දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
2026 වසරේ මුල් භාගයේ සිට මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය නිසා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය අඩාළ වී තිබේ. මේ ඔස්සේ නොමග යන සුළු තොරතුරුද හුවමාරු වන අතර හෝමුස් සමුද්‍ර සන්ධියේ ලබා ගත් බව කියන සැටලයිට් ඡායාරූපයක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවයි මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පසුගිය මැයි 05 වන දා පළ කළ සමාජ මාධ්‍ය සටහනක් සමගින් දක්වා තිබුණේ එදින හෝමුස් සමුද්‍ර සන්ද්‍රියේ IRGC නාවික හමුදාව වේග ප්‍රහාරක යාත්‍රා 85 ක් රඳවා ඇති බවට චන්ද්‍රිකා ඔස්සේ ලබා ගත් ඡයාරූපයක දැක්වෙන බවයි. එහි වැඩි දුරටත් සඳහන් වූ කරුණු මෙසේය.
“චන්ද්‍රිකා ඡායාරූප අද උදෑසන වාර්තා වලට අනුව, ඉරානයේ IRGC නාවික හමුදාව හෝර්මුස් සමුද්‍ර සන්ධියේ කෙෂ්ම් දූපතට දකුණින් විශාල “මදුරු බලඇණියක්” එක්රැස් කර ඇත. මෙම තත්ත්වය පිළිබඳ ප්‍රධාන තොරතුරු පහත දක්වා ඇත:
සැකැස්ම සහ ප්‍රමාණය: වාර්තාවලට අනුව, ආසන්න වශයෙන් කිලෝමීටර් 22 ක් පුරා විහිදෙන සැකැස්මක වේග ප්‍රහාරක යාත්‍රා 85 කට වඩා නිරීක්ෂණය කර ඇත. මෙම බෝට්ටු විශේෂයෙන් “රංචු උපක්‍රම” සඳහා නිර්මාණය කර ඇති අතර, එකවර විශාල යාත්‍රාවලට පහර දීමෙන් දැඩි හානියක් සිදු කිරීමට ඔවුන්ට හැකි වේ.
ස්ථානය: මෙම බෝට්ටු හෝර්මුස් සමුද්‍ර සන්ධිය තුළ වඩාත් සංවේදී චෝක් පොයින්ට් එකක් වන කෙෂ්ම් දූපතට දකුණින් ස්ථානගත කර ඇත. ලෝකයේ තෙල් සැපයුමෙන් ආසන්න වශයෙන් 20-30% ක් මෙම මාර්ගය හරහා ගමන් කරයි.
විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ මෙම කුඩා, අධිවේගී ඉරාන බෝට්ටු එක්සත් ජනපද නාවික හමුදාවේ විශාල යුද නැව් වලට බරපතල තර්ජනයක් එල්ල කරන බවයි, මන්ද ඒවා ඉලක්ක කිරීමට අපහසු වන අතර මිසයිල, RPG වලින් සන්නද්ධ වේ. Operation Project Freedom: අවහිරය බිඳ දැමීම සහ වාණිජ යාත්‍රා ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම අරමුණු කරගත් මුලපිරීමක් වන “Operation Project Freedom” එක්සත් ජනපදය දියත් කිරීමෙන් පසුව මෙම ආතතිය උත්සන්න වී ඇත.
මෙම සටහන මෑත කාලීන ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා මත පදනම්ව තොරතුරු දැනගැනීමේ අරමුණු සඳහා පමණි. එය වෛරී කථාව හෝ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීමට අදහස් නොකෙරේ.”

මෙම සටහන් විදේශිය සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් ද ෆේස්බුක් ඔස්සේ හුවමාරු ගෙන ඇති බවට දැක ගන්නට ලැබෙන අතර ඒ ඔස්සේ මෙම සටහන් නිර්මාණය වී ඇති බවට දැක ගන්නට ලැබේ. Facebook | Facebook
ඉහත දක්වා ඇති කරුණු වල සත්‍යතාව පරීක්ෂා කිරීමට අප කටයුතු කරනු ලැබුවා.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉහත සමාජ මාධ්‍ය සටහනේ, දැක්වෙන්නේ, මෑත කාලීන ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා මත පදනම්ව මෙම තොරතුරු හුවමාරු ගෙන ඇති බවයි. නමුත් අප ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ඔස්සේ ඉහත ඡායාරූපයේ දැක්වෙන ලෙස මැයි මස 05වන දා හෝ මෑතකදී හෝ මොස්කිටෝ ෆ්ලීට් (Mosquito Fleet) හෝමුස් සමුද්‍ර සන්ධියේ ස්ථානගත ගර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා දැක ගන්නට නොලැබුණි. චන්ද්‍රිකා ඔස්සේ ලබා ගත් බව සඳහන් කර ඇති ඡායාරූපය ද, අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී ද, මෙම ඡායාරූපය සම්බන්ධයෙන් කිසිදු ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක්, වාර්තා කර ඇති බව දැක ගන්නට නොලැබුණි.
සැබෑ හෝමූස් සමුද්‍ර සන්ධිය යනු පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති ඉතා වැදගත් මුහුදු මාර්ගයකි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මෙහි කුඩා වේගවත් යාත්‍රා භාවිතා කරන බව සැබෑවක් වුවද, මෙම ඡායාරූපයේ පෙනෙන ආකාරයට ඉතා විධිමත් ලෙස පෙළගැසුණු දැවැන්ත යාත්‍රා සමූහයක් පිළිබඳ නිල මූලාශ්‍ර දැක ගන්නට නොලැබේ.
මෙම ඡායාරූපය හොඳින් පරීක්ෂා කිරීමේදී, ඡායාරූපයේ “Grok” යනුවෙන් සඳහන් කර ඇති අතර, එයින් හැඟවෙන්නේ මෙය කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූපයක් බවයි.
අප මේ පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප හඳුනා ගැනීමේ මෙවලමකට මෙම ඡායාරූප යොමු කළ අතර, එහිදී තහවුරු වුණේ මෙම ඡායාරූපය AI ඔස්සේ ජනනය කර ඇති බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ මුර සංචාර මෙහෙයුමෙන් ආපසු පැමිණෙන IRGC නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක බෝට්ටු 40 ක් රඳවා ඇති අයුරු සැටලයිට් ඡායාරූපවලින් Press TV විසින් පසුගිය මැයි 03 වන දා වාර්තා කර තිබුණේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය AI ඔස්සේ ජනනය කළ ඡායාරූපයක් වුවද, මෑතකාලීන වාර්තා සහ සැබෑ සැටලයිට් ඡායාරූප මගින් එම කලාපයේ සැලකිය යුතු මිලිටරි ක්‍රියාකාරකම් සිදුවන බව තහවුරු වේ.
ඉරාන විප්ලවීය බලකායේ (IRGC) නාවික හමුදාව කෙෂ්ම් දූපතට (Qeshm Island) දකුණින් “මොස්කිටෝ ෆ්ලීට්” ලෙස හැඳින්වෙන වේගවත් ප්‍රහාරක යාත්‍රා විශාල ප්‍රමාණයක් යොදවා ඇති බවට පුවත් වාර්තා වේ. මේ පිළිබඳ අපට ස්වාදීනව වාර්තා කළ නොහැකි වුවද, ඇතැම් වාර්තා වලට අනුව, කිලෝමීටර් 22 ක් පමණ දුරකට විහිදුණු සම්බන්ධීකරණ මෙහෙයුම් සඳහා කුඩා බෝට්ටු 85 කට වඩා වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය වී ඇති බවට වාර්තා වන්නේ මෙලෙසින් සහ මෙලෙසින්.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින උණුසුම් තත්වය හේතුවෙන් 2026 මාර්තු මාසයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වාණිජ නෞකා ගමනාගමනය බොහෝ දුරට නතර වී ඇත. මෙයින් ලෝකයේ මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන තෙල් සැපයුමෙන් 30% කට පමණ බලපෑම් එල්ල වී ඇත.
“Operation: Sea Phalanx” මෙනමින් නිල මිලිටරි මෙහෙයුමක් පිළිබඳ වාර්තා නොමැත.”Phalanx” යන පදය සාමාන්‍යයෙන් භාවිතා වන්නේ ඇමරිකානු නාවික හමුදාව විසින් කුඩා බෝට්ටු ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා භාවිතා කරන Phalanx CIWS රේඩාර් පද්ධතිය හැඳින්වීමටයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හෝමුස් සමුද්‍ර සන්ද්‍රියේ IRGC නාවික හමුදාව වේග ප්‍රහාරක යාත්‍රා 85 ක් රඳවා ඇති බවට චන්ද්‍රිකා ඔස්සේ ලබා ගත් ඡයාරූපයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයකි බවයි. එමෙන් ම මෙහි සඳහන් ලෙස “Operation: Sea Phalanx” මෙනමින් නිල මිලිටරි මෙහෙයුමක් ද, වාර්තා නොවේ. කෙසේ වෙතත් එම සටහනේ දක්වා ඇති තත්ත්වය හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති තත්ත්වය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වල දැක්වේ.


