
සිංහල සහ දෙමළ අවුරුද්ද සැමරීම ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රධාන උත්සවයක් වේ. එහෙත් මෙවර කොරෝනා වෛරස් ආසාදන ව්‍යාප්තිය මර්දනය කිරීම පිණිස රජය ඇඳිරි නීතිය පනවා සමාජ සමාජ දුරස්ථ භාවය පිළිබඳ ජනතාවට අවවාද කර තිබූ බැවින් ශ්‍රී ලාංකිකයන් සිංහල සහ දෙමළ අවුරුද්ද සැමරීමේ කටයුතු සහ වත් පිළිවෙත් තම නිවෙස්වලට සීමාවී තිබුණි.
මෙවන් පසුබිමක “රටේ ජනතාවට ලමයෙකුට ඇදුමක් අරන්දෙන්න විදිහක් නැහැ. කනකර උගස්. කන්න ලුනු කැදත් නැහැ.උන් සමරලා ගජරාමේට.” තේමාව යටතේ Ranjit Weerakoon නැමැත්තෙකු “sajith with ස්වෙච්ඡා බලය” නමැති සමුහයක අග්‍රාමාත්‍යතුමා සිය පවුල සමඟ අවුරුදු චරිතවල නිරත වෙන අයුරු පෙන්වන ඡායාරූප රැසක් සහිත සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.
ඡායාරූප සමූහයෙන් දැක්වීමට උත්සාහ කරතිබුනේ රටේ ජනතාව මෙතරම් දුෂ්කර තත්වයක සිටියදී අගමැතිතුමා සිය පවුලේ සාමාජිකයන් සියල්ල සමග උත්සවශ්‍රීයෙන් අවුරුදු නැකැත් චාරිත්‍ර ඉටු කරන අන්දමය. ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් 450කට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. හිමි වූ ප්‍රතිචාර සියල්ලම පාහේ උපහාස කෝණයකින් යුක්ත වූ නිසාත්, මෙවැනි ව්‍යසන තත්ත්වයක් යටතේ අගමැති තුමා සිය පවුලේ සාමාජිකයින් සමග අවුරුදු සමරනවා යයි සිතීම අපහසු වූ බැවින්, මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය

Link | Archived Link |
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙවර අවුරුදු නැකත් චාරිත්‍ර පිළිබඳව පරීක්ෂා කර බැලුවෙමු. මෙවර අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකිරීමේදී ශ්වේත වර්ණයෙන් සැරසිය යුතු බවට අවුරුදු නැකත් චාරිත්‍ර වල පවසා තිබුණි. සිළුමිණ පුවත්පතේ පළවූ මෙවර අවුරුදු චාරිත්‍ර පිළිබඳව සටහන පහත දැක්වේ

Link | Archived Link |
රංජිත් වීරකෝන් නමැත්තා, sajith with ස්වෙච්ඡා බලය නම් වූ ෆේස්බුක් පිටුවේ යොදා තිබූ සටහනේවු ඡායාරූප වල අගමැතිතුමා සහ පවුලේ සාමාජිකයින් පැළඳ සිටින්නේ තැඹිලි පැහැ වස්ත්‍ර බැවින්, එම ඡායාරූපයක් Google reverse image සෙවීමකට යොමු කළෙමු. එම සෙවීම විසින් අගමැතිතුමාගේ නිල ෆේස්බුක් පිටුවේ 2019 වසරේ අවුරුදු චාරිත්‍ර සැමරීම වෙත යොමු කරන ලදී. “අපේ ගෙදර අවුරුදු!” තේමාව යටතේ අගමැති තුමා 2019 වර්ෂය අවුරුදු සැමරූ අන්දම එහි එහි ඉදිරිපත් කර තිබුණි.
Link | Archived Link |
රාජපක්ෂ පවුල මෙවර අවුරුදු වතාවත්වල යෙදුනු අයුරු පෙන්වන සටහන් ඔවුන් කිසිවකුගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළවී නොතිබූ අතර හිසතෙල් ගෑමේ චාරිත්‍රයට සහභාගී වූ අයුරු වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර තිබෙනු දැකගන්නට හැකි වුයේ මෙලෙසිනි.
Link 1 | Link 2 |

Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන්ව පැහැදිලි වන්නේ රංජිත් වීරකෝන් නමැත්තා යොදා ඇති සටහනේ අන්තර්ගත ඡායාරූප සියල්ලම අගමැති තුමා 2019 වසරේ සිය පවුලේ සාමාජිකයින් සමග අවුරුදු සැමරූ අන්දමේ ඡායාරූප බවයි බවයි
එබැවින් “රටේ ජනතාවට ලමයෙකුට ඇදුමක් අරන්දෙන්න විදිහක් නැහැ. කනකර උගස්. කන්න ලුනු කැදත් නැහැ.උන් සමරලා ගජරාමේට.” තේමාව යටතේ රන්ජිත් වීරකෝන් නැමැත්තෙකු පළකර ඇති සටහන අසත්‍ය සටහනක් බව නිගමනය කරමු.

Title:2019 වසරේ රාජපක්ෂ පවුල අවුරුදු චාරිත්‍රවල යෙදුන ඡායාරුපයක් යොදාගනිමින් සිදුකල සටහනක්!
Fact Check By: Sahan PereraResult: Misleading
