දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මිද්දෙනිය ප්‍රදේශයෙන් හමු වී තිබෙන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍ය සහිත බහාලුම් දෙක මෙරටට ගෙන් වූ ආකාරය සම්බන්ධව පුළුල් විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක ජාත්‍යන්තර තොරතුරු ලැබී තිබියදීත්, රතු ලේබල් කර තිබූ මෙම බහාලුම් නිදහස් කර ඇති බව සඳහන් කරමින් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ ඡායාරූපයක් ද සහිතව පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙහි සත්‍ය අසත්‍යතාවය අප විසින් විමර්ෂණය කර බලන ලදි.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ජාත්‍යන්තරය ඔත්තුව දුන්, වරාය තුල රදවාගෙන පරීක්ෂාකල, රතු ලේබල් කල, අයිස් හදන කන්ටේනර් පෙට්ටි දෙක මාලිමාවේ ආණ්ඩුව නිදහස් කරලා. ASP රොහාන් ඕලුගල මහතාගේ ප්‍රකාශයකින් හෙලිවෙයි” යනුවෙන් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වේ.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති විය. මෙහි නිර්වද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම)
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනෙකු පසුගිය දා ශ්‍රී ලංකා පොලීසිය මඟින් ඉන්දුනීසියාවේ දී එරට පොලීසියේ ද සහය ඇතිව අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන මේ වන විට ඉතා සාර්ථක ලෙස විමර්ශන කටයුතු සිදුකරමින් පවතී. එම සැකකරුවන්ගෙන් අනාවරණය වෙමින් පවතින තොරතුරු අනුව අයිස් මත්ද්‍රව්‍ය මෙරට තුළ නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගෙන්වන ලද බහාලුම් දෙකක තිබූ ඒ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙනිය ප්‍රදේශයෙන් හමුවී තිබිණි. ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පනස්දහසක් පමණ මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබිය දී බස්නාහිර උතුර අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් සොයාගනු ලැබුවා. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍ය සහිත බහාලුම් දෙක මෙරටට ගෙන් වූ ආකාරය සම්බන්ධව පුළුල් විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක ජාත්‍යන්තර තොරතුරු ලැබී තිබුන ද වරායේ රඳවා තිබියදී රතු ලේබල යටතේ පරීක්ෂාවට ලක් කළ අයිස් රසායන අඩංගු කන්ටේනර් දෙක මාලිමා ආණ්ඩුවෙන් නිදහස් කළ බවට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ ප්‍රකාශයකින් හෙළි වු බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
ඒ අනුව අප විසින් මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශනය සිදුකළ අතර මේ පිළිබදව ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ඒකකයෙන් විමසන ලදි. එහිදී ඔවුන් පවසා සිටියේ මෙය අසත්‍ය ප්‍රකාශයක් බවත් මේ වන මේ පිළිබද මාධ්‍ය ආයතන දැනුවත් කර ඇති බවත් දන්වා සිටින ලදි. තවද මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිස් Facebook පිටුවේ ද සටහනක් තබා ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.
මෙය අසත්‍ය පුවතක් බව තහවුරු කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ඉදිරිපත් කරන ලඳ දැන්වීම පහතින්.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වරායේ රඳවා තිබියදී රතු ලේබල යටතේ පරීක්ෂාවට ලක් කළ අයිස් රසායන අඩංගු කන්ටේනර් දෙක මාලිමා ආණ්ඩුවෙන් නිදහස් කළ බවට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ ප්‍රකාශයකින් හෙළි වූ බවට වන ප්‍රවෘතිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පල කිරීමක් බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරන අතර මෙවැනි ව්‍යාජ පුවත් පලකිරීම තුලින් මෙම මෙහෙයුම් අඩාල කිරීමට, නිලධාරින් අපහසුතාවයට පත් කිරීමට මෙන් ම ශ්‍රී ලංකා පොලිසිය අපකීර්තියට ලක් කිරීමට උත්සාහ ගනිමින් සංවිධානාත්මක අපරාධවලට උත්තේජනයක් ලබා දීම සුළුතර පිරිසකගේ අරමුණ බව නිරීක්ෂණය වී තිබේ.
මෙම සාවද්‍ය පලකිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියේ දැඩි අවධානය යොමුව ඇති අතර, මෙවැනි අසත්‍ය පලකිරීම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව දන්වා ඇත.
මෙය අසත්‍ය පුවතක් බව ප්‍රධාන මාධ්‍ය මගින් ද, රොහාන් ඕලුගල මහතාගේ Facebook පිටුව මගින් ද මේ වන විට ඉදිරිපත් කර ඇත. මෙතැනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
වරායේ රඳවා තිබියදී රතු ලේබල යටතේ පරීක්ෂාවට ලක් කළ අයිස් රසායන අඩංගු කන්ටේනර් දෙක මාලිමා ආණ්ඩුවෙන් නිදහස් කළ බවට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ ප්‍රකාශයකින් හෙළි වූ බව පවසමින් සංසරණය වන පුවත අසත්‍යයකි.
Title:අයිස් රසායන අඩංගු කන්ටේනර් දෙක මාලිමා ආණ්ඩුවෙන් නිදහස් කළ බවට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගෙන් ප්‍රකාශයක්?
Fact Check By: AchiniResult: False


