
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ තදින්ම පැතිර ගොස් ඇති නවක වදය ඉතා අමානුෂික මුහුණුවරක් ගන්නා බවත්, මේ නිසාම සිසු සිසුවියන් කිහිප දෙනෙකු ආබාධිත තත්ත්වයට හෝ මරණයට පත් වූ බවටත් මෑත කාලයේ දී වාර්තා විය. විශ්ව විද්‍යාලයන්හි පාලනාධිකාරිය ද නවක වදය මැඩලීමට විවිධ පියවර ගත්තද එතරම් සාර්ථක ප්‍රතිඵල අත් වී නොමැති බව පෙනේ. නවක වදයට බියෙන් බොහෝ සිසු සිසුවියන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද නතර කර දමා ඇති බවටද වාර්තා පළ විය. මේ නිසාම ලංකාවේ විශ්ව විද්‍යාල තුළින් නවක වදය අමානුෂික අන්දමින් සිදුවීම සම්පූර්ණයෙන්ම තුරන් කළ යුතු බවට ප්‍රබල මහජන මතයක් ගොඩනැඟී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිලිගැනීමේ සාදයකදී ටයරයක් වැදී කළමණාකරන පීඨයේ නවක ශිෂ්‍යයකු වන පසිඳු හිරුෂාන්ගේ හිසට සිදුවු බරපතල තුවාල නිසා, ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බවට සෑම විද්‍යුත් මෙන්ම මුදිත මාධ්‍යකම වාගේ වාර්තා රැසක් පසුගිය දින කිහිපයේදී පලවී තිබුණි. ඒ සමගම සමාජ මාධ්‍ය ජාලයන්හි මෙම ශිෂ්‍යයා පිළිබඳව නොයෙකුත් ප්‍රවෘත්ති මැවෙන්නටද පටන් ගත්තේය. බොහෝදෙනා මෙම ශිෂ්‍යයාට ඉක්මන් සුවය පැතූ අතර රජය නවක වදය පිළිබඳව දැඩි පියවර ගත යුතු බවටද යෝජනා වී තිබුණි. එහෙත් ජයවර්ධනපුර ශිෂ්‍ය සංගමය පවසා සිටියේ මෙය නවකවදය හේතුවෙන් සිදුවූ සිදුවීමක් නොවන බවයි.
මෙවන් පසුබිමක “නවක වදය ගොදුරක් වුණු ජයවර්ධනපුර සිසුවා මිය යයි නිවන් සුව ලැබේවා!!” තේමාව යටතේ පසිඳු හිරුෂාන් ශිෂ්‍යයාගේ සේයා රුව සහිත සටහනක්, Sadu Sadu නැමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ආරම්භ වී තිබුණු මෙම සටහනට ප්‍රතිචාර සටහන් රැසක් ද හිමිව තිබුණි. බොහොමයක් ප්‍රතිචාරවලින් යෝජනා වී තිබුණේ මෙවැනි අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් නොකරන ලෙසටය.

FB Link | Archived Link |
තවත් එබඳු සටහන් පෙළක් මෙලෙසින්..
Link | Archived Link | Link 2 | Archived Link 2 | Link |


ගෝතයා නැමැති ෆේස්බුක් පිටුවකද “කාලකන්නි නවක වදයෙන් බැට කා සිසුවා මීට සුළු මොහොතකට පෙර මිය ගියේය” තේමාවෙන් මේ හා සමාන සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. “ඇත්තටම දුකයි සහෝදරයා..කාලකන්නි සක්කිලි බල්ලො නිසා අද උබට මේ ඉරනම අත් උනාට. උබට උනු මේ දේට මුලු පරිපාලන පද්ධතියම වගකිව යුතුයි” යන කථාංශයද එහි අන්තර්ගත ව තිබුණේය.
FB Link | Archived Link |

මෙම සටහනට ද ලැබූ තිබුණු ප්‍රතිචාර අතර පසිඳු හිරුෂාන් තවමත් රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින බවත්, අසත්‍ය ප්‍රකාශ නොකරන ලෙසත් ඉල්ලා තිබූ බැවින්, සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
පසිඳු හිරුෂාන් ශිෂ්‍යයාගේ තත්වය පිළිබඳව ප්‍රධාන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයන්හි පලවන ප්‍රවෘත්ති පරික්ෂා කළෙමු. මාර්තු මස 10 දින හිරු රූපවාහිනී නාලිකාව සිය රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේදී ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා උපුටා දක්වමින් වාර්තා කළේ පසිඳු හිරුෂාන් ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බවය
පසිඳු හිරුෂාන් අද දින උදෑසනද කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU1) ප්‍රතිකාර ලබන බව මාධ්‍ය වාර්තා කිහිපයකම දැකගන්නටද හැකි විය.

ශිෂ්‍යයාගේ නවතම තත්වය දැන ගැනීම පිණිස අප කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂකතුමාගේ කාර්යාලයට අද (11) උදෑසන දුරකථන ඇමතුමක් ලබා ගත්තෙමු. එම කාර්යාලයේ ප්‍රදීප් ෆර්නැන්ඩු මහතා අප සමඟ සම්බන්ධ වී අවධාරණය කළේ සිසුවාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි.
පසිඳු හිරුෂාන් ශිෂ්‍යාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තවදුරටත් කරුණු සනාථ කරගැනීමට අපගේ විමසුමේදී රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රසිද්ධ හෙදි නිලධාරිණියක් වන පුෂ්පා රම්‍යාණි සොයිසා මහත්මිය විසින් ඇයගේ ෆේස්බුක් පිටුවේ මෙම ශිෂ්‍යාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව යාවත්කාලීන කරන ලද සටහන් කිහිපයක්ම මෙසේ නිරීකෂණය විය.

Link1 | Link2 | Link3 |
Archived Link1 | Archived Link2 | Archived Link3 |
මේ අතර පසිඳු හිරුෂාන් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මිරිහාන පොලීසියට කැඳවූ සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා කිහිපයක්ද දක්නට ලැබුණි
Newsfirst | Dinamina |
මහා ශිෂ්‍ය සංගමය ලෙස පසිඳුට හා ඔහුගේ සමීපතමයන් වෙත මෙම සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන අතර ඉක්මන් සුවය ලබා නැවත අධ්‍යාපන කටයුතු සදහා විශ්වවිද්‍යාලය වෙත පැමිණෙන්නේ යැයි අප අපේක්ෂා කරන්නෙමු යනුවෙන් සටහනක් Students’ Union – Japura ෆේස්බුක් පිටුවේද දක්නට ලැබුණි.

සිසුවාට ඉක්මන් සුවය පතමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සිසුන් ආගමික වතාවත් වල යෙදෙන අයුරු අපට මෙසේ දැකගන්නට ලැබුණා
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පසිඳු හිරුෂාන් ශිෂ්‍යයා මේ වනවිට ක්‍රමානුකූලව සුවය ලබමින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහු මියගිය බවට පළ වන සියලුම ෆේස්බුක් ජාලයේ සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් බවට නිගමනය කරමු
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:ටයරයක් වැදී ප්‍රතිකාර ලබමින් සිටින ජපුර සිසුවා මියගිය බවට සාවද්‍ය ප්‍රකාශ පෙළක්
Fact Check By: Sahan PereraResult: False
