
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ෆේස්බුක්හි ඇති විශේෂාංග සම්බන්ධයෙන් නොමග යවන සුළු අර්ථයන් දක්වමින් නොයෙකුත් අසත්‍ය සටහන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් ෆේස්බුක් ඔස්සේ පළ වූ විශේෂාංගයක් පිළිබඳ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
@ටයිප් කරල උඩින්ම එන හයිලයිට් කියන එක ඔබන්න එතකොට ඔයාට බලාගන්න පුලුවන් නිතරම ඔයාගෙ ප්‍රොෆයිල් එක බලන අයව යනුවෙන් සඳහන් කළ ෆේස්බුක් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

මෙම සටහන් පසුගිය වසරේ සිට ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වූයේ මේ අයුරින්.

මෙය සත්‍යයක් බවට උපකල්පනය කර තිබූ ෆේස්බුක් පරිශීලකයින් මෙම සටහන් සඳහා ප්‍රතිචාර දක්වා තිබුණා.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ අනාවරණය කිරීමට අප කටයුතු කළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
කමෙන්ටුවක් වශයෙන් @highlight යනුවෙන් ටයිප් කිරීමෙන් පසු සිදුවන දේ කුමක් ද යන්න අප මුලින්ම පරීක්ෂා කළා. @highlight මගින් සිදුකරන්නේ ඔබ ෆේස්බුක් ගිණුමේ මිතුරු ලැයිස්තුවේ සිටින පිරිසකට එම පෝස්ටුව පිළිබඳ දැනුම්දීමක් සිදු වන බවයි.
@සලකුන සමගින් මෙහිදී බොහෝ විට ඔබගේ ගිණුමේ ක්‍රියාකාරීව සිටින මිතුරන්ගේ ලැයිස්තුවක් දැක ගන්නට ලැබේ. නමුත් @highlight කමෙන්ටුවක් පළ කිරීම තුළින්, ඔබගේ ෆේස්බුක් ගිණුම නිතරම බලන අය පිළිබඳව අදහසක් ලබාගත හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපද පහත පරිදි එය පරික්ෂා කර බැලුවා.

එමෙන්ම ෆේස්බුක් අයත් වන Meta සමාගම සඳහන් කරන්නේ, ෆේස්බුක් පරිශීලකයින්ට, ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම බලන අය නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් සලසා නොමැති බවයි. තවද, තුන්වන පාර්ශ්ව යෙදුම්වලට ද මේ සඳහා අවසර ලබා දී නොමැති අතර ඔබට එවැනි යෙදුමක් එවැනි දෙයක් සඳහන් කරන්නේ නම්, කරුණාකර අදාළ යෙදුම පිළිබඳ ෆේස්බුක් වෙත වාර්තා කරන ලෙස ද, ඔවුන් ඉල්ලා සිටිනවා.

Facebookහි @highlight යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
highlight කිරීමේ විශේෂාංගය නිර්මාණය කර ඇත්තේ ඔබට අන්තර්ගතය අවධාරණය කිරීමට උදවු කිරීමටයි, එනම් එය අනෙකුත් ෆේස්බුක් පළ කිරීම්වලට වඩා විශාල පරාසයක් තුළ දිස්වේ. එමඟින් ඔබගේ සටහන දැකීමට හෝ අවධානය යොමු කිරීමට අවශ්‍ය අන්තර්ගතය වෙත වැඩි පරිශීලකයින් ආකර්ෂණය වනු ඇත.
ෆේස්බුක් පළ කිරීමක් highlight (උද්දීපනය) කිරීමෙන් පසු සාමාන්‍ය පළ කිරීමකට වඩා වැඩි කාලයක් අනික් පරිශීලකයින්ගේ ෆීඩ්(feeds) වල ඉහළින්ම පවතිනු ඇත. එසේම මේ ඔස්සේ පළ කිරීමක් උද්දීපනය කිරීමෙන් එය පරිශීලකයෙකුගේ සමාජ මාධ්‍ය ගිණුමේ/ පිටුවේ ඉහළ ස්ථීර ස්ථානයක් ලබා දෙයි (X නැතහොත් ට්විටර් හි ඇති Pinned Tweet විශේෂාංගය වැනියි). මේ ඔස්සේ අදාළ සටහන අන් අය දැකීමේ සම්භාවිතාව ද වැඩි කරයි.
highlight කරන ලද පළ කිරීමක නිශ්චිත පෙනුම, උපාංගයෙන් උපාංගයට වෙනස් වනු ඇත. නමුත් පැහැදිලිව පෙනෙන දෙය නම් මෙම නව විශේෂාංගය ඔබට ෆේස්බුක් පරිශීලකයින් දැකීමට අවශ්‍ය අන්තර්ගතය අවධාරණය කරන බවයි.
@highlight අධික ලෙස භාවිත කිරීම, බලාපොරොත්තු වූ තරම් ප්‍රතිඵල නොලැබීමට ද හේතු විය හැකියි. අඩුවීමට හේතු විය හැක. එබැවින් මෙම විශේෂාංගය විචක්ෂණශීලීව භාවිතා කිරීම වැදගත්. එයට හේතුව, එය ඔබගේ සෑම සටහනකටම වාගේ මෙය යොදාගන්නේ නම්, සෑම පළකිරීමක්ම එක හා සමානව වැදගත් ලෙස සලකනු ලැබීමෙන්, ඔබට ඇත්ත වශයෙන්ම උද්දීපනය කිරීමට අවශ්‍ය සටහනට වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමට හැකි නොවීමයි.
@highlight පිළිබඳව වැඩි දුර තොරතුරු මෙතනින් සහ මෙතනින්. වෙනත් කරුණු විමර්ශන කණ්ඩායම් සිදු කළ කරුණු විමර්ශන වාර්තා මෙතනින්, මෙතනින්.
මේ සම්බන්ධයෙන් පළ වූ වීඩියෝවක් මෙතනින්.
ෆේස්බුක් හි යොදා ගන්නා විවිධ text animations හෝ text delight හරහා ජංගම දුරකථන ඔරිජිනල් ද නැද්ද යන්න පරික්ෂා කළ හැකි බවට ඇතුළු ව්‍යාජ සටහන් ද කාලයක් තිස්සේ හුවමාරු වන අතර ඒවා පිලිබඳ අප මීට පෙර සිදුකළ කරුණු විමර්ෂණ කිහිපයක් මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp
Conclusion (අවසාන නිගමනය):
ෆේස්බුක් සටහනකට @highlight ලෙස කොමෙන්ට් කිරීමේදී උඩින්ම දිස්වන්නේ නිතරම ඔබගේ ප්‍රොෆයිල්ය බලන අයවයි, යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය වේ.
Meta ආයතනය සඳහන් කරන්නේ ෆේස්බුක් පරිශීලකයින්ට ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම බලන අය නිරීක්ෂණය කිරීමට Facebookහි අවස්ථාවක් සලසා නොමැති බවයි. highlight (උද්දීපනය) තුළින් ඔබගේ ෆේස්බුක් සටහන වැඩි පිරිසකට දැකීමට හෝ අවධානය යොමු කිරීමට හැකි වන්නේ වැඩි පරිශීලකයින් ප්‍රමාණයක් ආකර්ෂණය කිරීමෙන්.

Title:@highlight ලෙස ෆෙස්බුක්හි කොමෙන්ට් කිරීමේදී, ඔබ ෆේස්බුක් ගිණුමට වැඩියෙන්ම පිවිසෙන පුද්ගලයින් ඉහළින්ම දිස්වෙනවා ද?
Fact Check By: Pavithra SandamaliResult: False
