FACT CHECK: 73 වන නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජනපතිඳුන් සිටි වේදිකාවේ පසුබිම සැකසුමේ “උළෙල” වචනයේ අක්ෂර වින්‍යාසය නිවැරදි ද?

Update: 2021-02-09 12:58 GMT

ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් අභිමාන පූර්වක සමරනු ලැබීය. ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රදානීන් සිටි වේදිකාවේ පසුබිම් සැකසුමේ “73 වන නිදහස් උළෙල” යනුවෙන් දිස්වෙන අයුරු ද නිරීක්ෂණය විය.

එම ඡායාරුපය යොදාගනිමින් හුවමාරු වූ සටහනකින් පෙන්වීමට උත්සාහ කර තිබුනේ එහි “උළෙල” නමැති වචනය සඳහා යොදාගෙන තිබු අක්ෂර වින්‍යාසය වැරදි බවක්. කෙසේනමුත් අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වුනේ එහි සටහන් වී තිබු “උළෙල” යන වචනයේ අකුරු පෙළ බහුතරයක් සිහල බස වියතුන් විසින් යොදාගනු ලබන එසේම පසුගිය වසර වලදී ද නිදහස් දින උළෙල යන්න සඳහා භාවිතා කල අකුරු පෙළ බවයි. කෙසේනමුත් පාළි බසට නැඹුරු වු කිහිප දෙනෙකු “උලෙළ” නිවැරදි බවට ද මතයක් දරයි.

සමාජ මාධ්‍ය සටහන්:

“උලෙළ කියලවත් හරියට ලියාගන්න බැරි "ස" ෆේල්ද... පාස්ද” තේමාවෙන් ජනාධිපතිතුමා සමඟ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති අසුන් ගෙන සිටින සේයාරුවක් සහිත සටහනක් Kasuni Gamage නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණි.

FacebookArchived Link

ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබුණ මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනයක් කරන මෙන් අප වෙත ඉල්ලීම් කිහිපයක් ද ලැබී තිබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම “උළෙල” වචනයේ නිරවද්‍යතාව පිළිබඳව අප සිහල බස වියතුන් කිහිප දෙනෙකුගෙන් විමසුවෙමු. සිංහල භාෂාවේ භාවිතා වන සාමාන්‍ය රීතිය අනුව ‘ල’ කාර දෙකක් එක ළඟ යෙදෙන විට මුර්ධජ ‘ළ’ පළමුව යෙදීම නිවැරදි බවත්, උදාහරණ ලෙස “සැළලිහිණියා, කළල” වචන ගෙනහැර පාමින්, අපට පෙන්වා දෙන ලදි. මෙය බහුතර මතය බවත්, එහෙත් අලිඛිත බසක්වු පාළි බසට නැඹුරුවු සුළුතරයක් උලෙළ ලෙස වදන් කිරීමට ද කටයුතු කරන බවත් පහදන ලදි.

“උළෙල” වචනයේ නිරවද්‍යතාව පිළිබඳව පරීක්ෂා කිරීමට අප අන්තර්ජාලයේ පළවී තිබු “සිංහල අක‍්ෂර වින්‍යාසය” නමැති මෙම වාර්තාව පරීක්ෂා කළෙමු. එහිදී ද අපට දැකගත හැකිවුයේ පහත පරිදි පැහැදිලි කිරීමක්.

(2)ල’ කාර දෙකක් එක ළඟ යෙදෙන විට මුර්ධජ ‘ළ’ පළමුව යෙදීම සාමාන්‍ය රීතියයි.

උදා : උළෙල , සැළලිහිණියා , කළල

තවත් වාර්තාවක් මෙතනින්

ලංකාදීප, දිවයින වැනි ප්‍රධාන ධාරාවේ මුද්‍රිත මාධ්‍යය පවා නිදහස් සමරුම වාර්තා කිරීමට “උළෙල” යනුවෙන් භාවිතා කර ඇති අන්දම නිරීක්ෂණය විය.

“අභිමානවත් 69 වන නිදහස් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරේ” යන තේමාවෙන් 2017 වසරේ රජයේ පුවත් දෙපාර්තමේන්තුව මඟින් පළකරන ලද සටහනක ද “උළෙල” යන්න පෙන්වා දී තිබුනේ මෙවර නිදහස් උත්සවයේ දක්වා තිබු අක්ෂර වින්‍යාසයමයි.

https://www.facebook.com/newslk/photos/a.484545861574474/1559345600761156/?__tn__=%2CO*F

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සිංහල භාෂාවේ ල’ කාර දෙකක් එක ළඟ යෙදෙන විට මුර්ධජ ‘ළ’ පළමුව යෙදීම බහුතරයක් දෙනා විසින් යොදාගන්නා විධික්‍රමය වන බැවින් “උළෙල” යනුවෙන් නිදහස් දින උත්සවයේ වේදිකාවේ පෙන්වා දී තිබු අක්ෂර වින්‍යාසය නිවැරදි අක්ෂර වින්‍යාසයක් බවයි. කෙසේවෙතත් පාළි භාෂාවට නැඹුරු සුළුතරයක් “උලෙළ” ලෙසද අකුරු කරන බවත් අපට දැනගන්නට ලැබුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:73 වන නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජනපතිඳුන් සිටි වේදිකාවේ පසුබිම සැකසුමේ “උළෙල” වචනයේ අක්ෂර වින්‍යාසය නිවැරදි ද?

Fact Check By: Sahan Parera

Result: False

Tags:    

Similar News