එළඹෙන ජනාධිපති කරන මැතිවරණයේදී විකල්ප කණ්ඩායම් එකට එක්ව තරඟ වැදීමේ සුදානමක ඇති බව පිලිබඳ විවිධාකාරයේ ආරංචිමාර්ග පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ සෙයින් දැකගන්නට හැකිවිය. නමුත් මේ වන තෙක් නිල වශයෙන් එබඳු සන්ධානගත වීමක් සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

එවැනි පසුබිමක, ජාතික සංවර්ධන පෙරමුණෙහි ජනාධිපතිධුර අපේක්ශක රොහාන් පල්ලෙවත්ත මහතා සියලුම විකල්ප කණ්ඩායම් එකට එකතු කර මෙවර ජනාධිපතිවරනයට එක පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන බව සඳහන් කල ද මේවන විට එම අදහස වෙනස් වී ඇතැයි යනුවෙන් පුවත් කිහිපයක් ඊයේ (22) සවස් භාගයේ සිට විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු අපට දක්නට ලැබුණා.මෙම පුවත් සඳහා මුලික වී තිබුණේ lkreports.com නමැති වෙබ් අඩවියක් මඟින් පළකරන ලද “මහේෂ් UNP බළල් අතක්. මෙතෙක් නිහඬව සිටි පල්ලෙවත්ත fb පිටුව තහවුරු කරයි.” යනුවෙන් පහත පරිද්දෙන් පළවූ ලිපියකි

Lk Reports WebArchived Link

පසුව එම පුවත හා සබැඳි විවිධ ආකාරයේ ෆේස්බුක් සටහන් රාශියක් ද අපට දැක ගන්නට ලැබුණා

Facebook LinkArchived Link

පාර්ශව කිහිපයක් මගින්ම මෙම පුවත සැක සහිත ප්‍රවෘත්තියක් ලෙස සඳහන් කර තිබූ නිසා සහ විශාල වශයෙන් හුවමාරු වෙමින් පැවති පුවතක් බැවින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු

Fact Check (සත් තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත ප්‍රකාශය සිදු කරන්නට මුල්වූ කාරණය වශයෙන් වෙබ් පිටුවේ දක්වා තිබුණේ Social Democratic Party of Sri Lanka (ජාතික සංවර්ධන පෙරමුණ) පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව මගින් පලකරන ලදැයි පැවසෙන අදහස් දැක්වීමක් (comment එකක්) පාදක කරගෙනය.

“පොදු විකල්ප අපේක්ෂකයා ලෙස අබිමන් ලංකා ව්‍යාපාරය ආචාර්ය රොහාන් පල්ලෙවත්ත තෝරාගන්නා විට මහේෂ් සේනානායක කියල කෙනෙනෙක් හිටියේ නෑ. පසුව ඔහු මතුවන්නේ මාසෙන් මාසෙට අපේක්ෂකයෝ ඉදිරිපත් කල NPM සංවිධානය හරහා. ඔහු චන්දයට ඉදිරිපත් වී සිටින්නේ UNP බළල් අතක් වන, උග්‍ර ප්‍රේමදාස හිතවාදී ශ්‍රීනාත් පෙරේරා මහතාගේ පක්ෂයෙන්. එබැවින් ඔබේ ප්‍රශ්නය ඔවුන්ට ඉදිරිපත් කරන්න.” යනුවෙන් ෆේස්බුක් පාඨකයෙක් නැඟු ප්‍රශ්නයකට පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව හරහා ලබා දුන් පිළිතුරක් ලෙස දක්වා තිබුණි.

නමුත් ඉහත අදහස් දැක්වීම (comment එක) මෙම වෙබ් අඩවිය ඔස්සේ පෙන්වා දී තිබුනේ ඉතා කුඩා ප්‍රමාණයෙන්. එසේ දක්වා තිබූ ඡායාරූපය විශාලනය (zoom) කර පරීක්ෂා කිරීමේ දී ප්‍රකාශිත සටහනම ඉහත පරිදි එහි තිබූ නමුත් එම ඡායාරූපය කුඩා කර (low resolution version) දමා තිබුණි.

මෙහිදී තවදුරටත් පෙනී යන්නේ මලිත් ජයසිංහ (Malith Jaysinghe) නැමැත්තෙක් විසින් “රොහාන් මහේෂ්ට සහයෝගය නොදී වෙනම යන්න හේතු දැක්වීමක් කළ යුතුයි” යනුවෙන් සිදු කර ඇති අදහස් දැක්වීමකට පිළිතුරක් වශයෙන් පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව මගින් ඉහත ප්‍රකාශය ලබාදී ඇති බවයි.

මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා ගැනීම සඳහා අප විසින් ඊයේ සවස (22) , Social Democratic Party of Sri Lanka නිල ෆේස්බුක් පිටුව ඔස්සේ පළ වී තිබූ සටහන් පරික්ෂා කරන ලද අතර එහි දී ප්‍රකාශිත සටහන සොයා ගැනීමට නොහැකි විය. එබැවින් පක්ෂය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහිදී ඔවුන් පවසා සිටියේ තම නිල ෆේස්බුක් පිටුව පරිපාලකයින් හත් දෙනෙක්ගෙන් පාලනය වන බවත්, මේවන විටත් ඔවුන් සියළු දෙනාගෙන්ම අදහස් විමසන ලද අතර, ඔවුන් කිසිවකු විසින් වැරදීමකින් හෝ එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවට සහතික වී ඇති බවයි.

එම ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී අපට පැහැදිලි වන්නේ ඇත්ත වශයෙන්ම, පරිපාලකයින් 11 දෙනෙකු දැනට මේ පිටුව සම්බන්ධයෙන් කටයුතු කරන බවයි

කෙසේ වෙතත් මේ පිළිබඳව අනෙක් පාර්ශ්වයන්ගෙන්ද තොරතුරු විමසිය යුතු බැවින් ප්‍රකාශිත ඡායාරූපයේ පෙන්වා දී තිබූ Malith Jayasinghe නමැත්තා සමඟ ෆේස්බුක් සංවාදයක යෙදුණු අතර එහිදී ඔහුගෙන් මේ පිළිබඳව කිහිප දෙනෙක්ම විමසා සිටිය බවද පවසා සිටියා. එබැවින් ඒ සඳහා පිළිතුරක් ලබාදිය යුතුයැයි හැඟෙන හෙයින් ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකර තිබුණේ “මෙහෙම රිප්ලයි එකක් මට ආවෙ නෑ. මේක දේශපාලනික වාසි වෙනුවෙන් කරපු වැඩක්. සමහරු මැසේජ් කර කර ඇත්තද අහන නිසා මේක දාන්න හිතුවෙ.” යනුවෙනි

Malith Jayasinghe FB LinkArchived Link

තවද ප්‍රකාශ සාවද්‍ය යැයි සඳහන් කරමින් වෙබ් අඩවියේ පළමු ලිපියට අදහසක් යොමුකල අයෙකුට පිළිතුරක් වශයෙන් වෙබ් අඩවියෙහි පළකර තිබුණේ මෙබඳු පිළිතුරකි.

වෙබ් අඩවියේ සඳහන් කරන්නේ පහත දැක්වෙන සටහනට Malith Jayasinghe නැමැත්තෙක් විසින් යෙදූ අදහසකට (comment) පිළිතුරක් වශයෙන් පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවෙන් එම පිළිතුර ලබාදී ඇති බවත් මේ වනවිට එම සංවාද සියල්ල මකා දමා ඇති බවත් තමා සතුව සියලුම සාක්ෂි ඇති බවත්ය.

Facebook Link where the original conversation took place (now coversation is deleted) as per the websiteArchived Link

මේ පිළිබඳව විමසීමක් අදාල වෙබ් අඩවියේ ෆේස්බුක් ගිණුමෙන් සිදුකරන ලද අතර එහිදී ඔවුන් පවසා සිටියේ රොහාන් පල්ලෙවත්ත මහතාගේ කීර්තිනාමයට කිසිදු හානියක් සිදු කිරීමට තම වෙබ් අඩවියට අවශ්‍යතාවයක් නැති බවත්, මේ මොහොතේ දී මේ කාරණය පිළිබඳ මීට වඩා තොරතුරු ලබාදිය නොහැකි බවත්, අදාළ කොමෙන්ටුව (comment) සහිත screenshot තම ලිපියේ පල කර ඇති බවත්ය

Update : අපගේ මුලික කරුණු විමර්ඉශනයෙන් අනතුරුව, ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තම අදහස් ඉදිරිපත් කරමින් නිල ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර තිබුනේ “අප පක්ෂයෙහි නිල ෆේස්බුක් පිටුවෙහි පළ වුනා යැයි කියන කමෙන්ටුවක් සම්බන්ධයෙන් ඉහත සඳහන් කල පුවත පල කර ඇති අතර, ඒ පිළිබඳව අප වැඩිදුරටත් විමර්ෂණය සිදු කරන බවත්, එය කිසිසේත්ම අප පක්ෂයේ හෝ රොහාන් පල්ලෙවත්ත මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් නොවන බවටත් ඉතාමත් කාරුණිකව නැවත අවධාරණය කරනු කැමැත්තෙමු.” යනුවෙනි.

Facebook LinkArchived Link

අවසාන නිගමනය

මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ප්‍රකාශයට මුල් වූ ෆේස්බුක් පිළිතුර වැන්නක් ජාතික සංවර්ධන පෙරමුණේ (Social Democratic Party of Sri Lanka) ෆේස්බුක් පිටුව හරහා තමාට ලැබුනේ නැති බව ප්‍රශ්නය නැගු තැනැත්තා (Malith Jayasinghe) විසින් තහවුරු කර ඇති බවයි. නමුත් ලිපිය පල කළ වෙබ් අඩවිය මෙම ප්‍රකාශයට අදාළ කොමෙන්ටුව (comment) සත්‍ය බවත් එය මේ වන විට මකා දමා ඇති බවත් පවසන අතර ඊට අදාළ පැහැදිලි (high resolution) රූප රාමු පෙළක් අප වෙත යොමු කර තිබුණා.

අපගේ මුලික විමර්ශනයෙන් පසුව ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින්, ඉහත ප්කි‍රකාශ කිසිසේත්ම එම පක්ෂයේ හෝ රොහාන් පල්ලෙවත්ත මහතා විසින් සිදු කරන ලද ප්‍අනුමත නොකරන බව පෙන්වා දී තිබුණා.

මේ අනුව ඉහත ලිපියට අදාල ෆේස්බුක් කොමෙන්ටුවට මුල්වූ හේතුව, එනම්  කිසියම් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් ගිණුමට ඇතුල් වීමෙන් සිදුකරන ලද්දක්ද, ව්‍යාජව සංස්කරණය කරන ලද්දක්ද ආදී වශයෙන් සිදුවිය හැකිව තිබූ කාරණා පිළිබඳව විමර්ශනයක් සිදු වන බවද අපට දැනගන්නට ලැබුණා

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:මහේෂ් UNP බළල් අතක්. මෙතෙක් නිහඬව සිටි පල්ලෙවත්ත fb පිටුව තහවුරු කරයි?

Fact Check By: Sahan Perera

Result: Mixture