UPDATE (24/04/2023)

මේ අතර තවත් සමාජ ජාලා සටහන්වලින් කියවුණේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය සදහා හමුදා නිලධාරින් දහසක් පමණ පුහුණුකර බදවා ගැනීමේ සුදානමක් පිලිබදවයි.එවන් එක සටහනක් පහතින්

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

එම සමාජ ජාලා සටහනට සම්බන්ධ කර තිබුණු වෙබ් අඩවි ලිපියෙන් උපුටා කොටසක් පහතින්.

දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් යුද හමුදා නිලධාරීන් දහසක පමණ පිරිසක් රියදුරු, නියාමක ඇතුළු තනතුරුවලට පුහුණු කර බඳවා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ දුම්රිය රියදුරන් හාරසියයක පමණ පිරිසක් පුරප්පාඩු වීමත්, සිටින රියැදුරන් වරින්වර වර්ජනවලට යෑමත් එවැනිම ආකාරයෙන් සෙසු වෘත්තිකයන්ද වරින්වර වර්ජනවලට යෑම නිසා මෙම පියවර ගැනීමට නියමිතව ඇති බවයි.

මේ හේතුවෙන් යුද හමුදා නිලධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවීමට පියවර ගෙන ඇති අතර ප්‍රථමයෙන් අධ්‍යාපන සුදුසුකම් සහිත පිරිසක් එන්ජින් රියැදුරු තනතුරුවලට බඳවාගෙන පුහුණු කිරීමට සැලසුම් කර ඇත. එවැනිම ආකාරයෙන් නියාමක ඇතුළු තවත් තනතුරු කිහිපයකටද හමුදා නිලධාරීන් බඳවා ගැනීමට නියමිතව ඇති අතර මොවුන් පුහුණුකර සේවා සඳහා යොදවා ගැනීමට සැලසුම් කර ඇත්තේ වෘත්තීය සමිති වෘත්තිය ක්‍රියාමාර්ගවලට පිවිසෙන අවස්ථාවලදී පමණක් බවයි වාර්තා වන්නේ.

Web | Archived

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම )

අපි මුලින්ම විමසා බැලුවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් සාක්ෂ්‍ය සහිතව ,හමුදාවේ නිල ප්‍රකාශයන්ද සමග මෙවැනි පුවතක් වාර්තා කර ඇතිද සම්බන්ධවයි.නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ.

ඉන් අනතුරුව අප මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත්ගෙන් විමසා බැලුවා.ඔහු තහවුරු කර සිටියේ මෙම පුවත සත්‍ය නොවන බව සහ මෙවැන්නක් සදහා කිසිදු සුදානමක් නොමැති බවයි.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගිය කාලයේ ක්ෂේත්‍ර කිහිපයකම වැඩ වර්ජන ක්‍රියාත්මක වූ අතර දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක යෙදුණහොත් එය දුම්රිය ගමනාගමනයට තදින්ම බලපාන්නේ, ඒ සඳහා ආදේශ කළ හැකි පුහුණු රියදුරන් සිටින්නේ සීමිත සංඛ්‍යාවක් බැවින්. මේ හේතුවෙන්, හමුදා නිලධාරීන් සහ කාන්තා නිලධාරීනියන් යොදාගනිමින් හදිසි අවස්ථාවන් වල දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමේ අරමුණින් ඔවුන් හැර පුහුණුවක් ලබා ගැනීම සඳහා ඉන්දියාවට යැවීමට රජය විසින් තීරණයක් ගෙන ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක නිරවද්‍යතාව පිළිබඳ අප සිදු කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

හමුදා නිලධාරීන් සහ කාන්තා නිලධාරීනියන් විශාල ප්‍රමාණයක් හදිසි අවස්ථාවන් වල දුම්රිය ධාවනය සඳහා පුහුණුවක් ලබා ගැනීමට ඉන්දියාවට යැවීමට රජය පියවර ගෙන ඇත.” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර පහතින්.

මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ පරීක්ෂා කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

හමුදා නිලධාරීන් සහ කාන්තා නිලධාරීනියන්, හදිසි අවස්ථාවන් වල දුම්රිය ධාවන කටයුතු සඳහා යොදාගැනීම සඳහා පුහුණුවක් ලබා ගැනීමට, ඉන්දියාව වෙත යැවීමට රජය පියවර ගෙන ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි යන්න අප පළමුවෙන්ම පරීක්ෂා කළා. නමුත් එවැනි පුවතක් අපට දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන් අප දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශයෙන් මේ පිළිබඳව විමසීමක් කළා. ඔවුන් සඳහන් කළේ, එලෙස හදිසි අවස්ථාවන් වල හමුදා නිලධාරීන් හෝ නිලධාරියන් දුම්රිය ධාවනයේ යෙදීමේ තීරණයක් සම්බන්ධයෙන්, දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමක් නොකර ඇති බවයි. එසේම කාන්තාවන් මෙතෙක් දුම්රිය ධාවන කටයුතුවල නොයෙදීම ද හේතුවෙන් මෙය අසත්‍ය පුවතක් බවට සැක පළ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් අනතුරුව අප ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතාගෙන් ද, මෙම පුවතේ නිරවද්‍යතාවය පිළිබඳ විමසා සිටියා. ඒ මහතා සඳහන් කළේ, එය අසත්‍ය පුවතක් බවත්, හමුදා නිලධාරීන් හෝ හමුදා කාන්තා නිලධාරීන් හදිසි අවස්ථාවන් වල දුම්රිය ධාවනයට යොමු කිරීමේ තීරණයක් මෙතෙක් රජය විසින් ගෙන නොමැති බවයි.

තවදුරටත් මෙය තහවුරු කර ගැනීම සඳහා අප යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත් මහතාගෙන් ද, විමසූ අතර ඔහු ප්‍රකාශ කළේ ද, මෙම පුවත අසත්‍ය බවත්, හමුදා නිලධාරීන් එවැනි පුහුණුවකට ඉන්දියාවට යැවීමේ තීරණයක් නොමැති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හමුදා සහ කාන්තා නිලධාරීනියන්, හදිසි අවස්ථාවන්හි දුම්රිය ධාවන කටයුතු සඳහා පුහුණුවක් ලබා ගැනීමට ඉන්දියාවට යැවීමට රජය පියවර ගෙන ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි. හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද තහවුරු කළේ, එවැනි තීරණයක් සම්බන්ධයෙන් මෙතෙක් රජයේ අවධානය යොමු වී නොමැති බවත්, හුවමාරු වන්නේ අසත්‍ය සටහන් පෙළක් බවයි.

Avatar

Title:හදිසි අවස්ථාවන්හි දුම්රිය ධාවනයට යොදාගැනීමට, හමුදා සහ කාන්තා නිලධාරීනියන්ට ඉන්දියාවේ දුම්රිය පුහුණුවක්?

Fact Check By: Pavithra Sandamali

Result: False