ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන නිවේදනයන්හි නිරවද්‍යතාව පිළිබඳව අදටත් ඇතැමුන් අතර දැඩි විශ්වාසයක් පවතින්නේ නැහැ. මේ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හාස්‍යට ලක්කරමින් විවිධ සටහන් පළවෙනවා. කාලගුණ අනාවැකි පළ කිරීමේ ගලක්, එම දෙපර්තම්නේතුව යොදාගන්නා බවට උපහාසාත්මක කෝණයකින් පළ කර තිබු සංස්කරණය ලංකාවේ සමාජ මාධ්‍ය අතර නැවත වරක් හුවමරු වන අයුරු දැකගනන්ට ලැබුණා

සමාජ මාධ්‍ය සටහන්:

ශ්‍රී ලංකා කාලගුණ මධ්‍යස්ථානය නම් සඳහන් පුවරුවක ගලක් එල්ලා, එම ගලේ ස්වභාවය මත කාලගුණ අනාවැකි පවසන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ෆේස්බුක් වෙත එකතු කර තිබුනේ මෙලෙසින්.

Archived

බොහෝ දෙනා උපහාසාත්මක ආකාරයෙන් මෙවැනි සටහන් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්.

මේ ආකාරයට කාලගුණ වාර්තා පල කිරීම බැලූ බැල්මටම වර්තමානයේ භාවිතාවන විස්වාසදායි ක්‍රමයක් නොවන බව හැඟී ගියද මෙම සටහන් සඳහා මුල්වූ කරුණු පිලිබඳ කෙටි විමර්ෂණයක් සිදු කිරීමට අදහස කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප පළමුව මෙම පුවරුවේ සඳහන් ආකාරයේ ස්ථානයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ඇත්දැයි එම ආයතනයෙන් විමසා සිටියා. එහිදී එහි නිලධාරියෙකු අප වෙත පවසා සිටියේ එවැනි ආකාරයේ ස්ථානයක් මෙරට පිහි‍ටුවා නැති බවයි. මෙරට කාලගුණය පිලිබඳව අනාවැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ෆේස්බුක් පිටුවේ පළවන නිවේදන බලාගත හැකි බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ගලක් සහිත පුවරුවේ ඇති ඡායාරුපය විශාලනය කර බැලීමේදී සංස්කරණයක් කර සිදු ඇති බවක් පෙනී යනවා. එබැවින් අප මෙම ඡායාරුපය Reverse Image Search තුලින් පරීක්ශා කර බැලුවා.

එහි ප්‍රතිඵල වශයෙන් බහුල ලෙස මෙම සේයාරුවට සමාන ඡායාරූපය රැසක් අපට දැකගන්නට ලැබුනා. ඒ අතරින් John's weather forecasting stone ලෙස සඳහන් කල ඡායාරූපයක් බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබුණා. එහිද එල්ලා ඇති ගලෙහි ස්වභාවයට අනුව ඉංග්‍රීසි බසින් කාලගුණ වාර්තා දක්වා තිබුනා.

එංගලන්තයේ Porthallow නම් ප්‍රදේශයේ ස්තාපිතව ඇති පුවරුවක් වන බව බොහෝ දෙනෙක් සටහන් කර තිබුණා.

BritishBeachesArchived
CoastWalkerArchived
FacebookArchived

ඉහත ඡායාරුපය සහ සිංහල සිංහල බසින් ලංකාවේ සමාජ මාධ්‍ය වල හුවමාරු වන සටහන් පරීක්ෂණ කිරීමේ දී ඒවා එකම සටහනක් පවා අපට පහත පරිදි ගන්නට ලැබුණා

මෙසේ උපහාසාත්මක කෝණයෙන් සංස්කරණය කරන ලද සටහන් ලොව විවිධ භාෂාවන් වලින් පළවී තිබෙන අයුරු ද අපට දැක ගන්නට ලැබුනා. ඩේලිමේල් වෙබ් අඩවිය පලකල උපහාසාත්මක කාලගුණික සටහන් සහිත ලිපියක ද මෙම ඡායාරූප සටහන මෙසේ පළවී තිබුණා. Alamy ඡායාරුප එකතුවේ එය පලවී තිබුනේ මෙලෙසින්

එංගලන්තයේ සමාගමක් විසිනි මෙය යමෙකුගේ නම යොදා ත්‍යාගයක් වශයෙන් පිරිනැමිය හැකි ආකාරයට සකස් කර අලෙවි කිරීමටද කටයුතු කර තිබූ බව අපට දැකගන්නට ලැබුණා. ඒ පිළිබඳ වීඩියෝවක් පහතින්

https://www.dailymotion.com/video/x154obk

Also Read: CFC SL Survey: Only 12% of Sri Lankans Show Faith in Local Weather Forecasting Systems!

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු සලකා බැලීමේදී ශ්‍රී ලංකා කාලගුණ දෙපාර්තමේන්තුව මගින් කාලගුණ අනාවැකි පල කිරීම සඳහා ඡායාරූපයේ පෙන්වා ඇති පරිදි ගලක් සහිත පුවරුවක් යොදා ගන්නේ නැති බව පැහැදිලිය. එංගලන්තයේ කොන්වෝල් ප්‍රදේශයේ තිබූ පුවරුවක ඡායාරූපයක් උපහාසාත්මක කෝණයකින් ලොව විවිධ භාෂාවන්ගෙන් පරිවර්තනය වී තිබු අතර එහි සිංහල පරිවර්තනයක් ලෙස මෙය දැක්විය හැක.

Avatar

Title:FACT CHECK: කාලගුණ අනාවැකි පැවසීමට පුවරුවක එල්ලා ඇති ගලක් කාලගුණ දෙපාර්තමේන්තුව යොදා ගන්නවා ද?

Fact Check By: Factcrescendo Team

Result: Satire