කෝවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයින් ආදාහනය කිරීමට නිල අවසර ලංකාවේ මෙතෙක් නොලැබීම පිළිබඳව මුස්ලිම් ප්‍රජාව තුළ විශාල විරෝධතාවයක් පැන නැගී ඇත.

මෙවන් පසුබිමක සජා නුවර සුල්තාන්වරයා විසින් කෝවිඩ්-19 ආසාදනයෙන් මියගිය තැනැත්තන්ගේ සිරුරු භූමිදානය කිරීම තහනම් කර ඇති බැවින් ලංකාවේ මුස්ලිම් නායකයින්ට එවැනි තීන්දුවක් ගැනීමට නොහැකි මන්ද යන්න හඟවමින් සටහන් රැසක් හුවමාරු වී තිබුණා. කෙසේ වෙතත් අපගේ අනාවරණයෙන් පැහැදිලි වුයේ සාජා එමිරේටයේ භූමදාන කටයුතු සිදු නොකරන බවට පසුගිය අප්‍රේල් මාසයේදී නිකුත් වූ නිවේදනයක් අනුසාරයෙන් මෙම නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වී තිබු බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොවිඩ් ආසාදිත මුස්ලිම් මළ සිරුරු ආදාහනය කිරීමක් සිදුවන්නේ නැති අතර අදටත් සිදුවන්නේ භූමදානයක් පමණයි. අනෙකුත් ආගම්වලට අභිමතය පරිදි ආදාහන කටයුතු කිරීමේ පහසුකම් ද සපයා තිබේ.

සමාජ මාධ්‍ය සටහන්:

“සුල්තාන් වරයාගේ නියෝගය... සාජා නුවර කිසිම කොරෝනා මරණයක් භූමිදානය කිරීම තහනම්..අන්න අහගනින් තොපෙ මහා එඋන්ගෙ තීරනේ” වදන රෝපණය කර සුල්තාන්වරයෙකුගේ සේයාරුවක් සමඟ ලංකාවේ විපක්ෂයේ මුස්ලිම් දේශපාලකයින් කිහිපදෙනෙකුගේ ඡායාරුප ද සහිත සටහනක් Achini Udayangani නැමැති ෆේස්බුක් ගිණුමක් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණි.

FacebookArchived Link

ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර මෙම සටහන හුවමාරුවී තිබුණා.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-05 Sharjah Burial-752944ed-9e84-4958-8042-bb69f8f9c146.png

සාජහි පාලකගේ තීරණයක් සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර ද ලංකාවේ සමාජ මාධ්‍ය තුල විශාල කැළඹීමක් ඇතිවූ බැවින් මේ පිළිබඳව කරුණු විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු.

Explanation (කරුණු පැහැදිලි කිරීම)

මාධ්‍ය වාර්තා :

2020 අප්‍රේල් මාසයේදී කර්මාන්ත නගරයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින අල්සාජා පුරවරයේ කෝවිඩ්-19 ආසාදිතව මියගෙස් සිටි පුද්ගලයන් කිහිපදෙනකුගේ සිරුරු මිහිදන් කෙරෙන අයුරු බව පැවසෙමින් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් තිබු වීඩියෝවක් පිලිබඳ විමර්ෂණයක් සිදුකරන ලෙස නියෝග කල සජාහි පාලක සුල්තාන්වරයා, අල් සාජා ප්‍රදේශයේ හෝ සාජා එමිරේටයේ වෙනත් ප්‍රදේශයක හෝ කොවිඩ් භූමදාන කටයුතු ඉදිරියේ දී සිදුනොකරන ලෙස සාජාහි ඉස්ලාම් කටයුතු දෙපාර්තමේන්තුවට උප‍දෙස් දී ඇති බවක් මාධ්‍ය හරහා දැකගනන්ට ලැබුණි.

2020 අප්‍රේල් මාසයේ එම සිදුවීම පිලිබඳ පුවත් පළකිරීම් සහ සාජාහි පාලකයාගේ ට්විටර් සටහනක් පහතින්..

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-Sharjah Burial-screenshot-twitter.com-2021.01.06-13_02_19.png

Gulfnews | Emirates247 | KhaleejTimes | Twitter

කෙසේවෙතත් එම නියෝගයේ කිසිදු තැනක කෝවිඩ්-19 අසාදිතව මියගිය සිරුරු භුමිදානය නොකරන ලෙස උපදස් ලබා දී තිබුනේ නැහැ.

එක්සත් අරාබි එමීර් රජයේ තානාපති කාර්යාලය :

කරුණු තහවුරු කර ගැනීම පිණිස අප එක්සත් අරාබි එමීර් රජයේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වූයෙමු. අරාබි එක්සත් එමීර් රාජ්‍යයේ උත්තරීතර මණ්ඩල සාමාජික, සාජාහි පාලක ආචාර්ය ෂෙයික් සුල්තාන් බින් මොහොමඩ් අල් කාසිමි විසින් කෝවිඩ් -19 ආසාදිත ව මිය යන තැනැත්තන් භූමිදානය නොකරන ලෙස 2020 අප්‍රේල් මාසයේදී නියෝග කළේ සාජා පුරවරය තුළ බව තනාපති කාර්යාලීය නිලධාරියා ද අපට තහවුරු කර සිටියා.

2020 අප්‍රේල් මාසයේ සමාජ මාධ්‍ය කැළඹීමට පත්වූ සජාහි පාලකයාගේ නියෝගය පැහදිළි කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලංකාවේ තානාපති කාර්යලය නිවේදනයක්ද නිකුත් කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය. එම නිවේදනය පහතින්

තානාපති කාර්යාලයේ පැහදිළි කිරීම Daily Financial Times ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණා.

කිසිවිටෙකත් කොරෝනා ආසාදිත මළසිරුරු භූමදානය නොකරන ලෙස සජාහි පාලකයා නිවේදනයක් ලබාදී නොමැති බව අවධාරණය කරමින්, අදටත් සාජා ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යවල සිදුවන කොවිඩ් මරණ, සජාවලින් පිටත, ඒ සඳහා තෝරාගත් විශේෂිත ස්ථානයක භූමදානය කෙරෙන බවත් තානාපති කාර්යාලයේ නිලධාරියා අපට පවසා සිටියා.

එක්සත් අරාබි එමීර් රජයේ විදේශිකයන් ද රැසක් සිටින අතර මුස්ලම් සහ ක්‍රිස්තියානි භක්තිකයන්ගේ මළ සිරුරු මිහිදන් කරන බවත්, හින්දු වැනි අනෙකුත් ආගම්වලට අයත් මෘත දේහ ඔවුන්ගේ අභිමතය පරිදි ආදහන කිරීමට පහසුකම් ද සපයා ඇති බවත් පැවසීය.

අරාබි එමීර් රාජ්‍යයේ ආදාහනාගාර සංඛ්‍යාව වැඩි කරන ලෙස ඉල්ලා තිබු අවස්ථා පිලිබඳ මෙවැනි වාර්තා අපට දැක ගන්නට ලැබුණු අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංක්‍රමණිකව පැමිණ රැකියාවල නිරත ව සිට කොරෝනා වයිරස් වසංගතයට ගොදුරු වී මිය ගිය අයගේ ආදාහන කටයුතු පිළිබඳ කරුණු ඇතුළත් වාර්තාවක් මෙතනින්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටීම:

අප එක්සත් අරාබි එමීර් රජයේ පිහිටීම පරීක්ෂා කළෙමු. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අරාබි අර්ධද්වීපයේ ගිනිකොණ දෙසින් ඕමාන් සහ සවුදි අරාබියට මායිම්ව පිහිටා ඇත.

අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මන්, උම් අල්-කයිවේන්, රාස් අල්-කයිමා, සහ අල්-ෆුජයිරා නමති එමිරේට් රාජ්‍යයන් හත ඒකාබද්ධව 1971 වසරේ පිහිටා ගත් රාජ්‍යයක් බව දැකගනන්ට ලැබුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුළු බිම් ප්‍රමාණයෙන් 80% කටත් වඩා හිමිවන්නේ අබුඩාබි ෂෙයික් රාජ්‍යයටය.

එමීරයේ අවමංගල කටයුතු පිළිබඳ නීතිමලා:

එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍ය මංගල සහ අවමංගල කටයුතු සිදු කිරීමට නව නීතිමලාවක් හඳුන්වා දුන්බව Gulf News වෙබ් අඩවිය වාර්තා කර තිබු අතර, අවමංගල සේවය සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයන් යටතේ සිදු කිරීමේදී සම්ප්‍රදාණුකූල සිරුර ස්නානය කිරීම ඇතුළු සම්ප්‍රදාණුකූල ක්‍රියාවන් බැහැර කරමින් සමීපත ඥාතීන් කිහිපදෙනෙක්ගේ සහභාගීත්වයෙන් මල සිරුරු මිහිදන් කිරීමට සිදුව ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවමංගල සේවය සපයන ආයතනයක් The National News නමැති පුවත් පත් සේවයට පවසා තිබුණි.

UAE Gov

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ එක්සත් අරාබි එමීරයේ කුඩා කොටසක් වන සාජා රාජ්‍ය තුළ කෝවිඩ්-19 ආසදිතව මියයන තැනැත්තන්ගේ සිරුරු භුමිදාන කිරීම සිදු නොකරන ලෙස සාජාහි පාලකයා විසින් පසුගිය අප්‍රේල් මාසයේදී නිවේදනයක් නිකුත් කර තිබු බවයි.

එමමඟින් අදහස් කර තිබුනේ එම භූමදාන කටයුතු සාජා රජයෙන් පිටත දී සිදුවිය යුතු බවත් ඒ අයුරින් අදටත් තෝරාගත් ස්ථානයක භූමදාන කටයුතු සිදුවන බවත් එක්සත් අරාබි එමීරයේ ලංකාවේ තානාපති කාර්යාලය තහවුරු කර සිටිනවා.

සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයන් වලට මුල් තැන දෙමින් සමීපතයින් කිහිපදෙනෙකු ගේ පමණක් සහභාගීත්වයෙන් භූමදාන කටයුතු සිදු කල යුතු බවට එක්සත් එමීර් රජයද නියෝග කර තිබෙනවා.

Avatar

Title:Explainer: සාජා නුවර පාලක සුල්තාන්ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

Fact Check By: Sahan Perera

Result: Explainer