
පසුගිය දින කිහිපයේ දී ම ලංකාවේ ප්‍රකට රංගන ශිල්පීන් කිහිපදෙනෙක් ම රෝගාතුරව සිටිය දී මිය ගිය බවට අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් රැසක් වාර කිහිපකකදීම හුවමාරු වෙන අයුරු අපට නිරීක්ෂණ විය. ජාත්‍යන්තරයේ ද ඇතැම් ප්‍රකට රංගන ශිල්පීන් මියගිය බවට තොරතුරු කලින් කලට වාර්තා වෙනවා.
Mr.Bean හෙවත් Rowan Atkinson මිය ගිය බවට පසුගිය දා පළ වූ සටහන් සම්බන්ධයෙන් සහ එලෙස අසත්‍ය සටහන් පැතිරීමට හේතුව පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
“නිවන් සුව Sir♥️😔 පොඩි කාලේ එක්තරා විදියක වීරයෙක්” යනුවෙන් සඳහන් කරමින් Mr.Bean ලෙස හඳුන්වන Rowan Atkinson මිය ගිය බවට සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Rowan Atkinson මිය ගිය බවට විදෙස් ජාතිකයින්ද සිය ෆේස්බුක් ගිණුම් ඔස්සේ සංසරණය කර ගෙන තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
Mr.Bean හරහා ලොව සියළු ජනයා සිය රංගන කෞශල්‍ය හරහා වසග කර ගත් බ්‍රිතාන්‍ය ජාතික ජනප්‍රිය විකට රංගන ශිල්පී Rowan Atkinson මිය ගිය බවට කිසිදු විදෙස් මාධ්‍යක් වාර්තා කර නොතිබුණි. එසේම මේ පිළිබඳ සොයා බැලීමේ දී ඔහු මිය ගිය බවට මීට පෙර ද වරින් වර සමාජ මාධ්‍ය හරහා සමාජය තුළ අසත්‍ය පුවත් සංසරණය වී තිබ බව දැක ගන්නට ලැබුණා.
කෙසේවෙතත් මෙවර මෙම අසත්‍ය ප්‍රචාරයට හේතුව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, Twitter ඔස්සේ FOX BREAKING NEWS යනුවෙන් සඳහන් කරමින් 58 හැවිරිදි Rowan Atkinson 2017 මාර්තු 18 වන දින රිය අනතුරකින් මිය ගිය බවට Twitter පණිවිඩයක් නැවත වරක් සංසරණය වී තිබීමයි.
මීට පෙර වර්ෂ වල සිට එම පණිවිඩය Twitter ඔස්සේ සංසරණය වී තිබූ අයුරු

එමෙන්ම විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර 2017 දී Rowan Atkinsonට වයස අවුරුදු 62 ක් නොව 58 ක් බවටයි. එම වාර්තා මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link
බොහෝ විට මෙවැනි තොරතුරක් ප්‍රචාරය වීමට හේතුව වන්නේ, පුද්ගලයින් අනිෂ්ට සබැඳියක් (malicious link) ක්ලික් කිරීම හේතුවෙන් ඒ හරහා සමාජ මාධ්‍ය ගිණුම් වලින් මෙලෙස අමෙරිකාවේ ෆොක්ස් නිව්ස් හි Rowan Atkinson සම්බන්ධ අසත්‍ය පුවත ප්‍රචාරය වීම බව ද එම වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙනවා. මෙතනින්. ඒ පිළිබඳව තවත් පැහැදිලි කිරීමක් මෙතනින්. Archived Link
එමෙන්ම Netflixian නිල ෆේස්බුක් ගිණුම හරහා ඊයේ(22) දිනයේදී දක්වා තිබුණේ, Peaky Blinders කතා මාලාවේ හයවන නැරඹුම් කතාංග මාලාවේ Rowan Atkinson සිය රංගන දායකත්වය සපයන බවයි.

Rowan Atkinson ගේ කළමනාකරණ කටයුතු සිදුකරන PBJ Management ආයතනයෙන් ද මේ පිළිබඳ නිල විමසීමක් අප සිදුකර තිබෙන අතර ඒ තොරතුරු සමඟ මෙම පුවත යාවත්කාලීන කිරීමට ද අප බලාපොරොත්තු වෙමු.
Update :
PBJ Management ආයතනය අපගේ ලිපියට පිළිතුරු ලබා දෙමින් තහවුරු කළේ, Rowan Atkinson මිය ගිය බවට පළ වන පුවත අසත්‍ය බවත් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටිනා බවත්ය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු පරීක්ෂාවට අනුව පෙන්වා දෙනු ලබන්නේ, Mr.Bean ලෙස හඳුන්වනු ලබන Rowan Atkinson ජනප්‍රිය විකට රංගන ශිල්පියා මිය ගිය බවට පළ වන පුවත් කිසිදු නිල තොරතුරක් මත පදනම් නොවූ අසත්‍ය සටහන් පෙළක් බවයි. මීට පෙරද වසර කිහිපයක සිටම Rowan Atkinson මියගිය බවට වාර්තා අසත්‍ය තොරතුර වාර්තා වී තිබූ අතර එම සටහන් නැවත වරක් සංසරණය වීම බොහෝ දුරට මෙම අසත්‍ය පුවත් සඳහා මුල් වී තිබෙන බව ද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
