ලංකාවේ ජනගහනයෙන් 50% කට වඩා සිටින්නේ කාන්තාවන්ය. ආර්ථිකව අපහසුතා හා අනවබෝධය වැනි කරුණු මුල්කරගෙන මාසික ඔසප්වීවලදී ප්‍රමාණවත් සනීපාරක්ෂක ක්‍රම අනුගමනය නොකිරීම හේතුවෙන් කාන්තාවන් නොයෙකුත් රෝගාබාධ වලට ගොදුරුවන බවට කාන්තා සුභසිද්ධිය සඳහා හඬ නගන සංවිධාන නොයෙක් වර අදහස් ප්‍රකාශ කර තිබුනා. පසුගිය ජනාධිපතිවරණ සමයේද මෙය විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්විය.

මේ අතර කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා 15% ක නව මෙන්සස්බද්දක් 2021 අයවැය යෝජනාවලියෙන් ඉදිරිපත් කර අති බවට සටහන් රැසක් පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය ජාලයන්හි මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ද සංසරණය වී තිබුණි. අපගේ කරුණු විමර්ශණයෙන් අනාවරණය වුයේ නොමග යවන සුළු මෙම සටහන් වලට මුල්වී තිබුනේ දැනට පවතින 30% ආනයන බද්ද, පිළවලින් 15% ආනයන බද්දක් සහ CESS (සෙස්) බද්දක් ලෙස වෙනස් කිරීමේ පුවත බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

Amanda Abeysooriya නමැති ෆේස්බුක් ගිණුමක පලවී තිබුනේ සනීපාරක්ෂක තුවාවලට 15%ක බද්දක් #Budget2021” යනුවෙනි.

මෙම සටහන බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබු අතර විවිධ අයුරින් ද ඉදිරිපත්වී තිබුණි.

FacebookArchived Link
FacebookArchived Link
FacebookArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා 2021 අයවැය යෝජනාවලිය මගින් 15% ක නව බද්දක් පනවා ඇත්දැයි දැනගැනීමට අප මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළෙමු. ඔවුන් අපට පවසා සිටියේ 15%ක නව බද්දක් පනවා ඇති බවට සමාජ මාධ්‍ය තුල සංසරණය වන ප්‍රවෘත්තිය සාවද්‍ය බවය.

රජයේ බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ දැනට 30% ක් ලෙස ඇති ආනයනය බද්ද 15% දක්වා අඩු කළ බවත්, එහෙත් කාන්තා සනීපාරක්ෂක තුවා නිපදවන දේශීය කරමාන්ත ආරක්ෂා කිරීමට එසේ අඩු කළ 15% ආනයනය බද්ද CESS බද්දක් ලෙස පනවා ඇති අතර මෙමගින් වෙළඳපලේ කාන්තා සනීපාරක්ෂක තුවා මිලේ වෙනසක් නොවන බවත් පැහැදිලි කර සිටියා.

2020 නොවැම්බර් මස 24වනි දින දෙරණ රූපවාහිණී සේවය මගින් විකාශයවු “වාදපිටය” සජීව වැඩ සටහනට සහභාගි වෙමන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ සිල්වා මහතා ද පැවසුවේ රජය කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා නව බද්දක් පනවා නොමැති බවත්, දැනට පවතින 30% ආනයන බද්ද, පිළවලින් 15% ආනයන සහ CESS බද්දක් ලෙස වෙනස් කර ඇති බවත්ය. එසේම කාන්තා අභිවෘද්ධිය තකා කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු තවදුරටත් අඩුකළ යුතු බවත් ඔහු යෝජනා කර තිබුනා. එම සංවාදය පහතින් (59 මිනිත්තුවේ සිට)

https://youtu.be/Dc5osCenwE4?t=3536

එම සාකච්ඡාවට සහභාගී වූ ශෙහාන් සමරසිංහ රාජ්‍ය අමාත්‍ය තුමාද ඉහත කරුණ සනාථ කරමින් පවසා සිටියේ නව බද්දක් එකතු කිරීමක් ඇතිවී නැති අතර මිලෙහි වෙනසක් සිදුවන්නේ ද නැති බවයි. වැරදි අවබෝධයක් මත ඇතිවූ අර්ථකතනයක් හේතුවෙන් සමාජයේ එවැනි මතයක් ගොඩනැඟී තිබෙන බවත් ඔහු පැහැදිලි කර සිටියා.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සමරසිංහ මහතා සිය නිල ෆෙස්බුක් පිටුවේ ද එම පැහැදිළි කිරීම සහිත සටහනක් තබා තිබෙණු දක්නට ලැබුණි.

සනිපාරක්ෂක තුවා වල අදාල බදු වැඩි ඇති බව වැරදි තොරතුරකි. අයවැය ඉදිරිපත් කිරීමට පෙර මේ සම්බන්ධව පැවති "රේගු ආනයන බද්ද" 30% කි. ඒ අනුව අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව එම බදු ප්‍රමාණය 15% ක් දක්වා අඩු කර 15% ක " සෙස් බද්දක්" එකතු කර ඇත. ඒ අනුව කිසිදු බදු වැඩි කිරීමක් සිදුව නැත. ආනයන බදු ප්‍රමාණය රඳවා ගැනීමේ අවශ්‍යතාවය වන්නේ දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහායි. ඒ අනුව රජය විසින් මිල වැඩිවන වෙනසක් සිදුකර නැත

Facebook Archived Link

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා 2021 අයවැය යෝජනාවලිය මගින් 15% නව බද්දක් පනවා නොමැති බවට මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවෙදි පවසා තිබුණු අතර එය හිරු පුවත් සේවය වාර්තා කර තිබුණි. අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ සම්බන්ධයෙන් නිකුත් කල ට්විටර් පණිවුඩයක් මෙලෙසින්

https://twitter.com/an_cabraal/status/1331269359310815232

කෙසේ වෙතත් මේ පිළිබඳව Advocata Institute විසින් පලකරන ලද ට්වටර් පණිවුඩයක පෙන්වා දී තිබුනේ 15% ආනයන බද්ද සහ 15% සෙස් බද්ද වශයෙන් බදු දෙකක් යෙදීමේදී (දැනට පවතින 30% ආනයන බද්ද වෙනුවට) 1.6% ක සුළු වෙනසක් සිදුවන බවයි.

https://twitter.com/advocatalk/status/1331517716247744513

Tweet | Archived

මේ පිලිබඳ ව අප වැඩිදුරටත් Advocata ආයතනයෙන් විමසා සිටි අතර එහිදී පවසා සිටියේ බදු ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව මෙහි සුළු වෙනසක් විය හැකි බවයි. එසේම මෙසේ CESS බද්දක් අය කිරීම මඟින් සනීපාරක්ෂක තුවා ආනයන කරන ආයතනයකට, දේශීය නිෂ්පාදකයෙකුට වඩා අඩු මුදලකට වෙළඳ පොළට නිකුත් කිරීමේ හැකියාව බොහෝදුරට මඟහැරී යන බව ද පවසා සිටියා. එසේම "සෙස්" මෙන්ම අනෙකුත් බදුද හැකි තරම් සනීපාරක්ෂක තුවා වලින් ඉවත් කිරීමට ඔවුන් නිරන්තරයෙන්ම යෝජනා කරන බවද පවසා සිටියා.

අප බදු විෂය පිලිබඳ කටයුතු කරන ආයතයනයකින් ද ඉහත කරුණු සම්බන්ධයෙන් විමසා සිටියෙමු. එහිදී අපට පවසා සිටියේ ශෙහාන් සමරසිංහ අමාත්‍ය තුමා පවසා තිබු ආකාරයේ මිලෙහි වෙනසක් සිදු නොකර බදු සංඝටක වෙනස් කරන්නේ නම් එහි අරමුණ බොහෝදුරට විය හැක්කේ දේශීය නිෂ්පාදකයින් පිලිබඳ අධ්‍යයනක් තුළින් ඔවුන් දිරිමත් කිරීම විය හැකි බවයි. එසේම ආනයනයන් සීමා කිරීමක් ද බලාපොරාත්තු එමඟින් විය හැකි බවද පැහැදිලි කර සිටියා.

කාන්තා සනීපාරක්ෂක තුවා පිලිබඳ බදු සංශෝධන : (2021 අයවැය ප්‍රකාශයට පෙර)

2018 මාර්තු මස Economy next ඉදිරිපත් කළ වාර්තාවකට අනුව 2018 සැප්තැම්බර් මසට පෙර HS අංක HS code 96190010 යටතේ ආනයනය කරන කාන්තා සනීපාරක්ෂක තුවා මත සඳහා පහත බදු අයකර තිබුණි. Gen Duty (30%) + VAT (15%) + PAL (7.5%) + NBT (2%) and CESS (30% or Rs.300/kg). එහෙත් මෙම බදු ප්‍රමාණය පහළ දැමිය යුතු බවට සිදුකළ යෝජනා මධ්‍යයේ එවකට පැවති රජය 2018 සැප්තැම්බර් මස සිට 30% වු (CESS) බද්ද ඉවත්කර තිබුනා.

එවකට මුදල් අමාත්‍ය දුරය දැරු මංගල සමරවීර මහතා ඒබව ට්වීටර් පණිවුඩයකින් පසුගිය දා එය පෙන්වා දී තිබුණි.

සනීපාරක්ෂක තුවා සඳහා බදු පසුගිය වසර කිහිපය තුළ වෙනස් වූ ආකාරය පිලිබඳ අද දෙරණ Biz පසුගිය මැයි මාසයේ ලිපියකින් පැහැදිලි කර තිබුණි. 2018 වසරේ ද 30% වූ CESS බද්ද ඉවත් මුලිකව යෝජනා ඉදිරිපත් කල Advocata නම් ආයතනය එහිදී බදු තවදුරටත් අඩු කල හැකි නිර්දේශ ද ඉදිරිපත් කර තිබුනා.

AdaDerana Biz | Archived

Update:

මේ සම්බන්ධයෙන් අප වෙළඳ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් වරයාගෙන් විමසීමක් සිදු කර සිටියා. මෙහිදී අපට දැනගන්නට ලැබුණේ දැනට වෙළඳ පොළේ පවතින සනීපාරක්ශක තුවා සන්නාම අතරෙන් ප්‍රධාන වශයෙන් එක් සන්නාමයක් හැර අනෙක් සියල්ලක් ම පාහේ (90% කටත් වඩා වැඩි අගයක්) දේශීය නිෂ්පාදකයන්ගේ අතින් නිමවෙන ඒවා බවයි.

දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා හමුවූ අවස්ථාවකදී මෙම සෙස් බද්ද හරහා කිසිසේත්ම දේශීය නිෂ්පාදනයන්ගේ පවත්නා මිළෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව පැහැදිලි කර තිබුනා. ඒ පිලිබඳ වාර්තාවක් පහතින්

News.lk | Archived

එමෙන්ම 2018 වසරේදී පනවා තිබූ සනීපාරක්ෂක තුවා කිලෝග්‍රෑමයක් සඳහා රු.300/= ක ආනයන බද්ද නැවත පනවන මෙන් ද නිෂ්පාදකයන් විසින් මෙහිදී ඉල්ලා තිබෙන්නේ සියලුම දේශීය ඉල්ලුම ඔවුන්ට සැපිරිය හැකි බවත් ඉදිරියේදී අපනයන කටයුතු පවා සිදු කළ හැකි බව දක්වමින්. මේ අනුව මෙම බදු වෙනස් වීම (15 % ආනයන බද්ද හෝ 15% සෙස් බද්ද) දේශීය නිෂ්පාදකයින් හට බලනොපවත්වන බව පැහැදිලිය.

මේ පිළිබඳව දේශීය නිෂ්පාදකයින් ගේ මතය දැන ගැනීම සඳහා ලංකාවේ කාන්තා සනීපාරක්ශක තුවා නිෂ්පාදනය කරන එක් සමාගමක් වන හේමාස් සමාගමේ පාරිභෝගික කටයුතු පිළිබඳ කළමනාකරණ අධ්‍යක්ෂක තුමා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුණා.

එතුමා හරහා ද අපට තහවුරු කරගන්නට ලැබුණේ දැනට ලංකාවේ කාන්තා සනීපාරක්ශක තුවා වෙළඳපොලේ සීයට අනූවකට වැඩි ප්‍රතිශතයක් තිබෙන්නේ දේශීය සන්නාම බවත් ඔවුන්ට මේ හරහා කිසිදු අයුරකින් බලපෑමක් සිදුවන්නේ නැති බවත්ය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා 2021 අයවැය යෝජනාවලිය මගින් දැනට පවතින 30% ආනයන බද්ද, පිළිවෙලින් 15% ආනයන බද්දක් සහ CESS (සෙස්) බද්දක් ලෙස වෙනස් කර ඇති බවය. මෙම බදු වෙනස්වීම මඟින් 90% කටත් වඩා වැඩි ප්‍රතිශතයක් සිටින දේශීය නිෂ්පාදකයින් හට කිසිඳු බලපෑමක් ඇතිවන්නේ නැති බැවින් ඔවුන් නිෂ්පාදනය කරන කාන්තා සනීපාරක්ෂක තුවා මිලෙහි වෙනසක් ද ඇති නොවන බව පැහැදිලිය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා 15%ක නව බද්දක් 2021 අයවැයෙන් යොජනාවී තිබුනාද?

Fact Check By: Nelson Mani

Result: Missing Context