
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පකය් පරිදි රාජ්‍ය ආයතන කාර්යක්ශමව සහ වඩාත් ඵලදායි අන්දමින් පවත්වාගෙන යාම සඳහා වඩාත් සුදුසු නිලධාරීන් තෝරා ගැනීමේ අභිලාෂයෙන්, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ සභාපතිතවයෙන් යුතුව ආචාර්ය නාලක ගොඩහේවා, සුසන්ත රත්නායක සහ ඩයන් ගෝමස් මහත්වරුන්ගෙන් සැදුම් ලත් සිව් පුද්ගල මණ්ඩලයක් පත් කළ අතර මෙම තනතුරු සඳහා වෘත්තිමය සුදුසුකම් ඇති පුද්ගලයින්ට එම තනතුරු සඳහා අයදුම්පත් එවන ලෙසට පුවත්පත් දැන්වීමක් පළ වී තිබුණි.
මෙවන් පසුබිමක් යටතේ රවිනාත් විජේසේකර නමැති ෆේස්බුක් පිටුවක, “රාජපක්සවාදයේ ව්‍යාජයන් හෙළිවීම.” යන තේමාව යටතේ, “රාජ්‍ය ආයතනවල තනතුරු සඳහා ඥාතීන් පත් කරන්නේ නැත. රාජ්‍ය ආයතන සඳහා පත් කරන්නේ කැඳවූ අයදුම්පත් අතරින් විද්වත් මණ්ඩලයක් මගිනි. ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයට පත්වූ චමල් රාජපක්ෂගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂට උණුසුම් සුභ පැතුම්” යන කෙටි කථාංශයද සහිතව සටහනක් පසුගිය දෙසැම්බර් මස 13 දින ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබිණි.

Link | Archived Link |
මේ අයුරින්ම අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යන ලේක්හවුස් ආයතනයේ සභාපති ධූරය සඳහා හිටපු ජනමාධ්‍ය අංශයේ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා පත්කර ඇති බවට ද වාර්තා රැසක් පසුගිය දෙසැම්බර් මාසයේ මුල පළවී තිබෙනු දක්නට ලැබුණි.

FB Post | Archived Link |
ඉහත පත්වීම් දෙකම පදනම් විරහිත සටහන් බව බොහෝ දෙනෙක් පෙන්වා දී තිබූ අතර එම ආයතන දෙකටම නිල වශයෙන් සභාපතිවරුන් පත්වීමෙන් අනතුරුව මේ පිළිබඳව විග්‍රහයක් සිදු කිරීමට අදහස් කළෙමු.
Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හෝ ලේක් හවුස් ආයතනයට ආචාර්ය චරිත හේරත් මහතා ඉහත සඳහන් දිනවලදී පත්කිරීමක් පිලිබඳ කිසිඳු නිල විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක වාර්තා කර නොතිබුණු නිසා මේ පිළිබඳව කරුණු සෙවීමට ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටු පරික්ෂා කෙරුවෙමු. 2019 දෙසැම්බර් මස 13 දිනම ඔහුගේ පිටුවේ යොදා තිබු පහත සටහන නිිරීක්ෂණය විය.
“කිසියම් සංවිධානත්මක පිරිසක් විසින් “ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා” ලෙස මා පත්කර ඇතැයි යනුවෙන් අසත්‍ය ප්‍රචාරයක් පතුරුවමින් සිටියි. නව රජය පත්වීමත් සමඟ මා විසින් රජයේ හෝ වෙනත් ආයතනයක කිසිඳු තනතුරක් බාර නොගත් අතර, මොනරාගල ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා දිනපතා මාගේ දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිටියි. එබැවින්, දේශපාලන වශයෙන් පරාජය වූ ඇතැමුන් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිමි.”

Link | Archived Link |
2020 ජනවාරි මස 6 වන දින සිට බලපවත්වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති සහ අධ්‍යක්ෂක ධූරයෙන් ඉල්ලා අස්වන බව පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා දන්වා තිබූ බව නිල මාධ්‍ය සියල්ලකම වාගේ පළකර තිබුණි
Rupavahini News | Ada Derana |
විධිමත්, කාර්යක්ෂම සහ සඵලදායී රාජ්‍ය සේවයක් උදෙසා ජනාධිපතිතුමා ලබා ගන්න ලද තින්දු තීරණ රැසක් අතර රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනයද වූ අතර එහිදී ලක්ෂ විස්සක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්ෂ දෙක හමාරක් දක්වා අඩු කිරිම කැපී පෙනෙන කරුණක් විය.
2020 ජනවාරි සිද්ධවෙන දින පළ වූ ප්‍රවෘත්ති වාර්තා සියල්ලකම වාගේ තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ රොහාන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා වශයෙන් පත්කර ඇති බව දන්වා තිබුණා

Ru News | NethNews |
ඉහත ආකාරයටම ආචාර්ය චරිත හේරත් මහතා ද ලේක්හවුස් ආයතනයේ සභාපති වශයෙන් නිර්දේශ වීම පිළිබඳව ප්‍රවෘත්ති රැසක් පසුගිය දෙසැම්බර් මස මුල් දින කීපයේදී දක්නට ලැබුණ ද ඔහු විසින් එම පත්වීම් බාරගත් නොගත් බව පුවත්පත් වාර්තා කිහිපයක සඳහන් වී තිබූ අතර ඊට දින කීපයකට පසුව, දෙසැම්බර් මස 16 වැනිදා ඩබ්ලිව්. දයාරත්න මහතා එම ආයතනයේ සභාපති වශයෙන් වැඩ භාරගත් බව එම ආයතනයේ දිනමිණ පුවතතේ පළකර තිබුනේ මෙලෙසිනි.

Dinamina | Lakehouse.lk |
අවසාන නිගමනය
අපගේ කරුණු විමර්ශනයෙන් සනාථ වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති වරයා ලෙස පත් වී ඇත්තේ ප්‍රසිද්ධ ව්‍යාපාරික රොහාන් ප්‍රනාන්දු මහතා බවය. එනිසා රවිනාත් විජේසේකර නමැති ෆේස්බුක් පිටුවක, “රාජපක්සවාදයේ ව්‍යාජයන් හෙළිවීම.” යන තේමාව යටතේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට පත්කර ඇති බවට පළවන වාර්තාවද ආචාර්ය චරිත හේරත් මහතා ලේක්හවුස් ආයතනයේ සභාපති වශයෙන් පත්වීමද සම්පූර්ණයෙන්ම අසත්‍යය සහ සාවද්‍ය වාර්තාවන් බවට නිගමනය කරමු.

Title:ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිධුරය පිළිබඳ පළ වූ අසත්‍ය ප්‍රකාශ
Fact Check By: Sahan PereraResult: False
