බ්‍රිතාන්‍ය මූලිකත්වයෙන් ආරම්භ කල මෙරට දුම්රිය සේවාව මේ වන විට දියුනු වෙමින් නවතම දුම්රිය මාර්ග එකතු වෙමින් සංවර්ධනය වී තිබෙනවා.මූලිකවම ප්‍රධාන දුම්රිය මාර්ග බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදි කල අතර එකල ඒවා ඉදි කලේ භාන්ඩ ප්‍රවාහනය වෙනුවෙන්.මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දුම්රිය සේවාව බොහෝ දෙනෙක් ප්‍රවාහන මාධ්‍ය ලෙස යොදා ගනු ලබයි.

කෙසේ නමුත් බලධාරීන්ගේ අවධානයට යයි පවසමින් එකෙන්ම නම් ෆේස්බුක් පි‍ටුවක් දුම්රිය ටිකට් පත බ්‍රිතාන්‍යයෙන් ගෙන එන බවත් මෙය මෙරට මුද්‍රණය කල හැකි නම් කෝටි ගනනක් ඉතිරි කල හැකි බවත් දක්වා තිබුනා. “අදටත් බ්‍රිතාන්‍යයෙන් ගෙන එන දුම්රිය ටිකට් එක” යනුවෙන් පළවූ එම සටහන පහතින්.

Original PostArchived Post

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම ටිකට් පත් මුද්‍රණය කර පිටරටින් ගෙන්වනවා යන්න විශ්වාස කල නොහැකි බැවින් මේ පිළිබඳව කරුණු සොයා බැලීමට තීරනය කලා.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

පලමුවෙන්ම අප මේ සම්බන්ධව කරුණු දැනගැනීමට නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරී වී එස් පොල්වත්තගේ මහතා සම්බන්ධ කර ගත්තා.මේ පිලිබඳව ඔහු ප්‍රකාශ කලේ කිසිම විටෙක මෙම ටිකට් පත විදෙස් රටක මුද්‍රණය නොකරන බවයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ රජයේ දායකත්වයෙන් මෙම ටිකට් මුද්‍රණය කරන බව ඔහු සදහන් කලා. දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිශ්‍රයේ ඇති මුද්‍රණ යන්ත්‍ර යොදා ගනිමින් කොටසක් මුද්‍රණය කර අතර රජයේ දායකත්වයෙන් අනෙක් කොටස මෙරටදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය වන බවත් ඔහු තහවුරු කලා.කෙසේ නමුත් මෙම ටිකට් පත් මුද්‍රණය සඳහා සුදුසු කාඩ් පත් සඳහා දේශීය ආයතන විසින් ලබාදුන් සාම්පල අත්හදා බැලුවද මෙතෙක් එම අවශ්‍ය තත්වයේ බෝඩ් වර්ගය ලබාගැනීමට හැකියාවක් ලැබී නැති බව පැවසු ඒ මහතා ටිකට් මුද්‍රණය සඳහා අවශ්‍ය වන මුද්‍රණ බෝඩ් විදෙස් රටවලින් ආනයන කරන බව දන්වා සිටියා.

මේ වන විටත් ඇතැම් ගමනාන්ත සඳහා දුම්රිය ටිකට් පත් ඔන්ලයින් ක්‍රමයට ලබා ගත හැකි අතර එම ටිකට් පත මෙම ෆේස්බුක් සටහනේ පෙන්වාදෙන ටිකට් පතින් බෙහෙවින් වෙනස් එකකි

පසුගිය කාලයේ මෙම ටිකට් පත් සේවාව සම්පුර්ණයෙන්ම නවීකරනය කිරීමට තීරනයක් ගත් අතර නව ක්‍රමවේදයන් අනුව ටිකට් පත් ලබා දීමේ ව්‍යාපෘතිය චීන සමාගමක් වෙත ලබා දී ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබු අතර මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවටද වාර්තා පලවී තිබුණි. ලංකාවේ සමාගමකට එම ව්‍යාපෘතිය ලබානොදී චීන සමාගමකට ලබාදීම පිළිබඳව ද විශාල කතාබහක් පසුගිය කාලයේ ඇතිවී තිබුණා

Conclusion (නිගමනය)

මේ අනුව සලකා බැලීමේදී අපට තහවුරු වන්නේ බ්‍රිතාන්‍යයේ මුද්‍රණය කොට ලංකාවට ගෙන එන ටිකටිපතක් ලංකාවේ දුම්රිය සේවාවේ යොදා ගන්නා බවට පල වන ෆේස්බුක් සටහන සාවද්‍ය සටහනක් බවයි.මෙම ටිකට් පත් මුද්‍රණය සම්පුර්ණයෙන්ම ලංකාවේ සිදුවන ක්‍රියාවලියක් වන අතර ඒ සඳහා අවශ්‍ය මුද්‍රණ බෝඩ් ආනයනය කරනු ලබයි.

Avatar

Title:ලංකාවේ දුම්රිය ටිකට් පත් මුද්‍රණය කරන්නේ බ්‍රිතාන්‍යයේද?

Fact Check By: Sahan Perera

Result: False