
බුරවි සුළි කුණාටුව පිලිබඳව පසුගිය කාලයේ විශාල කතා බහක් ඇතිවිය. එමගින් ලංකාවට දැඩි බලපෑමක් එල්ල වීමේ ඉඩකඩක් ඇති බවට වාර්තා වුවද එමඟින් ඉතා දරුණු අන්දමේ හානි වාර්තා වුයේ නැහැ. ලංකාවේ බටහිර වෙරළෙන් ඉන්දියාව දෙසට ගමන් කළ බුරවි කුණාටුවෙන් දකුණු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වලට බලපෑම් ඇතිවුයේ, ඊට දින ගණනාවකට කලින් ඇතිවූ නිවාර් සුළි කුණාටුවෙන් සිදුවූ හානිකර තත්වයෙන් යථා තත්වයට පත්වෙමින් සිටි අවධියකයි.
මෙවැනි පසුබිමක ඉන්දියාවට බුරවි සුළි කුණාටුවේ බලපෑ අයුරු බව හඟවන පරිදි හුවමාරු වූ වීඩියෝවක් ලංකාවේ සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් හුවමාරු වී තිබුණි.නමුත් ඒ පිලිබඳ අපගේ විමර්ෂණයෙන් අපට අනාවරණය වුයේ එම දර්ශන මීට වසරකට පෙර ඉන්දියාවේ ම සිදුවූ සුළි කුණාටුවක දර්ශන පෙළක් බවයි.
සමාජ මාධ්‍ය සටහන් :
සුනිල් පෙරේරා නම් අයෙකු “ලංකාව බේරුණා. ඉන්දියාවට වූ දේ” ලෙස දෙසැම්බර් මස 7 වැනිදා පළකරන ලද වීඩියෝවක් මඟින් හඟවා තිබුනේ, ඊට දින කිහිපයකට ලංකාවට දැඩි හානියක් සිදු නොකළ දිවයිනෙන් ඉවතට සේන්දු වී ගිය බුරවි සුළි කුණාටුව, ඉන්දියාවට විශාල හානියක් සිදුකර තිබු අයුරු දැක්වෙන වීඩියෝවක් බවයි.
විනාඩි 4කට ආසන්න කාලයක් පැවති එම වීඩියෝ පටයේ දැඩි සුලං තත්වය හේතුවෙන් විශාල ලෙස දේපල හානි වන බවක් දකින්නට ලැබුනා.මෙම වීඩියෝ පටයට බොහෝ දෙනෙක් අදහස් එකතු කර තිබු නව දහසකටත් වැඩි පිරිසක් හුවමාරු කරගෙන තිබුනා. එය හුවමාරු කරගෙන තිබු තවත් කිහිප දෙනෙක් පහතින්.

කෙසේ නමුත් මෙම වීඩියෝ පටයේ දැක්වෙන දර්ශන වල සිටින පුද්ගලයින් කතාකරන භාෂාව වුයේ දකුණු ඉන්දියාවේ වැඩිපුර කතා කෙරෙන භාෂාවක් නොවූ බැවින් සහ මෙවැනි බරපතල හානියක් පිලිබඳ පුවතක් පිලිබඳ ඉන්දීය මාධ්‍ය හරහා මෑතකදී දක්නට නොලැබුණු බැවින් මේ පිලිබඳ විමර්ෂණයක් සිදුකළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු වීඩියෝව ස්ථාන කිහිපයක දර්ශන එකතු කරමින් නිර්මාණය කරන ලද්දක් අබව පෙනී යනවා. එම වීඩියෝ පටයෙන් ලබාගත් නිශ්චල රූප රාමු කිහිපයක් පිලිබඳ තොරතුරු පරීක්ෂා කිරීමේදී ඒවා බොහොමයක් මීට වසරකට ඉහතදී ඉන්දියාවේම ඇතිවූ ෆැනී නම් වූ සුළි කුණාටුවක් පිලිබඳ පළවූ වීඩියෝ දර්ශන බව පෙනී ගියා.
ඔඩිෂා ප්‍රාන්තයේ ඇතිවූ එම ෆැනී සුළි කුණාටු තත්වය පිළිබඳව වීඩියෝ පට රැසක් 2019 වසරේ පලවී තිබු අතර ඉන් එක් වීඩියෝවක් පහතින්.
එම සුළි කුණාටු තත්වය පිළිබඳව පළවූ තවත් වීඩියෝ කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්
එසේම 2016 දී අන්ද්‍රා ප්‍රදේශයට සහ තමිල්නාඩුවට බලපෑ වර්ඩා සුළි කුණාටුවේ මෝටර් රථයක්, දැඩි සුළං තත්වය හේතුවෙන් ඉහළට එසවෙන ආකාරය කොටස දැක්වෙන වීඩියෝව මෙතනින්
එම වීඩියෝ වලට අමතරව නිශ්චිත වශයෙන් ම නම් නොකරන ලද මෙවැනි වීඩියෝ කොටස් ද එම සංස්කරණය සඳහා යොදාගෙන තිබුණා. නමුත් එය යුටියුබ් වෙත උඩුගත කර ඇත්තේ 2019 වසරේ බැවින් මෑතකදී සිදුවූ සිදුවීමක් නොවන බව පැහැදිලිය.
පහත දැක්වෙන්නේ ෆැනී නම් වූ සුළි කුණාටු තත්වය ඇතුළු මෑතකදී ඉන්දියාවේ සිදු නොවූ සුළි කුණාටුවල දර්ශන යොදාගනිමින් මෑතකදී ඉන්දියාවට බලපෑ බුරවි සුළි කුණාටුවේ දර්ශන ලෙස ලංකාවේ හුවමරු වන වීඩියෝවේ නිශ්චල රූපරාමු සංසන්දනය කිරීමක්.

මේ අනුව ඉන්දියාවට බුරවි සුළි කුණාටුවේ බලපෑම පෙන්වීමට යොදා ගෙන තිබුණේ ඇත්ත වශයෙන්ම මෑතකදී සිදු වූ සුලි කුණාටුවක දර්ශන පෙළක් නොවන බව අපට පැහැදිලිය.
2019 වසරේ මැයි මස ඉන්දියාවට දැඩි ලෙස බලපෑ ෆැනී නම් වූ සුළි කුණාටු පිලිබඳව විස්තරයක් එහි විකිපීඩියා පිටුවේ දැකගනන්ට පුළුවන්. එසේම ඔඩිෂා ප්‍රාන්තයට ෆැනී සුළි කුණාටු හේතුවෙන් සිදුවූ බරපතල හානි පිලිබඳ වාර්තාවක් මෙතනින්

බුරවි සුළි කුණාටුව මෙන්ම ඊට දින ගණාවකට පෙර ඇතිවූ නිවාර් සුළි කුණාටුව හේතුවෙන් වැඩි වශයෙන් ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රදේශයේ ඇතැම් ස්ථානවලට බලපෑම් ඇතිවූ අතර එසේ සිදුවූ බලපෑම පිලිබඳ වාර්තාවක් මෙතනින්
එපමණක් නොව මෙසේ පැරැණි වීඩියෝ කොටස් එකතු කර නිර්මාණය කර තිබූ වීඩියෝව ලංකාවේ බුරවි සිට කුණාටුවේ පලපෑම් යනුවෙන් වීඩියෝවක් දෙසැම්බර් මස මුල ඉන්දියාවේ හුවමාරු වී තිබුණා. මේ පිළිබඳව අප ආයතනයේ විමර්ශන කණ්ඩායම දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර ඇති අතර එහිදී පෙන්වා දී තිබුණේ ද විවිධාකාරයේ කොටස් 16 කින් පමණ සැදුම්ලත් එම වීඩියෝව, පසුගිය දා ඇතිවූ බුරවි සුළි කුණාටුවට අදාළ තත්ත්වයක් නොවන බවයි. එම විමර්ශනය මෙතනින්
Conclusion (අවසාන නිගමනය)
ඉහත කරුණු සලකා බැලීමේදී අපට පෙනී යන්නේ බුරවි සුළි කුණාටුව ලංකාවට දැඩි බලපෑමක් ඇති නොකළ ද ඉන්දියාවට සිදුකළ බලපෑමේ තරම පෙන්නුම් කිරීමට යොදාගෙන තිබුණේ ප්‍රධාන වශයෙන්ම 2019 වසරේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයට දැඩි ලෙස බලපෑම් ඇතිකළ ෆැනී නම් වූ සුළි කුණාටුවක දර්ශන පෙළක් ද ඇතුළුව ඉන්දියාවේ හුවමාරු වී තිබු පැරණි සුළි සුළං තත්වයන්ට අදාළ රූප රාමු බවයි. බුරවි සුළි කුණාටුව මෙන්ම ඊට දින ගණාවකට පෙර ඇතිවූ නිවාර් සුළි කුණාටුව හේතුවෙන් වැඩි වශයෙන් බලපෑම් ඇතිවූනේ ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ ඇතැම් ස්ථානවලටයි

Title:FACT CHECK: බුරවි සුළි කුණාටුව නිසා ඉන්දියාවට ඇතිවූ බලපෑම් පෙන්නුම් කරන රූප රාමු පෙළක් ද?
Fact Check By: Sahan PereraResult: Misleading
