
ලංකාවේ මහමැතිවරණය ජූනි මස විසි වෙනි දින පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම විසින් අවසන් වරට නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වී තිබුණද කොරොනා වෛරසය ව්‍යප්තවීමේ මධ්‍යයේ මැතිවරණ පැවතිවීමේ දින වකවානු සම්බන්ධයෙන් කතිකාවත් රැසක් දැකගන්නට ලැබුණි.
මෙවැනි පසුබිමක සමගි ජන බලවේගයේ ශීර්ෂ ලිපි ශීර්ෂයක ලියැවුණු ලිපියක සේයාරුවක් සහිත සටහනක් නිශාන්ත ගුණරත්න නැමැත්තෙකු විසින් එක්සත් ජාතික පක්ෂ විරෝධි එකමුතුව නැමැති ෆේස්බුක් සමුහයකට ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ඉස්ලාම් භක්තිකයින්ගේ රාමසාන් උපවාස මාසය ආරම්භ කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත්කර තිබුණු එම පණිවිඩයේ මැද කොටස රතු කොටුවකින් උද්දීපනය කර තිබූ අතර එහි පහත ඇති ඡේදය අන්තර්ගතව තිබුණි.
“කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව රටවල් විවිධ පියවර ගෙන ඇත. ඒ විධිමත් ක්‍රියාමාර්ගවලට අනුව කටයුතු කිරීම ඉස්ලාමීය මගපෙන්වීම් හා බැඳි ඇති බව ලොවපුරා සහ ලාංකික ඉස්ලාමීය ආගමික නායකයන් අවධානය කර ඇත. එයට ශ්‍රී ලාංකීය මුස්ලිම් බැතුමන්ගෙන් ලැබෙන නොමද සහය මා අගය කොට සලකමි. එමෙන්ම මාගේ රජයක් පැවතියේ නම් කොරොනා ව්‍යසනය හේතුවෙන් මියයන සියලුම මුස්ලිම් ජනතාවගේ දේහයන් ඔවුන්ගේ ආගමානුකූල චාරිත්‍ර අනුව භූමිදානය කිරීමට පවුලේ අය වෙතට බාරදීමට මම කටයුතු කරමි”
ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ආරම්භ කර තිබූ මෙම සටහනට හිමිවූ ප්‍රතිචාර සියල්ලම පාහේ එක්සත් ජාතික පක්ෂ විරෝධි වෛර ස්වරූපයකින් යුක්ත විය.

Link | Archived Link |
මේ හා සමාන සටහනක් අහවල් Fun නමැති ෆේස්බුක් පිටුවක හුවමාරු වී තිබුනේ “සමඟි ජන බලවේගයේ රාමසාන් පණිවිඩයේ මැද හරියේ තිබ්බ කොටසකි” යන තේමාව යටතේය

Link | Archived Link |
මේ සටහන පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මේ පිළිබඳව කරුණු සනාථ කරගැනීම පිණිස සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. රාමසාන් උපවාස මාසය ආරම්භ කිරීම නිමිත්තෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ ප්‍රකාශය සංස්කරණය කර ව්‍යාජ ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති බව පැවසූ අතර සමගි ජන බලවේගය විසින් නිකුත් කරන ලද රාමසාන් උපවාස පණිවිඩයේ පිටපතක් ඉදිරිපත් කරන ලදී. එහි අන්තර්ගතය මෙසේය.
“සාමය උදාවන රාමදාන් සමයක් වේවා.!
ඉස්ලාම් භක්තිකයන් උපවාසයේ යෙදෙන ශුද්ධ වූ මාසය රාමදාන් ලෙස හැඳින්වේ. ලොව පුරා මුස්ලිම්වරුන්ගේ ජීවිතවල වැදගත්ම ආගමික කටයුත්තක් ලෙස රාමදාන් උපවාසය පිළිගැනේ. ඒ වෙනුවෙන් සියලු ඉස්ලාම් බැතිමතුන්ට මාගේ සුභාශිංසන පිරිනමමි.
ඉස්ලාම් බැතිමතුන් සිය ජීවිතයේදී ෂහාදා හෙවත් විශ්වාසය, සලාහ් හෙවත් යාඥාව, සකාත් හෙවත් පින් කටයුතු, සවුම් හෙවත් උපවාසය, හජ් හෙවත් මක්කම වන්දනාව, යන ආගමික කුළුණු පහ සපුරා ගැනීම උදෙසා නිරන්තරයෙන්ම වෙහෙසෙති.
දෙවියන්ගේ පණිවිඩය ලෙස ශුද්ධ වූ අල්-කුර්ආනය පලමු ව පහළවූ මාසය ලෙස රාමදාන් සැලකෙයි.
කෙසේ වෙතත් ඔවුන්ට මෙවර රාමදාන් සමරන්නට සිදුව ඇත්තේ ලෝකයන මහත් වූ ව්‍යසනය වෙලී සිටින තත්ත්වයක් තුළය. මේ ව්‍යසනකාරී සමය නිමාවන ලෙස ඉල්ලා ආගමානුකූල කටයුතුවල යෙදෙන මෙන් ඉස්ලාම් බැතිමතුන්ගෙන් මා දයාවෙන් ඉල්ලා සිටිමි.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව රටවල් විවිධ පියවර ගෙන ඇත. ඒ විධිමත් ක්‍රියාමාර්ගවලට අනුව කටයුතු කිරීම ඉස්ලාමීය මගපෙන්වීම් හා බැඳි ඇති බව ලොවපුරා සහ ලාංකික ඉස්ලාමීය ආගමික නායකයන් අවධානය කර ඇත. එයට ශ්‍රී ලාංකීය මුස්ලිම් බැතුමන්ගෙන් ලැබෙන නොමද සහය මා අගය කොට සලකමි.
මේ මොහොත වනවිටත් ලොවපුරා මිලියන ගණනක් ජනතාව රෝ බියෙන් සිටින අතර එවැනිම පිරිසක් කුසගින්නේ සිටී.ඔවුන් වෙත නිරෝගී බව සහ සතුට රැගෙන එන ලෙස අපි මේ උතුම් මාසයේදී අයැද සිටිමු.
ඉස්ලාම් යන්නෙන් සාමය අර්ථවත් වේ.
මේ රාමදාන් සමය ලෝකයටම විශේෂ වන්නේ ඒ උතුම් සාමයේ අපේක්ෂාව ලෝකයම ප්‍රාර්ථනා කරන නිසාය.
සජිත් ප්‍රේමදාස
සමගි ජන බලවේගයේ නායක”
සමගි ජන බලවේගයේ නිල සමාජ මාධ්‍ය ජාලා පරික්ෂා කළෙමු. රාමසාන් උපවාස ආරම්භ වීම උදෙසා සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ සම්පූර්ණ ප්‍රකාශය එහිද සිංහල හා දෙමළ බසින් අන්තර්ගතව තිබුනේ මෙලෙසිනි.
එහිදී ඉහත ලිපිය සංස්කරණය කරන ලද ලිපියක් බව පැහැදිලි වූ අතර පහත දැක්වෙන්නේ මුල් ලිපියේ සහ සංස්කරණය කරන ලද ලිපියේ සංසන්දනයකි.

එහිදී පෙනී ගියේ ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ලිපියේ “එමෙන්ම මාගේ රජයක් පැවතියේ නම් කොරොනා ව්‍යසනය හේතුවෙන් මියයන සියලුම මුස්ලිම් ජනතාවගේ දේහයන් ඔවුන්ගේ ආගමානුකූල චාරිත්‍ර අනුව භූමිදානය කිරීමට පවුලේ අය වෙතට බාරදීමට මම කටයුතු කරමි” යන වදන් පෙළ අමතරව රෝපණය කර ඇති ආකාරයයි.
එසේම සමඟි ජන බලවේගය විසින් නිකුත් කරන ලද නිල ලිපියේ දෙමළ බසින් වූ ප්‍රකාශයේද ඉහත සංස්කරණය කොට එකතු කරන ලද ප්‍රකාශයේ අරුත් දෙන කිසිඳු වැකියක් දැක ගන්නට නොහැකි විය.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඉස්ලාම් භක්තිකයින්ගේ රාමසාන් උපවාස මාසය ආරම්භ කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් යුතුව නිකුත්කර තිබුණු එම පණිවිඩය ව්‍යාජ ලෙස සංස්කරණය කර “එමෙන්ම මාගේ රජයක් පැවතියේ නම් කොරොනා ව්‍යසනය හේතුවෙන් මියයන සියලුම මුස්ලිම් ජනතාවගේ දේහයන් ඔවුන්ගේ ආගමානුකූල චාරිත්‍ර අනුව භූමිදානය කිරීමට පවුලේ අය වෙතට බාරදීමට මම කටයුතු කරමි.” යන වගන්ති ආදේශ කර ඇති බවයි.එබැවින් නිශාන්ත ගුණරත්න නැමැත්තා විසින් එක්සත් ජාතික පක්ෂ විරෝධි එකමුතුව නැමැති ෆේස්බුක් පිටුවකට ඉදිරිපත් කර තිබෙන සටහන සහ අහවල් Fun නමැති ෆේස්බුක් පිටුවේ “සමගි ජන බලවේගේ රාමසාන් පණිවිඩයේ මැද හරියේ තිබ්බ කොටසකි” තේමාවෙන් ඉදිරිපත් කර තිබූ ෆේස්බුක් සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

Title:සමගි ජන බලවේගයේ නිල රාමසාන් නිවේදනය සංස්කරණ කරමින් සිදුකල ප්‍රකාශයක්!
Fact Check By: Sahan PereraResult: False
