පසුගිය වසර පුරාම පාගේම පරිසර විනාශයන් හා සම්බන්ධ විවිධාකාරයේ පුවත් අසන්නට ලැබුණු අතර බොහෝ පිරිසක් ඒ වෙනුවෙන් විරෝධතා පළකර තිබු බවක් දැකගනන්ට ලැබුණා. මේ අතර පරිසර සුරැකීමේ සංවිධාන ප්‍රධාන තැනක් ගෙන කටයුතු කර තිබුණා.

මේ අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු පුවත් ද නිර්මාණය වී තිබු අතර අප එබඳු සටහන් පිලිබඳ මීට පෙර සිදුකරන ලද විමර්ශන කිහිපයක් මෙතනින් සහ මෙතනින්

මේ ආකාරයටම පිදුරුතලාගල රක්ශිතයේද වන විනාශයක් සිදුවන බව ඒත්තු ගන්වමින් චන්ද්‍රිකා ඡායරූප ද භාවිතා කරගනිමින් පළවූ සටහනක් පිලිබඳ අප සිදුකළ විමර්ෂණයේදී පැහැදිලි වුයේ එය නොමඟ යවන සුළු කෝණයකින් පලකරන ලද සටහනක් බවයි. එම ඡායරුපයේ උද්දීපනය කොට ඇති ප්‍රදේශය රජයේ බීජ ගොවිපලකට අයත් භූමියේ කොටසකි.

සමාජ මාධ්‍ය සටහන්:

සුරන්ජන් කරුනාරත්න නම් පුද්ගලයෙකු විසින් ෆේස්බුක් වෙත ගූගල් සිතියම් චායාරූප දෙකක් ෆේස්බුක් වෙත එකතු කරමින් සටහන් කර තිබුනේ “පිදුරුතලාගල වනයත් කැපෙන අයුරු..” යනුවෙන්. 

FacebookArchived

දෙදහසකට ආසන්න ෆේස්බුක් පරිශීලකයින් සංඛ්‍යාවක් හුවමාරු කරගෙන තිබු මෙම සටහනට ප්‍රතිචාර සටහන් රැසක් ද ලැබී තිබෙන අයුරු නිරීක්ෂණය වුනා.සැබැවින්ම මේ ආකාරයට පිදුරුතලාගල වන සංරක්ශිතය විනාශයට පත්වන වාද යන්න පිලිබඳ සොයා බැලිමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිලිබඳව කරුනු විමර්ශනය කිරීමේදී අප පලමුවෙන්ම ගූගල් අර්ත් Desktop Version භාවිතයෙන් එහි ඇති අතීත දත්ත නිරීක්ශනය කිරීමේ පහසුකම උපයෝගී කරගනිමින් මීට වසර දහයකට පෙර පිදුරුතලාගල රක්ශිතය අවට කලාපයේ ස්වරූපය විමසා බැලුවා.

එම අතීත සිතියම් තොරතුරු වලට අනුව ද වර්තමානයේ මෙන්ම පිදුරුතලාගල රක්ශිතයට යාබදව එලි කල ප්‍රදේශයක් පවතින බවට නිරීක්ශනය වුනා. ඒ අනුව බලන කල රක්ශිතයේ ගූගල් සිතියමට අනුව වන සංරක්ශිත කොටසේ පසුගිය වසර 10ක කාලයකට මේ වන තුරු එකම ආකාරයෙන් පවතින බව පෙනී ගියා. 2010 වසරේ පිදුරුතලාගල රක්ශිතය ආශ්‍රිතව ගූගල් සිතියම් ඡායාරූපය සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරූපය පහතින්.

Google Earth සිතියම් වල දත්ත 1985 වසර දක්වා පෙන්නුම් කරන අතර 1985 වසරේ දත්ත මත පදනම් වූ ඡායාරුපයක් පහතින්. 

ඉන්පසුව අප එහි එළි කර ඇති ප්‍රදේශය ලෙස උද්දීපනය කර ඇති ප්‍රදේශය පරීක්ෂා කර සිටියෙමු. එහි සමීප දසුනක් පහතින් දැක්වෙන අතර එය වගාබිම් ප්‍රදේශයක් අබව පෙනී යයි.

අප මෙම හෙළි කල ප්‍රදේශයක් ලෙස ගූගල් සිතියමෙහි පෙන්නුම් කරන ස්ථානය පිළිබඳව තවදුරටත් සොයා බැලීමේදී එම ප්‍රදේශය නුවරඑළිය කඳපොල ප්‍රදේශයේ පිහිටි රජයේ බීජ ගොවිපල බව පෙනී ගියා.

මෙම බීජ ගොවිපල රජය යටතේ පාලනය වන ගොවිපලක් වන අතර එම ගොවිපලට අයත් භූමිය පිදුරුතලාගල රක්ශිතයට මායිම්ව පිහිටා ඇති බව අපට දැකගන්නට ලැබුනා. රජයේ බීජ ගොවිපල පිහිටි ස්ථානය පහතින්

Google Map

අප පිදුරුතලාගල රක්ෂිතයට අදාළ කලාපයේ වන සංහාරයක් සිදුවන බවට පැවසෙන පුවත සත්‍යක්දැයි දැන ගැනීමට නුවරඑළිය වන සංරක්ෂණ කාර්‍යාලයේ නිලධාරියෙකුව ද සම්බන්ධ කර ගත්තා. එහිදී ඒ මහතා ප්‍රකාශ කලේ කිසිඳු ආකාරයකින් පිදුරුතලාගල රක්ෂිතයේ වන විනාශයක් මෑතකදී සිදු වී තිබුනේ නැති බවයි. එහි පිදුරුතලාගල රක්ෂිතයට පසෙකින් තිබෙන්නේ අර්තාපල් බීජ ගොවිපළක් බව ද තහවුරු කර සිටියා.

කෙසේවෙතත් අතීතයේ අවස්ථාවන් කිහිපයක දී ම පිදුරුතලාගල රක්ෂිතයේ වන විනාශයන් පිලිබඳව වාර්තා පළවී තිබෙනවා. 2013 වසරේ පළවූ වාර්තාවක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු සලකා බැලීමේදී අපට තහවුරු වන්නේ පිදුරුතලාගල වන සංරක්ෂණ කලාපයේ වන විනාශයක් සිදු වන බවට ගූගල් සිතියමක් දක්වමින් පෙන්වා ඇති පුවත නොමඟ යවන සුළු ආකාරයෙන් පළකර ඇති සටහනක් බවයි. එහි ඉස්මතු කර ඇති ප්‍රදේශය පිදුරුතලාගල වන සංරක්ෂණ කලාපයට මායිම්ව වසර ගණනාවක් තිස්සේ පැවතෙන රජයේ බීජ ගොවිපලකට අයත් භූමියේ කොටසකි.

Avatar

Title:පිදුරුතලාගල රක්ශිත කලාපයේ වන සංහාරයක් සිදුවන බවට පලව ඇති ෆේස්බුක් පුවත සත්‍ය එකක්ද?

Fact Check By: Sahan Perera

Result: Misleading