
පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් සමාජ මාධ්‍ය ඔස්සේ හා ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ප්‍රවාහනය කරමින් තිබූ ඉන්ධන බවුසරයකින් කාන්තාවක් ඉන්ධන ලබා ගන්නා සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරයා යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් හා දුරකතන අංකයක් යොමු කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
“ඩොක්ට පාස් එකක් ගහං හොර පාරෙන් බවුසරෙන් තෙල් ඇදපු මෑන් අරගලෙත් හිටපු එකෙක් රට හදන්න බුකිය පුරා ලොකු ටෝක් දීල අහිංසක මිනිස්සු පෝලිං වල දවස් ගණක් ඉද්දි තමන්ගේ ගෑනි විකුණල බවුසර් වලින් තෙල් අදිනව ලැජ්ජයි බං මේ වගේ දෙකයි පනහෙ වැඩ කරන එක නං පිරිමින්ටත් එක්ක ලැජ්ජයි බං” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.
එම වෛද්‍යවරයා බවට පෙන්වමින් ඡායාරූපයක් ද, දුරකතන අංකයක් ද එම සටහනේ දක්වා තිබුණේ මේ අයුරින්.

සමාජ මාධ්‍ය ඔස්සේ එම ඡායාරූප සටහන බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම ඡායාරූපයේ සිටින්නේ සත්‍ය වශයෙන්ම එම සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරයා ද යන්න අප විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
පසුගිය 18 වන දා ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර රථයක් අතරමඟ නවතා ගැලුමක් මගින් මෝටර් රථයකට ඉන්ධන ලබා දෙන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වුණා.
ඉන් අනතුරුව එම වීඩියෝවේ දැක්වෙන්නේ, IOC ඉන්ධන සමාගම අයට පෙට්‍රල් පිරවුම්හලක අයිතිකරුගේ ඉන්ධන බවුසරය බවත්, අයිතිකරුගේ මෝටර් රථය සඳහා ඔහුගේ බිරිඳ විසින් මෙෙලස ඉන්ධන ලබා ගත් බවටත් ප්‍රධාන මාධ්‍ය ධාරා පෙන්වා දී තිබුණා.
එම අවස්ථාවේදී එම මෝටර් රථයේ වෛද්‍යවරුන් සඳහා නිකුත් කරන සංකේතය ද, අලවා ඇති ආකාරයක් ද, දැක ගන්නට ලැබෙනවා.
මෙම අයිතිකරු වෛද්‍යවරයෙක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා වුණේ මෙලෙසින් සහ මෙලෙසින් සහ මෙලෙසින්.
සමාජ මාධ්‍ය ඔස්සේ එම වෛද්‍යවරයා ලෙස සඳහන් කරමින් සංසරණය වූ ඡායාරූපය ඉහත වීඩියෝවේ දැක්වෙන පුද්ගලයා නොවන බව, අපට ඉහත වීඩියෝව පිරික්සීමේදී ද බැලු බැල්මට ම දැක ගන්නට පුළුවන්.
ඒ හේතුවෙන් ඉහත සටහන් වල දක්වා ඇති දුරකතන අංකයට අප ඇමතුමක් ලබා ගත් අතර එහිදී තහවුරු වුණේ, එම අංකය වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු, සංරක්ෂණවේදී ජයන්ත විජේසිංහ මහතාගේ දුරකතන අංකය බවයි.
සංරක්ෂණවේදී ජයන්ත විජේසිංහ
ඔහු සඳහන් කළේ, ජනතාව නොමග යැවීම සහ තමන්ව අපහසුතාවයට පත් කිරීම සඳහාත් තමන්ගේ ඡායාරූපය සහ දුරකතන අංකය යොදා ඉන්ධන බවුසරයෙන් ඉන්ධන ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ බවට සටහන් පළ කර ඇති බවයි.
තමන් වෛද්‍යවරයෙකු නොවන බවත්, තමන්ගේ බිරිඳද, නීතිඥවරියක් බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරමින් පවසා සිටියේ දේශපාලනයට සම්බන්ධ පිරිස් සිදු කරන වනාන්තර හෙළි කිරීම් සම්බන්ධයෙන් තමන් තොරතුරු හෙළි කිරීම හේතුවෙන් මෙලෙස අසත්‍ය පැතිරවීමට කටයුතු කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබූ සටහන පහතින්.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සිටින සංරක්ෂණවේදී ජයන්ත විජේසිංහ මහතාගේ ඡායාරූපය සහ සත්‍ය සිදුවීමේ එම අවස්ථාවට පැමිණි සිටි වෛද්‍යවරයාගේ ඡායාරූප අතර සංසන්දය පහතින්.

සත්‍ය සිදුවීමට මුහුණ දුන් වෛද්‍යවරයා
කෙසේ වෙතත් ඉහත සිදුවීමට මුහුණ දුන් වෛද්‍යවරයා දුරකතන මාර්ගයෙන් අප සම්බන්ධ කර ගනු ලැබූ අතර එම වෛද්‍යවරයා අප වෙත සිය අනන්‍යතාවය තහවුරු කළ අතර ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන්නේ වෛද්‍යවරයාගේ ඡායාරූපය නොවන බවට අපට දැක ගන්නට ලැබුණා.
ඉහත සිදුවීමේ කිසිදු වංචනික කටයුත්තක් සිදු නොවූ අතර තමන් වෙනත් ස්ථානයකින් මිලදී ඇනවුම් කරන ලද පෙට්‍රල්, තමන් වර්තමානයේ පදිංචි වී සිටින කොළඹ ප්‍රදේශයේදී තමන්ගේ බිරිඳට අයත්, ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයකින්, ප්‍රවාහනය කර ගත් බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.
කෙසේනමුත් ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ නීතිවිරෝධී අයුරින් ඉන්ධන ගොඩබෑම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ සිද්ධීන් 03ක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත්, එම විමර්ෂණ අවසන් වන තෙක් අදාළ බවුසර් රථ 03 බලපත්‍රයන් සිපෙට්කෝ සහ ලංකා IOC සමාගම් විසින් වහාම අත්හිටුවා ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා..
එමෙන්ම IOC සමාගමද, ෆේස්බුක් සටහනක් යොමු කරමින් සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් කණස්සල්ලට පත් වන බවත්, අදාළ ප්‍රවාහකයාට එරෙහිව පවතින මාර්ගෝපදේශවලට අනුකූලව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. එම සටහන පහතින්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන සිදුවෙමින් පවතිනවා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර රථයක් අතරමඟ නවතා ඉන්ධන පිරවූ බුලියක් මගින් මෝටර් රථයකට ඉන්ධන ලබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ වෛද්‍යවරයා යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප හා සඳහන් කර තිබූ දුරකතන අංකය එම වෛද්‍යවරයාගේ නොව, වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු, සංරක්ෂණවේදී ජයන්ත විජේසිංහ මහතාගේ ඡායාරූපය හා දුරකතන අංකය බවයි. එමෙන්ම වෛද්‍යවරයාගේ හා ජයන්ත විජේසිංහ මහතාගේ ඡායාරූප සංසන්දනය කිරීමේදී ඒ බව තහවුරු වේ.

Title:ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයකින් ඉන්ධන ලබා ගත් වෛද්‍යවරයාගේ ඡායාරූපයක් ද?
Fact Check By: Pavithra SandamaliResult: False
