
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සංචාරක කටයුතු සඳහා යම් යම් සීමා පනවා ඇති පසුබිමක ලංකාවේ දර්ශනීය ස්ථාන පෙරට වඩා අලංකාරවත්ව පවතින බව දැනගන්නට තිබෙනවා.ඒ වැඩිපුර මිනිසුන් ගැවසීම සීමා සහිත විම නිසායි. සංචාරයට තහනම් ඇති පසුබුමක ලංකාවේ ඇති දර්ශනීය තැන් ඇතැම් සැඟවුනු පාරිසරික අතින් වැදගත් සංචාරක ස්ථාන පිලිබඳව සමාජ මාධ්‍ය තුල තොරතුරු හුවමාරු වන බව අපිට දකින්නට පුලුවන්. මෙලෙසින් හුවමාරු වූ හපුතලේ – බෙරගල මාර්ගයේ දියඇලි යනුවෙන් හුවමාරු වී තිබු ඉන්දියාවේ ඡායාරුපයක් පිලිබඳ අප පසුගිය සතියේ අනාවරණයක් සිදුකල අනාවරණයක් මෙතනින්.
Romantic Moments නම් ෆෙස්බුක් පිටුවක් මගින් මෙසේ මුහුනුපොතේ පලකරන ලද ආකර්ශනීය දිය වලක් පිලිබඳ තොරතුරක් “කිතුල්ගල. කලබල ඉවර උනහම ගිහින් නාගෙන එන්න…” යන වදන් පෙළ සමඟ බොහෝ දෙනෙකු අතර හුවමාරු කරගන්නා ආකාරය අපට නිරීක්ශනය වුනේ මෙලෙසින්.

Original Link | Archived Link |
කිතුල්ගල ප්‍රදේශයේ ස්ථානයක් ලෙස දක්වා තිබුනු එම සටහන 700කට ආසන්න පිරිසක් අතර හුවමාරු කර තිබුනු අතර එම එම ඡායාරුපය කිතුල්ගල නොවේ යැයි බොහෝ දෙනෙක් එහි අදහස් දක්වා තිබුනු නිසා මෙම ස්ථානය පිලිබඳව සත්‍ය තොරතුරු සොයා බැලීමට තීරනය කළෙමු.
Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)
අප මෙම ස්ථානය පිලිබඳව සත්‍ය තත්වය සොයා ගැනීමට එම පින්තූරය Google Reverse Image Search සෙවුමක් වෙත යොමු කලා. ඒ අනුව මෙම ස්ථානය නිවැරදිවම ඉන්දියාවේ කේරලම්කුන්ඩු නම් දිය ඇල්ලක් බවට තහවුරු කර ගැනීමට හැකි උනා.
එම ගූගල් ඉමේජ් සෙවුම් ප්‍රතිඵල පහතින්.
මේ කේරලම්කුන්ඩු දිය ඇල්ල ඉන්දියාවේ මාලප්පුරම් දිස්ත්‍රික්කයේ කරුවරක්කුන්ඩු නම් ග්‍රාමයේ පිහිටා තිබෙනවා.මුහුදු මට්ටමේ සිට අඩි 1500ක උසින් පිහිටි මේ දිය ඇල්ල ස්වභාවික නානතටාකයක් සහිතව අති අලංකාර පරිසරයකින් වටවී ඇති ස්ථානයක්.
මෙම ස්ථානය පිලිබඳව යූටූබ් වීඩියෝ පටයක් පහතින්.
මේ පිලිබඳව වැඩි දුරටත් සේවීමේදී රොමැන්ටික් මූමන්ට් නම් ෆේස්බුක් පේජය විසින් යොදාගත් එම චායාරූපයම Pinterest අඩවියේ dophoto යන නමින් අයෙක් පලකර තිබුනා.

එමෙන්ම මේ ස්ථානය පිලිබඳව ලෝ ප්‍රකට Trip Advisor වෙබ් අඩවියේද තොරතුරු ඇතුලත් වෙනවා. මෙම ස්ථානයට සංචාරයට පැමිනි අය විසින් දක්වා ඇති අදහස් ද එහි දක්වා ඇත. Trip2Nature වෙබ් අඩවියේද කේරලම්කුන්ඩු දිය ඇල්ල පිලිබඳ විස්තර කිරීමට මෙම ඡායාරුපයක යොදා ගෙන තිබුණි.
එසේම සමාජ ජාල පරිශීලකයින් රැසක්ද මෙම ස්ථානය ඇතුලත් ඡායාරුප විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනුද අපට නිරීක්ෂණය වූ අතර පහත දැක්වෙන්නේ එලෙසින් 2017 වසරේ Instagram හි පළවූ මෙම ඡායාරුපය අයත් සටහනකි.

එසේම මෙම ඡායාරුපය මීට පෙරද ලංකාවේ කඳුකරයේ විවිධ ස්ථානවලට ආදේශ කරමින් නොමන්ගවයන සුළු සටහන් පලවී තිබෙනු නිරීක්ෂණය විය.
Conclusion (අවසාන නිගමනය)
මේ අනුව බලන කල Romantic Moments නමින් ෆෙස්බුක් පේජයක කිතුල්ගල ඇති ආකර්ශනීය ස්ථානයක් ලෙසින් දක්වා ඇති ස්ථානය ලංකාවේ ඇත්ත වශයෙන්ම ලංකාවේ ස්ථානයක් නොවේ. එය ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ මාලප්පුරම් ප්‍රදේශයේ පිහිටා ඇති කේරලම්කුන්ඩු නම් දිය ඇල්ලකි.
එබැවින් “කිතුල්ගල. කලබල ඉවර උනහම ගිහින් නාගෙන එන්න.” යන ලෙස හුවමාරු වන ඡායාරුපය සහිත සටහන් සම්පුර්ණයෙන්ම සාවද්‍ය නොමඟ යවන සුළු සටහන් බවට නිගමනය කරන්නෙමු.

Title:කිතුල්ගල ප්‍රදේශයේ ඇති දිය තටාකයක් යැයි මුහුනුපොතේ හුවමාරු වන පින්තූරය ලංකාවේ ස්ථානයක් නොවේ !
Fact Check By: Sahan PereraResult: False
