ඇල්ල අනතුරේදී විශාල මෙහෙයක් කළ වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිවත් විනය පරීක්‍ෂණයක්? 

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පසුගිය 4 වන දා පුද්ගලයින් 15 දෙනෙකුට ජීවිත අහිමි කරමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ බස් රථයක් අඩි 1000ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී අනතුර සිදුවූ අවස්ථාවේදී සිය ජීවිත අවධානම ද නොතකා වෛද්‍ය පාලිත රාජපක්ෂ අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කරන ලදි. මෙලෙස ඇල්ල ප්‍රදේශයේ සිදු වූ බිහිසුණු අනතුර අවස්ථාවේ ජීවිත අවදානම නොතකා කටයුතු කළ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට විනය පරීක්ෂණයක් පැවැත්වෙන බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතේ සත්‍යතාව Fact crescendo අප විසින් සොයා බලන ලදි.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ඇල්ල බිහිසුණු අනතුර අවස්ථාවේ ජීවිත අවධානම ද නොතකා කටයුතු කළ වෛද්‍ය පාලිත රාජපක්ෂට විනය පරීක්‍ෂණයක්! යන ශිර්ෂය යටතේ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. 

Facebook | Archived Link

Facebook 

මෙම ප්‍රවෘතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති විය. සමහර පුද්ගලයින් මෙම සටහන් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ, වත්මන් ආණ්ඩුව යටතේ වෛද්‍යවරයාට විනය පර්යේෂණයක් ආර්ම්භ කර ඇති බව ත්, ඊට හේතුව වන්නේ, ඇල්ල සිදුවූ අනතුරේදී වෛද්‍යවරයා ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම වැනි කාරණා වලට බවයි.

මෙහි නිර්වද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

අප විසින් මෙම ප්‍රවෘතිය සම්බන්ධව කරුණු විමර්ශනයක් සිදු කරන ලදි. මෙහි දී අප ප්‍රධාන මාධ්‍ය ධාරා මේ පිළිබදව වාර්තා කර තිබූ ආකාරය සලකා බලන ලදි. එහි දී දැන ගැනීමට ලැබුනේ බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පසුගිය කාලයේ ඇති වූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැඳවීමකට අනුව තමන්  ඒ සඳහා පැමිණි බව වෛද්‍යවරයා පවසා තිබෙනවා. මෙතනින් මෙතනින් මෙතනින් youtube 

තව ද ඒ මහත ප්‍රකාශ කර තිබුනේ, තමා 2022 වසරේදී මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශයක් පිළිබඳව සිදු කෙරෙන විනය පරීක්ෂණයකට අදාළව මෙසේ කොළඹ කැඳවා ඇති බවයි. අප ඒ මාධ්‍ය හමුව පිළිබදව ද සොයා බලන ලදි. පහත දැක්වෙන්නේ ඒ පිළිබද තොරතුරුයි.

වෛද්‍යවරුන්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මීට වසර කිහිපයකට පෙර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා පවසා සිටියේ කොරෝනා රෝගීන්ට සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සදහා අවශ්‍ය වන නිර්වින්දන ඖෂධ හිඟයක් බදුල්ල මහ රෝහලේ සහ මුළු ලංකාවේ ම පවතින බවයි.

මෙම ඖෂධ වන්චුරෝනිව්ම්, අත්වක්රියම්, සුසුමෙතොනියම් යන ඖෂධ මේ අතර වන බව එහිදී  ඒ මහතා පවසා සිටින ලදි. මෙම අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ නොමැති වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කල යුතු බවත් හැකි පමණ ඉක්මනින් මෙම ඖෂධ ගෙන්වා ගත යුතු බවද ඒ මහතා පෙන්වා සිටියා.

බදුල්ල මහ රෝහලේ මෙම ඖෂධ පහක් හෝ හයක් පමණක් ඇති බවත්  හදිසි අවස්ථාවකදී භාවිතා කිරීමට වත් ඖෂධ නැති බවත් කොවිඩ් රෝගයෙන් පීඩාවට පත් රෝගීන් මෙම ඖෂධ නොමැති වීමෙන් තවත් පීඩාවට පත්වී ඇති බවද ඒ මහතා පවසා සිටින ලදි. 

වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවට 2024 වසරේ පෙබරවාරි මස දිවයිනේ පුවත් පතේ පළ වූ ලිපියක් පහතින්.

ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ද,  සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

Fact crescendo අප වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් මේ පිළිබද විමසා බැලූ අතර එහිදී එම මහතා කියා සිටියේ තමා මෙලෙස විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබුනේ ඇල්ලේ අනතුර සඳහා නොවන බවත්, පසුගිය කාලයේ ඇති වූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් බවත් ය.

බදුල්ල ශික්ෂණ රෝහලේ ඖෂධ හිඟයක් තිබෙන බවට තමා එදා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ බවත් ඒ පිළිබඳව එවකට සෞඛ්‍ය බලධාරීන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවත් තමා මෙවර කොළඹ පැමිණියේ එම විනය පරීක්ෂණ මණ්ඩලය හමුවේ ඒ සදහා පෙනී සිටීමට බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා   පවසා ඇත.

ඒ අනුව වසර කීපයක් තිස්සේ අවස්ථා ගණනාවක දී තමා මෙසේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට කැඳවා පරික්ෂණ කටයුතු සිදු කරන බව වෛද්‍ය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

මේ සිද්ධිය පිළිබඳ අප කළ කරුණු පරික්ෂාවේදී තහවුරු වූයේ  වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට විනය පරීක්‍ෂණය සිදු කරන ලද්දේ ඇල්ල බිහිසුණු අනතුර අවස්ථාවේ ජීවිත අවධානමද නොතකා කටයුතු කළ බැවින් නොවන බවයි. වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා  පසුගිය කාලයේ ඇති වූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන්  ඔහු මෙලෙස විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.

Avatar

Title:ඇල්ල බිහිසුණු අනතුර අවස්ථාවේ ජීවිත අවධානමද නොතකා කටයුතු කිරීම නිසා වෛද්‍ය පාලිත රාජපක්ෂට විනය පරීක්‍ෂණයක්?

Fact Check By: Fact Crescendo Team 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *