බලංගොඩ, පහන්තුඩාව ඇල්ල, පසුගිය සති අන්තයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල ලෙස කතාබහට ලක් වුණු කාරණයක් බවට පත්වුණා. ස්වභාව ධර්මයේ කදිම නිමැවුමක් වන පහන්තුඩාව ඇල්ල දුටුවන් මන බඳින දර්ශන තලයකට උරුමකම් කියනවා. මෙවැනි ස්ථානයක් නැරඹීමට පෙම්වතුන්ට තාවකාලික වාරණයක් පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

Malin Samarasekara නමැති පුද්ගලයෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා උපහාසාත්මක කෝණයකින් පළකර තිබුණේ “වහාම ක්‍රියාත්මක වන පරිදි බලංගොඩ පහන් තුඩාව පිවිසුම නැවත දැනුම් දෙන තුරු පෙම්වතුන් සඳහා තාවකාලිකව අත්හිටුවීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබේ” යනුවෙන් සිරස Newsfirst ප්‍රවෘත්ති විකාශයේ පළ වූ බවට හැඟවෙන පුවතකි.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන සංසරණය වීමත් සමග මෙම පුවතේ නිරවද්‍යතාවය පිළිබඳ ප්‍රශ්න කර තිබෙනු අපට එම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් දැකගන්නට ලැබුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් මෙලෙස ප්‍රවෘත්තියක් සිරස සිරස Newsfirst ප්‍රවෘත්ති විකාශයේ හෝ ප්‍රවෘත්ති අංශය විසින් එවන් පුවතක් පිළිබඳව පළ වී ඇත්දැයි නිරීක්ෂණය කළ අතර එවන් පුවතක් වාර්තා වී නොතිබුණි. අප කළ විමසීමේදී මෙවැනි පුවත් පළ නොවූ බවට Newsfirst ප්‍රවෘත්ති අංශයද තහවුරු කරනු ලැබුවා.

අප මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කළ විමර්ශනයේදී නිරීක්ෂණය වූයේ පසුගිය අගෝස්තු 27 වනදා Newsfirst දහවල් ප්‍රවෘත්ති විකාශයේදී “ප්‍රකාශිත පරිදි උසස් පෙළ ශිෂ්‍යත්ව විභාග අදාළ දිනවල පැවැත්වීමට තීරණයක්” යනුවෙන් පළ වූ පුවතක් මෙලෙස සංස්කරණය කර ඇති බවයි. එම වීඩියෝව මෙතනින් (08.10)

සංස්කරණය කරන ලද පුවත සහ සත්‍ය පුවතේ සංසන්දනය මෙලෙසින්.

C:-Users-Pavee-Downloads-Horizontal Image Comparison.jpg

කෙසේවෙතත් මෙවන් හෝ වෙනත් කිසිඳු පහන්තුඩාව සම්බන්ධ තීරණයක් බලංගොඩ ප්‍රදේශයේ පාලන අධිකාරිය ගෙන ඇත්දැයි විමසීමට රත්නපුර , ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, පෙම්වතුන්ට යැයි විශේෂ අවසරයක් මෙම ස්ථානය නැරඹීමට අවසර ලබාදීම හෝ ලබා නොදීම සිදු කර නොමැති බවයි. ඕනෑම කෙනෙකුට පැමිණිය හැකි බවත් එම ස්ථානය නැරඹීම කිසිවෙකුටත් අත්හිටවා නැති බවත් පැවසු ඒ මහතා තවදුරටත් අවධාරණය කරමින් ඉල්ලා සිටියේ මෙරට පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රටේ සංචරණ සීමා පනවා ඇති බැවින් මෙවැනි ස්ථාන වලට වෙනත් ප්‍රදේශවලින් පැමිණීමෙන් වළකින ලෙසයි.

පසුගිය දින කිහිපයේ පහන්තුඩාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයින් අතර විශාල කතිතාවතක් නිර්මාණය වී තිබුණේ මෙලෙසින්.

මේ අතර “පහන්තුඩාවේ මොකද වෙන්නේ” යන තේමාවේ මේ ආකාරයේ ව්‍යාජ සටහන් පෙළක් උපහාසාත්මක කෝණයකින් නිර්මාණය වී තිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුණි. ඒ සඳහා යොදාගෙන තිබුනේ ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සහභාගී වූ “ඇෆ්ගනිස්ථානයේ මොකද වෙන්නේ?” යන තේමාවෙන් අගෝස්තු 22 වනදා පැවති සංවාදශීලි වැඩසටහනක් සඳහා නිර්මාණය කර තිබු පෝස්ටරයකි.

එම සංසන්දනය පහතින්

මේ පිළිබඳව අප බිමල් රත්නායක මහතාගෙන් ද විමසා සිටිය අතර මෙය ව්‍යාජ නිර්මාණයක් බව ඔහු ද තහවුරු කර සිටියා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනය මගින් සඳහන් කළ හැක්කේ, වහාම ක්‍රියාත්මක වන පරිදි බලංගොඩ පහන්තුඩාව ඇල්ල වෙත පිවිසීම, නැවත දැනුම් දෙන තුරු පෙම්වතුන් සඳහා තාවකාලිකව අත්හිටුවීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන ඇති බවට සිරස Newsfirst ප්‍රවෘත්ති විකාශයේ පළ වූ ප්‍රවෘත්තියක් බවට හැඟවෙන පැරිදි සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබූ සටහන්, උපහාසාත්මක කෝණයෙන් පළ වූ සංස්කරණය කරන ලද සටහන් බවයි. එමෙන්ම එවන් වාරණයක් බලංගොඩ පහන්තුඩාව නැරඹීමට එන ජනයාට පනවා නැති බවත් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අප කළ විමසීමේදී තහවුරු කර සිටි අතර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රටේ සංචරණ සීමා පනවා ඇති අවධියක වෙනත් ප්‍රදේශවලින් මෙවැනි ස්ථාන වලට යෑමෙන් වළකින ලෙසද අවධාරණය කර සිටියා.

Also Read:

Avatar

Title:පහන්තුඩාවට පිවිසීම, පෙම්වතුන් සඳහා තාවකාලිකව අත්හිටුවයි?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading