්ෂයට පත්ව ඇති බව දැක්වීමට ද පසුගිය දින කිහිපයේ සටහන් රැසක්ම හුවමාරු වී තිබූ අයුරු ද අපට දැකa ගන්නට ලැබුණා. එවැනි සටහන් 10ක් පිළිබඳව විස්තර පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

  1. "සත පහක්වත් පඩිය එපා.. මට මගේ අම්මව ගෙනත් දෙන්න.." ගුරුවරියකගේ දියණිය හඬා වැලපෙයි යනුයෙන් ගෝඨා වෙනුවෙන් අපි යන ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණා.

“උද්ඝෝෂනයට ගොස් කොරෝනා සෑදී මියගිය ගුරුවරියකගේ දියණිය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අමතමින් හඬා වැලපෙයි” යනුවෙන් එහි තවදුරටත් සඳහන් කර තිබුණා.

Facebook | Archived Facebook Facebook

  1. Kottawa Yakkalamulla නමැති ෆේස්බුක් ගිණුමේ කවදවත් නැති විදියට ගුරුවරු මැරෙන්නෙ.. පඩියටනේ දෙයියනේ යනුවෙන් සඳහන් කරමින් කොරෝනා හේතුවෙන් කරඳදෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියක් ජීවිතක්ෂයට පත් වී ඇති බව මෙයින් හඟවා තිබුණා.

Facebook | Archived Link Facebook | Archived

එම සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබු අතර මෙය ව්‍යාජ සටහනක් බව හඳුනාගනිමින් ප්‍රතිචාර සටහන් ද රැසක් නිර්මාණය වී තිබුණි.

  1. Dulip Dee නමැත්තෙකු විසින් ද Magallagoda S Magallagoda නැමැත්තෙකු විසින් ද හුවමාරු කර ගෙන තිබු තවත් සටහනකින් දක්වා තිබුනේ ශානක ප්‍රදීප් නමැති ගුරුවරයෙක්ගේ කොවිඩ් මරුවා බිලිගත් බවයි.

Facebook | Archived Link Facebook | Archived

  1. Magallagoda S Magallagoda , Wageesha Muhandiram
    ඇතුළු බොහෝ දෙනෙක් විසින් හුවමාරු කරගෙන තිබු සටහන්වල දක්වා තිබුණේ මොරගස්මුල්ල විදුහලේ ගුරුවරියක වන කල්පනී මායාදුන්න මහත්මිය ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම හේතුවෙන් කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත් වී තිබූ බවයි.

Facebook | Archived Facebook | Archived Link Facebook | Archived

  1. AB M Bandara අයෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමට යොමු කර තිබූ මෙම ඡායාරූපයේ දැක්වුණේ, විජේරිය සුමන මහා විද්‍යාලයේ අකුරු කරවමින් සිටියදී
    කොවිඩ් මාරයා අපෙන් උදුරාගත් කෞශල්‍යා පතිරණ ගුරුතුමියනි, ඔබට නිවස් සුව යනුවෙනි.

Facebook | Archived Link

  1. JVP ගුරුවරුන්ගෙ වර්ජනයට එරෙහි දෙමාපියන් නම් ෆේස්බුක් සමූහයක Suyama Luck Shan නමැති මේ වන විට ඉවත් කර තිබෙන ෆේස්බුක් ගිණුමක් පළකර තිබූ සටහනක් ගීතිකා නමැති ගුරුවරියක බවට හැඟවෙන අයුරින් ඡායාරූපයක් පළ කරමින් ඇයට නිවන් සුව පතා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

  1. Renuka Dushyantha Perera නම් අයෙක්
    දුම්හිදලුගම විදුහලේ ගුරුවරියක වන රූපා සෙනවිරත්න මහත්මිය කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වෙයි යනුවෙන් සඳහන් ඡායාරූප සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණා.

Facebook | Archived Link

  1. “තවත් ගුරු බිල්ලක් යනුවෙන් සඳහන් කරමින් මහින්ද වෙනුවෙන් ඇල්පිටියේ අපි නමැති ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ නිමේෂා ජයකොඩි ගුරුතුමිය ගුරු උද්ඝෝෂණය නිසා කොවිඩ් ආසාධිතව ජීවිතක්ෂයට ඇති බවයි.

Facebook | Archived Link

  1. Mahinda Aruna Atauda නමැත්තෙකු සිය ෆේස්බුක් ගිණුමේ Me3 mokada mechchara tharuna guruwariyan4 miyayanne” යන තේමාවෙන් ශාලිමා නම් සැවොම ආදරය කළ ගුරුතුමියක් කොවිඩ් ආසදිතව ජීවිතක්ෂයට පත්ව තිබු බව පෙන්වා තිබුණා. මේ තරම් තරුණ වියැති ගුරුවරියන් මිය යන්නේ ඇයි දැයි එමඟින් විමසා තිබුණා

Facebook | Archived Link

  1. අහිමි සඳ නම් ෆේස්බුක් සමූහයකට, දොඹගමුව ප්‍රාථමික පාසලේ සේවය කල උමා ජයරත්න ගුරුතුමිය කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ජීවිතයෙන් සමුගෙන තිබෙනවා යනුවෙන් ද ඡායාරූප සටහනක් එක් කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

11. Man - මෑන් ෆේස්බුක් පිටුවක “ලුණුගල මහ විද්‍යාලයේ ගණිතය ගුරුවරයා ලෙස සේවය කළ ශාන්ත ප්‍රේමලාල් ගුරු පියා‍ණෙනි ඔබට නිවන් සුව”යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් එක් කර තිබුණා.

Facebook | Archived Link

12. මහින්ද වෙනුවෙන් ඇල්පිටියේ අපි නමැති ෆේස්බුක් ගිණුමේ ස්ටාලින් ගේ තවත් බිල්ලක් ඇල්පිටියේ සර් කෙනෙක් යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක දක්වා තිබුණේ, ඇල්පිටියෙන් තවත් උද්ඝෝෂණ ගුරු බිල්ලක් ඇල්පිටිය රෝලන්ඩ් විද්‍යාලයේ සේවය කල තුෂාර ජෝසප් සඳරුවන් ගුරුතුමා ගුරු උද්ඝෝෂණ වලට සහභාගී වී කොරෝනා වැළඳීම නිසා අප අතරින් සමුගෙන ඇත. පාසල් කාර්‍ය මණ්ඩල සහ ශිෂ්‍යයින්ගේ ශෝකය ! යනුවෙන්.

Facebook | Archived Link

12. Neel Chandila නම් අයෙකු විසින් “ඔබට නිවන් සුව සොයුරිය නම් තේමාව යටතේ පළකර තිබු පහත ඡායරූප සටහනේ දක්වා තිබුනේ “ගුරු උද්ඝෝෂණ කිහිපයකදීම අප සමඟ එක බත්පත බෙදා ගත් ඔබ CORONA මාරයාට බිලි වීම කෙසේ දරාගන්නද සොයුරිය” යනාදී වශයෙන් ක්‍රීඩා ගුරුවරියක් බවට පැවසෙන තැනැත්තියක් කොවිඩ් ආසදිතව මරණයට පත්වූ බවක්.

Facebook | Archived Link

ගුරු වර්ජනය සම්බන්ධ ඉහත ෆේස්බුක් සටහන්වලට අමතරව ද සටහන් කිහිපයක්ම සම්බන්ධයෙන් කරුණු පරික්ෂාවන් සිදු කරන ලෙස අප වෙත ඉල්ලීම් රාශියක් ලැබුණු අතර එවැනි සටහන් අතුරින් අපට කරුණු තහවුරු කරගත හැකි වූ සටහන් කිහිපයක් සම්බන්ධයෙන් Factcrescendo අප කරුණු පරීක්ෂාව සිදු කළේ මෙලෙසිනි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම සටහන් සඳහා අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පැවති ඡායාරුප ද රැසක් ම යොදාගෙන තිබු බැවින් බොහොමයක් ඡායාරුප පරීක්ෂා කිරීම සඳහා අප Google ඇතුළු වෙනත් Reverse Image සෙවුම් භාවිතා කළා. එක් එක් සටහන් පිලිබඳ වෙනම ම අප සිදුකළ කෙටි විමර්ෂණ පහතින්.

  1. අප ප්‍රථමයෙන්ම ඉහත සඳහන් පළමු සටහනින් දක්වා තිබූ සත පහක්වත් පඩිය එපා.. මට මගේ අම්මව ගෙනත් දෙන්න” යනුවෙන් දක්වා තිබූ සටහනේ ඡායාරූප, වෙන වෙනම Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

පැරීසියේ කලාකරුවෙකු වන Dora Moutot නම් කාන්තාවක් විසින්, Webcam Tears නමින් ව්‍යාපෘතියක් සඳහා Tumblr පිටුවක් ආරම්භ කරමින් වෙබ් කැමරාව ඉදිරිපිට හඬන පුද්ගලයන්ගේ දර්ශන ඇතුළත් කර තිබුණා. කාමුක දර්ශනවලට ද වඩා මෙසේ හැඟීම් පිලිබඳ දර්ශන නැරඹීමට මිනිසුන් පෙළඹෙන බව විශ්වාස කරමින් Dora විසින් මෙම ව්‍යාපෘතිය සඳහා පුද්ගලයින් රැසකගේ දර්ශන යොදාගෙන තිබුණා. 2015 වසරේ දෙසැම්බර් පළවූ පුවත් වාර්තාවල, එසේ හඬා වැටෙමින් සිටි එක් ආසියානු/ඉන්දීය සම්භවයක් ඇති බව පෙනෙන කාන්තාවකගේ ඡායාරූපයක් මෙරට ගුරු උද්ඝෝෂණයට සහභාගී වූ ගුරුතුමියගේ දියණියක් බවට දක්වමින් ව්‍යාජ ෆේස්බුක් සටහන් සංසරණය කර තිබුණා.

අසත්‍ය සටහන් නිර්මාණය කිරීම සඳහා භාවිත කර තිබූ ඡායාරුප එම පුවත් වාර්තාවල පලවී තිබු අයුරු පහතින්.

Metro.co.uk | Archived Daily mail | Archived Link

එම තරුණිය හඬාවැටෙන අවස්ථාව දැක්වෙන වීඩියෝව Webcamtears වෙබ් අඩවියේ 2012 ජනවාරි මාසයේ දී පළකර තිබුනේ මෙලෙසින්

  1. කරඳදෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියක් කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බවට හඟවා තිබූ දෙවන ඡායාරූපයේ දැක්වුණේ, Shravya නමැති දකුණු ඉන්දියාවේ සුප්‍රකට තෙලිඟු හා දමිළ නිළියකගේ ඡායාරූපයකි.
    2016 ජනවාරි මස Shravya විසින් මෙම ඡායාරුපය ඇයගේ නිල ෆේස්බුක් පිටුවේ පළකර තිබුනේ මෙලෙසින්.

Facebook | Archived Link

එම ඡායාරූපය Kerala Beauties නම් ෆේස්බුක් පිටුවක 2016 වසරේ දී දක්වා තිබු බව මෙම ව්‍යාජ සටහන් පිලිබඳ සැලකිලිමත් වූ මෙරට බොහෝ දෙනෙක් ද හඳුනාගෙන තිබුණි. එමෙන්ම කරඳදෙණිය කනිෂ්ඨ විද්‍යාලය යනුවෙන් පාසලක් පිලිබඳ විස්තරයක් අපට හමුවුයේ ද නැහැ.

  1. ශානක ප්‍රදීප් නමැති ගුරුවරයෙක් කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ බවට දක්වා ඇති සටහනේ ඡායාරූපයද, Reverse Image
    සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එම ඡායාරූපයේ දැක්වෙන්නේ ඉන්දියාවේ කේරළයේ වෙසෙන Akhilesh Kumar නමැති තාක්ෂණික ඉංජිනේරුවෙකි.

මෙම ඡායාරූපය රැගත් ඔහු සම්බන්ධ සටහන් 2016 වර්ෂයේදී ඉන්දියාවේ ප්‍රධාන පුවත් වෙබ් අඩවි වල පළ වීමට හේතු වූයේ ඔහු විසින් 2013 වර්ෂයේ දී ආහාර ගැනීමට අවන්හලකට පැමිණි අවස්ථාවේ ජනේලයෙන් පිටත සිට කුසගින්නේ ආහාර දෙස බලා සිටින වීදී දරුවන් දෙදෙනෙකුට තම ආහාරය පිරි නැමීම හේතුවෙනි. එමෙන්ම එම අවන්හලෙන්ද ඔහුගේ මෙම ක්‍රියාව අගය කොට බිල ගෙවීමට යෑවේදී මුදල් නොගෙන තිබේ. ඒ බවට පළ වූ ඉන්දීය මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

timesofindia | Archived Link

ඒ අනුව මෙම තැනැත්තා ගුරුවරයෙක් නොවන බවට පැහැදිලි වන අතර මෙරට වැසියෙකුද නොවේ.

  1. මොරගස්මුල්ල විදුහලේ ගුරුවරියක වන කල්පනී මායාදුන්න මහත්මිය ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම හේතුවෙන් කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත් වූ පුවතින් සඳහන් මොරගස්මුල්ල විදුහල යන නමින් ම පාසලක් දැකගන්නට ලැබුනේ නැති අතර මෙම ඡායාරූපයේ පසුබිමින් දැක්වෙන්නේ ගාල්ල සංඝමිත්තා විදුහලයි.

ඒ අනුව අප කළ නිරීක්ෂණයේදී අනාවරණය වූයේ, සන්ධ්‍යා විතාරණ නමැති ගාල්ල සංඝමිත්තා විදුහලේ ගුරුවරියක් 2021 මැයි මස දී කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඇය වෙනුවෙන් නිර්මාණය කරන ලද ඡායාරූප සටහනක් මෙලෙස සංස්කරණය කර ඇති බවයි. ගාල්ල සංඝමිත්තා පාසලේ නිල ෆේස්බුක් පිටුවේද ඇයගේ අභාවය සම්බන්ධයෙන් මැයි 15 වන දා පළ කළ සටහනක් මෙතනින් | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනට මුල්වී තිබු එම පසුබිම සහිත සටහනක් මෙතනින් | Archived

සංස්කරණය කරන ලද ඡායාරූප සටහන හා මැයි මස 16 හුවමාරු වී තිබු ඡායාරූප සටහනේ සංසන්දනයක් පහතින්.

එමෙන්ම ඉහත සංස්කරණය කළ අසත්‍ය ඡායාරූපයේ දක්වා ඇති තරුණිය Girls Mobiles Numbers ඇතුළු බ්ලොගර් වෙබ් අඩවි කිහිපයකම දැක ගන්නට ද ලැබුණා. Akira නම් තරුණියකගේ ඡායාරූපයක් බවට එවැනි එක් බ්ලොග් පිටුවක පළ වී තිබුණේ මෙලෙසින්.

Archived Link

  1. විජේරිය සුමන මහා විද්‍යාලය නමින් පාසලක් ඇති අතර එම පාසලේ විදුහල්පතිවරයාව සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද, මෙතෙක් ඊට අවකාශය නොලැබුණි. නමුත් මෙම ඡායාරූපයේ කෞශල්‍යා පතිරණ නම් ගුරුතුමිය බවට දක්වා ඇත්තේ ලංකාවේ වෙබ් අඩවියක ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් පිළිබඳ දැන්වීමකට යොදා ගත් ඡායාරූපයක් බව බොහෝ දෙනා පෙන්වා දී තිබුණා. sri-lankatourism | Archived Link

මෙම කාන්තාවගේ ඡායාරූප රැසක් ම අන්තජාලයේ විවිධ බ්ලොගර් ඇතුළු වෙබ් අඩවිවල මෙලෙසින් පළවී තිබෙනු ද දැක ගන්නට ලැබුණි.

එසේම මෙම කාන්තාව කාමුක රංගන සඳහා ද දායක වන හසීනි නම් ඉන්දීය නිරුපිකාවක් බව බ්ලොගර් වෙබ් අඩවියක මෙසේ ද පළකර තිබුනේ එම ඇඳුමින් ම ඇයගේ ලබාගත් ඡායාරූප පෙළක් ම සමඟින්.

මෙම හසිනි නම් දකුණු ඉන්දීය නිළිය පිළිබඳ තවත් වාර්තාවක් පහතින්.

Indiangirlsclub.com | Archived

ඉහත විජේරිය සුමන මහා විද්‍යාලයේ නම සඳහන් කරමින් කෞශල්‍යා පතිරණ නමින් වෙනත් ඡායාරූපද උපහාසාත්මක කෝණයකින් එක් කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. මෙහි පළමු ඡායාරූපයේ සිටින්නේ මීට කලකට ඉහත දී සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ ලෙස කතාබහට ලක්වූ සිසුවියක් වූ වන අතර දෙවන ඡායාරූපයේ සිටින්නේ බොලිවුඩ් නිළියක්, මෝස්තර නිරූපිකාවක් වන Sunny Leone

  1. JVP ගුරුවරුන්ගෙ වර්ජනයට එරෙහි දෙමාපියන් නම් ෆේස්බුක් සමූහයක ගුරුවරියක් බවට හඟවමින් දක්වා තිබුණේ, කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සේවය කරමින් සිටිය දී කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය වාට්ටු ලිපිකාරිණියගේ ඡායාරූපයකි. පසුගිය 21 වන සෙනසුරාදා දිවයින පුවත් පතේ ඒ පිළිබඳ පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Divaina | Archived Link

මෙම ලිපිකාරිණියගේ අභාවය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා මහත්මියද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

මෙම සාක්ෂි අනුව පැහැදිලි වන්නේ ගුරුතුමියක බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ කොරෝනා ආසාදිතව මිය ගිය ජාතික රෝහලේ සේවය කළ ලිපිකාරිණියක බවයි.

  1. දුම්හිදලුගම විදුහලේ ගුරුවරියක වන රූපා සෙනවිරත්න මහත්මිය යනුවෙන් දක්වා තිබුණේ, බංග්ලාදේශයේ සමාජ සංවර්ධන විශේෂඥවරියක් වන Sayeeda Roxana Khan විසින් බංග්ලාදේශයේ ගාමන්ට්හි රැකියාවේ යෙදෙන කාන්තාවන් සම්බන්ධයෙන් කළ සම්මුඛ සාකච්ඡාවක් අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයකි. එම වීඩියෝව
    Primark නම් යූටියුබ් නාලිකාවක දක්වා තිබුණේ මෙලෙසින්. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය ලබාගෙන ඇති රූප රාමුව පහතින්.(03.40)

එමෙන්ම දුමහිදලුගම යන නමින් පාසලක්ද මෙරට නොමැති බවට අපට නිරීක්ෂණ වුණි.

කෙසේවෙතත් රූපා සෙනවිරත්න නමින් ගුරුවරියන් බවට කිහිපදෙනෙකුගේ ඡායාරූප ෆේස්බුක් ඔස්සේ සංසරණය කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

  1. ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ නිමේෂා ජයකොඩි ගුරුතුමිය ගුරු උද්ඝෝෂණය නිසා කොවිඩ් ආසාධිතව ජීවිතක්ෂයට පත්වූවාද යන්න විමසීමට අප
    එම විද්‍යාලයේ විදුහල්පතිවරයාව සම්බන්ධ කරගත් අතර ඔහු සඳහන් කළේ, එවන් ගුරුවරියක් තම පාසලේ නොමැති බවයි.
  1. ශාලිමා නමැති ගුරුවරියක් සම්බන්ධයෙන් දක්වා තිබූ ඡායාරූපය සඳහා ගිරාඹෙි ශී ඛේමානන්ද මහ විද්‍යාලයේ ලාංඡනය භාවිතා කරඇති බවට නිරීක්ෂණ වූ අතර එම පාසලේ ගුරුවරියක්බවට හැඟවීමට උත්සහ දරා ඇති බව අපට පෙනීගියා. ඒ අනුව අප කළ නිරීක්ෂණයේදී එම පාසලේ ෆේස්බුක් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් දක්වා ඇති බවට නිරීක්ෂණය වුණා. එහි සඳහන් කර තිබුණේ, එම පාසලේ නිල ලාංඡනය යොදා ගනිමින් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරන මෙම ඡායාරූපය හා ඒ පිළිබඳ විස්තරය සම්පූර්ණයෙන්ම අසත්‍යය තොරතුරක් බවත්, මෙම ක්‍රියාව පාසලේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම පාසල් ප්‍රජාව ද දැඩි පිළිකුල් සහගතව හෙළා දකින බවත්ය.

එම සටහන පහතින්.

Facebook | Archived Link

එමෙන්ම මෙම ඡායාරූපයේ දක්වා ඇත්තේද, ඉන්දීය කාමුක දර්ශන ඇතුළත් ඡායාරුප පළකරන කරන වෙබ් අඩවියක් භාවිතා කළ කාන්තාවකගේ ඡායාරූපයකි.

cloudisexy.com| Archived Link

එමෙන්ම මෙම ඡායාරූපයේ සිටින කාන්තාවගේ ඡායාරූපය pinterest.com හිද ඇති බව නිරීක්ෂණයේ වූයේ මෙලෙසින්.

  1. දොඹගමුව ප්‍රාථමික පාසලේ සේවය කල උමා ජයරත්න ගුරුතුමිය යනුවෙන් සඳහන් කරමින් එක් කළ ඡායාරූපයේ පසුබිම් කතාව වන්නේ ළමයින් උදෙසා නිමැවුණු,
    ජගත් සම්මානය දිනූ Ho Gaana Pokuna - හෝ ගානා පොකුණ - The Singing Pond නම් චිත්‍රපටය සඳහා පාදක කරගත් දොඹගමුව ප්‍රාථමික පාසල යන මනංකල්පිත නමක් යොදාගත් පාසලක එහි උමා යන ගුරුතුමියගේ චරිතයට පන පෙවූ අනසූයා සුබසිංහගේ ඡායාරූපයකි.

Facebook

11. ශාන්ත ප්‍රේමලාල් යනුවෙන් ගණිත ගුරුවරයෙකු ලුණුගල මධ්‍ය මහ විද්‍යාලයේ ගුරුවෘත්තියේ නියැලෙන බවත් එම ගුරුතුමා ජීවිතක්ෂයට පත් වී ඇති සටහන සම්බන්ධයෙන් තොරතුරු විමසීමට අප ඌව පළාත් සභාවේ මාධ්‍ය කාර්යාංශයේ සහකාර ප්‍රවෘත්ති නිලධාරී ප්‍රසන්න පත්මසිරි මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා විසින් තොරතුරු විමසා බලා තහවුරු කළේ, එනමින් ගුරුවරයෙකු එම පාසලේ නොසිටින බවයි.

එමෙන්ම එහි ඡායාරූපයේ දැක්වුණේ, 2018 වර්ෂයේ තිරගත වූ ඉන්දියානු දෙමළ භාෂා මනෝවිද්‍යාත්මක අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Ratsasan චිත්‍රපටයේ එන Inbaraj නම් ගණිත ගුරුවරයෙකුගේ චරිතයකට පන පොවන Vinod Sagar නම් රංගන ශිල්පියාගේ ඡායාරූපයයි.

Vinod Sagar මෙම චරිතය සම්බන්ධයෙන් ඔහු තැබූ ෆේස්බුක් සටහනක් මෙතනින්.

එමෙන්ම මේ සම්බන්ධයෙන් පළ වූ Twitter සටහනක් පහතින්.

Archived Link

12. ගුරු උද්ඝෝෂණයට සහභාගී වී කොරෝනා ආසාදනවය වී ජීවිතක්ෂයට පත්වූ ඇල්පිටිය රෝලන්ඩ් විද්‍යාලයේ සේවය කල තුෂාර ජෝසප් සඳරුවන් ගුරුවරයෙක් සම්බන්ධයෙන් පළ වූ සටහන්ද අසත්‍ය වන ඒ සඳහා යොදාගෙන තිබූ පුද්ගලයාගේ ඡායාරුපය අපට සොයගැනීමට හැකිවුයේ නැති වුව ද ඇල්පිටිය නගරයේ රෝලන්ඩ් නමැති විද්‍යාලයක් තිබේ දැයි සිදුකළ පරීක්ෂාවේ දී මේ ආකාරය පාසලක් තිබුනේ නැති බව තහවුරු විය.

Elpitiya DS School List | Archived

මේ සම්බන්ධයෙන් අප ඇල්පිටිය නාලන්ද මාහා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙක් ද දුරකථනයෙන් සම්බන්ධ කරගත් අතර සමාජ මාධ්‍ය සටහනේ දක්වා තිබූ ආකාරයේ පාසලක් නැති බව තහවුරු කළ අතර එහි සඳහන් නමින් කොවිඩ් ආසදිතව මියගිය ගුරුවරයෙක් ගැන ද අසන්නට නොලැබුණු බවත් අප සමඟ පවසා සිටියා.

13. ඡායරුපයේ දැක්වුණු තැනැත්තිය පසුගිය කාලයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ලෙස කතාබහට ලක්වූ අතර ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද ඇයගේ ප්‍රකාශයක් පලවී තිබු අයුරු මෙසේ දැක ගන්නට ලැබුණි.

මේ ඔස්සේ එම සටහන නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තිබුනේ සුහාරා පෙරේරා නම් බ්ලොගර්වරියක ලෙස කටයුතු කරන කාන්තාවක් “වාග්” නම් බ්ලොග් අඩවියේ පළකර මෙම වීඩියෝවේ දර්ශන ඇසුරින් බව අපට තහවුරු විය.

අප ඇයගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේ දී මෙසේ නිර්මාණය වී තිබු ව්‍යාජ මරණ සහතික සඳහා උපහාසාත්මක කෝණයකින් සටහන් කිහිපයක් පළකර තිබෙනු ද දැක ගන්නට ලැබුනේ මෙලෙසින්.

FB | FB | Archived අප ඇයගෙන් ද මේ පිලිබඳ සිදුකළ විමසීමේ දී කියා සිටියේ තමා ගුරුවරියක නොවන අතර මේ දක්වා කොවිඩ් ආසදිතයෙක් හෝ ද නොවන බවයි.

අවසාන වශයෙන් අපට දැක ගන්නට ලැබුණේ ඉහත දක්වා තිබූ පරිදි විශාල වශයෙන් ගුරුවරුන් කොවිඩ් ආසදිතව මිය ගිය බවට හුවමාරු වන ව්‍යාජ සටහන් හමුවේ මෙවැනි උපහාසාත්මක කෝණයෙන් කාමුක චිත්‍රපට නළු නිළියන්ගේ ඡායාරූප යොදාගනිමින් ඔවුන් කොවිඩ් ආසදිතව මරණයට පත්වූ ගුරුවරුන් බව පෙන්වීමට ද සටහන් රැසක් නිර්මාණය වී තිබු අයුරුයි.

Facebook | Archived Link Facebook |Archived Link Facebook| Archived Link

මියා කලීෆා, ජෝඩි එල් නීනෝ යනාදී කාමුක චිත්‍රපට නළු නිලියන් ගේ ඡායාරුප මෙම සටහන් සඳහා යොදාගෙන තිබුණි.

එසේම මුලික Reverse Image සෙවුම් වැනි කරුණු විමර්ෂණ මෙවලම් භාවිතය පිළිබඳ, දැන් ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහොමයක් දෙනා අවබෝධයක් ලබා ඇති නිසා මෙම සටහන් බොහොමයක් පහසුවෙන් ව්‍යාජ සටහන් බව හඳුනාගෙන තිබු බව ද අපට නිරීක්ෂණය වුණා. මේ සඳහා අප Factcrescendo කරුණු විමර්ශන වලින් කිසියම් හෝ අයුරකින් දායක වූවා නම් ඒ පිළිබඳ අපට ඇත්තේ ද නිහඬ සතුටකි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශයෙන් සඳහන් කළ හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම හේතුවෙන් කොරෝනා ආසාදනය වී මියගිය ගුරුවර ගුරුවරියන් බවට පළ වූ ඉහත සඳහන් සටහන් සියල්ල ව්‍යාජ ලෙස නිර්මාණය කර තිබූ අසත්‍ය හා නොමග යවන සුළු සටහන් පෙළක් බවයි

Also Read:

FACT CHECK: ගුරු උද්ඝෝෂණයට හේතුවෙන් කොරෝනා ආසදිතව ජීවිතක්ෂයට පත් වු ගුරුතුමෙක් ද?

Fact Check: ගුරු උද්ඝෝෂණයට සහභාගි වීමෙන් කොරෝනා ආසධනය වී මියගිය ගුරුවරයෙක්ද?

FACT CHECK: ගුරු උද්ඝෝෂණයට සහභාගි වූ කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වූ ගුරු වෘත්තීය සංගමයේ නායකයෙක්?

Avatar

Title:ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම හේතුවෙන් කොරෝනා ආසාදනය වී මියගිය ගුරුවරුන් පෙළක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: False