මියන්මාර භූ කම්පනයෙන් මියගිය ස්වාමීන් වහන්සේලා ද? 

False International Social

Subscribe to our WhatsApp Channel

මියන්මාරයේ මැග්නිටියුඩ් 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා ඇති වූ අතර ඉන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 2000 ඉක්මවා තිබෙනවා. 

මෙවැනි විශාල ජීවිත හානියක් සහිතව ඇති වූ ඛේදනීය තත්වය සම්බන්ධයෙන් ඇතැම් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් හුවමාරුවන බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට තීරණය කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

Claim 01:

“මියන්මාර තායිලන්ත භූ කම්පනයෙන් මියගිය ස්වාමීන් වහන්සේලා ඇතුළු ජනතාව.නිවනින් සැනසේවා.” යනුවෙන් සඳහන් කරමින් මියන්මාරයේ ඇති වූ විනාශකාරී භූමිකම්පාවෙන් මිය ගිය බව ඇඟවෙන අයුරින් බෞද්ධ ස්වාමීන් වහන්සේලා සහ සාමාන්‍ය ජතාවගේ සිරු රැසක් එක පෙළට තබා ඇති ඡායාරූප කිහිපයක් මෙලෙස පළ කර තිබුණා

.

Fb|Archive

තවත් මෙවැනි පළ කිරීම් ගණනාවක් සමාජ මාධ්‍ය තුළ දැකගත හැකි විය.

Fb|Fb| Fb | Fb |Fb |Fb |Fb |Fb |Fb|Fb |Fb|Fb |Fb |Fb |Fb |Fb |Fb

මියන්මාරයේ භූ කම්පනයෙන් මියගිය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සාමාන්‍ය ජනතාව බව සඳහන් කරමින් මෙම ඡයාරූප ලොව බොහෝ රටවල භාෂාවන්වලින් සටහන් සහිතව පුළුල් ලෙස සංසරණය වී තිබුණා.

එමෙන් ම මෙම ඡායාරූප සත්‍ය බවට විශ්වාස කරමින් බොහෝදෙනා අදහස් දක්වා තිබුණේ මේ අයුරින්. 

මෙම ඡායාරූපවල සඳහන් වන්නේ, සත්‍ය ලෙසම මියන්මාර භූ කම්පනයෙන් මියගිය භික්ෂූන් වහන්සේලාගේ සහ සාමාන්‍ය ජනතාවගේ සිරුරුද? අප මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

Google Reverse Search Image භාවිතයෙන් මෙම ඡායාරූප විමර්ශනය කිරීම ආරම්භ කළ අතර පුළුල් ලෙස සංසරණය වූ මෙම ඡායාරූපවල මූලාරම්භය සහ සන්දර්භය සාර්ථකව සොයා ගත හැකි විය.

2024 දෙසැම්බර් 31 බුරුම භාෂාවෙන් පළ කළ ෆේස්බුක් සටහනක සඳහන් වුණේ, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ පුද්ගලයින් නිතිපතා භාවනාවේ යෙදී සිටින බවයි.  එම සටහනට ද පදනම්ව තිබුණේ ද 2021 වසරේ කෝ මින් මියාට් නම් පරිශීලකයෙක් විසින් මෙම භාවනාව සම්බන්ධව පළ කර තිබූ සටහනකි. 

එනම්, එම ෆේස්බුක් සටහනේ සඳහන් වූයේ එම ඡායාරූප සහ බුරුම ශීර්ෂ පාඨය 2021 මුල් භාගයේදී බෙදා හරින ලද කෝ මින් මියාට් නම් පරිශීලකයෙකු විසින් බෙදාගෙන ඇති බවයි.

2025 මාර්තු 28 වන දින මියන්මාරයට බලපෑ භූමිකම්පාවට මාස තුනකට පෙර, 2024 දෙසැම්බර් 31 වන දින පළ කළ එම  ෆේස්බුක් සටහන පහත දැක්වේ.

2024 වසරේ මෙම ඡායාරූප පළ කළ පුද්ගලයා  මෙම ප්‍රකාශය සහ ඡායාරූප 2021 ජනවාරි 13 වන දින කෝ මින් මියාට් පළ කළ එකක් බවට සඳහන් කර තිබුණේ මෙලෙසින්.

Fb| Archive

මෙම සටහනෙහි සඳහන් වන ලෙස මෙම භාවනා ප්‍රභේදය පැය ගණනක් වැතිර සිදුකරන භාවනාවක් වන අතර එය සිදුකරන ආකාරය පිළිබඳව මෙහි සවිස්තරාත්මකව දක්වා තිබෙනවා. එමෙන් ම නිදහස් මනසක් ඇතිකර ගැනීම,අත්හැරීමට ඉගෙන ගැනීම, මරණයට සූදානම් වීම වැනි අරමුණු වෙනුවෙන් මෙම භාවනාව යෝග්‍ය බව දක්වා තිබෙනවා.

මීට අමතරව, මෙම ඡායාරූප වසර දෙකකට පෙර බුද්ධ ධර්මය නම් යූ ටියුබ් නාලිකාවක උඩුගත කරන ලද වීඩියෝවක රූප රාමු තුළ ද දැකගත හැකිය. බුරුම භාෂාවෙන් ලියා ඇති ශීර්ෂ පාඨයේ එය පැය තුනක් පැවති බොරු භාවනා සැසියක් ලෙස විස්තර කෙරේ.

මියන්මාරයේ බොරු භාවනා පුහුණුවේ තවත් වීඩියෝවක් යූ ටියුබ් හි පළකර තිබුණේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

Claim 02:

මියන්මාරයේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි සුන්බුන් අතර සිටින තුවාල සහිත බිළිදෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වේදිකාවල හුවමාරු වෙමින් පැවතියේ මේ අයුරින්. මෙම වීඩියෝව ලොව බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ මෙය හුවමාරුකරගෙන තිබුණා.

https://www.awesomescreenshot.com/video/38273124?key=f180db73f9b3665a130b085afaa6d783

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) : 

මියන්මාර භූ කම්පනය හේතුවෙන් මෙවැනි සත්‍ය සිදුවීමක රූප රාමු පවතී නම් එය අනිවාර්‍යෙන් විදෙස් මාධ්‍ය තුළ පළවන නමුත් එවැනි වාර්තා කිරීමක් සිදුව තිබුණේ නෑ.

එමෙන් ම මෙම වීඩියෝව නැරඹීමේදී මෙහි කුඩා බිළිඳාගේ සිට එහි සිටින අනෙකුත් පුද්ගලයන්ගේ ද අස්වාභාවික චලනයන් නිරීක්ෂණය කළ හැකි ය.

එපමණක් නොව කුඩා දරුවා බේරා ගන්නා මොහොතේ සිට ඔහුට ප්‍රතිකාර කර අවසන්වීම දක්වා රූප රාමු අන්තර්ගතව පැවති අතර එලෙස එක් දරුවෙක් වෙනුවෙන් ඔහු මුදාගැනීම, රෝහල් ගත කිරීම, වෛද්‍යවරු ප්‍රතිකාර කිරීම, ඔහු සුව වීම, නැවත එම දරුවා හානි සිදු වූ ඔහුගේ ම පරිසරයට නැවත ගෙන ඒම වැනි සිදුවීම් ප්‍රායෝගික නොවේ. එමෙන් ම එතරම් කුඩා දරුවෙක්ට ඉක්මනින් ම සුව වීම ද සිතිය නොහැකි ය. එබැවින් එය සම්පූර්ණයෙන් ම සත්‍ය සිදුවීමක් නොවන බව පැහැදිලි වනවා.

කෙසේ වෙතත් එය කෘතිම බුද්ධිය භාවිතයෙන් සකස් කළ එකක් ද යන්න පරීක්ෂා කළ අතර එය කෘතිම බුද්ධිය භාවිතයෙන් සකස් කළ එකක් බව ද අපට තහවුරු විය.

මියන්මාර භූ කම්පනය 

මියන්මාරයේ මැග්නිටියුඩ් 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා සිදු විය.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කළේ, එය එරට වේලාවෙන් දහවල් කාලයේදී සිදු වූ අතර ඉන් පසුව මැග්නිටියුඩ් 4.5 සහ 6.6 අතර පසු කම්පන 4ක් ද එම ප්‍රදේශයේ සිදුව ඇති බව ය.

මේ වන විට මියන්මාරයේ පුද්ගලයින් අවම වශයෙන් 2000කට වැඩි දෙනෙක් මියගොස් සිය ගණනකට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා. එබැවින් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මියන්මාර භූ කම්පනයට හේතුව

පෘථිවියෙහි පෘෂ්ඨය වෙනස් ආකාරයේ තැටි ගණනාවකට බෙදී ගොස් ඇති අතර ඒවා නිතර ම චලනය වනවා.

මියන්මාරය පිහිටා ඇත්තේ එවැනි භූතැටි කිහිපයක් සම්බන්ධ වන ස්ථාන මතයි. ඒ හේතුවෙන් එරට භූචලන ක්‍රියාකාරීව පවතින කලාපයක් බවට පත්ව ඇත.

සිකුරාදා ඇතිවූ 7.7ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයට හේතුව වන්නේ, ඉන්දීය සහ යුරේසියානු භූ තැටි එකිනෙක මත ලිස්සා යෑමේ (strike slip faulting) සංසිද්ධිය බව USGS පෙන්වා දෙයි.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ,බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සාමාන්‍ය පුද්ගලයින් බිම පේළිවල වැතිර සිටින ආකාරය දැක්වෙන ඡායාරූප පසුගිය සතියේ මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවට සම්බන්ධ නොවන බවයි. 

එම ඡායාරූපවලින් නිරූපණය වන්නේ වසර හතරකට පෙර මියන්මාරයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සාමාන්‍ය වැසියන් විසින් සිදු කරන ලද භාවනා පුහුණුවකි.

එමෙන් ම කුඩා බිළිඳෙක් මියන්මාර භූ කම්පනයෙන් ගොඩනැඟිලි සුන්බුන් අතර සිර වී සිටින වීඩියෝව සත්‍ය සිදුවීමක් නොවන අතර එය කෘතිම බුද්ධිය භාවිතයෙන් සකස් කළ එකකි.

Avatar

Title:මියන්මාර භූ කම්පනයෙන් මියගිය ස්වාමීන් වහන්සේලා ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *