
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව දෛනිකව ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වසංගත රෝග විද්‍යා අංශය විසින් පසුගිය දිනවල නිකුත් කරන ලද වාර්තා වලින් පෙනී යයි. එහෙත් කොරෝනා වෛරස් ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අප්‍රේල් 24 වන තෙක් හතකට සීමා කර ගැනීමට ලංකාවේ සෞඛ්‍ය අංශ සමත් වී සිටී. අප්‍රේල් මස 8 වැනි දින සිට මේ වන තෙක් කිසිඳු රෝගියෙක් මියගොස් නැත.
“කොරෝනා ඇතැයි සැක සහිතව මිය ගිය රෝගීන් 50ක් දැනටමත් රහසේ ආදාහනය කරලා. එම සංඛ්‍යා කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව වලට ඇතුළත් කර නැත. සිරස්තලයෙන් සිරිමත් රාමනායක නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවක සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ප්‍රතිචාර 200කට අධික සංඛ්‍යාවක් හිමිකර ගත් මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් හාරසියයකට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණි.
Link | Archived Link |

මෙම අදහසම රැගත් සටහන් කීපයක් ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය
FB Link | Archived Link |

මෙම සටහන් වලට හිමිවූ ප්‍රතිචාර බොහොමයක් මෙම සටහන් අසත්‍ය සටහන් බවට යෝජනා කර තිබීම නිසාත්, ඉහත සටහන්වල සඳහන් පරිදි මෙතරම් මරණ සංඛ්‍යාවක් සඟවා කරණු වසන් කිරීම ප්‍රයෝගික සිදුවිය නොහැකි නිසාත් මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම මරණ සංඛ්‍යාව පිළිබඳ කරුණු තහවුරු කරගැනීම පිණිසය අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියට පිවිසුනෙමු. 2020 අප්‍රේල් මස 24 වැනි දින පෙරවරු 10.30 යාවත්කාලීන කරන ලද වාර්තාවට අනුව කොරෝනා වෛරස් ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව හතක් බව සඳහන් කර තිබුණි.

Daily Situation Report (24th April) Epidemiology Unit – Ministry of Health |
වැඩිදුර කරුණු සනාථ කරගැනීම පිණිස අප සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. දිවයිනේ වාර්තා වන සෑම මරණයක් මරණ පරීක්ෂණ වාර්තාව සමීපව අධ්‍යයනය කරන බවත්, සැක සහිත මරණ පරීක්ෂණ වාර්තා ඇතොත් ඒ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන පවත්වන බව පැවසූ එම නිලධාරියා, දැනට ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව හතක් බව දැඩිව අවධාරණය කළේය.
දෙරණ අරුණ සජීවි වැඩසටහන සහභාගි වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව හතක් බවට කිහිප විටකදීම මෙලෙසින් අවධාරණය කළේය
මේ පිළිබඳව තවදුරටත් කරුණු දක්වමින් අප්‍රේල් 24 වැනිදා රූපවාහිනී සාකච්ඡාවකදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ ඕනෑම පුද්ගලයෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබුණ ද කොරෝනා වෛරසය හේතුවෙන් රටම මෙවන් ව්‍යසනයකට මුහුණදී ඇති අවස්ථාවකදී රෝගය හේතුවෙන් සිදු වී ඇති මරණ සංඛ්‍යාව සාවද්‍ය ව පෙන්වා දීම වැනි බැරෑරුම් ප්‍රකාශ පළ කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ( 13 වන මිනිත්තුවේ සිට)
තවදුරටත් මේ පිළිබඳව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයෙන් ද කරුණු විමසා සිටි අතර එහිදී ඔවුන් ද ඉහත ප්‍රකාශ සියල්ලක්ම සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව අප සමග පවසා සිටියා.
එසේම COVID-19 ආශ්‍රයෙන් සිදු වූ මරණ සම්බන්ධයෙන් විවිධ සටහන් මාර්තු මාසයේදී ද පළවී තිබෙනු මීට පෙර ද දැකගන්නට ලැබුණි. පහත දැක්වෙන්නේ එසේ මාර්තු මස 15 වන දින පළ කරන ලද සටහනකි.
FB Link | Archived Link |

.
මෙවැනි සාවද්‍ය ප්‍රකාශ කිරීම හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගන්නා ලද බවටද ශ්‍රී ලංකා පොලීසිය විසින් වාර්තා කර තිබුණු අතර ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් පලමු මරණය වාර්ථා වන්නේ මාර්තු මස 28 වන දිනය
Situation Report (29th March) | Newsfirst |

Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනයෙන් සිදුව ඇති මරණ සඟවා නොමැති බවත් මරණයට පත්වී ඇති සංඛ්‍යාව හතක් පමණක් බවත්ය. එබැවින් කොරෝනා වෛරස් ආසාදනය නිසා ලංකාවේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 50ක් බවත්, කොරෝනා වෛරස් ආසාදනය නිසා ඇති වූ මරණ සඟවා ආදාහනය කර ඇති බවටත් පලවන සියලුම ෆේස්බුක් සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පිරිස පිලිබඳ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!
Fact Check By: Sahan PereraResult: False
