
2020 පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන අගෝස්තු මස 5 වැනි දින පැවැත්වීමට නියමිතව ඇත. මෙවරද මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරිකම් අළලා සමාජ මාධ්‍යයන්හි නොයෙකුත් සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පලවෙමින් පවතියි. පොදුජන පෙරමුණේ අපේක්ෂයකින් මෙවර මැතිවරණයේදී පෝස්ටර් ප්‍රචාරණයේ යෙදෙන අයුරු යනුවෙන් පළවූ, වසර ගණනකට පෙර මැතිවරණ ව්‍යාපාරයක ඡායාරුප යොදාගනිමින් සිදුකල සාවද්‍ය ප්‍රකාශක් පිලිබඳ අප සිදුකල විමර්ශනයක් මෙසේය. මෙලෙසින්ම ප්‍රධාන පක්ෂවල අපේක්ෂයන් කිහිපදෙනකුගේ ප්‍රචාරක පෝස්ටර මෙවර මැතිවරණ ව්‍යාපාරයට යොදාගත් අයුරු යන තේමාව යටතේ ඉදිරිපත් වූ තවත් සටහන් කිහිපයක් කෙරෙහි අපගේ අවධානය යොමුවිය.
Wickramasinghe Umsp නමැත්තෙකු විසින් “බත් කන හරක් දැකලා නැත්නම් මෙන්න” වැකිය රෝපනය කර, මාර්ග නාම පුවරුවක එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ පෝස්ටර අලවා තිබෙන සේයාරුවක් සහිත සටහනක් අනූරපුරෙන් දියවන්නාවට නම්වු ෆේස්බුක් පිටුවකට ඉදිරිපත් කර තිබුණි. මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් 700කට අධික සංඛ්‍යාවක් අතර සංසරනය වී තිබුණි.

එලෙසම රෙස්පෙක්ට් ස නමැති ෆේස්බුක් පිටුවක “පේනවා නේද unp,3% උන්ගෙ වැඩ” තේමාවෙන් ප්‍රචාරක පෝස්ටර ඇලවු ඡායාරූපයක් සහිත සටහනක් පලවී තිබුනේ “මාසගානක් දුක් විඳලා චිත්‍ර ඇඳලා ලස්සන කරපු තාප්පවල ලපයගෙයි පුතානෝගෙයි පෝස්ටර් ගහලා විනාස කරලා දාලා. මේවගේ කාලකන්නි ඉන්නකල් මේ රට ලස්සන කරන්න බෑ.” යන වදන් පෙළත් සමඟයි. පැහැදිලි ලෙස සංස්කරණයක් ලෙස මෙය පෙනී ගියද, ප්‍රතිචාර සටහන් රැසක් සමඟ, ෆේස්බුක් පරිශීලනය කරන්නන් දහසකටත් අධික ප්‍රමාණයක් අතර සංසරනය වී තිබිණි.

තාප්ප චිත්‍රයක් මත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රචාරක පෝස්ටර අලවා ඇති සේයාරුවක් සහිතව “දේශපාලන හරක්” තේමාවෙන් නිශාන්ත දසනායක සුමුදු නමැත්තකු ඉදිරිපත් කර තිබු සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 3000කට අධික සංඛ්‍යාවක් අතර සංසරනය වී තිබෙණු ද නිරීක්ෂණය විය. “නිමල් සිරිපාල නෙවෙයි මහින්ද රාජපක්ෂ උනත් වැඩක් නෑ, ඇඳපු චිත්‍ර වහලා පෝස්ටර් ගහනවානම්” යනුවෙන්ද එහි සටහන් වී තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
අප පළමු සේයාරුව සහිත ඡායාරුපය පිලිබඳ සොයා බැලීමේදී සුනන්ද දේශප්‍රිය මහතා විසින් 2018 ජූලි මස 11 වැනි දින පලකරන ලද ට්විටර් පණිවුඩයක මෙසේ සඳහනක් විය. “පාලක එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් මාර්ග සංඥා පුවරුවක පෝස්ටර අලවා ඇත. පාර සොයා ගැනීමට එම පක්ෂයේ නායකයා අමතන්න”

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට පිවිස, මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂක නාමාවලිය පරීක්ෂා කළෙමු. එම නාමාවලියේ පෝසටර වල සඳහන් ලක්ෂ්මන් ප්‍රනාන්දුපුල්ලේ හෝ අතුල ෆොන්සේකා යන නම් කිසිවක් නොතිබුණි.
රෙස්පෙක්ට් ස ෆේස්බුක් සටහනේ අන්තර්ගත කර තිබු ඡායාරූපයේ පෝස්ටර පරීක්ෂා කළෙමු. දකුණු පැත්තේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් දක්වා තිබුනේ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතය. මේ පිළිබඳ විමර්ෂණය කිරීමේදී එම දකුණු පස ඡායාරුපය ජනාධිපතිවරණ සමයේ පළවූ වාර්තාවක තිබු ඡායාරූපයකින් ලබාගත් බව පැහැදිලිය. එම ඡායාරුපය ඇතුලත් සටහන මෙසේය.

එසේම එහි වම් පස තිබු ඡායාරූපයේ තිබු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පෝසටරය පරීක්ෂා කිරිමේදි, එය ඔහුට සහය දැක්වීමට මාතර පවත්වන රැලියක් බව සඳහන් වී තිබුණි. අනුර කුමාර දිසානායක මහතාද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
තවදුරටත් මැතිවරණ පෝස්ටර පිළිබඳව අප කළ කරුණු විමර්ශනයකදි මෙම ස්ථානයේම පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහිදානන්ද මහතාගේ පැරණි මැතිවරණ පොස්ටරක් මීට වසර ගණනාවකට පෙර මැතිවරණ ව්‍යාපාරයකදී අලවා තිබු බව සනාථ විය. එම සේයාරූ සසඳීමේදි එය එකම ස්ථානයක් බවට තහවුරු විය. Fact Check

එබැවින් රෙස්පෙක්ට් ස ෆේස්බුක් සටහනේ අන්තර්ගත කර තිබු ඡායාරූපය ඇතුලත් සංස්කරණයේ දැක්වෙන්නේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාල නොවන පෝස්ටර බව තහවුරු විය.
නිමල් සිරිපාලද සිල්වා මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබු ෆේස්බුක් සටහනට ප්‍රතිචාර දැක්වු නීල් ඩයස් නමැත්තෙක් පහත ඇති ඡායාරූප ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණේය.

එමෙන්ම තවදුරටත් කරුණු පරීක්ෂා කිරිමේදි මෙම චිත්‍රය මහනුවර නගරයේ වැව වටා වු තාප්පයක තිබු බව වාර්තා වී තිබු අතර මෙසේ වැව රවුමේ ඇඳි චිත්‍ර මකා සුදු ආලේප කරන ලෙසද නියෝග වී තිබුනේ පසුගිය දෙසැම්බර් මාසයේය.

නිමල් සිරිපාල සිල්වා මහතා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි. තවද සමාජ මාධ්‍ය හරහා පලවී තිබු සටහනක මීට පෙරද හුවමාරු වී තිබු මෙවැනිම සටහනකට ප්‍රතිචාර දක්වමින් පළවූ වීඩියෝවක දක්වා තිබුනේ නුවර වත්තෙගම පොලීසිය ලඟ තිබෙන පාරේ බැම්මේ ද මෙවැනිම චිත්‍රයක් තිබෙන බවත් එහි ද කිසිඳු පෝස්ටරයක් නොමැති බවත් පෙන්වා දී තිබුනේ මෙසේය.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ලක්ෂ්මන් ප්‍රනාන්දුපුල්ලේ හෝ අතුල ෆොන්සේකා නම් මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂක නාමාවලිය නොමැති බවත්, මෙය 2018 වසරේ මැතිවරණ ව්‍යාපාරයක පෝස්ටර රැගත් ඡායාරූපයක් බවත්ය. එමෙන්ම රෙස්පෙක්ට් ස ෆේස්බුක් සටහනේ අන්තර්ගත කර තිබු ඡායාරූපයේ දැක්වෙන්නේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාල ප්‍රචාරක පෝස්ටර නොව සංස්කරනය කර දක්වා ඇති පැරණි පෝස්ටර බවද තහවුරු විය. නිමල් සිරිපාල මහතා ඇතුලත් පොස්ටරද නුවර වැව රවුමේ තාප්පයක ඇඳි චිත්‍රයක සේයාරුවක් සංස්කරනය කර පළකර ඇති බව දක්නට ලැබුණි

Title:පැරණි මැතිවරණ වල පළවූ පෝස්ටර් සංස්කරණය කරමින් පළවූ ව්‍යාජ සටහන් පෙළක්!
Fact Check By: Sahan PereraResult: False
