ජනාධිපති අනුරගේ සේවාව වෙනුවෙන් පිළිරුවක් නිර්මාණය කරනවාද?

AI

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

විචිත්‍රවත් කලා නිර්මාණ සඳහා සමාජයේ මහත් ආකර්ෂණයක් ලැබෙනවා. බොහෝ විට සමාජ මාධ්‍ය ඔස්සේ කලාත්මක ඡායාරූප හුවමාරු වන අතර එවැනි නිර්මාණ සඳහා විශාල අවධානයක් යොමු වෙනවා. මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රතිමාවක් නිර්මාණය කර ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් හුවමාරු වෙමින් පවතිනවා. කෙසේ නමුත්, අප විසින් සිදු කළ විමර්ශනය කරන ලදී.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

AKD යනුවෙන් කෙටියෙන් හඳුන්වන අනුර කුමාර දිසානායක මහතාගේ පිළිරුවක් නිර්මාණය වෙන බවක් හඟවමින් සටහන් කිහිපයක් හුවමාරු වී තිබුණා.

ඒ වගේම “ඔහු රටට කළ සේවය වෙනුවෙන් මේ වගේ දේවල් නිර්මාණය වෙන්න ඕනි” යනාදී තේමා වලින් ද ඉහත ඡයරුපම බහුලව හුවමාරු වී තිබුණා.

බොහෝ දෙනෙක් විසින් මෙය සත්‍ය නිර්මාණයක් නොවන බව හඳුනාගෙන ද තිබුණා.

කරුණු පැහැදිලි කිරීම: 

අප විසින් මුලින්ම මේ ආකාරයේ පිළිරුවක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇතිදැයි ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ විකාශනය වී ඇති දැයි යන්න සොයා බලන ලදී.නමුත් එසේ කිසිදු සිදුවීමක් ප්‍රධාන මාධ්‍ය ධාරා තුළ සංසරණය නොවීම නිසාවෙන් මේ පිළිබඳව එකිනෙකින් විමර්ශනය කරන්නට විය.

අප මෙම ඡායාරූපය Google Reverse Image Search හරහා පරීක්ෂා කළ අතර එම සෙවුම් ප්‍රතිඵලවලින් පෙනී ගියේ මෙම ඡායාරූපය කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක හෝ විශ්වාසදායක මූලාශ්‍රයක පළ වී නොමැති බවයි. නමුත් මේ හා සමාන විවිධාකාරයේ රූපයන් කෘතිම බුද්ධිය ආධාරයෙන් නිර්මාණය කර ඇති ආකාරය අපට දැක ගැනීමට හැකියාව ලැබුණි.

එසේම අප සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී ඇති ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කිරීමේදී, පිළිරුවේ සහ ඒ අවට ඇති දසුන්වල යථාර්ථවාදී නොවන ලක්ෂණ කිහිපයක් හඳුනාගැනීමට හැකි වුණා. විශේෂයෙන්ම, සමහර ස්ථානවල විකෘතිතා තිබීම මෙහිදී කැපී පෙණුනා. මේවා කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් ජනනය කරන ලද රූපවල සාමාන්‍යයෙන් දැකිය හැකි ලක්ෂණයි.

අනුර කුමාර දිසානායකගේ රුව සහිත ආකෘතියක් නිර්මාණය කළ බවට දක්වා තිබූ ඡායාරූපයේ ඇති අසාමාන්‍යතාව හේතුවෙන් එය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇත්දැයි යන්න පරීක්ෂාවට ලක් කළා.

ඒ අනුව එම ඡායාරූප AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර ඇති බවට තහවුරු වූයේ මෙලෙසින්.

ඒ අනුව මෙම ඡායා‍ර‍ෑපය සත්‍ය ඡායාරූප අවස්ථාවක් නොව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවට වැඩි සම්භාවිතාවක් පවතින බවට තහවුරු වේ

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :“අනුර කුමාර දිසානායක (AKD) රටට කළ සේවය වෙනුවෙන් මෙවැනි කලා නිර්මාණ බිහිවිය යුතුයි” යන අදහසින් යුතුව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පිළිරුවක් නිර්මාණය කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වී තිබෙනවා. මෙම රූපය සත්‍ය ලෙසම පිළිරුවක් නිර්මාණය කිරීමක් නොවන අතර, එය කෘත්‍රිම බුද්ධිය (AI) උපයෝගී කරගෙන ජනනය කරන ලද්දක් බව අප කළ විමර්ශනවලදී තහවුරු වුණා.

Avatar

Title:ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සේවාව වෙනුවෙන් පිළිරුවක් නිර්මාණය කරනවාද?

Fact Check By: Lakshan 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *