දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මෑතකදී පිලිපීනයට බලපෑ විනාශකාරී Saola සහ Haikui යන සුළි කුණාටු වලින් පසුව, එම සුළි කුණාටු අවස්ථාවලදී ලබා ගත් වීඩියෝ දර්ශන බවට සඳහන් කරමින් නොමඟ යවන සුළු වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එලෙසින් පළ වූ එම වීඩියෝ වල දැක්වෙන්නේ සත්‍ය අවස්ථාවන් ද යන්න පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“මේ පිලිපීනයේ ඇති වූ ස්වාභාවික ආපදා තත්ත්වයක්.... සුළි කුණාටුවක සැබෑ තත්ත්වය....” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Facebook

මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත් අතර එහිදී අනාවරණය වුයේ පිලීපිනයේ ඇති වූ සුළි කුණාටු තත්ත්වයේ වීඩියෝවක් බවට සඳහන් කෙරන එම වීඩියෝව, පිලිපීනයේ වත්මන් කාලගුණික තත්ත්වයන් නිවැරදිව නිරූපණය නොකරන අතර එය විවිධ රටවලින් ලබාගත් බහුවිධ වීඩියෝ එකතුවක් බවයි. එනම්, එහි ඇතැම් කොටස් අතීතයේ වෙනත් රටවල සිදුවූ කාලගුණික තත්ත්වයන් යටතේ ඇති වූ සංසිද්ධි කිහිපයක එකතුවක් මෙන් ම, ඇතැම් කොටස් සංස්කරණය කළ වීඩියෝ දර්ශන බවට ද තහවුරු වුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත වීඩියෝවේ පළමු දර්ශනය වන්නේ, කාලගුණික රටා සහ ස්වාභාවික විපත් පිළිබඳ සංස්කරණය කරමින් නිර්මාණය කරන ලද වීඩියෝ ඇතුළත් ප්‍රසිද්ධ යූ ටියුබ් නාලිකාවක් වන rtsarovvideo ලබා ගත් වීඩියෝවකි. සුළි කුණාටුවක් ඇති අයුරු දැක්වෙන ලෙස නිර්මාණය කළ එම වීඩියෝව මෙතනින්.

නමුත් මේ පිළිබඳ ව කළ විමර්ශනයේදී මෙහි සත්‍ය වීඩියෝව පිලිපීනයේ නොව 2016 වසරේ අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජැක්සන්විල් බීච්හිදී පටිගත කරන ලද වීඩියෝවක් වන අතර එහි ටොනාඩෝ දර්ශනයක් නොමැති අතර එහි දැක්වෙන්නේ ‘මැතිව්’ නම් සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ තද සුළං තත්ත්වය පමණි.

https://youtu.be/n3vidANS1-c?t=261

සංස්කරණය කරන ලද රූප රාමුව සහ සත්‍ය රූප රාමු අතර සංසන්දනය පහතින්.

අමෙරිකාවේ ජාතික කාලගුණ සේවයට අනුව, 5 වන කාණ්ඩයේ මැතිව් සුළි කුණාටුව 2016 අත්ලාන්තික් සුළි කුණාටු සමයේ බලවත්ම කුණාටුව බව ද, සඳහන්.

එමෙන් ම ඉහත වීඩියෝවේ දක්වා තිබූ තව ත් රූප රාමුවක පෙන්නුම් කළේ, 2018 වසරේදී ෆ්ලොරිඩාවේ ගෙන ඇති වීඩියෝවකි. නමුත් එහිදී ද, ටොනාඩෝ දර්ශනයක් දැක ගන්නට නොලැබේ.

එමෙන් ම තව ත් වීඩියෝවකින් දැක්වුණේ, පිලිපීනයේ නොව අමෙරිකාවේ, ඇන්ඩෝවර්, කැන්සාස් ප්‍රදේශයේ ඇති වූ ටොනාඩෝ තත්ත්වයකි.

එම වීඩියෝව ABC News මාධ්‍ය ජාලය විසින් ‘X’ හි පළ කර තිබුණේ මෙලෙසින්.

https://twitter.com/ABC/status/1520830458283581440

තවත් රූප රාමුවක දැක්වුණේ චීනයේ Shanxi ප්‍රදේශයේ Taihang Mountain Grand Canyon හි ඇති වූ දරුණු කාලගුණික තත්ත්වයක් වේ. එම තත්වය දැක්වෙන වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්

ඉහත පිලිපීන සුළි කුණාටු තත්ත්වය බවට දක්වා තිබූ අනෙක් වීඩියෝ සම්බන්ධයෙන් ද, අප පරීක්ෂාවන් සිදු කරන අතර ඒ පිළිබඳව මෙම ලිපිය හරහා තව දුරට ත් යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

පිලිපීනයේ වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අප පිලිපීන රජයේ කාලගුණ නියෝජිතායතනයේ නිල වෙබ් අඩවියෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, මෙම මස එනම් සැප්තැම්බර් වන විට පිලිපීනයේ සුළි කුණාටු අනතුරු ඇඟවීම් හෝ දරුණු කාලගුණික තත්ත්වයන් පිළිබඳ වාර්තා වී නොමැති බවත්, ඉහත වීඩියෝවේ දැක්වෙන තත්ත්වයක් උද්ගත වී නොමැති බව ත් ය.

කාලගුණික තත්ත්වයන් සහ අනෙකුත් වැදගත් කරුණු පිළිබඳ නිවැරදි සහ යාවත්කාලීන තොරතුරු සඳහා පිළිගත් මූලාශ්‍ර සහ නිල රාජ්‍ය ආයතන මත විශ්වාසය තබන ලෙස අපි පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටිමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

පිලිපීනයේ වත්මන් කාලගුණ තත්ත්වය පෙන්නුම් කරන බව පවසමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ මෙම වීඩියෝ නොමඟ යවනසුළු අයුරින් සංස්කරණය කරන ලද වීඩියෝ ඇතුළත් වෙනත් රටවල වීඩියෝ සහ වෙනත් සිදුවීම් එකතු කරමින් නිර්මාණය කරන ලද වීඩියෝ කිහිපයක එකතුවකි.

Avatar

Title:අගෝස්තු මාසයේදී පිලිපීනයට බලපෑ විනාශකාරී ටොනාඩෝ තත්ත්වයන් දැක්වෙන අවස්ථාවන් ද?

Written By: Pavithra Sandamali

Result: Misleading