Update :

සිම්බාබ්වේ හිටපු නායක සහ ඔවුන්ගේ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයා වූ හීත් ස්ට්‍රීක් අද(03) දින ජීවිතක්ෂයට පත් වුණා. ඒ ඔහුට වයස අවුරුදු 49 දී. ස්ට්‍රීක්ට මහ බඩවැලේ සහ අක්මා පිළිකාවක් වැළඳී තිබූ අතර බුලවායෝ හි පිහිටි ඔහුගේ නිවසේ සිට සති දෙකකට වරක් ජොහැන්නස්බර්ග් රෝහලක විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙසින් මියගොස් තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සිම්බාබ්වේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ Heath Streak ජීවතක්ෂයට පත් වූ බවට පළ වූ පුවත් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

සිම්බාබ්වේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වූ හීත් ස්ට්‍රීක් ජීවිතක්ෂයට පත් වූ බවට මෙරට මාධ්‍ය වාර්තා මෙන් ම විදෙස් මාධ්‍ය වලද වාර්තා වුණා. එය සමාජ මාධ්‍ය ඔස්සේ ද, සංසරණය වී තිබුණේ මෙලෙසින්.

“සුභ ගමන් හීත් ස්ට්‍රීක්..

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන Heath Streak පිලිකා රෝගයක් හේතුවෙන් ජීවන ගමනනින් සමුගෙන ඇත. 🇿🇼 ඔබට සුභ ගමන් 🙏

1993 සිට 2005 දක්වා සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ඔහු ටෙස්ට් තරඟ 65 කට සහා එක්දින තරඟ 189 මුහුණ දී ලකුණු 4933 ක් ද කඩුළු 455 ක් ද හිමිකරගෙන ඇත.ඒ අතරට එක ශතකයක් සහා අර්ධ ශතක 24 ක් ද ලබාගෙන ඇත.මිය යන විට ඔහු 49 වන වියේ පසුව සිට ඇත.

Former Zimbabwe cricket star Heath Streak dies at the age of 49.

The former Zimbabwe all-rounder was undergoing cancer treatment.

Streak played 65 Tests and 189 ODIs for Zimbabwe between 1993 and 2005.

#legends #heathstreak #ZimbabweCricket #restinpeace”

Facebook | Archived Link Facebook | Archived Link

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින් වන අතර ඇතැමුන් එම පුවත අසත්‍යක් බව ද හඳුනා ගෙන තිබුණා.

මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

සිම්බාබ්වේ සුපිරි ක්‍රීඩක හීත් ස්ට්‍රීක්ගේ අභාවය පිළිබඳ පුවත සමාජ මාධ්‍ය හරහා සංසරණය වූයේ රසිකයන් මෙන් ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කම්පනයට පත් කරමිනි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ද, මෙම පුවත වාර්තා කරද්දී, හිටපු සිම්බාබ්වේ වේග පන්දු යවන ක්‍රීඩක හෙන්රි ඔලොංගා විසින් ස්ට්‍රීක් ජීවතුන් අතර සිටින බවට තහවුරු කරමින් ඔහු සමගින් හීත් ස්ට්‍රීක් තමන් ජීවතුන් අතර සිටින බවට සඳහන් කළ WhatsApp පණිවිඩයක සේයාරූවක් X (පෙර ට්විටර් ලෙස හැඳින්වූ) හි හුවමාරු කර ගෙන තිබුණා.

https://twitter.com/henryolonga/status/1694212344732357101

Archived Link

මෙලෙසින් ස්ට්‍රීක් මිය ගිය බවට වාර්තා වීමට හේතු වූයේ ද, මීට පෙර ඔලොන්ගා විසින් ස්ට්‍රීක් ජීවිතක්ෂයට පත් වූ බවට පළ කර තිබූ සටහනකි. ඔලොංගා හැරුණු විට, සිම්බාබ්වේ ක්‍රීඩක ෂෝන් විලියම්ස්, ඉන්දියාවේ ප්‍රමුඛ දඟ පන්දු යවන ක්‍රීඩක ආර්. අශ්වින්, වී.වී.එස්. ලක්ෂ්මන් ද, ස්ට්‍රීක් මිය ගිය බවට සිතා සිය කණගාටුව ප්‍රකාශ කර තිබුණා. නමුත් ඔලොංගාගේ හෙළිදරව් කිරීමෙන් පසු එම සටහන් මේ වනවිට ඉවත් කර තිබෙනවා.

ඉන් අනතුරුව ස්ට්‍රීක් ජීවත් වන බවට ඔලොංගා X හි පළකළ පණවිඩය නැවත හුවමාරු කරමින් වී.වී.එස්. ලක්ෂ්මන් ද, ස්ට්‍රීක් තවමත් ජීවත් වීම අසන්නට ලැපීම සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බව ට අදහස් දක්වා තිබුණා.

https://twitter.com/VVSLaxman281/status/1694218064479531404

එසේම 2023 වසරේ මැයි මාසයේ දී පිළිකා සඳහා ප්‍රතිකාර ලබමින් සිටි නමුත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් ඔහුගේ පවුලේ සාමාජිකයින් දන්වා තිබුණා. 2023 අගොස්තු මස 13 දින සිම්බාබ්වේ දේශපාලනඥයෙකු වන David Coltart විසින් X ඔස්සේ මෙසේ පලකළ පණිවුඩයකින් පවසා තිබුනේ ස්ට්‍රික් අසාද්‍ය තත්වයේ පසුවන බවක්. මෙවැනි පුවත් ද ඔස්සේ ස්ට්‍රික් දිවියෙන් සමුගත් බවට හුවමාරු වූ අසත්‍ය පුවත් බොහොමයක ද දක්වා තිබුනේ පිළිකා රෝගී තත්වය හේතුවෙන් ඔහු ජිවිතක්ෂයකට පත්වූ බවයි.

හීත් ස්ට්‍රික්ගේ ක්‍රිකට් දිවියේ විශේෂ අවස්ථා

1993 සිට 2005 දක්වා කාලය තුළ තම රට වෙනුවෙන් ටෙස්ට් තරග 65ක් සහ එක්දින තරග 189කට ක්‍රීඩා කළ ස්ට්‍රීක් ජාත්‍යන්තර කඩුලු 450කට වඩා හිමිකර ගැනීමට සමත් වුණා. එක්දින මෙන්ම ටෙස්ට් පිරියේත් කඩුලු 100ක් දවාගත් පළමු සිම්බාබ්වේ පන්දු යවන්නා වූ ස්ට්‍රීක්, මඳ වේග පන්දු යවන්නෙකුට අමතරව දක්ෂ පහළ පෙළ පිතිකරුවෙකු ලෙස සිය කණ්ඩායමට ලබාදුන් දායකත්වය නිසා, ඔහු ක්‍රීඩා කල අවධියේ තුන් ඉරියව් දස්කම් දක්වන ලොව ප්‍රමුඛ පෙළ ක්‍රීඩකයෙකු ලෙස ලොවපුරා ක්‍රිකට් රසිකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වුණා.

සිම්බාබ්වේ ක්‍රිකට් පිළේ හිටපු නායකයෙකු ද වූ Heath Streak ටෙස්ට් සහ එක්දින තරග දෙකේදීම කඩුලු 100ක් ලබා ගත් පළමු සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසගත වී තිබෙනවා.

ක්‍රීඩකයෙකු ලෙස විශ්‍රාම ගැනීමෙන් පසු, ස්ට්‍රීක් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළා. ඔහු බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අතර පසුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

කෙසේ වෙතත්, දූෂිත සිදුවීම් වලට සම්බන්ධ වීම යන චෝදනා යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2021 දී ක්‍රිකට් හා සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් වලින් ඔහුට වසර අටක තහනමක් පැනවීමත් සමඟ ස්ට්‍රික්ගේ පුහුණු ජීවිතය අවාසනාවන්ත මුහුණුවරක් ගත්තා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සිම්බාබ්වේ සුපිරි ක්‍රීඩක හීත් ස්ට්‍රීක් ජීවිතක්ෂයට පත් වූ බවට පළ වන වාර්තා අසත්‍ය බවයි. පිළිකා රෝගී තත්වයට ප්‍රතිකාර ලබමින් සිටින ස්ට්‍රීක් ජීවතුන් අතර සිටින බව හිටපු සිම්බාබ්වේ වේග පන්දු යවන ක්‍රීඩක හෙන්රි ඔලොංගා විසින් තහවුරු කර තිබෙනවා. කෙසේනමුත් මෙලෙසින් නොමග යෑමට හේතුවූ සටහන් රැසක් නිර්මාණය වීමට ද හේතු වුයේ හෙන්රි ඔලොංගා විසින් ම ස්ට්‍රීක් ජීවිතක්ෂයට පත් වූ බවට පළ කළ X සටහනක් හේතුවෙනි.

Avatar

Title:සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් තරුවක් වූ Heath Streak ජීවිතක්ෂයට පත් වූ බවට පළවන පුවත් අසත්‍යයි!

Written By: Pavithra Sandamali

Result: False