FACT CHECK: සුදර්ශන පැනිය ලොවපුරා රටවල් රැසකට බෙදා හැරීම අරඹා ඇති බවට උපහාසාත්මක කෝණයකින් ව්‍යාජ සටහනක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් බලයට පැමිණියේ සෞභාග්‍යයේ දැක්ම තේමාවෙන් ඉදිරිපත් කළ වැඩ වැඩසටහන් පෙළක් ද එළිදක්වමිනි. දේශීය නිෂ්පාදන දිරිමත් කිරීම මෙහි ප්‍රධාන අංගයක් විය. මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ සුදර්ශන නම් ආයුර්වේද පැණියක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ද ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගිය සතියේ මාධ්‍ය හමුවකදී පැවසීය. මේ […]

Continue Reading

FACT CHECK : නුවරඑළිය විපක්ෂ පා. මන්ත්‍රී රාධක්‍රිෂ්ණන්ගේ පුතාගේ විවාහ උත්සවය ඇඳිරි නීතිය මධ්‍යයේ කොළඹ තරු පගේ හෝටලයක තිබුණා ද?

බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟම එම නීති කඩකරමින් ක්‍රියා කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා දැනුම්දී තිබුණා. එවන් පසුබිමක කොළඹ ප්‍රධාන හෝටලයක පැවති විවාහ මංගල්‍යයක් සම්බන්ධයෙන් සටහන් රැසක් ඔක්තෝබර් මස 30 වැනිදා සමාජ මාධ්‍ය ජාලාවල පළවී තිබුණි. මේ අතර එසේ විවාහ මංගල්‍යය පැවැතියේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු […]

Continue Reading

FACT CHECK : තිස්සමහරාමයේ තරුණයාට කොරෝනා වැලඳුනේ ඔහු සේවය කල හෝටලයේ කැනේඩියානු ජාතිකයින් පිරිසකගෙන්ද?

කොරෝනා වෛරස් ආසාදනය නැවත වරක් ලංකාවේ සීග්‍රයෙන් පැතිරීමට පටන් ගෙන තිබෙන අතර පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකින්ම ආසාදිතයින් කිහිප දෙනෙක්ම වාර්තා විය. රෝගීන්ගේ මූලාශ්‍රය සොයමින්, එය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සමඟ පොලීසිය ඉමහත් වෙසෙක් දරයි. කොර‍ොනා රෝගය ආසාදනය වුයේ තමා සේවය කළ සංචාරක හෝටලයේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි කැනේඩියාණු ජාතිකයන් […]

Continue Reading

FACT CHECK : ඇඳිරි නීතිය අතරතුර ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් බස්නාහිර පළාතින් බැහැරට ගියාද?

දිනෙන් දින ලංකාවේ කොරෝනා රෝගී තත්වය වර්ධනය වීමත් සමඟ විවිධ ප්‍රදේශ මූලික කරගනිමින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කලා. මේ අතර ඔක්තෝබර් 29 වන බ්‍රහස්පතින්දා  මැදියම් රාත්‍රියේ සිට නොවැම්බර් මස 02 වැනි දින උදෑසන දක්වා බස්නාහිර පලාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර තිබුනා. මේ හා සමඟම ඇතැම් අය අගනුවරින් බැහැර ඇති සංචාරක […]

Continue Reading

FACT CHECK: සතියක් හුමාලය ආශ්වාස කිරීමෙන් කෝවිඩ්-19 වැළඳීම වළක්වා ගත හැකි බවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ නැත!

කෝවිඩ්-19 වෛරසය ආසාදනය වීම වළක්වා ගත හැකි ක්‍රම පිළිබඳව උපදෙස් දෙමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේද විවිධාකාරයේ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබේ. නිල පාර්ශවයන් විසින් ඉදිරිපත් නොකරන ලද විද්‍යාත්මක පසුබිමක් නොමැති සටහන් ද මේ අතර හුවමාරු වෙයි. IDH රෝහල්යෙන් ලබා දුන් උපදෙස් යයි දක්වමින් පසුගිය කාලයක් පුරා විටින් විට මතුවන ව්‍යාජ සටහනක් […]

Continue Reading

FACT CHECK : මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිනෙන නිසා MCC විරෝධී සිතුවමක් මකා දමන අවස්ථාවක් ද ?

මයික් පොම්පියෝ මහතා නිල සංචාරයක් සඳහා ඔක්තෝබර් 27 (ඊයේ) ලංකාවට පැමිණි අතර ඔහු ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ධූරය දරන පුද්ගලයායි.ඔහු මෙරටට පැමිනීමට පෙර සිටම මේ සංචාරය පිලිබඳව දේශපාලනික වේදිකාවේ කතිකාවතක් ඇතිවී තිබුණි. නිරෝදායන කටයුතු වලට ලක් නොවී මෙරටට පැමිණෙන බවත් රටට අහිතකර ගිවිසුම් සඳහා මෙම පැමිණීම සිදුවන බවත් මෙම සංචාරයට විරුද්ධව අදහස් දක්වන්නන් පවසා තිබුනි.  මේ […]

Continue Reading

TITLE : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!

ජනපති, අගමැති, අමාත්‍යවරුන් සහ විවිධ දේශපාල​නඥයින් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලය තුළ නොයෙකුත් සටහන් ඉදිරිපත් වේ. කාලීන සිදුවීම් හෝ උපහාසාත්මක කෝණයකින් ඇතැම් අවස්ථාවල මෙම සටහන් ඉදිරිපත් වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කරන බෙන්ස් මෝටර් රථයක් පිළිබඳව ඉදිරිපත් වී තිබූ සටහනක් පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වූයේ, ඔහු වර්තමානයේ භාවිතා කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන […]

Continue Reading

FACT CHECK: කොළඹ නගරය තුල සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොරෝනා අසාදිතයන් 937ක් හමවු වුනාද?

කොරෝනා වෛරස් ආසාදනය නැවත වරක් දිවයින පුරා ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමගම, සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ  මේ පිළිබඳව නොයෙකුත් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබුණා. මින් සමහර සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා නොමඟ යවන සුළු හෝ සාවද්‍ය සටහන් බවයි. කොළඹ නගරය තුල සිදුකළ අහඹු පරීක්ෂණ වලදී කොරෝනා අසාදිතයන් 937ක් හමවු බවට […]

Continue Reading

FACT CHECK : IDH රෝහලෙන් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් කොරෝනා වෛරසයේ pH අගය ගැන නිවේදනයක් නිකුත් කලේ නැත!

කොරෝනා රෝගය මෙරට තුල පැතීරීමේ වර්ධනයත් සමග රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා පිළිපැදිය යුතු සෞඛ්‍ය පිලිවෙත් යන තේමාවන්ගෙන් විවිධාකාරයේ තොරතුරු  ඇතුළත් සටහන් හුවමාරු වන බවක් අපට පෙනී යනවා. විශේෂයෙන්ම දේශීය බෙහෙත් වට්ටෝරුව මේ අතර බොහෝ වශයෙන් හුවමාරු වුවද කොවිඩ්19 ආසාදනය සඳහා මේ වන තෙක් කිසිඳු ඖෂධයක් සොයාගෙන නැති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයන නිර්දේශ කරන්නේ […]

Continue Reading

FACT CHECK : මෙහි පිළිකාවකට ගොදුරු වී පීඩා විඳින කාන්තාව සඳුනි තෙහන්සා නම් ලාංකික යුවතියක් ද?

විවිධ නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන රෝගීන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ කලින් කලට සටහන් ඉදිරිපත්වේ. මෙසේ ඉදිරිපත්වූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයන්ගෙන්  තහවුරු වී තිබුණේ බොහොමයක් නොමඟ යවන සුළු හෝ සාවද්‍ය සටහන් බවයි පිළිකාවට ගොදුරු වීමට පෙර සහ පසු ඡායාරූප සංසන්දනය කරමින්, සඳුනි තෙහන්සා නමැති රූමත් තරුණියක් පිළිකා රොගයෙන් පීඩා විඳින බව පෙන්වීමට යොදාගෙන තිබුනේ […]

Continue Reading

FACT CHECK : ෆේස්බුක් සටහනකට කමෙන්ට් කර ශෙයාර් කිරීමෙන් එම ආයතනය විසින් මුදල් ලබාදීමක් සිදුවන්නේ නැත!

ෆේස්බුක් සහ වට්සැප් වැනි ආයතන මඟින් පරිශීලකයින් වෙත නොයෙකුත් ආකාරයේ ත්‍යාග හෝ ආධාර මුදල් පිරිනමන බවට සාවද්‍ය සටහන් අපට නොයෙකුත් අවස්ථාවන්හිදී දැකගනන්ට ලැබෙනවා.  මේ අතර @Facebook:DONATE ලෙස කමෙන්ට් කිරීමෙන් ෆේස්බුක් ආයතනය මඟින් ඔබට රිලෝඩ් ලෙස මුදල් ලබාදෙන බවට සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් පිලිබඳ කරුණු අනාවරණය කිරීමට අපට හැකි වුණා. සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සටහන් : […]

Continue Reading

FACT CHECK : කුඩා දරුවෙකුගේ ඡායාරුපයක් හුවාමාරු කර ගන්නා ප්‍රමාණයට මුදල් ලැබෙන බවට ව්‍යාජ සටහනක්!

විවිධාකාරයෙන් රෝගී තත්වයන්ට ලක් වූ අය වෙනුවෙන් උදව් ඉල්ලමින් පළවන සටහන් නිතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වෙනු දැකගනන්ට පුළුවන්. ගිනුම් අංක පවා සටහන් කරමින් මුදල් බැර කරන ලෙසට ඉල්ලා මෙසේ පල කරන ෆේස්බුක් සටහන් අතර සත්‍ය ඒවා මෙන්ම පාඨකයා මුලා කරන ආකාරයේ වැරදි තොරතුරුත් බොහොමයක් දකින්නට පුලුවන්.  මේ අයුරුන්ම ෆේස්බුක් සටහනක් හුවමාරු කර ගැනීමෙන් […]

Continue Reading

FACT CHECK: මයික්‍රොවේව් උදුන්වල ආහාර පිසීම සෞඛ්‍ය ආරක්ශිත නොවන බවට ජපාන රජය පැවසුවා ද?

මයික්‍රෝවේව් උඳුනේ පිසින ලද ආහාරවල සෞඛ්‍ය සුරක්ශිත  බව පිලිබඳව ප්‍රශ්න කිරීම් විවිධ අවස්ථාවලදී අපට දැකගන්නට පුලුවන්. විශේෂයෙන් ම මයික්‍රොවේව් උඳුන් වල පිසින් ලද ආහාර කෑමට ගැනීමෙන් පිලිකා වැනි තත්වයන් ඇති විය හැකි බවට මතයක් ඇතැමුන් අතර පවතිනවා.  මෙවන් පසුබිමක ජපාන රජය විසින් මයික්‍රොවේව් උඳුන් එරට තුල විනාශ කිරීමට තීරණය කර ඇති බවට පුවත් පෙළක් ලංකාවේද […]

Continue Reading

FACT CHECK : ලංකාවේ තරුණයෙකු HIV ඒඩ්ස් ආසාදනය සුව කිරීමට එන්නතක් සොයා ගත්තා ද?

කලින් කලට HIV ඒඩ්ස් රෝගය වෙනුවෙන් බෙහෙත් සොයා ගත් බවට පුවත් සමාජ ජාලා වල හුවමාරු වන බව අපට දැකගනන්ට පුළුවන්. විවිධ මට්ටමෙන් පර්යේෂණ රැසක් වසර ගණනාවක් පුරා සිදුවුණද දේශීය මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යා පර්යේෂකයින්ට ද ඒඩ්ස් රෝගය මැඩලීමට සාර්ථක එන්නතක් මේ වනතෙක් සොයා ගණනට හැකිවී නැහැ.ඇමරිකානු ජනපති පසුගිය ජුනි මාසයේ ඒඩ්ස් එන්නතක් පිලිබඳ සිදුකළ සාවද්‍ය […]

Continue Reading

FACT CHECK : කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවන්ගේ මතයන් ලෙස ඉදිරිපත් වූ අසත්‍ය සටහන් පෙළක්!

රිෂාඩ් බදුර්දින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම, ඇඟලුම් කර්මාන්ත ශාලාවක් හරහා කෝවිඩ්-19 අසාදනය ව්‍යාප්තවීම සහ පාතාල නායක මධුෂ්ගේ මරණය වැනි කාලීන සිදුවීම් අළලා සමාජ මාධ්‍ය ජාලයෙහි විවිධ සටහන් ඉදිරිපත්වී තිබුණි. ඉහත සිදුවීම් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන්ගේ අදහස් ලෙස ෆේස්බුක් ජාලයෙහි ඉදිරිපත් වී තිබු සටහන් අතරින් බොහොමයක් පිළිබඳව අප සිදු කළ කරුණු  විමර්ශනයේදී සනාථ […]

Continue Reading

FACT CHECK: ක්ෂණික නූඩ්ල්ස් නො ඇලී පවත්වා ගැනීමට සෘජුෆෝම් බඳුන් සෑදීමට යොදා ගන්න වැක්ස් එකතු කරන්නේ නැත!

අප ආහාරයට ගන්නා ඇතැම් දෑ අපගේ ශරීරයට අහිතකර සංයෝග එකතු කරමින් නිපදවා ඇති බවට විවිධ අවස්ථාවලදී දැනගන්නට ලැබෙනවා. බොහෝවිට ක්ෂණික ආහාර ද්‍රව්‍ය වල ශරීරයට අයහපත් සංඝටක ඇති බව අපට විටින් විට අසන්නට ලැබෙනවා. මේ ආකාරයට පසුගිය දින වල බොහෝ ලෙස ෆේස්බුක් හරහා හුවමාරු වූ පුවතකින් කියවුනේ ක්ෂණික නුඩ්ල්ස් සැකසීමේදී ඒවා නො ඇලී වෙන්ව පවත්වා ගැනීමට […]

Continue Reading

FACT CHECK : රිෂාඩ් බදුර්දීන් සඟවා ගෙන සිටියේ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකු ද?

පසුගිය ජනපතිවරණ සමයේ සිදුවීමකට අදාළව රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම ඇතුළු චෝදනා මත වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා  පොලිසියට උපදෙස් දුන් බව ප්‍රධාන මාධ්‍යයන්හි වාර්තා විය. ඒ හා සමඟම මන්ත්‍රීවරයා සොයා රහස් පොලීසිය ඇතුළු කණ්ඩායම් මෙහෙයුම් දියත්කළ අතර ඔහුව අත්අඩංගුවට පත්වීමට පමා වීම පිලිබඳ විවිධාකාරයේ උපහාසාත්මක සටහන් රැසක්ද සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: විමල් වීරවංශ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ බවට පළවූ අසත්‍ය සටහනක්!

විමල් වීරවංශ අමාත්‍යවරයාට කොරෝනා වෛරස් රෝගය වැළඳී ඇති බවට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පසුගියදා පළවූ සටහනක් පිළිබඳව සිදුකළ කරුණු විමර්ශනයනයකදී අපට අනාවරණය වූයේ ඔහු මේ වන තෙක් මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් එය අසත්‍ය පුවතක් බවත්ය. “විමල් වීරවංශ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇත. ජාත්‍යන්තර කුමන්ත්‍රණ ද මන්දා” වදන් රැගත් සටහනක් Dilshan Silva නමැත්තෙකුගේ ෆේස්බුක් […]

Continue Reading

FACT CHECK : කමල් ගුණරත්න මහතා රිෂාඩ් බදියුදීන්ගේ ගුණ ගැයූ බවට පළවූ නොමඟ යවන සුළු සටහන්

ඔක්තෝබර් මස පළමුවැනිදා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේ පැවැති රාජ්‍ය උත්සවයකට ආණ්ඩුකාරවරු මෙන්ම රාජ්‍ය නිලධාරින්ද රැසක් සහභාගි විය. මෙහිදි වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ආරධිතයන් සමග සුහදව සංවාදයේ යෙදෙන අයුරු දක්නට ලැබුණි. එමෙන්ම ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සිය කථාවේදි රිෂාඩ් බදියුදීන් මහතා පිළිබඳව සඳහන් කරනු ද නිරීක්ෂනය විය.  […]

Continue Reading

FACT CHECK : වසර 7ක් පැරණි ඡායාරුපයක් වැරදි අර්ථකතනයක් සහිතව හුවමරු වූ අවස්ථාවක්!

ලෝව වෙනත් රටවල හුවමරු වන සටහන් ද සිංහල බසින් විවිධ අර්ථකතනයන් යටතේ හුවාමාරු වන අවස්ථා අපට දැකගන්නට පුළුවන්. මේ අතර නොයකුත් අවස්ථා වල වැරදි අර්ථකතනයන් යටතේ හුවමාරු වන සටහන් ද අපට දැකගනන්ට පුළුවන්. එසේ හුවමාරු වූ සටහනක දක්වා තිබුනේ පවුලේ අය කිසිවෙකු සොයා බැලීමට පැමිණ නැති අවස්ථාවක, තමා කාලයක් තිස්සේ කෑම දුන් පරෙවියා වයස්ගත පුද්ගයලෙකු […]

Continue Reading