දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් නිර්න්තරන්යෙන්ම විවිධාකාරයේ කරුණු හේතුවෙන් කතාබහට ලක්වන පුද්ගලයෙක්. ඊලෝන් මස්ක්ගේ අත රැඳි අයිතමයක් ඔස්සෙ එය බෞද්ධ සළකුණක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක නිරවද්‍යාතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

සත් සමුදුරෙන් එහා පැතිරුණු බෞද්ධ සළකුණ! බුද්ධිමත් තේරීමක්..” යනුවෙන් සඳහන් කරමින් ඊලෝන් මස්ක්ගේ ඡායාරූපයක් එක් කර තිබුණා. එම ඡායාරූපයේ, ඊලෝන් මස්ක් අත රැඳි රන් ආලේපිත අයිතමයක් හේතුවෙන් එවැනි සටහනක් නිර්මාණය වී තිබුණා.

Facebook | Archived Link

බැලු බැල්මට මෙය සංසකරණයක් බව බොහෝ දෙනා හඳුනාගෙන තිබුණ ද මෙවැනි ඡායාරුපයක් පළකිරීමට හේතු මෙන් ම මෙහි පසුබිම පිළිබඳව ද කිහිපදෙනෙක් ම විමසා තිබුණා. ඒ පිළිබඳව අප පරීක්ෂාවක් සිදු කළා.

කරුණු විමර්ශනය කිරීම:

ලොව පුරා ප්‍රසිද්ධ ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය කරන ටෙස්ලා (Tesla), ස්පේස් එක්ස් (SpeceX) සමාගම වැනි ප්‍රසිද්ධ සමාගම්වල අයිතිකරු වන පසුගිය කාලයේ දී ට්විටර් සමාගම ද මිල දී ගත් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස හැඳින්වෙන ඊලෝන් මස්ක්ගේ ඉහත ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

එහිදී අපට දැක ගන්නට ලැබුණේ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සේයාරුවේ දක්වා ඇති පරිදි අයිතමයක්, මෙහි සත්‍ය ඡායාරූපයේ දැක ගන්නට නොලැබෙන බවයි.

එම සත්‍ය ඡායාරුපය පහතින්

AP Images

"In America: An Anthology of Fashion" නම් ප්‍රදර්ශනය එලෝන් මසක් විවෘත කළ අවස්ථාවේ දී මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ 2022 මැයි මස 2 වන දා බව මෙම ඡායාරූපය ලබාගෙන තිබු AP පුවත් සේවය මඟින් සඳහන් කරනවා. ඒ පිළිබඳ විස්තර මෙතනින්

සත්‍ය ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූප අතර සංසන්දනය පහතින්.

ඒ අනුව ඉහත ඡායාරූපය සංස්කරණය කර තිබූ ඡායාරූපයක් බව පැහැදිලිය.

මෙවැනි සංස්කරණයට හේතු වූ කාරණාව

ඉහත සමාජ මාධ්‍ය සටහනේ ඊලෝන් මස්ක් අත රැඳි බවට දක්වා තිබූ අයිතමය සංස්කරණය කර තිබූ ඡායාරූපයක් වූවත් සත්‍ය වශයෙන්ම එය හෝ ඒ හා සමාන අයිතමයක් ඔහු ළඟ ඇති බවට “My bedside Table” (මගේ ඇඳ අසල මේසය) යන තේමාවෙන් ඔහුගේ නිල Twitter ගිණුමේ පළ වූ ඡායාරූපයක දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

Twitter | Archived Link

මෙම ඡායාරූපය පිළිබඳව බොහෝ වාර්තා පළවී තිබුණා. එහි තිබු අයිතමයන් පිළිබඳව වාර්තාවක් මෙතනින් සහ මෙතනින්. මෙම පුවත් වාර්තා මඟින් සඳහන් කරන්නේ මෙහි දැක්වෙන්නේ ටිබෙටන් බෞද්ධ වජ්‍රයක් විය හැකි බවයි.

තවත් පුවත් වාර්තාවක් සඳහන් කරන්නේ මෙහි දැකගන්නට ලැබෙන්නේ ඉන්ද්‍රයාගේ වජ්‍රයක් බවයි.

එසේම මෙම වාර්තා මඟින් ද පෙන්වා දෙන පරිදි සහ අපගේ පරික්ෂා වේ දී ද එලෝන් මස්ක් පොදු ස්ථානවල දී පෙනී සිටි අවස්ථාවල දී ඔහුගේ අතේ මේ ආකාරයේ වජ්‍රයක් රඳවාගෙන සිටි අවස්ථා දැක ගන්නට ලැබෙන්නේ නැහැ

The Sun

ටිබෙටන් බෞද්ධ, හින්දු, ජෛන, ආදී ඇදහීම් ක්‍රමයන්ගේ සංකේතාත්මක හා චාරිත්‍රානුකූල මෙවලමක් ලෙස යොදාගෙන තිබෙන වජ්‍රය / වජ්‍රායුධය

වජ්‍රය හෙවත් වජ්‍රායුධය දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන්ගේ ආයුධය ලෙස සැලකෙනවා. වජ්‍ර යන සංස්කෘත වචනය දියමන්ති සහ අකුණ යන අර්ථ දෙකම දරයි . සක්‍ර දෙවියන්ගේ වජ්‍රායුධය සංකේතවත් කරමින් ඈත අතීතයේ පටන් වජ්‍ර නිපදවීම සිදුකෙරේ.

වජ්‍රය යනු මූලික වශයෙන් දාර හතරක් හෝ අටකින් යුක්ත හිස් දෙකක් දෙපසින් ඇති මධ්‍යයෙන් තරමක ගෝලාකාර හැඩයක් ඇති මුගුරකි . දෙපස දාර අගින් එක්වී හාවී තිබෙන ඒවාද, දාර එක් නොවී වෙන් වෙනම උල් හැඩති ඒවාද ඇත. වජ්‍රායුධය ඉන්දීය වෛදික වැසි හා අකුණු දෙවියන් වන ඉන්ද්‍රගේ අවියයි.

එමෙන්ම ටිබෙටන් බුදු දහම, ජෛන ආගම හා හින්දු ඉගැන්වීම් වල ආත්මය හා ආත්මික බලය, ශක්තිමත් භාවයට නියෝජනය කිරීමට බොහෝ විට වජ්‍ර යොදාගෙන තිබෙනවා ඇත. සංකේතාත්මක හා චාරිත්‍රානුකූල මෙවලමක් ලෙස වජ්ර භාවිතය හින්දු ආගමේ සිට ඉන්දියාවේ සහ ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල ව්‍යාප්ත විය. ලංකාව තුල වජ්‍ර භාවිතය ආරම්භ වුයේ ඉතාම මෑතකාලීනව (2013 - 2020) වුවද ඉන්දියාව ටිබේටය චීනය තායිලන්තය වැනි රටවල ඉතා ඈත කාලයේ පටන් වජ්‍ර නිර්මාණය හා භාවිතය සිදුකෙරේ.

Khan ඇකඩමියට අනුව, වජ්‍රාව යනු "ටිබෙට් බුද්ධාගමේ වැදගත්ම චාරිත්‍ර වස්තු" වලින් එකකි.

ඉන්දියානු පුරාවෘත්තයන්ට අනුව, වජ්‍ර විශ්වයේ බලවත්ම ආයුධයක් ලෙස සැලකේ. සංකේතාත්මක හා චාරිත්‍රානුකූල මෙවලමක් ලෙස වජ්‍රය භාවිතා කිරීම හින්දු ආගමේ සිට ඉන්දියාවේ සහ ආසියාවේ වෙනත් ප්‍රදේශවල ව්‍යාප්ත විය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් , මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රන් ආලේපිත වජ්‍රාවක් අතේ රඳවාගනිමින් ඊලෝන් මස්ක් මහජන රැස්වීමක දී පෙනී සිටින ආකාරයක් ලෙස හුවමාරු වන්නේ සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි. මස්ක් පොදු ස්ථානවල දී ලබාගත් ඡයරුපවල හෝ ඔහු විසින් විශේෂයන්ම බෞද්ධ ආගමට ලැදි බවක් හෝ දැක ගන්නට ද ලැබෙන්නේ නැහැ.

කෙසේවෙතත් ටිබෙටන් බෞද්ධ, හින්දු, ජෛන, ආදී ඇදහීම් ක්‍රමයන්ගේ සංකේතාත්මක හා චාරිත්‍රානුකූල මෙවලමක් ලෙස සැලකෙන වජ්‍රයක් ඔහුගේ ඇඳ අසල ඇති මේසයේ තබා ඇති බව ඊලෝන් මස්ක් විසින්ම පළකරන ලද ට්විටර් පණිවුඩයක ඡයරුපයකින් දැක ගන්නට ලැබෙනවා.

Avatar

Title:මහජන හමුවක දී බෞද්ධ සළකුණක් අතේ රඳවාගෙන සිටින ඊලෝන් මස්ක්? (PHOTO)

Fact Check By: Pavithra Sandamali

Result: Misleading