ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ දමිල සම්භවයක් සහිත ජනයා නියෝජනය කරන පක්ෂයක් වන දෙමල ජාතික සංවිධානයේ (TNA) නායකයා ලෙස කටයුතු කරන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස අත්දැකීම් සම්භාරයක් ඇති රාජවරෝදියම් සම්බන්දන් මහතාය. මීට පෙර ඇතැම් අවස්ථාවන්හි ඔහුගේ ක්‍රියාකාරම් සහ ප්‍රකාශ අලලා ඉන්දියාවට සහ තමිල්නාඩු ප්‍රාන්තයට හිතවාදි බවට මතයක් සමහර පාර්ශව අතර ගොඩ නැගි තිබුණි.

මෙවන් පසුබිමක තමිල්නාඩු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි- සම්බන්ධන්සිරස්තලයෙන් පහත ප්‍රවෘත්තිය Colombo Today නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවිය ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණේය.

තමිල්නාඩු ප්‍රාන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික පුරවැසිභාවය සහිත දෙමළ වැසියන් සහ එහි වෙසෙන මෙරට දෙමළ ජනතාවගේ ඥාතීන් මෙරටට ගෙන්වා ගත යුතු බව දෙමළ සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සඳහන් කර ඇත.

ඔවුන් කොරෝනා ආසාදනය වී ඇත්නම් මෙහි ගෙන්වා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවද ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටින්නේ කොරෝනා රෝගීන් අඩු ප්‍රමාණයක් නිසා මේ ගැන රජයේ අවධානය යොමුවිය යුතු යයිද හෙතෙම සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ යාපනයේ පැවති ජනහමුවකදීය.

FB LinkArchived LinkArticle LinkArchived Link

මේ එම පුවතම වීඩියෝවක් ආකාරයෙන් හුවමාරු කරගෙන තිබු තවත් අවස්ථාවක් මෙසේ වන අතර තවත් ෆේස්බුක් පිටු සහ සමුහ රැසකද හුවමාරු කර ගෙන තිබු අයුරු දැකගැනීමට හැකිවුණා.

LinkArchived

තවත් ෆේස්බුක් පිටු කිහිපයකමද දක්නට ලැබුණු මෙම ප්‍රවෘත්ති සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමුවිය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ලංකාවේ කොරොනා රෝගීන් අඩුනිසා තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින කොරොනා ආසාදිත රෝගීන් ලංකාවේ රෝහල්වල ප්‍රතිකාර කලයුතු බවට රාජවරෝදියම් සම්බන්දන් මහතා යාපනේදි ප්‍රකාශ කර ඇත්දැයි පරීක්ෂා කිරීමට ගූගල් සෙවීමක් කළෙමු. දිවයිනේ හෝ ජාත්‍යායන්තර විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි මෙවැනි ප්‍රකාශයක් පිළිබඳව කිසිදු වාර්තාවක් සොයා ගැනීමට නොහැකි විය.

තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප දෙමල ජාතික සංධානයේ නායක සම්බන්දන් මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමූ. තමන් නියෝජනය කරන්නේ ශ්‍රී ලාංකිකයන් බවත්, තමන් තමිල්නාඩුවේ වැසියන් නියෝජනය නොකරන බවත්, තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික අනාථයන්ට නැවත සියරටට පැමිනීමට හැකි පරිසරයක් සකසා දිය යුතු බව තමන් සැමදා දැරු මතය බවද, යාපනයේදි තමන් තමිල්නාඩු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි යන ප්‍රකාශයක් කිසිම විටක නොකල බවද සඳහන් කළ ඔහු ජාතීන් අතර ඇති සමගිය බිඳ දමීමට ජාතිවාදීන් දරන තවත් ප්‍රයත්නයක් බවද අවධාරනය කළේය.

කෙසේවෙතත් පසුගිය කාලයේදී සම්පන්තන් මහතා සහභාගී වූ වැඩසටහන් සහ ජනතා ඇමතීම් පිළිබඳව විමර්ශනයක් අප විසින් සිදුකල අතර ඒ කිසිවකද මෙවැනි වාර්තාවක් පලවී තිබෙනු දැකගැනීමට නොහැකි වූ අතර දමිළ ජනතාවගේ ගැටළු විසඳීමට කැපවී සිටින බවත් ප්‍රකාශ කර සිටිනු දක්නට ලැබුණි.

https://www.facebook.com/varatharajah.nitharsan/videos/2700050623443483/

https://youtu.be/tLaIj1ekRwY

https://www.facebook.com/NewsfirstTamilSL/videos/307237403979943/

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ලංකාවේ කොරොනා රෝගීන් අඩුනිසා තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින කොරොනා ආසාදිත රෝගීන් ලංකාවේ රෝහල්වල ප්‍රතිකාර කලයුතු බවට රාජවරෝදියම් සම්බන්දන් මහතා ප්‍රකාශ කර නොමැති බවයි.

එනිසා තමිල්නාඩු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි- සම්බන්ධන් සිරස්තලයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රවෘත්ති සටහන නොමග යවන සුළු සිරස්තලයක් සහිත සාවද්‍ය සටහනක් බවත් නිගමනය කරමු.

Avatar

Title:තමිල්නාඩු කොරෝනා රෝගීන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතු බව සම්පන්තන් මහතා ප්‍රකාශ කර නොමැත!

Fact Check By: Sahan Perera

Result: False