ශ්‍රී ලංකාවේ ඊශාන දිග වෙරළෙන් දෙසැම්බර් මස 02 වැනිදා රාත්‍රී කාලයේදී “බුරවි” සුළි කුණාටුවේ ඇතුළු වී පසුදා උදැසන ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කරමින් මන්නාරම් බොක්ක වෙත ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දීමක් කර තිබුනා. මේ හා

මෙය හේතු කොට ගෙන වැසි සහ සුළං තත්ත්වයේ සැළකිය යුතු වැඩි වීමක් ඇතිවිය හැකි බැවින් සුළි සුදු කුණාටුව බලපවත්වන ප්‍රදේශවල සිටින ජනතාව වෙත අනතුරු ඇඟවීම් බොහෝ මාධ්‍ය ඔස්සේ පළ වී තිබෙනු ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා

එවැනි අවස්ථාවක “බුරවි” සුළි කුණාටුව යනුවෙන් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හුවමාරු වී තිබූ වීඩියෝවක් පිළිබඳ අපගේ අනාවරණය දී පැහැදිලි වූයේ එය මීට වසර කිහිපයකට පෙර හුවමාරු වූ වීඩියෝවක් බවයි

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

Chamalka නැමැත්තෙක් විසින් #CycloneBurevi යන තේමාව යටතේ පළ කරන ලද වීඩියෝවක් අපට මෙසේ දැකගනන්ට ලැබුණා

https://vimeo.com/486356828

TweetArchived

එසේම The Video Collection නැමැති ෆේස්බුක් පිටුව විසින් එම වීඩියෝවම සජීවීව පළකර  තිබුනේ “බුරවි සුළි කුණාටුව | burevi cyclone in Sri Lanka | most popular cyclones Sri Lanka..Be careful and share this😢” යන තේමාවෙන්

Facebook | Archived

බොහෝ දෙනෙක් මෙම සටහන් වලට ව්‍යාජ වීඩියෝවක් යනුවෙන් සහ මෙහි පෙන්වා තිබෙන්නේ සුළි සුළං තත්වයකට වඩා funnel cloud (පුනීල වලාකුළු) තත්වයක් යනුවෙන් ද සටහන් කර තිබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙසේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේම මාරුවන වීඩියෝවේ රූපරාමු අප Google reverse image සෙවුමක් වෙත යොමු කළ විට අපට දැක ගන්නට ලැබුණේ මෙහි උපුටා දක්වා ඇති වීඩියෝව මීට වසර කීපයකට පෙර සිට හුවමාරුවූ වීඩියෝවක් බවයි.

2016 වසරේ යූ ටියුබ් වෙත Tornado sri lanka යන තේමාවෙන් උඩුගත කර තිබූ එවැනි එක් වීඩියෝවක් පහතින්

https://youtu.be/UiKjxttMGUc

එසේම මෙම වීඩියෝ දර්ශන යොදාගනිමින් ඉන්දියාවේ ටොනාඩෝ තත්ත්වයන් යනුවෙන් මීට අවස්ථාවන් කීපයක දී ද ව්‍යාජ සටහන් හුවමාරු වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශන සිදුකර ඇති බව ද අපට දැකගන්නට ලැබුණා.

ලංකාවේ ද මෙම වීඩියෝව කිහිප වරක් හුවමරු වී තිබෙනවා. 2017 වසර අග මෙවැනිම කාලයකදී පැවති අයපහත් කාලගුණික තත්වයක් හමුවේ ගාල්ල ප්‍රදේශයේ ඇතිවූ ටෝර්නෝඩෝවක දර්ශන පෙළක් යනුවෙන් එම වීඩියෝව බොහෝ දෙනා අතර හුවමාරු වී තිබුනා. එවැනි එක් අවස්ථාවක් මෙතනින්

කෙසේ නමුත් මෙලෙස හුවමාරු වන වීඩියෝවේ දර්ශන පරීක්ෂා කිරීමේදී එය වාද්දුව ප්‍රදේශයේ දම්රෝ ආයතනය අසල බව අපට තහවුරු වුනා.  වීඩියෝ දර්ශනයේ ඇති ස්ථානය පහතින්.

Google Maps

කළුතර, වාද්දුව ඇතුළු දකුණු බඩ මුහුදේ හට ගන්නා මෙවැනි පුනීල වලාකුළු (funnel cloud) තත්වයන් පිලිබඳ මාධ්‍ය වාර්තා කිහිපයක් ම අපට පසුගිය වසර කිහිපයේදී දැකගනන්ට ලැබුනා. 2015 වසරේ එසේ වාර්තා වූ සිද්ධියක් "වාද්දුව මුහුදෙන් මතුවුණු කාලගුණික අපුර්වත්වය" යන තේමාව යටතේ "අද" පුවත්පතේ වෙබ් අඩවිය මෙසේ වාර්තා කර තිබුණි. එම වීඩියෝව පහතින්.

https://youtu.be/XmJcqZi3I6A

කැරකෙමින් කරාගමන් ගන්නා පුනීල වලාකුළ (funnel cloud) ගොඩබිම ස්පර්ශ කිරීමෙන් පසු සුළි සුළං තත්වයක් ලෙස බොහෝවිට හැඳින්වෙයි. ඉහත වීඩියෝවේ පුනීල වලාකුළේ පහල කොටස ගොඩබිම ස්පර්ශ කරන්නේ නැත.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ බුර්වි සුළි කුණාටුව ලෙස හුවමාරු වන්නේ දැනට වසර ගණනාවක් තිස්සේ හුවමාරු වන වාද්දුව ප්‍රදේශයේදී ලබාගත් වීඩියෝවක් බවයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:“බුරවි” සුළි කුණාටුව ලෙස හුවමාරු වූ පැරණි වීඩියෝවක්

Fact Check By: Sahan Perera

Result: False