මුතුගල සර්, උසස් ළෙ විභාගය කල් නොදැමීම පිළිබඳ අධිකරණය විවේචනය කළා ද ?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

 

ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය මෙන්ම විශාල සිසුන් පිරිසකගේ ආකර්ෂණය දිනාගත් උසස් පෙළ ජීව විද්‍යාව (A/L Biology) උපකාරක පන්ති ගුරුවරයෙක් වන දිනේෂ් මුතුගල ගුරුවරයා විසින් උසස් පෙළ කල් දැමීමේ ඉල්ලීම් අවලංගු කිරීමේ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණයට අපහස කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබූ අතර මේ ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරික්ෂාවක්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook | Archived Link

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

2026 අ.පො.ස. උසස් පෙළ විභාගය කල් දැමීමක් සිදු නොකරන අතර, එය මුලින් සැලසුම් කළ පරිදි 2026 අගෝස්තු 10 වන දින සිට සැප්තැම්බර් 05 වන දින දක්වා නියමිත පරිදි පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

කෙසේ වෙතත් මෙම තීරණය සමගින්, උසස් පෙළ විභාගය කල් නොදැමීම සම්බන්ධයෙන්, එවැනි තීරණයක් ගනු ලැබූ, උපදේශනය සැපයූ පිරිස විවේචනය කරමින්, උසස් පෙළ දෙවන වර, තුන්වර පෙනී සිටින දරුවන්ට අසාධාරණයක් කරන බව, ‘දිනේෂ් මුතුගල සර්’ සිය උපකාර පන්තියේදී ළමුන්ට ප්‍රකාශ කර තිබුණා. එම අවස්ථාවේ වීඩියෝව පසුගිය ජූලි 22 වන දා ඔහුගේ “Dinesh Muthugala Education Youtube නාලිකාවේ ද, පළ කර තිබුණේ මෙලෙසින්.

Archived Link

කෙසේ වෙතත් මෙහිදී ගුරුවරයා විසින් උසස් පෙළ විභාගය කල් නොදැමීම හා අධිකරණ තීන්දුවක් සම්බන්ධ කරගනිමින් හෝ අධිකරණයට අපහාස කෙරෙන ප්‍රකාශයක් සිදු නොකරන බව ත්, නමුත් ආණ්ඩුව විසින් ගනු ලැබූ අනෙක් තීරණ විවේචනය කරන බව ත්, අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබෙනවා. එමෙන් ම මෙම වීඩියෝව Zoom ඔස්සේ පසුගිය ජූලි 17 වන දා ඔහුගේ උපකාරක පන්තියේදී සිදු කළ ප්‍රකාශයක් ලෙස ද, දැක ගන්නට ලැබෙනවා.

උසස් පෙළ විභාගය කල් නොදැමීම පිළිබඳ අධිකරණ තීරණය

උසස් පෙළ විභාගය කල් දැමීම සඳහා අධිකරණ ක්‍රියාවලියක් හරහා උත්සහ ගෙන තිබූ අතර ශ්‍රී ලංකා අභියාචනාධිකරණය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණේ, පසුගි ජූලි 23 වන දා වේ. 

ඒ අනුව උසස් පෙළ විභාගය කල් දමනවාද, යන්න පිළිබඳ හෝ එම රීට් පෙත්සම ප්‍රතික්ෂේප කරන බවට හෝ කිසිදු අධිකරණ තීරණයක් දැනුම් දීමට පෙර අදාළ ගුරුවරයා විසින් කර තිබූ ප්‍රකාශයක් බැවින්, විභාගය කල් නොතැබීම පිළිබඳ අධිකරණය විවේචනය කළ බවට ඉහත සමාජ මාධ්‍ය සටහන් මගින් හැඟවීමට උත්සහ දරන බව පැහැදිලි වේ.

එමෙන් ම අධිකරණය විසින් විභාගය කල් නොදමන ලෙසට හෝ කල් තබන ලෙසට කිසිදු නියෝගයක් ලබා නොදුන් අතර සිසු සිසුවියන් පිරිසක් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබුණේ. ඒ අනුව ද, අධිකරණය විසින් විභාගය කල් නොදමා, පවත්වන ලෙසට ලබා දුන් නියෝගය මුතුගල සර් විසින් විවේචනය කළ බවට පැවසීම තර්කානුකූල නොවේ.

උසස් පෙළ විභාගය කල් දමන ලෙසට රීට් පෙත්සමක අධිකරණය ප්‍රතික්ෂේප කරයි

උසස් පෙළ පළමු සහ දෙවන වරට විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුන් නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් විභාගය මාස දෙකකින් කල් දමන ලෙස ඉල්ලමින් රිට් පෙත්සමක් ගොනු කර තිබුණා.

ඉන්ධන අර්බුදය හේතුවෙන් බදාදා දින නිවාඩු ලබා දීම සහ ‘දිට්වා’ සුළි කුණාටුව නිසා පාසල් කටයුතු අඩාල වීම හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බවට දක්වමින්. 

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පෙන්වා දුන්නේ විභාගය සඳහා සිසුන් 378,000 ක් පමණ ලියාපදිංචි වී ඇති බවත්, ඉන් ඉල්ලීමක් කර ඇත්තේ සිසුන් 9 දෙනෙකු පමණක් බවත්ය. එමෙන්ම විභාගය කල් දැමීමෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ ඇතුළු ඉදිරි අධ්‍යාපන ක්‍රියාවලීන් රැසකට බාධා එල්ල වන බවයි.

කරුණු සලකා බැලූ රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, විභාග ක්‍රියාවලියට මැදිහත් වීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් පෙත්සම්කරුවන් සපුරා නොමැති බව පවසමින්, එම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළා. මේ අනුව, අධිකරණ නියෝගය මඟින් ද තහවුරු වූයේ විභාගය සැලසුම් කළ පරිදිම අගෝස්තු මාසයේදී පැවැත්වෙන බවයි. මේ පිළිබඳ තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

මුතුගල සර්

අප මේ පිළිබඳව ‘දිනේෂ් මුතුගල සර්’ගෙන් ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, උසස් පෙළ දෙවන, තෙවන වතාවට ලියන දරුවන්ට වන අගතිය පිළිබඳ නොසැලකිල්ලට ගෙන විභාගය කල් නොදැමීමට තීන්දු කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශන දේවා සපයන පුද්ගලයන්ට මෙන් ම සිසුන් විවේදනය කරන පිරිසට ද, පොදුවේ ගුරුවරයෙකු වශයෙන් තමන්ට දැනුන දේ පිළිබඳ විවේචනය කළ බවයි. තමන් කිසිදු විටෙක මේ පිළිබඳ අධිකරණ නියෝගයක්, තීරණයක් විවේචනය නොකළ අතර, තමන් මෙම අදහස් ඉදිරිපත් කළේ, උසස් පෙළ විභාගය පිළිබඳ ඊට් පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට ත්, පෙර බව ට සඳහන් කළා.

2026 උසස් පෙළ විභාගය

විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අගෝස්තු 04 වන මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර උසස් පෙළ විභාලය අගෝස්තු 10 සිට සැප්තැම්බර් 05 දක්වා, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532 ක පැවැත්වීමට නියමිතයි. නිල කාලසටහන් පිළිබද විස්තර ලබා ගැනීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ‘දිනේෂ් මුතුගල සර්’ විසින්  2026 උසස්පෙළ විභාගය අධිකරණය විසින් කල් නොදැමීමේ නියෝගයක් නිකුත් කිරීම කිරීම පිළිබඳ විවේචනය කර ඇති බවට දක්වන සමාජ මාධ්‍ය සටහන නොමග යවන බවයි. 

සිසු සිදුවියන් 9 දෙනෙකු විසින් විභාගය කල් දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඊට් පෙත්සමක් මහාඅධිකරණයට යොමු කර තිබුණත්, අධිකරණය විසින් එය විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කර තිබුණා. එම නිසා විභාගය කල් තැබීම / නොගැනීම පිළිබඳ අධිකරණය විසින් නියෝගයක් ලබා දී නොතිබුණි. 

එමෙන් ම මහාධිකරණය විසින් රීට් පෙත්සම විභාගය නොකර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ නියෝගය ලබා දුන්නේ, පසුගිය ජූලි 23 වන දා අතර, මුතුගල සර් විසින්, උසස් පෙළ විභාගය කල් නොදැමීමේ තීරණය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ තීන්දු තීරණ ගන්නා පිරිස් විවේචනය කරන වීඩියෝව පළ කරනු ලබන්නේ ජූලි 17 වන දා Zoom තාක්ෂණය ඔස්සේ සිසුන්ට කරන අවසන් දේශනයක් අතරතුරයි. එනම් අධිකරණය විසින් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට සතියකට පමණ පෙරයි. 

එමෙන් ම අදාළ වීඩියෝවේද, අධිකරණය සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් මුතුගල විසින් සිදු නොකරයි. ආණ්ඩුවේ වෙනත් අත්නෝමතික තීරණ ද, ඔහු විසින් විභාගය කල් නොදැමීමේ තීරණය සමගින් විවේචනය මෙහිදී එල්ල කළ ත්, අධිකරණ තීරණයක් පිළිබඳ මෙහිදී අදහස් නොකරයි.

Result Stamp

Title: මුතුගල සර්, උසස් ළෙ විභාගය කල් නොදැමීම පිළිබඳ අධිකරණය විවේචනය කළා ද ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *