
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
විවිධ දේශපාලනික අරමුණු වෙනුවෙන් දේශපාලනික චරිත සිදුකළ ප්‍රකාශ බවට සඳහන් කරමින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම නිතර සිදුවන්නක්.
ඒ අනුව මේ දිනවල ද වත්මන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සිදුකළ ප්‍රකාශයක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙමින් පැවති හෙයින් අප ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශණයක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
‘රාජ්‍ය නායකයා ඇතුළු ප්‍රභූන්ට අපහාසාත්මක ප්‍රකාශ කරන අයට ඉදිරියේදී ප්‍රභූ ආරක්ෂක පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවට වටගලගෙන් අනතුරු ඇඟවීමක්’ යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.
තවත් මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.
එබැවින් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදුකර තිබේ ද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන්ට අපහාස කරන පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන බවට නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේ නම් එය මෙරට මාධ්‍ය තුළ ප්‍රධාන පුවතක් ලෙස වාර්තා වන අතර ම පාර්ලිමේන්තුව තුළ ද කතාබහට ලක්වන මාතෘකාවක් වනවා.
එනමුත් ප්‍රධාන මාධ්‍ය තුළ එවැනි පුවතක් වාර්තා වී නොතිබුණි.
එබැවින් නියෝජ්‍ය අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමක් අප කළ අතර එහිදී, මෑත කාලීනව එම මහතා සිදුකළ කතා, සහභාගී වූ රූපවාහිනී වැඩටහන් සහ පාර්ලිමේන්තු කතා පරීක්ෂා කළ අතර එවැනි ප්‍රකාශයක් සිදුකරන අවස්ථාවක් දැකගත නොහැකි විය.
මේ බව වැඩිදුරටත් තහවුරු කරගැනීම සඳහා අප නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සම්බන්ධ කරගැනීමට උත්සහ කළ නමුත් එම මහතාව අපට සම්බන්ධ කරගත නොහැකි වූ බැවින් එම මහතාගේ මාධ්‍ය ලේකම්ගෙන් ඒ පිළිබඳව විමසීමක් කළා.
සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ප්‍රියන්ත මද්ධුමගේ
සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගෙන් අප විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ එවැනි කිසිඳු ප්‍රකාශයක් නියෝජ්‍ය අමාත්‍යවරයා කිසිඳු ස්ථානයකදී සිදුනොකළ බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයාට මඩ ගැසීමේ අරමුණකින් එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවත් ය.
එම සමාජ මාධ්‍ය සටහන් තුළ ඡායාරූපයක් පමණක් හුවමාරුවන අතර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල එවැනි ප්‍රකාශයක් කළ අවස්ථාවක වීඩියෝවක් හෝ හුවමාරු නොවන බවත්, සම්පූර්ණයෙන් ම මෙය අසත්‍ය ප්‍රචාරයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් වැඩිදුරටත් සඳහන් කළා.
ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශය
ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශයෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර එහිදී ද සඳහන් කළේ මෙය සම්පූර්ණයෙන් ම අසත්‍ය සමාජ මාධ්‍ය සටහනක් බවයි.
ප්‍රභූ ආරක්ෂක පනතක් මෙරට නොමැති බවත් මෙය සම්පූර්ණයෙන් ම අසත්‍ය පුවතක් බවත් ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශය සඳහන් කරනු ලැබුවා.
ජනාධිපති මාධ්‍ය අංශය
ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද අප විමසීමක් කළේ එවැනි ආකාරයෙන් ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන්ට අපහාසකරන පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගෙන තිබේ ද යන්නයි.
එනමුත් මේ දිනවල සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් බවට සංසරණය වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වන බවත් එවැනි නීතියක් ක්‍රියාත්මක කිරීමේ කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනු ලැබුවා.
මෙරට ප්‍රභූ ආරක්ෂක පනතක තිබෙනවා ද?
මෙම සමාජ මාධ්‍ය සටහනේ සඳහන් වන ආකාරයේ ප්‍රභූ ආරක්ෂක පනතක් මෙරට ක්‍රියාත්මක නොවන අතර ක්‍රියාත්මක වන්නේ, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත පමණි.
මෙම පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ,
- පාර්ලිමේන්තුවේ හෝ කාරක සභාවක යම් විවාදයක් හෝ කටයුතු පිළිබඳ යම් ව්‍යාජ හෝ අවවර්ෂික වාර්තාවක් සිතාමතා පළකිරීම නැතහොත් මන්ත්‍රීවරයකු විසින් පාර්ලිමේන්තුවේ දී හෝ කාරක සභාවේ දී පවත්වන ලද යම් කථාවක් සිතාමතා වැරදි ලෙස නිරූපණය කිරීම.
- පාර්ලිමේන්තුවේ හෝ කාරක සභාවක යම් විවාදයක් හෝ කටයුතු පිළිබඳ යම් වාර්තාවක් පළකිරීම පාර්ලිමේන්තුව විසින් තහනම් කර තිබිය දී එය සිතා මතා පළ කිරීම.
- පාර්ලිමේන්තු විවාද නිල වාර්තාවෙන් (හැන්සාඩ්) යම් වචන හෝ ප්‍රකාශ ඉවත් කළ යුතු යයි කථානායකවරයා විසින් නියම කරනු ලැබීමෙන් පසු ඒ වචන හෝ ප්‍රකාශ හෝ ඇතුළත් පාර්ලිමේන්තුවේ යම් විවාදයක් හෝ එහි කටයුතු හෝ පිළිබඳ යම් වාර්තාවක් ඕනෑකමින් පළ කිරීම.
- පාර්ලිමේන්තුවේ කටයුතු සහ එහි ස්වභාවය සම්බන්ධයෙන් යම් අපහාසාත්මක ප්‍රකාශයක් පළ කිරීම.
- මන්ත්‍රීවරයකු වශයෙන් යම් මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපය ගැන යම් අපහාසාත්මක ප්‍රකාශයක් පළ කිරීම.
- පාර්ලිමේන්තුව තුළදී හෝ කාරක සභාව තුළදී හෝ පාර්ලිමේන්තු භූමිය තුළදී යම් මන්ත්‍රීවරයෙකුට නින්දා කිරීම, පහර දීම සිතා මතා බාධා කිරීම
වැනි අවස්ථාවල ඒවාට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද කමිටුව හරහා පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද කඩ කළ අයෙකුට සිර දඬුවම් පැනවීම සහ දඩ නියම කිරීමේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනවා.
විශේශයෙන්ම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතට අනුව මන්ත්‍රීවරුන්ට ඕනෑම අදහසක් පළ කළ හැකිය. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට භාෂණයේ නිදහස සම්බන්ධයෙන් ලැබී ඇති සුවිශේෂී වරප්‍රසාදයකි.
එවැනි අවස්ථාවක ද ඔවුන් පාර්ලිමේන්තුවේදී සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් නොමඟ යවන සුළු ආකාරයේ හෝ ඔවුන්ගේ ප්‍රකාශ කිරීම් ප්‍රශ්න කරමින් සිදුවන වාර්තා කිරීම් සබන්ධයෙන් හෝ මැති ඇමතිවරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව හිමිවනවා.
මීට පෙර කාලවලදී වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන වලට එරෙහිව සිදුකළ පැමිණිලි සම්බන්ධයෙන් ද වාර්තා වී තිබෙනවා. ඇතැම් විට පසුගිය කාලයේ මැති ඇමතිවරු මාධ්‍ය මර්දනයට මන්ත්‍රීවරු පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද යොදා ගන්නා බවට ද චෝදනා එල්ල විය.
ඒ අනුව මැති ඇමතිවරුන්ට අපහාසාත්ම ප්‍රකාශ කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමිවන නමුත් ප්‍රභූ ආරක්ෂක පනතක් ක්‍රියාත්මක නොවේ.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
‘රාජ්‍ය නායකයා ඇතුළු ප්‍රභූන්ට අපහාසාත්මක ප්‍රකාශ කරන අයට ඉදිරියේදී ප්‍රභූ ආරක්ෂක පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවට වටගලගෙන් අනතුරු ඇඟවීමක්’ යනුවෙන් ප්‍රකාශයක් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ බවට නිල වාර්තා කිරීමක් හෝ අවස්ථාවක් නොමැති අතර එම සමාජ මාධ්‍ය සටහනේ සඳහන්වන ආකාරයේ ප්‍රභූ ආරක්ෂක පනතක් මෙරට ක්‍රියාත්මක නොවේ.
ඒ අනුව සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් බවට සඳහන්වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වේ.

Title:රාජ්‍ය නායකයා ඇතුළු ප්‍රභූන්ට අපහාස කරන අයට නීතිය ක්‍රියාත්මක කරන බව සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා ද?
Fact Check By: Piumika LakshaniResult: False
