දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම පිණිස පමණක් භාවිත කළ හැකි මුදල් වර්ගයක් වන Bitcoin, වර්තමානයේ වර්තමානයේ ඉතා ප්‍රචලිතව අතථ්‍ය මුදල්(Virtual Currency) වර්ගයකි. පළමුවෙන්ම 2008 වසරේදී බිට්කොයින් හදුන්වාදෙනු ලැබුවේ, සාම්ප්‍රදායික මූල්ය පද්ධතිය තුළ සිටිමින් අඩු ම පිරිවැයක් යටතේ විද්යුත් තෑපැලක වේගයෙන් ලොව ඕනෑම තැනක සිටින පුද්ගලයන් දෙදෙනෙකු අතර වේගයෙන් ගනුදෙනු කළ හැකි පොදු හුවමාරු ක්‍රමයක් ලෙසයි. 

Bitcoin ආයෝජනය එක්තරා "සූදු කෙළියක්" ලෙසින් ද විග්‍රහ කෙරේ. අන්තර්ජාතික හා දේශීය වෙළෙඳපොළවල අතථ්‍ය මුදල් භාවිතය පිළිබඳ මෑත දී කරන ලද විමසීම් හේතුවෙන් අතථ්‍ය මුදල්වල (Virtual Currencies) ආයෝජනය කිරීම හා සම්බන්ධ අවදානම් පිළිබඳ ව මහජනයා දැනුවත් වීම සිදු කළ යුතු වන්නේ, ආයෝජන සඳහා විශ්වසනීය ආයතනයක් තෝරා ගැනීමට යාමේ දී බොහෝ අවස්ථාවල දී පාරිභෝගිකයා වංචානික ජාවාරම්වලට හසුවන බැවිනි. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යන සුළු සටහනක් පිළිබඳ අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

Bitcoin mining Investment 💯 සැබෑවක්. මගේ ලාභය ලැබෙන තුරු Bitcoin mining Investment ව්‍යාජ බවයි මම සිතුවේ. Bitcoin mining Investment වෙතට මගේ මිතුරෙකු වන Erika Rodriguez මාව යොමු කළා. මම එය ආරම්භ කළෙමි. ඒ සඳහා මම රු. 400,000 ක ආයෝජනයක් කළ විට පැය කිහිපයක් ඇතුළත මට රු4,500,000 ක ලාභයක් ලැබුණු බවත්, මගේ බැංකු ගිණුමට සාර්ථකව එම මුදල් ආපසු ලැබුණු බවත්, එලෙසින් ආයෝජනය කිරීමට සියලු මිතුරන්ට ආරාධනා කරන බවටත්, සඳහන් කළ පණිවිඩයක් සමගින් එලෙසින් මුදල් ලැබුණු බවට හැඟවීමට බැංකුවක් මගින් බැංකු ගිණුමකට මුදල් ලැබුණු බවට යොමු කරන SMS පණිවිඩයක ඡායාරූපයක් ද, ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වූ මෙම සමාජ මාධ්‍ය සටහන් සඳහා යොමු කර තිබුණා.

Facebook | Archived Link

මෙලෙසින් සංසරණය වූ තවත් සටහන් මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

බිට්කොයින් යනු බැංකුවක් වැනි අතරමැදියෙකු නොමැතිව ඔබට ඝෘජුව මිලදී ගැනීමට, විකිණීමට හා හුවමාරු කර ගත හැකි විමධ්‍යගත ඩිජිටල් මුදල් වර්ගයකි. Bitcoin Mining යනු බිට්කොයින් ගනුදෙනු තහවුරු කිරීම සහ ඒවා පොදු බ්ලොක්චේන් ලෙජරයේ පටිගත කිරීමේ ක්‍රියාවලියයි. බ්ලොක්චේන් හි, ගනුදෙනු බිට්කොයින් භාවිතා කරන්නන් විසින් සත්‍යාපනය(verify) කරනු ලැබේ, එබැවින් මූලික වශයෙන් ගනුදෙනු, ජාලයේ සහභාගීවන්නන් විසින් සත්‍යාපනය කළ යුතුය. අවශ්‍ය දෘඩාංග(hardware) හා පරිගණක බලය(computing power) ඇති අය miners ලෙස හැඳින්වේ.

කෙසේ වෙතත් ඉහත දක්වා ඇති සමාජ මාධ්‍ය සටහන් වල අතිශොක්තියක් එනම්, ආයෝජනයක් සැබෑවක් යැයි විශ්වාස කිරීමට අපහසු තරම් වාසිදායක තත්ත්වයක් බවට සැක සහිත බැවින් එකම ආකාරයේ සමාජ මාධ්‍ය සටහන් ජාලයක් අයුරින් පළ වන බැවින් අප මේ පිළිබඳව විමර්ශනය කිරීම ආරම්භ කළා.

ඒ අනුව එම සටහන් වල මුදල් ආයෝජනය කිරීමට Bitcoin Mining හඳුන්වා දුන් පුද්ගලයන් බවට දක්වා තිබූ පුද්ගලයන් අතර Rosie Mary නම් කාන්තාවක් ද දක්වා තිබුණා. අප එම ෆේස්බුක් පිටුව හරහා එම කාන්තාවගේ ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ, ඇය Mary Toolan නමැති ළමා ප්‍රතිසාධනය පිළිබඳ විශේෂඥයෙකු බවයි. අප ඇයගේ සත්‍ය ෆේස්බුක් පිටුව හරහා මේ පිළිබඳ විමසීමක් කළ අතර ඇයගේ විධායක සහකාර Hazel විසින් අපට තහවුරු කළේ, Rosie Mary ෆේස්බුක් ගිණුම කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව ත්, මේ පිළබඳව පියවර ගන්නා බව ත් ය.

සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර

සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර මහතාගෙන් ද, අප මේ පිළිබඳව විමසා සිටි අතර ඒ මහතා සඳහන් කළේ, මෙය වංචාවක් බවයි(Scam). තම ගිණුම් වලින් ඉහත සමාජ මාධ්‍ය සටහන් පළ කර තිබූ සියලු දෙනා යම් ආකාරයක ක්‍රිප්ටෝ යෙදුමක්(Apps) බාගත කර ඇති අතර, යෙදුම මගින් දුරකතනයේ අනෙකුත් යෙදුම් (උදා :සමාජ මාධ්‍ය ජාලා) වලට ප්‍රවේශ වීමට අවසර ලබා දී ඇති අතර ඒ හේතුවෙන් එම පරිශීලකයන්ගේ අනුමැතියකින් තොරව මෙවැනි තත්ත්ව යාවත්කාලීන කිරීම් පළ කර ඇති බවට තමන් සැක කරන බවයි.

ඉන්දීය වෙබ් වාර්තාවක පෙන්වා දෙන්නේ, crypto scammers විසින් මෙවැනි පණිවිඩ හරහා ගිණුම් හැක් කිරීමට ඇති ඉඩකඩ වැඩි බවයි. මෙහි භයානක පැතිකඩ නම් , ගොදුරට ලක් වූ ගිණුම එහි පරිශීලකයාගේ අනුදැනුමකින් තොරව වින්දිතයින් ඉලක්ක කර ගැනීමට භාවිතා කර තිබීමයි. ඉක්මන් මුදලක් උපයා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් රවටා ගැනීම ඔවුන්ගේ අරමුණයි.

සයිබර් ආරක්ෂණ සමාගමක් වන CloudSEK සඳහන් කර ඇත්තේ 2021 වසරේ ඉන්දියානු ආයෝජකයින් වංචාකරුවන් විසින් රුපියල් කෝටි 1,000 ක් කොල්ලකන ලද ඉහළ පෙළේ වංචාවක් පිළිබඳ වාර්තාවූ බවයි. මෙම වංචාව, CoinEgg, ව්‍යාජ හුවමාරු සඳහා ආයෝජනය කිරීමට පරිශීලකයින් පොළඹවා ගැනීම සඳහා ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කර තිබුණා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්.

ශ්‍රී ලංකා මහ බැංකුව

එමෙන් ම එවැනි ආකාරයේ ආයෝජනය කිරීම් හා මුදල් වංචාවන්ට හසුවූ පුද්ගලයන් සම්බන්ධ තොරතුරු වාර්තා වී ඇති අතර ඒ පිළිබඳ මහ බැංකුව ද, ජනතාවට අවධානයෙන් පසුවන ලෙස අනතුරු අඟවා තිබුණා.

ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය හා සම්බන්ධ බව හඟවන වංචනික ක්‍රියාකාරකම්වල දැඩි ලෙස ඉහළ යාමක් මේ දිනවල දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා සඳහන් කළා.

ඔබට අනපේක්ෂිත අවස්ථාවක ලැබෙන පණිවුඩ, ආයෝජනය කිරීමට ඔබව යුහුසුළු කරවන හෝ අසාමාන්‍ය ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වන පණිවුඩ සම්බන්ධව ප්‍රවේශම් වන ලෙස ත්, යම් ආයෝජනයක් සැබෑවක් යැයි විශ්වාස කිරීමට අපහසු තරම් වාසිදායක වේ නම්, එය බොහෝ විට වංචාවක් විය හැකි බව සැමවිටම තරයේ මතකයේ තබා ගන්නා ලෙස ත්,එහි සඳහන් කර තිබේ.

විශේෂයෙන් ම සමාජ මාධ්‍ය තුළ පළකරන මෙවැනි වංචනික ප්‍රචාරණ දැන්වීම් බොහෝ විට වෘත්තීමය බවක්, පෙන්නුම් කරන වෙබ් අඩවි වෙත ඔබව යොමු කරන අතර එමගින් ඒවායෙහි වංචනික ස්වභාවය සැඟවීම අරමුණ කරන අතර ඉහළ ප්‍රතිලාභ ඉපැයීම හෝ ක්‍රිප්ටෝ මුදල් වෙළඳාම් කිරීම පිළිබඳ නොමග යවන ආකාරයේ තොරතුරු සපයමින්, මෙම ව්‍යාජ යෝජනා ක්‍රම පිළිබඳ පන්ති හෝ දැනුවත් කිරීමේ සැසි පැවැත්වීමට ද, ඇතැම් වංචනිකයෝ කටයුතු කරන බව ත්, එහි පෙන්වා දී තිබුණේ මෙලෙසින්.

Facebook

ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) භාවිතය සහ එහි ආයෝජනය කිරීමේ ඇති අවදානම සම්බන්ධයෙන් මහ බැංකුව විසින් සිදු පළ පැහැදිලි කිරීමක් මෙතනින්.

පරිශීලකයන් හසුවීමට ඇති විවිධ ක්‍රම

Instagram හි බහුල වශයෙන් සහ අනෙකුත් සමාජ මාධ්‍ය ජාලා මගින් cryptocurrency වංචා පිළිබඳ අවස්ථා දැක ගන්නට ලැබේ. නිදසුනක් වශයෙන්, ඇතැම් පරිශීලකයින්ට නාඳුනන පුද්ගලයින්ගෙන්, බොහෝ විට කාන්තාවන්ගෙන් පුද්ගලික පණිවිඩ ද ලැබේ.

සංවාදය සාමාන්‍යයෙන් ආරම්භ වන නමුත් පළමු පණිවිඩ කිහිපයෙන් පසුව එය ක්‍රිප්ටෝ ආයෝජන වෙත මාරු වේ. බහුලව භාවිතා වන උපක්‍රමවලින් එකක් වන්නේ ඉන්ස්ටග්‍රෑම් පළ කිරීම් මත ආයෝජන සබැඳි සහ කළමනාකරු වශයෙන් ගිණුම් හසුරු පෙන්වා දීමයි. ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් සෘජු පණිවිඩ හරහා ඔවුන් සම්බන්ධ කරන අතර වංචාකරුවන් ක්‍රිප්ටෝ වෙළඳ ප්‍රවීණයන් ලෙස පෙනී සිටිති.

පරිශීලකයින්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා Binance වැනි සුප්‍රසිද්ධ ක්‍රිප්ටෝ හුවමාරු වල නම් පවසන අතර, වංචාකරුවන් නීත්‍යානුකූල සමාගමක් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ක්‍රිප්ටෝ හුවමාරුවක සබැඳිය බෙදා ගනී.

මේ හේතුවෙන් බොහෝ පරිශීලකයින් ව්‍යාජ එමෙන් ම වංචාකරුවන්ගේ උගුලට හසුවේ. වංචාකරුවන් හඳුනාගැනීමේ එක් ක්‍රමයක් නම්, Instagram හි පණිවිඩ යැවීමේදී හැකර්වරුන් සහ අනුකරණය කරන්නන් භාවිතා කරන භාෂාව පිළිබඳ ටැබ් එකක් තබා ගැනීමයි. මෙම පණිවිඩ හරහා ඉක්මන් ස්කෑන් කිරීම "y'all", "legit" ලෙස ලියා ඇති වචන නැවත නැවත භාවිතා කිරීම පෙන්වයි. විරාම ලකුණු සහ ව්‍යාකරණ නොමැතිකම නිසා පරිශීලකයින්ට වැඩ කිරීමේදී විය හැකි වංචාකරුවෙකු ගැන සලකුණු කළ හැක.

ෆයිසිං ක්‍රිප්ටෝ සබැඳි පළ කිරීමේ ප්‍රවණතාවය සමාජ මාධ්‍ය වේදිකා හරහා අවධානයට ලක්ව ඇත. වෙනත් කෙනෙකුගේ ගිණුම හැක් කර ඇති බව දකින විට පරිශීලකයන් ඔවුන්ගේ මුරපද වෙනස් කළ යුතුය. එපමණක් නොව, සමාජ මාධ්‍යවල ඇති මෙම සබැඳි කිසිවක් ක්ලික් කිරීමෙන් හෝ ක්‍රිප්ටෝ මුදල් සාකච්ඡා කරන අහඹු ගිණුම් සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් වැළකී සිටිය යුතුයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

Cryptocurrency වංචාවන් මොන වගේද?

වංචා – බිට්කොයින් විප්ලවය (Bitcoin Revolution), බිට්කොයින් පරිණාමය (Bitcoin Evolution සහ ඕසී සිස්ටම් (Aussie System)

“බිට්කොයින් විප්ලවය”, “බිට්කොයින් පරිණාමය” සහ “ඕසී සිස්ටම්” යනු 2019 සහ 2020 දී සංසරණය වන පොදු ගුප්තකේතන මුදල් වංචා තුනකි.

එම සියල්ලේම ක්‍රියාකාරීත්වය එකම ආකාරයෙන් යුතු වංචාවන් වේ. වරින් වර නව නාමයක් යටතේ නැවත භාවිතා කිරීම හා සමාන ප්‍රතිඵල ලබා දීම මෙහි ලක්ෂණවේ. මෙහිදී වංචාකරුවන් සාමාන්‍යයෙන් යම් ආකාරයක ආයෝජන අවස්ථාවක් යැයි කියා සිටින අතර සමාජ මාධ්‍යවල මෙම පණිවුඩය පැතිරීම සඳහා ව්‍යාජව සාදන ලද, කීර්තිමත් පුද්ගලයින්ගේ නිර්දේශ භාවිතා කරයි. මෑතකදී, මෙම වංචාවන් cryptocurrency වෙළඳ බොට්ස් ලෙස (cryptocurrency trading bots ) පෙනී සිටී.

මෙවැනි පෝස්ටු (posts) පණිවුඩ බොහෝ විට ව්‍යාප්ත වන්නේ ගෙවා සිදුකරන වෙළඳ දැන්වීම්, බොට්ස්(bots) සහ සම්මුතිවාදී (compromised) ගිණුම් වල එකතුවෙනි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ක්‍රිප්ටෝ වංචාවක් හඳුනා ගන්නේ කෙසේද?

විශේෂිත ක්‍රිප්ටෝ වෙබ් අඩවියක් වංචාවක්ද නැද්ද යන්න ගැන සැකයක් තිබේද? එවැනි තැන්වලින් ඉවත්ව නීත්‍යානුකූල සැපයුම්කරුවන් තෝරා ගැනීමට ඔබට උදව් කිරීමට මෙම පිරික්සුම් ලැයිස්තුව භාවිතා කරන්න.

වෙබ් අඩවිය https හරහා ආරක්ෂිතව සම්බන්ධ වේද (http නොවේ)? ලිපිනය “https” වෙනුවට “http” සමඟ ආරම්භ වන්නේ නම්, ඔබ වෙබ් අඩවියට යවන දත්ත සුරක්‍ෂිත නොවේ.

ඔබේ වෙබ් බ්‍රව්සරයේ ලිපින තීරුවේ “ආරක්‍ෂිත” යන වචනය හෝ අගුලක රූපයක් ඔබට දැකිය හැකිද? වෙබ් අඩවියක් ආරක්ෂිත බව මෙයින් ඇඟවෙයි.

වෙබ් අඩවියේ URL හි සැලකිය යුතු අක්ෂර වින්‍යාස දෝෂ හෝ දෝෂ තිබේද? එසේ නම් එය ව්‍යාජ එකක් විය හැකිය.

වෙබ් අඩවියේ ව්‍යාකරණ වල වැරදි බව, අමුතු වාක්‍ය ඛණ්ඩයක් හෝ අක්ෂර වින්‍යාස දෝෂ තිබේද? එය එසේ නම්, මෙය අනිවාර්යයෙන්ම වංචාවක් ලෙස ඇඟවුම් නොකරයි, නමුත් එයින් අදහස් කරන්නේ ඔබ ප්‍රවේශමෙන් ඉදිරියට යා යුතු බවයි.

වෙබ් අඩවිය අසාමාන්‍ය ලෙස ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වේද? (නිදසුනක් ලෙස, ඔබේ ආයෝජනය දෙගුණ කිරීමට ඔබට හැකි බව එයින් කියැවෙනවාද?) මෙය විශාල රතු එළියක් වන අතර එය වංචාවක පොදු දර්ශකයකි.

එම වෙබ් අඩවියේ “අප ගැන” පිටුවක් තිබේද? එය සමාගම පිටුපස සිටින සැබෑ පුද්ගලයින් පෙන්වනවාද? සමාගම ලියාපදිංචි කර ඇති ස්ථානය පිළිබඳ කිසියම් විස්තරයක් එය සපයයිද? සමාගම කවුරුන්ද සහ එය කරන්නේ කුමක්ද යන්න පිළිබඳ තොරතුරු හෝ තොරතුරු නොමැති නම්, ඔබ වංචාවකට පැටලීමට හැකිය.

නීත්‍යානුකූල, පිළිගත් වෙබ් අඩවි මෙම වෙබ් අඩවියට සම්බන්ධ වේද? වෙබ් අඩවිය විශ්වාසදායක හා පිලිගත් එකක් බවට මෙයින් ඇඟවිය හැකිය.

වෙබ් අඩවිය ගැන වෙනත් පරිශීලකයින් පවසන්නේ කුමක්ද? සෘණාත්මක සමාලෝචන(reviews) තිබේද, එසේ නම්, ඔවුන් පවසන්නේ කුමක්ද? ක්‍රිප්ටෝ ප්‍රජාව සාමාන්‍යයෙන් වංචා ගැන ප්‍රචාරය කිරීමට ඉක්මන් වේ.

වසමක(domain) හෝ වෙබ් අඩවියක ලියාපදිංචි හිමිකරු කවුද? පුද්ගලික ලියාපදිංචිය පිටුපස හිමිකරු සැඟවී තිබේද? වසම(domain) මාස හයකට අඩු කාලයක් සඳහා ලියාපදිංචි වී තිබේද? වෙබ් අඩවියක් පිටුපස සිටින පුද්ගලයින් / සමාගම ගැන ඔබට වැඩි තොරතුරු සොයා ගත හැකි නම් වඩා හොඳය.

රතු එළි දැල්වෙන (ඔබට අනතුරක් යැයි හැඟෙන) හෝ සත්‍යක් වීමට තරම් හොඳ වැඩි යැයි පෙනෙන වෙබ් අඩවියේ වෙනත් යමක් තිබේද? නිවැරදි යැයි නොපෙනෙන යමක් තිබේ නම්, ඔබේ සාමාන්‍ය බුද්ධිය/ විඥානය එසේත් නැතිනම් යටිහිත පවසනදේ විශ්වාස කරන්න.

වෙබ් අඩවිය කිසියම් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අනුමත කිරීම් පෙන්වා සිටීද? බොහෝ ආයෝජන වංචාවන් ව්‍යාජ ලෙස කීර්තිමත් පුද්ගලයින්ගේ නිර්දේශ භාවිතා කරමින් මිනිසුන්ගේ සුපරීක්ෂාකාරී බව අඩු කිරීමට උත්සාහ ගනී.

ඔබ මුලින්ම ඒ ගැන සමාජ මාධ්‍යවල අසා තිබේද, නැතහොත් ඔවුන් මුලින්ම ඔබ වෙත පැමිණියේද? වංචාකරුවන්ට නව ගොදුරු බවට පත්වීම සඳහා සමාජ මාධ්‍ය සහ තමන් විසින් ඉල්ලුම් නොකළ පණිවිඩ භාවිතය පොදු ක්‍රම වේ.

යම් වෙබ් අඩවියක් මෙම පිරික්සුම් ලැයිස්තුවේ කරුණු කීපයකින්ම සමත්වුවත්, එය තවමත් වංචාවක් විය හැකි බැවින් ඉහත කරණු වලින් සමත්වීම නිසාම පූර්ණ විශ්වාසය තැබීම නොකළ යුතු බව සැලකිය යුතුයි. මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම් ඕනෑම වෙබ් අඩවියකට හෝ යෙදුමකට (app) ඔබේ පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු ලබා දීමට පෙර නිසි සම්ප්‍රජන්‍යතාව නැත්නම් සොයාබැලීම්(due diligence) සිදුකිරීමයි. මේ පිළිබඳ තොරතුරු මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok|WhatsApp

Avatar

Title:Bitcoin mining ව්‍යාජ ආයෝජන පණිවිඩ වලට ඔබත් රැවටුනාද? 

Written By: Pavithra Sandamali

Result: False