
කොරෝනා දෙවන රැල්ල ආරම්භයත් සමග බන්ධනාගාර අශ්‍රිතවද කොරෝනා රෝගීන් හමු වූ අතර ඒ හා සමඟම දිවයිනේ විවිධ ප්‍රදේශයන් හි බන්ධනාගාර රැඳවියන් උද්ඝොෂණ වල නිරත වන අයුරු ද අපට දැකගන්නට ලැබුනි.
මහර බන්ධනාගාරයේ ද පසුගියදා නොසන්සුන්කාරී තත්වයක් පැනනැගුන බවට මාධ්‍ය වාර්තා පලවිය.මෙම නොසන්සුන්කාරී වාතාවරනය පාලනය කිරීම සඳහා අමතර පොලිස් සහය මෙන්ම විශේෂ කාර්‍ය බලකාය කැඳවීමට ද කටයුතු කරන ලදී.
මෙම සිදුවීමෙන් රැඳවියන් කිහිප දෙනෙක් මරණයට ද පත්වූ අතර මෙම සිදුවීම සිදුවන අවස්තාවේ බන්දනාගාර පාලක වරයෙකු විසින් සිරකරුවෙකු ඔසවාගෙන එන ආකාරයේ ඡායාරුපයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබුණි. නමුත් අපගේ විමර්ෂණයෙන් මෙය ටෙලි නාට්‍යක දර්ශනයක් විනා මහර බන්දනාගාරයේ සිදුවීමක් නොවන බව තහවුරු විය.
සමාජ මාධ්‍ය සටහන්:
ජලා නම් ෆේස්බුක් පිටුවක් විසින් “හැමෝම නොදැකපු අපි දැකපු මහර මනුෂ්‍යත්වය..”ලෙස සටහන් තබමින් පහත සටහන හුවමාරු කර තිබුනි.

මෙවැනි සටහන් කිහිපයක්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්

මෙම සිදුවීම අසත්‍ය බවත් ටෙලි නාට්‍යක දර්ශන බවත් පෙන්වන සටහන් ද මේ අතර දැකගනන්ට ලැබුණු අතර මේ පිලිබඳ ව විමසා බැලීමට අප තීරනය කලා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
“තාත්තා” නමින් රූපවාහිනි නාලිකාවක තිරගත වූ කතා මාලාවක කොටසක් බව කිහිප දෙනෙක් ම සඳහන් කර තිබු බැවින් එම රූපවාහිනි නාට්‍යයේ 30 වන කොටසේ බන්ධනාගාර ජේලර් වරයෙකු විසින් සිරකරුවෙකුව ඔසවා ගනිමින් ගමන් කරන දර්ශනයක් මහර සීදුවීමේ අවස්ථාවක් බවට හැඟවෙන පරිදි වැරදි අදහසක් මතුවන ආකාරයෙන් පල කර ඇති බව අපට පෙනී ගියා.
එම ටෙලි නාට්‍යයෙන් ලබාගත් කොටස (15 වන මිනිත්තුවේ) සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනේ ඡායාරුපය සැසඳීමේදී ඒවා එකම අවස්ථාවක් බව පෙනී යනවා

මෙම නාට්‍යයේ නියමිත කොටස යූටූබ් වෙත එකතු කර ඇති අතර එම කොටස මෙතනින් නැරඹිය හැකියි.
මෙම කලහකාරී තත්වය පාලනය කිරීමෙන් පසුව මෙම ගැටුම ආර්ම්භ වූ ආකාරය බව කියමින් බන්ධනාගාරය තුල සිදු වූ සිදුවීම පිලිබඳව වීඩියෝ සටහනක් මාධ්‍ය වෙත නිකුත් කල අතර එහි රැඳවියන් අතර ගැටුම් සිදුවන අයුරු මෙසේ දැකගනන්ට ලැබුනා.
කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරී එකමුතුව නම් ෆේස්බුක් පිටුවක් විසින් මෙම ඡායාරූපය ෆේස්බුක් යොදාගැනීම පිලිබඳ සටහනක් එකතු කර තිබුනේ “තාත්තා ටෙලිනාටකයේ ෆොටෝ එකක් උනාට ඇත්තටම ඕව කරද්දි ෆොටෝ ගහන්න කවුරුත් නෑ. ඒකයි ඒ ෆොටෝ එක දැම්මෙ” යන කතාංගයත් සමඟයි.

Conclusion (අවසාන නිගමනය)
ඉහත කරුණු අනුව සලකා බලන කල අපට තහවුරු වන්නේ මහර බන්දනාගාර නිලධාරියෙකු සිරකරුවෙකු ඔසවා ගනිමින් ගමන් ගන්නා දර්ශනය සහිත කොටස මහර බන්ධනාගාරය තුල සිදුවූ සිදුවීමකට අදාල දර්ශනයක් නොවන බවයි. “තාත්තා” නමින් රූපවාහිනි නාලිකාවක තිරගත වූ කතා මාලාවක කොටසක් මේ සඳහා යොදාගෙන තිබෙනවා

Title:බන්දනාගාර නිලධාරියෙකු සිරකරුවෙකු ඔසවා ගනිමින් ගමන් ගන්නා දර්ශනය මහර බන්ධනාගාරයේ සිදුවීමට අදාල දර්ශනයක්ද?
Fact Check By: Sahan PereraResult: Misleading
