පසුගිය කාලයේ ප්‍රංශ දේශපාලඤවරියක වන Najat Vallaud-Belkacem පිලිබඳව සමාජ මාධ්‍ය තුල පුවතක් බහුල ලෙස සංසරනය විය. එමගින් කියවුනේ ඇය මොරොක්කෝවේ එඩේරෙකු ලෙසින් හැදී වැඩී වසර විස්සකට පසුව ප්‍රංශයේ අධ්‍යාපන ඇමති ධූරය ලබා ගැනීම දක්වා පැමිනි බවකි.

ලෝකය පුරා මෙම ප්‍රකාශය මුහුනුපොතේ බහුල වශයෙන් හුවමාරු වනු දක්නට ලැබිනි.එමෙන්ම මේ පුවත උපුටා දක්වමින් ශ්‍රී ලංකාව තුල සටහනක් සංසරන වන අයුරුද අපට දක්නට ලැබුනි.

ශ්‍රී ලංකාව තුල මෙම සටහනට අදාල එඩේර දැරිය යයි පවසන දැරියගේ රුව එක් පසකත් දැනට ප්‍රංශයේ අධ්‍යාපන ඇමතිනියගේ රුව එක් පසකටත් වන්නට එකතු කර තිබුනේ “Morocco හි වසර 20 කර පෙර බැටළුවන් බලාගත්ත පුංචි දැරිය , අද ප්‍රංශයේ අධ්‍යාපන අමතිනියයි” යනුවෙනි. එසේම එම ඡායාරූපයට පහළින් “ලංකාවේ අවුරුදු 20කට කලින් කෝච්චියේ මාල කඩපු මාල හොරා අද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් “ ලෙස රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඡායාරූපයද සහිත සටහනක් මෙසේ දක්නට ලැබුණි

Original PostArchive Post
Link 1Archived 1
Link 2Archived 2

මෙය තවත් ෆේස්බුක් සමුහ සහ පිටු රැසකද හුවමාරු වී තිබුනේ මෙලෙසිනි.

Fast Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහනේ රූපරාමු Reverse Image සෙවීමට යොමු කළෙමු. එම දරුවාගේ රූපරාමු ඇතුලත් සටහන් රැසක් අන්තර්ජාලයේ අඩංගුව ඇති බව නිරීක්ෂණය විය.එහිදී දක්නට ලැබුනේ මෙම එඩේර දැරියකගේ යයි පවසන ඡායාරුපය මොරොක්කෝ ජාතික චායාරූප ශිල්පියෙකු වන Giacomo Pirozzi ව්සින් 2005 ජූනි මස 15 වන දින ලබාගත් එකක් බවයි.මෙහි පෙනී සිටින දැරිය මොරොක්කෝවේ Al Haouz පලාතේ ජීවත් වන ෆවුසියා නම් දැරියකි.මෙම චායාරූපය ගන්නා විට ඇය වයස අටක දැරියකි.

මේ ප්‍රකාශය හා සම්බන්ධ ඡායාරුපය පහතින්.

Link

මෙම පින්තූරය එක්සත් ජාතීන්ගේ ලමා අරමුදල මගින් ප්‍රකාශිත ප්‍රකාශනයක 26 වන පි‍ටුවේ ඇතුලත් කර තිබිනි. එම මුල් ඡායාරූපයේ ලෙසින් දක්වා තිබුනේ වයස අට හැවිරිදි ෆවුසියා දැරිය වසරකට පසුව පාසල් ගමන අත්හැරියේ ඇයගේ මව්පියන්ට පාසල් යැවීමට අපහසු වූ නිසා බවයි

“Eight-year-old Fouzia rests on a stone in front of a herd of sheep in Tamezaghete Village in the rural district of Iguerferouane in Al Haouz Province. Fouzia attended school for one year but had to drop out because her parents could not afford her books.”

මෙම සටහනේම සඳහන් වන අධ්‍යාපන ඇමතිනිය ලෙස පෙන්වාදී ඇති කාන්තාව පිළිබඳව කරුණු සොයාබැලීමේදී ඇය Najat Vallaud-Belkacem වන ප්‍රංශ හිටපු අධ්‍යාපන ඇමතිතුමිය බව පෙනී ගියා. Wikipedia | Link

නජාට් 1977 වසරේ ඔක්තෝබර් මස 4 වනදා මොරොකෝවේ උපත ලැබූ ඇය වසර කිහිපයක් එහි හැදී වැඩි ඇති අතර ප්‍රංශයට පැමිණීමට පෙර ඇයගේ සීයා සමගින් එලුවන් බලාගැනීමට කටයුතුද කල බවත් සඳහන් වෙනවා.

කුඩා කාලය පිලිබඳව මතකයන් ඇය පසුගිය කලෙක පැවති රේඩියෝ සාකච්චාවකදී සටහන් කර තිබුනා.ඒ සටහන මෙතනින් පිවිසෙන්න.

එසේම කිසිම විටෙක ඇය හා කිසිඳු සම්බන්දයක් ෆවුසියා නමින් හැඳින්වෙන දැරිය හා ඇති බවක් වාර්තා වන්නේ නෑ නජාට් ප්‍රංශයේ පලමු කාන්තා අධ්‍යාපන ඇමතිවරිය ලෙස 2014 අගෝස්තු මාසයේ සිට 2017 මැයි මස දක්වා කටයුතු කල අතර ඉහත සටහනේ අඩංගු ඡායාරුපය මෙම සටහනේ දක්නට ලැබුණි

Link | Archived

එසේම පහතින් පෙන්වා තිබු රෝහිත අබේගුණවර්ධන මහතාගේ මාධ්‍ය අංශය සමඟ මෙම සටහන සමඟ කරුණු විම්සීමේදීද මෙය උපහාසාත්මක කෝණයකින් නිර්මාණය කල සාවද්‍ය සටහනක් බව පවසා සිටියා.

එඩේර දැරියකගේ රූපය ලෙස සංසරනය වූ රූපය ප්‍රංශ හිටපු අධයාපන ඇමතිනියගේ ඡයරුපක් බවට සටහන් පිලිබඳ සත්‍ය කැරුණු විමර්ශන මීට පෙර AFP , Snopes යනාදී ආයතන මඟින් සිදුකර තිබෙනු දැකගැනීමට හැකිවිය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ අවසාන නිගමනය වන්නේ මෙලෙස ලෝකය පුරා ෆේස්බුක් තුලින් එඩේර දැරියකගේ රූපය ලෙස සංසරනය වූ රූපය ප්‍රංශ හිටපු අධයාපන ඇමතිනියගේ ඡායාරුපයක් නොවන බවයි. එබැවින් ලංකාවේ සමාජ ජාලා වල සංසරනය වන “Morocco හි වසර 20 කර පෙර බැටළුවන් බලාගත්ත පුංචි දැරිය , අද ප්‍රංශයේ අධ්‍යාපන අමතිනියයි... ලංකාවේ අවුරුදු 20කට කලින් කෝච්චියේ මාල කඩපු මාල හොරා අද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්” යන තේමාවෙන් පළකර ඇති සටහන් සියල්ලම උපහාසාත්මක කෝණයකින් පළකරන ලද සාවද්‍ය සටහන් බව නිගමනය කරමු.

Avatar

Title:හිටපු ප්‍රංශ අධ්‍යාපන ඇමතිනිය සහ රෝහිත අබේගුණවර්ධන අලලා උපහාසාත්මක කෝණයකින් පළකරන සටහනක්!

Fact Check By: Sahan Perera

Result: Partly False