දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

බහු මාධ්‍ය වාර්තා, සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ, ස්වීඩනය විසින් ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වීම, නිල වශයෙන් ක්‍රීඩාවක් ලෙස ලියාපදිංචි කළ ලොව පළමු රට බවට පත්ව ඇති අතර, ජුනි 8 වනදා එරට ගොතන්බර්ග් නගරයේ දී ලොව ප්‍රථම යුරෝපීය ලිංගික ශූරතාවලිය පවත්වනු ඇති බවයි. මෙහි නිරවද්‍යතාව සොයා Fact Crescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස පිලිගත් පලමු රට බවට ස්විඩනය පත්වී තිබෙනවා. ඒ අනුව ජූනි 8 වෙනි දින ස්වීඩන් ලිංගික සම්මේලනයේ අධීක්ෂණය යටතේ යුරෝපීය ලිංගික ශූරතාවලිය ගොතන්බර්ග්හි පැවැත්වීමට නියමිත අතර ස්වීඩනය මගින් ඒ සදහා සත්කාරකත්වය සැපයීමට නියමිතයි.

ශූරතාවලියේ තරගකරුවන් සති ගණනාවක් පුරා සැම දිනකම පැය හතරක් තරග කිරීමට නියමිත අතර තනි තනි තරග මිනිත්තු 45 සිට 60 දක්වා දිගු වෙනවා. Seduxtion,oral,pentration ඇතුලු කැටගරි 16 හරහා තරග වදින බැවින් මෙය සති ගනනාවකට දික් වනවා.

මේ වන විට පුද්ගලයන් 20 පමණ සහභාගි වීමට සුදානම් වී ඇති අතර ජයග්‍රාහකයින් තොරා ගැනීමට විනිශ්චය මණ්ඩල තුනක් විසින් විනිශ්චය කරනු ලබනවා.

එලෙසම මෙම සැම තරගයකම ලකුණු සීමාව ලෙස දැක්වෙන්නේ ලකුණු 5 සිට 10 දක්වායි.

මේ පිලිබද අදහස් දැක්වූ ලිංගික සම්මේලන සභාපති Dragan Bratych පැවසුවේ මෙය අනෙකඅත් ක්‍රීඩාවන් මෙන් සාමාන්‍ය එකක් වනු ඇති බවයි. එලෙසම මෙය යුරොපීය රටවල් වල පෙරලිකාර වර්ධනයක් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

එම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Times of India, Hindustan Times, News18, India Today ඇතුළු ඉන්දීය මාධ්‍ය ආයතන කිහිපයක් ද ස්වීඩනය ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර පළමු ලිංගික තරඟය ජූනි 8 වන දා, ස්වීඩන් ලිංගික සම්මේලනයේ මගපෙන්වීම යටතේ යුරෝපීය ලිංගික ශූරතාවලිය පැවැත්වෙනු ඇති බවට වාර්තා කර තිබුණා.

එමෙන් ම මෙරට ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, මෙම පුවත වාර්තා කර තිබුණා. මෙතනින්. Archived Link

බොහෝ පිරිසක් මේ ඔස්සේ මෙය සත්‍ය සිදුවීමක් බවට නොමග ගොස් තිබූ බැවින් මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ස්වීඩනයේ මෙවැනි තරඟයක් සත්‍ය වශයෙන් ම පවත්වනවා ද යන්න පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ ද, යන්න අප පරීක්ෂා කළ අතර ඉන්දීය සහ වෙනත් මාධ්‍ය මෙම පුවත වාර්තා කළ ද, ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සහ යුරෝපීය ප්‍රවෘත්ති ආයතන මෙම පුවත වාර්තා නොකිරීම අපගේ සැකයට බඳුන් වුණා.

2023 අප්‍රේල් 26 දින, ස්වීඩන් ප්‍රවෘත්ති ආයතනයක් වන Goterborgs-Posten විසින්, ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස වර්ගීකරණය කිරීම සඳහා වූ අයදුම්පත්‍රයක් ප්‍රතික්ෂේප කරන ලද ලිපියක් වෙත ද, අපගේ අවධානය යොමු වුණා. එම වෙබ් ලිපිය මෙතනින්. Archived Link

2023 ජනවාරි මස පළ කර තිබූ ස්වීඩන් මාධ්‍ය ආයතනයක් වන TV4 විසින් වාර්තා කර තිබුණේ, ජාතික ක්‍රීඩා සම්මේලනයේ සභාපති Björn Eriksson ලිංගික ක්‍රියාකාරකම් ක්‍රීඩාවක් ලෙස වර්ගීකරණය නොකරන බව පැහැදිලිව ප්‍රකාශ කළ බවයි. එම ලිපිය මෙතනින්. Archived Link තව ත් වාර්තාවක් මෙතනින්.

ස්වීඩන් ක්‍රීඩා සම්මේලනය (Swedish Sports Confederation)

කෙසේවෙතත් ස්වීඩන් ක්‍රීඩා සම්මේලනයේ සන්නිවේදන අංශයේ ප්‍රධානී Anna Setzman මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ, ස්වීඩන් ලිංගික සම්මේලනයක් නමැති ආයතනයක්, ස්වීඩන් ක්‍රීඩා සම්මේලනයේ සාමාජිකත්වය ලබාගෙන ඇති බවට පළ වන පුවත් අසත්‍ය බවත්, එය ස්වීඩනයේ ක්‍රීඩාවට සහ ස්වීඩනයට මඩ ගැසීමේ අරමුණ ඇතිව පතුරුවා ඇති අසත්‍ය තොරතුරක් බවයි. එසේ ඇයගේ ප්‍රතිචාරය ට්විටර් ඔස්සේ හුවමාරු කර ගෙන තිබූ අවස්ථාවක් මෙතනින්.

ස්වීඩන් ක්‍රීඩා සම්මේලනයෙන් මේ පිළිබඳව විමසා අප විද්‍යුත් ලිපියක් යොමු කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඉහත තොරතුරු තහවුරු කරමින් ඔවුන් අප වෙත විද්‍යුත් ලිපියක් යොමු කළා

අප මේ පිළිබඳ ව ස්වීඩන් රජයේ මතය තහවුරු කර ගැනීම සඳහා ඉන්දියාවේ ස්වීඩන් තානාපති කාර්යාලයෙන් පසුගිය දා විමසීමක් කළ අතර අපට මෙතෙක් ඒ සඳහා පිළිතුරු නොලැබුණි.

ස්වීඩන් ලිංගික සම්මේලනය(Swedish Sex Federation)

ලිංගිකත්වය පිළිබඳ යුරෝපීය ශූරතාවලියක් පවතින බවත්, එය ජුනි 8 වන දා ස්වීඩනයේ දී ආරම්භ වන බවත් එය ක්‍රීඩාවක් ලෙස පිළිගෙන නොමැති බවත් Swedish Sex Federation (SSF) නමින් හඳුන්වාගන්නා වෙබ් අඩවියක දන්වා තිබුණේ මෙලෙසින්. 

කෙසේවෙතත් ස්වීඩනයේ ක්‍රීඩා සම්මේලනය විසින් මෙම තරඟ සඳහා අනුමැතිය නොලැබීම පිළිබඳව කරුණු විමර්ෂණ කණ්ඩායමක් කළ විමසීමේ දී  Swedish Sex Federation පවසා තිබුණේ, මූල්‍යමය හේතු නිසා ලිංගිකත්වය තවමත් ක්‍රීඩාවක් ලෙස වර්ගීකරණය කර නොමැති බවත්,  පුහුණු පහසුකම්, විනිසුරුවන් සහ විනිසුරුවන් පුහුණු කිරීම සහ පාඨමාලා සඳහා ස්වීඩන් ක්‍රීඩා සම්මේලනය විසින් ගෙවීමක් සිදු කළ යුතු බවත්, ඒ හේතුවෙන් ස්වීඩන් ක්‍රීඩා සම්මේලනය විසින් ස්වීඩන් ලිංගික සම්මේලනය පිළිනොගෙන ඇති බවයි.

එසේම ලිංගිකත්වය පිළිබඳ යුරෝපීය ශූරතාවලිය තම වෙබ් අඩවියේ දැනුම් දී ඇති පරිදි පැවැත් වීමට නියමිත අතර, එය ජුනි 8 වන දා ස්වීඩනයේ දී ආරම්භ වෙන බවත්, එය ක්‍රීඩාවක්ද නැද්ද යන්න එය එතරම් වැදගත් දෙයක් නොවන බවත් ස්වීඩන් ලිංගික සම්මේලනය නම් සංවිධානය පවසා තිබුණි. එම ප්‍රතිචාර දක්වා තිබූ කරුණු විමර්ශන වාර්තාවක් මෙතනින්.

එසේම මෙම තරඟාවලිය පිළිබඳව ට්විටර් ඔස්සේ Swedish Sex Federation විසින් ඔවුන්ගේ නවතම තොරතුරු වාර්තා කර තිබූ අතර, ජුනී 07 වන දා, මෙසේ හෙට(08) පවැත්වීමට නියමිත තරඟාවලියට සහභාගී වීමට නියමිත මුල් තරඟකරුවන් පැමිණීම පිළිබඳව කරුණු වාර්තා කර තිබුණේ මෙලෙසින්.

තවද මේ පිළිබඳව අප වැඩිදුර විස්තර Swedish Sex Federation මඟින් විමසා සිටි අතර ඔවුන් පැවසුවේ ස්වීඩන් ක්‍රීඩා සම්මේලනය විසින් මෙතෙක් පිළිනොගත්ත ද Swedish Tax ඒජන්සිය විසින්, ලිංගික ක්‍රියාකාරම්හි පුහුණු කටයුතු සහ තරඟ සංවිධානය කිරීම සඳහා තම SSF ආයතනය ලියාපදිංචි කර ඇති බවත්, එම නිර්දේශය ලබාගැනීම සඳහා වසර 3 ක කාලයක් තුළ අදාළ අවශ්‍යතා සියල්ල තම ආයතනය විසින් සපුරා ඇති බවයි.

තවද ලිංගික ක්‍රියාකාරම් ක්‍රීඩාවක් ලෙස පිළිනොගන්නා ස්වීඩනයේ ක්‍රීඩා සම්මේලනය, E-sports ක්‍රීඩාවක් ලෙස පිළිගෙන ඇති අතර, එසේනම් ලිංගික ක්‍රියාකරකම් ක්‍රියාවක් ලෙස වර්ගීකරණය කළ නොහැක්කේ කෙසේද යන්නත් Swedish Sex Federation විසින් ප්‍රශ්න කර සිටිනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ස්වීඩනය විසින් ලිංගික ක්‍රියාකාරකම්හි නිරත වීම, නිල වශයෙන් ක්‍රීඩාවක් ලෙස ලියාපදිංචි කළ බවට දක්වමින් ප්‍රධාන මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි. ඒ බවට ස්වීඩන් ක්‍රීඩා සම්මේලනය තහවුරු කරනු ලබනවා.

කෙසේවෙතත් ස්වීඩන් ලිංගික සම්මේලනය නම් සංවිධානය පවසන්නේ එය විවිධ හේතු මත ක්‍රීඩාවක් ලෙස නම් නොකෙරුවත්, පුවත් වාර්තාවන්හි සඳහන් වී තිබු සහ තම වෙබ් අඩවියේ පළකර ඇති පරිදි, ජුනි 08 වනදා සිට, ලිංගිකත්වය පිළිබඳ යුරෝපීය ශූරතාවලිය ආරම්භ වීමට නියමිත බවයි.

Avatar

Title:ලිංගික ක්‍රියාකාරකම් නිල වශයෙන් ක්‍රීඩාවක් ලෙස ස්වීඩනයේ ලියාපදිංචි කිරීමේ පුවත්, ස්වීඩන් ක්‍රීඩා සම්මේලනයේ ප්‍රතික්ෂේප කරයි!

Written By: Pavithra Sandamali

Result: Misleading