දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

පසුගිය වකවාණුයෙව් මෙරට පැවති ජනතා අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ රංගන ශිල්පිණී, දමිතා අබේරත්න මහත්මිය අළලා සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් නොමග යවන සුළු සටහන් සංසරණය වුණා. නැවතත් ඇය හා අරගලය සම්බන්ධ කරමින් පළ වූ නොමග යවන සුළු සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මිය නවතම මෝටර් රථයක් ගත් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

අරගලයට දායකත්වය ලබා දීම නිසා ඇයට මුදල් ලැබුණු බවටත් එම මුදලින් නව මෝටර් රථයක් මිලදී ගත් බවත් හඟවමින් නව මෝටර් රථයක් ලබා ගැනීමට ඇතැම් සටහන් වලින් හඟවා තිබුණා.

Facebook | Archived Link

මෙම තේමාව යටතේ පළ වූ තවත් ෆේස්බුක් සටහන් මෙතනින් සහ මෙතනින්.

ඉහත සටහන් සඳහා දක්වා තිබූ ඇතැම් ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ බොහෝ දෙනෙකු මෙම ඡායාරූපය හේතුවෙන් නොමග ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ප්‍රවීණ රංගන ශිල්පිනී, දමිතා අබේරත්න මහත්මියගේ ඡායාරූපයක් සමගින් පළ කර තිබූ ඉහත ඡායාරූපය නිරීක්ෂණය කිරීමේදී එය Auto Miraj ෆේස්බුක් පිටුවේ සත්‍ය වශයෙන්ම පළ කර තිබූ ඡායාරූපයක් බවට අපට මෙලෙසින් නිරීක්ෂණය වුණා. Archived Link

නමුත් Auto Miraj යනු, මෝටර් රථ විකුණන ආයතනයක් නොව, මෙරට මෝටර් රථ සේවාවන් සපයන ප්‍රසිද්ධ ආයතනයකි.

දමිතා අබේරත්න මහත්මිය විසින් ඇයගේ වාහනය සෝදා පවිත්‍ර කිරීම් සඳහා එම ආයතනයට පැමිණීම පිළිබඳ ඔවුන්ගේ පාරිභෝගිකයෙක් වීම හේතුවෙන් එම සටහන Auto Miraj ෆේස්බුක් පිටුව විසින් පළ කර තිබුණා.

නමුත් ඇතැම් පිරිස් මෙය වරදවා වටහාගෙන, දමිතා අබේරත්න විසින් මෝටර් රථයක් මිලදී ගත් අවස්ථාවක් බවට අදහස් ප්‍රකාශ කර තිබීම හේතුවෙන් මෙම ආයතනය සපයන සේවාවන් පිලිබඳ අදහසක් නොතිබූ ඇතැම් පිරිස් නොමඟ ගොස් තිබුණි.

Auto Miraj හි ප්‍රාදේශීය කළමනාකරු

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප Auto Miraj හි ප්‍රාදේශීය කළමනාකරුවෙකු වන ඩී.සී.එස් චින්තක මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධකර ගනු ලැබුවා.

ඒ මහතා සඳහන් කළේ, Auto Miraj ආයතනය සියලුම වාහනවල සුළු අළුත්වැඩියා කිරීම්, සර්විස් කිරීම් සහ වාහන පවිත්‍ර කිරීම් ඇතුළු සේවාවන් සපයන මුත් වාහන විකුණන ආයතනයක් නොවන බවයි.

සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් ම ආයතනය මගින් සේවාවන් ලබා ගැනීමට පැමිණීමේදී ඔවුන්ගේ ඡායාරූප රැගෙන ‘Happy Customer’ යනුවෙන් ප්‍රවර්ධන වැඩසටහනක් එම ආයතනයේ ෆේස්බුක් පිටුව මගින් සිදු කරන බවත්, දමිතා අබේරත්න මහත්මිය ද, එම ආයතනය හරහා සේවාව ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ පළ කළ ඡායාරූපයක් මෙලෙස වරදවා වටහාගෙන ඇති බවයි ඔහු පවසා සිටියේ.

මේ ආකාරයට ‘Happy Customer’ යනුවෙන් ප්‍රවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා, ටෙලිනාට්‍ය නිළි - මහේෂි මධුශංකායන අයගේ ද ඡායාරුප පසුගිය දින කිහිපයේ දී පළකර තිබු අයුරු අපට දැක ගන්නට ලැබුණා.

දමිතා අබේරත්න මහත්මිය දිගු කලක සිට මෙම ආයතනය හරහා සේවාවන් ලබා ගන්නා බවත්, පසුගියදා පැපිලියාන Auto Miraj ආයතනයට පැමිණ සේවාවන් ලබාගත් අවස්ථාවක දී මෙම ඡායාරුපය ලබාගෙන තිබු බවත්, මෙම ඡායරුපයේ දක්වා ඇති ඇයගේ මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථය, පසුගිය අවුරුදු කිහිපයේ සිට අළුත්වැඩියා කිරීම්, සර්විස් කිරීම් ඇතුළු සේවාවන් ලබා ගැනීම සඳහා තම ආයතනයට පැමිණි බවත් , එම පැරණි වාහනයේම ඡායාරූපය මෙලෙසින් පළ කර ඇති බවද, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

චින්තක මහතා අප වෙත ඉහත ඡායරුපයේ මුල් ඡායාරුපය යොමු කර සිටියා. එසේම මීට වසරකට පෙර , 2021 සැප්තැම්බර් මස Auto Miraj ආයතනය වෙත දමිතා අබේරත්න මහත්මිය පැමිණි අවස්ථාවක දී ලබාගත් ඡායාරුපයක් ද ලබා දුන්නා. මේ අවස්ථා දෙකෙහි ම ලියාපදිංචි අංකය එකම බව අපට නිරීක්ෂණය වූ අතර පසුගිය අගෝස්තු මස ගෝල්ෆේස් අරගල භූමියෙන් දමිතා අබේරත්න නික්ම යන අවස්ථාව ලෙස මාධ්‍ය ඔස්සේ වාර්තා වූ මෝටර් රථයේ ද තිබුනේ ඒ අංකයම බවත් අපට නිරීක්ෂණය වුණා.

දමිතා අබේරත්න

මේ පිළිබඳව අප ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මියගෙන් ද, විමසා සිටි අතර ඇය සඳහන් කළේ, මෙහි දැක්වෙන දැනට භාවිත කරන වාහනය මීට වසර 7ක පමණ සිට භාවිත කරන බවත්, මීට පෙර තිබූ වාහනය ද අළුත්වැඩියා කිරීම සඳහා සේවාවන් ලබා ගැනීම සිදු කරනු ලබන්නේ Auto Miraj ආයතනයෙන් බවයි. මීට දින කිහිපයකට පෙර එලෙස වාහනය සෝදා පවිත්‍ර කර ගැනීම සඳහා Auto Miraj ආයතනයට ගිය අවස්ථාවේ ලබාගත් ඡායාරුපයක්ල ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පළ කිරීම හේතුවෙන් ඇතැම් පිරිස් තමා ඉලක්ක කරගනිමින් මෙසේ ව්‍යාජ සටහන් නිර්මාණය කර ඇති බවත් පැවසුවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මිය නවතම මෝටර් රථයක් ගත් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයේ දැක්වෙන්නේ, වාහන අළුත්වැඩියා හා අනෙකුත් සේවාවන් සපයන Auto Miraj ආයතනය විසින් පළ කරන ලද ඡායාරූපයක් වන අතර, එම ආයතනයේ ප්‍රාදේශීය කළමනාකරු සඳහන් කළේ, වසර කිහිපයක සිටම දමිතා අබේරත්න මහත්මිය විසින් මෙහි දැක්වෙන ඇයගේ බෙන්ස් මෝටර් රථය අළුත්වැඩියා කිරීම් ඇතුළු අනෙකුත් සේවාවන් ලබා ගැනීම සඳහා තම ආයතනයට පැමිණෙන බවයි. එසේම Auto Miraj ආයතනය විසින් වාහන විකුණනු ලබන්නේ නැත.

එමෙන්ම දමිතා අබේරත්න මහත්මිය ද, සඳහන් කළේ වසර 07ක සිට මේ වන තෙක් භාවිත කරනු ලබන වාහනය මෙම බෙන්ස් මෝටර් රථය බවත්, එය සෝදා පවිත්‍ර කර ගැනීමට ගිය අවස්ථාවේ ලබාගත් ඡායාරුපයක් යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු හුවමාරු වන බවයි.

Avatar

Title:දසිතා අබේරත්න නව මෝටර් රථයක් ගත් අවස්ථාවක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading